සෞරග්ර්හ මණ්ඩලය තුළ ඡීවය

== සෞරග්‍රහ මණ්ඩලය තුළ ජීවය ==


සෞරග්‍රහ මණ්ඩලය තුළ පෘථිවිය හැර වෙනත් ජීවයක් තවමත් වාර්තා වී නොමැත. අභ්‍යන්තර සහ බාහිර ග්‍රහලෝක අතරින් අප දන්නා ආකා‍රයේ ජීවයක් පැවතිය හැකි යැයි සැක කෙරෙන එකම ග්‍රහලොව අඟහරු ය. එසේම බ්‍ර‍හස්පතිගේ සමහර උප ග්‍රහයින් ද එවන් ජීවයක් පැවතිය හැකි භෞතික සාධක වලින් යුක්තයි.


අඟහරු මත ජීවය

සංස්කරණය
අඟහරු මත ජීවය පිළිබඳ අදහස මුලින් ම පැන නැගුනේ වයිකින් යානාවලින් ලබාගත් අඟහරුගේ පෘෂ්ඨ ඡායාරූපවල අඟහරුගේ ඇළ මාර්ග දක්නට ලැබීමෙනි. එසේම ‍වයිකිං ලබා දුන් තොරතුරු අනුව අඟහරු වායුගෝලයෙන් සියයට අනූ පහක් ම අඩංගු වන්නේ කාබන්ඩයොක්සයිඩ් වායුවයි. අඟහරු මත ඇති ඔලිම්පස් මෝනස් කඳු නිම්නයේ ජලය ගලා ගිය බවට සාක්ෂී වශයෙන් පෘෂ්ඨය මත රැඳි දිය පාරවල සළකුණු දැක ගත හැක. පෘෂ්ඨයට පහලින් පිහිටන අයිස් තට්ටුව ද මීට ඉහතදී අඟහරු මතින් ජලය ගලා ගිය බවට සාක්ෂියකි.
අඟහරු මත ජීවය පවතීදැයි සාක්ෂි ලබා ගත හැකි වනුයේ අඟහරුගේ පෘෂ්ඨ අධ්‍යයනයෙනි.ඒ සඳහා වයිකිං 1 සහ වයිකිං 2 නම් වූ යානා 1975.09.09 සහ 1976.06.19 දින පෘථිවියෙන් නික්ම ගොස් 1976.08.20 සහ 1976.08.07 දින අඟහරු වටා කක්ෂගත විය. වයිකිං යානා දෙක ම සකස් කොට තිබුනේ කු‍ඩා විද්‍යාගාරයන් ද ඇතුළත් වන පරිදි ය.මෙහි දී ජීව විද්‍යාත්මක පරීක්ෂණයන් තුනක් සිදු කෙරිණි.


1. වායු හුවමාරු වීමේ පරීක්ෂණය(The Gas Exchange Experiment )


2. උෂ්ණත්ව විමෝචනය වීමේ පරීක්ෂණය(The paralytic release experiment)


3. සළකුණු කළ කාබන් විමෝචනය වීමේ පරීක්ෂණය(The labeled release experiment)


මෙම පරීක්ෂණයන්ගෙන් තරමක ධනාත්මක ප්‍රතිඵල ලැබුණත් අඟහරු මත ජීවයක් පැවතිය නො හැකි බව සමස්ථ ප්‍රතිඵල විශ්ලේෂණයෙන් නිගමනයකට එළඹි බව 1979 අන්තර් ඡාතික තාරකා විද්‍යා සංගමය මඟින් මොන්ට්‍රියල්හි දී පැවැත් වූ සමුළුවේ දී නාසා ආයතනය මඟින් ප්‍රකාශයට පත් කෙරුණි.


නමුත් පසුව ගුවන් ගත කළ මාර්ස් ග්ලෝබල් සර්වේයර් යානයේ ඡායාරූප වලින් අඟහරු මත ජලය තිබූ බවට සනාථ වූ අතර ඇතැමුන්ගේ මතය වී ඇත්තේ අඟහරු මත ජීවය අඟහරුගේ පෘෂ්ඨයට යටින් පිහිටිය හැකි බවය.