සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය
සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ආරම්භය විසිවැනි සියවසේ මධ්‍ය කොටස කරා දිව යයි. සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රධාන අංශ තුනකින් සමන්විත ය. එයින් එක් අංශයක් වන්නේ මහජන සෞඛ්‍ය ඒකකයයි. මහජන සෞඛ්‍ය ඒකකයෙහි සෞඛ්‍ය අධ්‍යාපන උපකරණ සංවර්ධන සඳහා හඳුනාගත් ඒකකයක් ද තිබිණි. එය සෞඛ්‍ය අධ්‍යාපන උපකරණ නිෂ්පාදන ඒකකය නමින් ව්‍යවහාර විය.
සෞඛ්‍ය අධ්‍යාපන උපකරණ නිෂ්පාදන ඒකකයේ ප‍්‍රධානත්වය දැරුවේ ප‍්‍රධාන සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී යනුවෙන් හඳුන්වනු ලැබූ සමාජ විද්‍යාඥයෙකි. සහකාර සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරියෙක් ඔහුට සහාය විය. මේ කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායම ප‍්‍රචාරක නිලධාරීන් වශයෙන් පුහුණුව ලද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් සමන්විත විය. පෝස්ටර් පත‍්‍රිකා, ප‍්‍රදර්ශන සහ අධ්‍යාපනික චිත‍්‍රපට උපයෝගී කර ගෙන බෝවන රෝග වැළෑක්වීම සහ මර්දනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් දිවයින පුරා සෞඛ්‍ය අධ්‍යාපන කටයුතු කි‍්‍රයාත්මක කිරීම මෙම ඒකකයට පැවරී තිබිණි. මේ කටයුතුවලට, අවශ්‍ය උපකරණ සවිකර තිබුණු සෞඛ්‍ය අධ්‍යාපන වෑන්රථ ද සහාය විය. 1950 දී ආරම්භ කළ “සැපත” නම් පුවත් හසුන පළ කිරිමෙන් සෞඛ්‍ය සේවකයන්ගේ දැනුම් පුළුල් කෙරිණි.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පැමිණි විශේෂඥයකු විසින් මෙරට සෞඛය අධ්‍යාපනය පිළිබඳ අගැයීමකින් පසු කරන ලද නිර්දේශන වලින් වෙනස්වීම් කීපයක් ක‍්‍රියාත්මක විය.
මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ප‍්‍රදේශ 15 කට බෙදා සෞඛ්‍ය අධ්‍යාපන කටයුතු වලට පහසුකම් සැලසිණි. 1962 දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් තිදෙනෙක් සෞඛ්‍ය අධ්‍යාපන උපකරණ නිෂ්පාදන ඒකකයට පත් කරනු ලැබූහ. වෛද්‍ය නිලධාරියකු, ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියකු වශයෙන් පත් කරනු ලැබ මහජන සෞඛ්‍ය සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් යටතේ සහකාර අධ්‍යක්ෂ/සෞඛ්‍ය අධ්‍යාපන යන පදවි නාමය දෙන ලදී. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙනත් ඒකකවල සහ රටේ විවිධ දිසුත‍්‍රික්කවල සේවය කරන සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන් පිළිබඳ පරිපාලන සහ ශිල්පීය බලය සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳ සහකාර අධ්‍යක්ෂ වෙත පැවරී තිබුණි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒකක කීපයක් පිළිබඳ ප‍්‍රතිසංවිධානය 1972 දී සිදු විය. එහි ප‍්‍රතිඑලයක් වශයෙන් සෞඛ්‍ය අධ්‍යාපන උපකරණ නිෂ්පාදන ඒකකය, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය යනුවෙන් නම් කරන ලදී. සෞඛ්‍ය අධ්‍යාපන සංකල්පය පිළිබඳ මහත් ආන්ද්‍යෝලනයක් රට තුළ ඇති විය. සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳ සහකාර අධ්‍යක්ෂ යන තනතුරු නාමය අධ්‍යක්ෂ/ සෞඛ්‍ය අධ්‍යාපන යනුවෙන් නැවත නම් කරන ලදී. වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් සහ දත්ත ශල්‍ය වෛද්‍යවරයෙක් ද වෛද්‍ය නිලධාරී/ සෞඛ්‍ය අධ්‍යාපන වශයෙන් පත් කරනු ලැබ මහජන සෞඛ්‍යය පිළිබඳ පශ්චාත් උපාධි සුදුසුකම් ලබා ගැනීමට විදේශ රටවලට යවනු ලැබූහ. ප‍්‍රධාන සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී තනතුර නියෝජ්‍ය අධ්‍යක්ෂ/සෞඛ්‍ය අධ්‍යාපන යනුවෙන් නැවත නම් කරන ලද නමුත් එම තනතුරට පරිපාලන බලතල සතු නොවීය. එහෙත් මෙම තනතුර සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ ඉහළම තාක්ෂණික තනතුර වශයෙන් හඳුන්වා තිබේ.
ප‍්‍රථම සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන් පහළොස් දෙනාගේ කණ්ඩායම පත් කරන ලද්දේ මුලික උපාධිය සහිත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ භෙද නිලධාරීන් අතුරෙන් ය. 1975 දී සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳ ඩිප්ලෝමාවක් සහිත උපාධිධාරීන් දොළොස් දෙනෙක් මෙම ඒකකයට අන්තර්ග‍්‍රහණය කරනු ලැබූහ. ඒකකය කෙරෙහි තව දුරටත් බලපෑම් ඇති කරමින් 1977 පවුල් සෞඛ්‍ය වැඩ සටහන ආරම්භ වමෙන් පසු ප‍්‍රජා සහභාගිත්ව කටයුතු ක‍්‍රියාත්මක විය. කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය 1982 දී සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳ විද්‍යාපති (M.Sc) පාඨමාලාවක් ආරම්භ කළ බැවින් එම පාඨමාලාව හැදෑරීමට සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන් ට අවස්ථාව සැලසිණි. සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ට පශ්චාත් උපාධි සුදුසුකම් ලබා ගැනීම සඳහා විදේශගත වීමට වරම් ලැබුනි.
1980 දශකයේ පසු භාගයේ දී බලතල පැවරීමෙන් පසු දිස්ත‍්‍රික්කවල සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන් සතුව තිබුණු පරිපාලන බලතල පළාත් බද බලධාරීන්ට භාර දෙන ලදී. අනතුරුව සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන් වශයෙන් වෙනත් ඒකකවල සේවය කළ අය ද සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයට අන්තර්ග‍්‍රහණය කරනු ලැබූහ.
ප‍්‍රජා වෛද්‍ය පිළිබඳ එම්.එස්.සී. සුදුසුකම් සහිත වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් 1992 දී සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයට පත් කරන ලදින් ඉන්පසු එම කණ්ඩායම ප‍්‍රජා වෛද්‍යය පිළිබඳ එම්.ඩී. උපාධිය ලබා ගත්හ. අනතුරුව ප‍්‍රජා වෛද්‍යය පිළිබඳ පශ්චාත් උපාධි සුදුසුකම් සහිත වෛද්‍ය නිලධාරීහු සහ දන්ත ශල්‍ය වෛද්‍යවරු මෙම කාර්යාංශයට පත් කරන ලදී.