සෞන්දර්ය විද්‍යාව, ශුද්ධ ගණිතය සහ ව්‍යවහාරික ගණිතය සදහා ඇති වු ප්‍රබෝධය

ප්‍රමාණ, ව්‍යුහ, අවකාශය සහ විචල්‍යයන්ට අදාළව ගැටලු මතුවන ඕනෑම අවස්ථාවකදී ගණිතය භාවිත වීම සිදුවේ. ආරම්භයේදී වානිජ කටයුතු සහ භූමි මිනුම් හිදි ගණිතය භාවිතා වු අතර පසුකාලීනව එය තාරකා විද්‍යාව සඳහාද භාවිත විය. වර්තමානයේදී සියලු විද්‍යාවන් ආශ්‍රිතව ගණිතඥයන් විසින් අධ්‍යයනය කළ යුතු ආකාරයේ ගැටලු ඇති වන අතර ගණිතය වැනි විෂයයන්ගෙන් පවා එවන් ආකාර ගැටලු මතු වීම සිදුවේ. නිව්ටන් අත්‍යනුක කලනයේ එක් නිර්මාතෘ වරයෙක් වන අතර එහිදී භාවිතා කරන සියලුම අංකනයන් පාහේ (කාලය විශයෙහි අවකලනය දැක්වීම සදහා විචල්‍යයකට ඉහලින් තබන තිත හැරුණු විට) ලිබ්නීස් විසින් නිර්මාණය කරන ලද ඒවාය. ෆේමන් විසින් හේතු දැක්වීම් සහ භෞතික දැනුම සංකලනයෙන් ෆේමන් පථ අනුකලය නිර්මාණය කල අතර වර්තමාන තන්තුවාදය නව ගණිතමය සොයා ගැනීම් සදහා ඒවායින් පෙළඹවීමක් සපයයි. සමහර ගණිතමය කොටස් ඒවා නිර්මාණයට හේතු වු ක්ෂේත්‍රයට පමණක් අදාළ වන අතර තවදුරටත් එම ක්ෂේත්‍රයෙහි ඇති වන ගැටලු විසදීම සදහා භාවිතා කෙරේ. නමුත් බොහෝ විට එක් ක්ෂේත්‍රයක් ආශ්‍රිතව නිර්මාණය වු ගණිතමය සංකල්ප වෙනත් බොහෝ ක්ෂේත්‍ර වලදීද ප්‍රයෝජනවත් වන අතර සාමාන්‍ය ගණිතමය සංකල්ප සමුදායේ කොටසක් බවට පත්වේ. සංශුද්ධමය ගණිතමය සංකල්ප සදහා වුවද ඇතැම් විට ප්‍රායෝගික යෙදීම් පැවතීම පුදුම සහගත වුවත් ඉයුජීන් විග්නර් මෙය “ගණිතයේ අහේතුක සඵලත්වය” ලෙස හැදින්වීය.

(අත්‍යනුක කලනයෙහි නිර්මාතෘ)ශ්‍රිමත් අයිසැක් නිවුටන් (1643 – 1727)

අනෙක් බොහෝ අධ්‍යයන ක්ෂේත්‍ර වලදී මෙන්ම විද්‍යාත්මක යුගයේ දැනුමෙහි සිදු වු වේගවත් වර්ධනය හේතුවෙන් ගණිතයද විශේෂිකරණය වී ඇත. මෙවැනි එක් ප්‍රධාන බෙදීමක් වන්නේ ශුද්ධ ගණිතය සහ ව්‍යවහාරික ගණිතය එකිනෙකින් වෙන්කර හදුනාගැනීමයි. සමහරක් ව්‍යවහරික ගණිත කොටස් ඒවා හා සම්බන්ධ ගණිතයෙන් පරිබාහිර සම්ප්‍රදායයන් සමග සංයෝජනය වී වෙනම විෂය ක්ෂේත්‍රයන් බවට පත්ව තිබේ. සංඛ්‍යානය, සංකාර්ය පර්යේෂණ සහ පරිගණක විද්‍යාව මෙවන් ක්ෂේත්‍ර වලට අයත් වේ.


ගණිතයට නැඹුරු වු බොහෝ දෙනා එහි සෞන්දර්යාත්මක පැතිකඩක් දැකීමට සමත් වෙති. බොහෝ ගණිතඥයන් ගණිතයෙහි සෝබනත්වය, එහි සහජ සෞන්දර්යය සහ අභ්‍යන්තර අලංකාරත්වය පිළිබඳ අදහස් දක්වති. එහි සරලත්වය සහ පොදු බව ඉතා වැදගත් වේ. ප්‍රථමක සංඛ්‍යා අපිරිමිත සංඛ්‍යාවක් ඇති බවට යුක්ලිඩ්ගේ සාධනය වැනි සරල සහ අලංකාර සාධනයන්හි මෙන්ම වේගවත් ෆුරියර් පරිණාමනය වැනි ගණනය කිරීම් වේගවත් කරන අලංකෘත අංක ගණිතමය ක්‍රමයන්හීද සුන්දරත්වයක් පවතී. G.H හාඩි සිය “A Mathematician’s Apology” (ගණිතඥයෙකුගේ සමාව ඉල්ලීම) නම් ග්‍රන්ථයේ දී ගණිතයේ සෞන්දර්යාත්මක ලක්ෂණ ශුද්ධ ගණිතයෙහි අධ්‍යනයෙන් සාධාරණීකරණය කිරීම සඳහා ප්‍රමාණවත් වන බවට ඔහු තුළ තිබු විශ්වාසය ප්‍රකාශයට පත්කර ඇත. බොහෝවිට ගණිතඥයින් ප්‍රමේයයන් සඳහා අලංකෘත වු සාධනයන් සෙවීමට වෙහෙසෙති. ඔවුන්ගේ මෙම උත්සාහයන් පොල් අඩොස් විසින් දෙවියන් විසින් සිය ප්‍රියතම සාධනයන් ලියා ඇති පොතේ අඩංගු සාධනයන් සේවීම ලෙස නම් කළේය. විනෝදාත්මක ගණිතමය ක්‍රියාකාරකම්වල ප්‍රචලිත බව ගණිතමය ගැටලු විසදීමෙන් පුද්ගලයින් හට ලබාගත හැකි සතුට සදහා සාක්ෂියකි. GodfreyKneller-IsaacNewton-1689.jpg


සටහන් සංස්කරණය

Inspiration_pure_and_applied_mathematics_and_aesthetics