හතු
ඇතැම් දිලීර විශේෂයන් මගින් තම වර්ගයා බෝකිරීම සදහා අවශ්‍යවන බීජාණු නිපදවන මල් වැනි විශේෂ ව්‍යුහය හතු නමින් හදුන්වයි.මේවා පොළවෙන් හට ගන්නා මල් වැනි පෙනුමක් ඇති නිසා බිම්මල් නම්න්ද හදුන්වයි.මෙම දිලීරයන්ට හරිතප්‍රද නොමැති බැවින් ස්වාධීනව ආහාර නිපදවාගත නොහැකිය.එබැවින් මෙම බිම්මල් නිපදවන දිලීර මළ දේහමත වැඩෙන මෘතෝපජීවී කාණ්ඩයට අයත්ය.විශේෂයෙන් මළ ශාක ඇසුරු කරගෙන බිම්මල් දැකිය හැකිය.මීට වසර දහස් ගණනකට පෙර සිටම මිනිසා හතු ආහාරයට ගෙන ඇත.ආහාරයට ගතහැකි හතු විශේෂ හා ආහාරයට නොගතහැකි හතු ද ඇත.ඇතැම් හතු උග්‍ර විෂ සහිත වන අතර ආහාරයට ගැනීමෙන් මරණයට පත්වීමට පවා ඉඩ ඇත.ආහාරයට ගත හැකි ඇතැම් බිම්මල් විශේෂ වර්තමානයේ වානිජ වශයෙන් වගාකෙරේ.
හඳුනාගැනීමසංස්කරණය
වර්ගීකරණයසංස්කරණය
වගාවසංස්කරණය
වානිජ වශයෙන් බිම්මල් වගාකිරීම බොහෝවිට සිදුවේ.මෙසේ වානිජ වගාවන් සඳහා බොහෝවිට මුතුබෙලි බිම්මල් හා පිදුරු බිම්මල් යොදාගනී.
බිම්මල් ගෘහයසංස්කරණය
සාර්ථක බිම්මල් වගාවක් සඳහා ක්‍රමවත්ව සකස්කල බිම්මල් ගෘහයක් තිබීම අනිවාර්‍ය අවශ්‍යතාවකි.මේ සඳහාඅලුතින් ගෘහයක් නිර්මානය කිරීම හෝ පවතින ගෘහයක් නවීකරනය කර භාවිත කලහැකිය.මෙසේ බිම්මල් වගාව සදහා සකසන ගෘහය ටකරන් හෝ ඇස්බැස්ටොස් වැනි ද්‍රව්‍ය යොදා වහලය සකස් කරයි.ඇතැම් විට පිදුරු හෝ පොල් අතු සෙවිලි කළ ගෘහයන්ද දක්නට ලැබේ.ගෘහයේ බිත්ති අඩි 3 හෝ 4 පමණ උසට බැඳ කපරාදු කරනු ලැබේ.ඉතිරි කොටස කෘබි ප්‍රතිරෝධී දැලක් ගසා සකස් කරයි.ගෘහයේ බිමට සිමෙන්ති අතුරනු ලබයි.
බිම්මල් ගෘහය ප්‍රධාන කොටස් තුනකින් සමන්විතය.වගා මළු සැකසීම හා තැම්බීමට ස්ථානයක්,බීජෞෂණය සඳහා අඳුරු කාබරයක්,වගාමළු තොග වෙන්ව තබාගතහැකි රාක්ක සහිත කාබර වශයෙනි.වගා කාමර තුලට මනා වාතාශයක් හා මඳ ආලෝකයක් තිබිය යුතුය.අඳුරු සම්පූර්ණයෙන් අඳුරු කලයුතුය.
බිම්මල් ගෘහය තුල වගාමළු සකසන කාබරයේ මළු සකස් කිරීමෙන් පසු අඳුරු කාබරයේ තබා වගාමළුවල දිරීල වර්ධනයවූ විට වගා කාමර තුල රඳවා තෙතමනය නිසි පරිධි ලබාදීමට ජලය ඉසීම සිදු කරයි.
වගා මළුසංස්කරණය
අස්වනු නෙලීමසංස්කරණය
පළිබෝධ පාලනයසංස්කරණය
කල්තබා ගැනීමසංස්කරණය
වානිජ බිම්මල් වගාවේදී අස්වනු කල්තබා ගැනීම ඉතා වැදගත්ය.අස්වනු නෙලා ගැනීමෙන් පසු සිසිල් ස්ථානයක පැය 10-12 අතර කාලයක් තබාගත හැකිය.ශීතකරණයක දින දෙකක් හෝ තුනක් පමණ කාලයත් තබාගතහැක.(පිදුරු බිම්මල් නම් තබාගත හැක්කේ දිනක් පමණි) නටන ජලයේ ගිල්වා ඉන්පසු පොලිතින් මළුවල අසුරා අධිශීතකරණයක තැබීමෙන් සති 4-6 පමණ කාලයක් තබාගතහැක.සිහින් තීරුවලට ඉරාගත් බිම්මල් විනාඩි තුනක් පමණ වාෂ්පයෙන් තම්බා අව්වේ වියලා ගැනීමෙන් මාස හයක පමණ කාලයක් තබාගත හැකිය.මෙසේ වියලා සකස්කළ බිම්මල් වෙළඳපොලෙන් ලබාගතහැක.
පොෂණයසංස්කරණය
බිම්මල්වල ප්‍රෝටීන් විටමින් හා ඛනිජ ලවන වලින් සාරවත් පොෂණීය ආහාරයකි
අමු බිම්මල් ග්‍රෑම් 100 අඩංගු ද්‍රව්‍ය මෙසේය.
ජලය | 910g |
---|---|
පිෂ්ඨය | කි.කැලරි 13 |
ප්‍රේටීන් | 25g |
මේදය | 0.3g |
කැල්සියම් | 20mg |
යකඩ | 10mg |
තයමින් | 120ųg |
රයිබොෆ්ලෙවින් | 500ųg |
නයසින් | 58mg |
විටමින් C | 30g |
භාවිතයන්සංස්කරණය
ඇතැම් හතු වර්ග ආහාරයට ගත හැකිය.මෙසේ ආහාරයට ගතහැකි බිම්මල් විවිධ අයුරින් සකස්කර ආහාරයට ගනී.වනිඣ වශයෙන් වගා කරන වෙළදපොලෙන් පහසුවෙන් ලබාගත හැකි බිම්මල් ලෙස මුතුබෙලි බිම්මල් හා පිදුරු බිම්මල් දැක්විය හැක.මුතු බෙලි බිම්මල් වර්ග දෙකක් ප්‍රධාව වශයෙන් වෙලදපොලේ දක්නට ලැබේ ඒවා භූතාන් වර්ගය හා ඇමරිකන් වර්ගය ලෙස දක්නට ලැබේ.මෙම වානිජ වශයෙන් වගා කරන බිම්මල් හැරුනු විට විශේෂයෙන් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ආහාරයට ගතහැකි බිම්මල් ලෙස ඌරු පහ,ලේන පහුරු,මොණර බිම්මල්,හීන් වැලිහතු,කොටන් බිම්මල්,කුට්ටන් බිම්මල්,මහ වැලි හතු,ගොරක හතු දැක්විය හැක.වෙලදපොලෙන් ලබා ගන්නා බිම්මල් හැරුනු විට වෙනත් බිම්මල් අවට පරිසරයෙන් නෙලා ගැනීමේදී ඒවා ආහාරයට සුදුසුද යන්න ඉතා ප්‍රවේශමෙන් සොයා බැලිය යුතුය.ආහාරයට සුදුසු බිම්මල් තුලට බොහෝවිට කෘබීන්ගේ ආකාර්ෂණයට ලක්වේ.කෘබීන්ගේ ආකර්ෂණයට ලක් නොවන බිම්මල් විෂ සහිත විය හැක.
ආහාර වට්ටොරුසංස්කරණය
බිම්මල් ව්යාංජනයසංස්කරණය
බිම්මල් සලාදයසංස්කරණය
බිම්මල් මෝජුසංස්කරණය
බිම්මල් සැන්විචස්සංස්කරණය
==== බිම්මල් සුප් ====. බිම්මල් ඉරා උණුවතුරෙන් මිරිකා සාමාන්‍ය සුප් හදන ද්‍රව එකතුකර සුප් හදාගන්න
බිම්මල් කට්ලට්සංස්කරණය
බිම්මල් යොදාගෙන රසවත් කට්ලට් නිපදවිය හැකිය.මේ සඳහා බිම්මල් හුමාලයෙන් තම්බා ගනී.පසුව කුඩා කැබලි වලට කඩා වැඩි වතුර මිරිකා හැර එයට ගම්මිරිස් හා ලුණුකුඩු මිශ්‍රකර තෙම්පරාදු කරගනී.පසුව තෙම්පරාදු කරගත් හතු මිශ්‍රණයට අමු මිරිස් ළූනු උම්බලකඩ අවශ්‍ය පමණට දමා තැම්බාගත් අර්තාපල් අල මිශ්‍රකර එයටම දෙහි ස්වල්පයක් දමා ගුලිකර උකු පාන්පිටි ද්‍රාවණයේ ගිල්වා පාන්කුඩුවල තවරා ගැඹුරු තෙලේ බැඳගනී.