අල් හදීස් යන්නෙහි තේරුම මුහම්මද් (සල්) තුමාණන්ගේ දේශනය යනුය. මුහම්මද් (සල්) තුමානන්ගේ දේශනයයන්, ක්‍රියා සහ අනුමතිය ලැබූ ක්‍රියා සියල්ල අල් හදීස් ගණයට ඇතුලත් වන්නේය. කුර් ආනය පහළ වී අවසන්වීමෙන් පසුව මුහම්මද් (සල්) තුමානන්ගේ ඉල්ලීම අනුව අල් හදීස් දේශනයන් සටහන් කර ගැනීම ඇරඹීය. මෙම දේශනයන් කටපාඩම් කර ගත් සහාභාවරු ද එය සටහන් කර තැන්පත් කළ සහාභාවරුද අල් – කුර්අනෙයේ වදන් වෙනම ද, අල් හදීසයේ කිවුම් වෙනමද සටහන්කර ගත්හ. අල්හදීසයන්, අවස්ථාව, අසාගෙන සිටි තැනැත්තා, ඉදිරි පත් කළ තැනැත්තා වැනි සියල්ලන්ගේ නාමය සඳහන් කර සුරක්ෂිතව තබා ඇත. ඉමාම් බුහාරි තුම විසින් එක්රැස් කරන ලද සහීහ් බුහාරිද, ඉමාම් මුස්ලිම් තුමා විසින් එක්රැස් කරන ලද සහීහ් මුස්ලිම්ද, ඉමාම් තිර්මිදි තුමා විසින් එක්රැස් කරන ලච සහීහ් තිර්මිදිද, ඉමාම් අබූදාවූද් තුමා විසින් එක්රැස් කරන ලච සහීහ් නසායි ද, ඉමාම් ඉබ්නුමාජා තුමා විසින් එක්රැස් කරන ලච සහීහ් ඉබ්නුමාජා ද, මුස්ලිම් ලොවේ සියලු දෙනා විසින් එක් සිත්ව භාරගන්නා ලද ෂත්‍යවූ පවිත්‍රවත් අල් හදීස් ග්‍රන්ථයන්ය. අල් – කුර්අනෙයට දෙවනුව මුස්ලිම්වරුන් විසින් පිළිපදින ග්‍රන්ථයන්ද මෙය වෙති. ‘අල් හදීස් හතලිහක් කටපාඩම් කර ඒ අනුව ජීවත් වන්නාට ස්වර්ගය ලබාදීම මගේ වගකීමකි’ යි නබිනායකයාණන් පවසා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=හදීස්&oldid=466273" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි