වියට්නාමයෙහි, ක්වැඥ් බිං පළාතෙහි, බෝ ට්‍රැක් දිස්ත්‍රික්කයෙහි, ෆොං ඤෑ-කේ බෑං ජාතික වනෝද්‍යානයෙහි පිහිටි ස ඩොං ලෙන (වියට්නාම: Son Doong cave), ලෝකයෙහි විශාලතම ස්වභාවික ලෙන් අතරින් එකකි. [1]

ලාඕස්–වියට්නාම දේශසීමාව අසල පිහිටි ස ඩොං ලෙන සතුව, අභ්‍යන්තර සහ වේගයෙන් ගලන පොළොව යට පිහිටි ගංගාවක් සතුවන අතර ලෙනෙහි හරස්කඩ, 2009 වසර විට ලෝකය පුරා ඕනෑම ලෙනක විශාලතම හරස්කඩ වූ අතර,[2][3] එයට සමීපතම ලෙන් මග හරස්කඩට ට වඩා දෙගුණයක් විශාල බවට විශ්වාස කෙරෙයි. පරිමාව අනුව එය ලෝකයෙහි දැනට දන්නා විශාලතම ලෙන් මග වෙයි.

එහි නම, හැං ස ඩොං, වියට්නාම භාෂාවෙන් විවිධ අයුරින් පරිවර්තනය කරනු ලබන්නේ "කන්ද තුල ගංගාවෙහි ලෙන"[4] හෝ "ඩොං [ගම්මානය] පසුපස කන්ද තුල ලෙන" ආදිවශයෙනි.

ද්‍රාව්‍යමය ලෙනක්, ලෙසින් එය සැදී ඇත්තේ ද්‍රාව්‍යමය හුණුගල් තුල වන අතර[5] වසර මිලියන 2 සිට 5 දක්වා කාලයක් පැරණි බවට විශ්වාස කෙරෙයි. [6]

ආශ්‍රිත සංස්කරණය

  1. "ෆ්‍රොම් ද බිගස්ට් ටු ද ලෝංගස්ට්, ෆයිව් ඇමේසිං කේව්ස් ටු විසිට්". ස්මිත්සෝනියන් සඟරාව. ඔක්තොම්බර් 1, 2014. ඔක්තොම්බර් 28, 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය නොවැම්බර් 6, 2020.
  2. "වර්ල්ඩ්ස් බිගස්ට් කේව් ෆවුන්ඩ් ඉන් වියට්නාම්". නැෂනල් ජියෝග්‍රෆික්. ජූලි 9, 2009. පෙබරවාරි 28, 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය පෙබරවාරි 24, 2015.
  3. ගිනස් ලෝක වාර්තා 2013, පිටුව 032. ISBN 9781904994879
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; YahooExplorersDiscover නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. "ජියොලොජිකල් මැප් ඔෆ් වියට්නාම්, කම්පූචියා, ඇන්ඩ් ලාඕස්". සම්ප්‍රවේශය මැයි 15, 2014.
  6. එඩ්ස්ට්‍රොම්, මාටින්. "ෆ්ලයි තෘෘ අ කොලෝසල් කේව්: ස ඩොං ඉන් 360°". නැෂනල් ජියෝග්‍රෆික්. https://www.nationalgeographic.com/news-features/son-doong-cave/2/#s=pano37. 
"https://si.wikipedia.org/w/index.php?title=ස_ඩොං_ලෙන&oldid=604681" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි