සොක්බොසංජොල් (釋譜詳節) The Seokbosangjeol (釋譜詳節) යනුවෙන් හැඳුන්වෙන්නේ කොරියානු බසින් රචිත ගෞතම බුදුන් වහන්සේගේ චරිතාපදානය සහ උන් වහන්සේගේ දේශනා ඇතුළත් ග්‍රන්ථයකි. මෙය සම්පාදනය කරන ලද්දේ ජොසොන් හි සුයාං කුමරු (පසුව සේජෝ රජු) විසිනි.

මෙම ග්‍රන්ථය පද්ම සූත්‍රය, ක්ෂිතිගර්භ බෝධිසත්තව පූර්වප්‍රනිධාන සූත්‍රය සහ අමිතාභ සූත්‍රය යනාදී චීන මූලාශ්‍රවලින් පරිවර්තනය කොට සකසා ඇත.[1] බෞද්ධ සූත චීන බසින් කොරියානු බසට පරිවර්තනය කළ පළමු හඳුනාගැනුණු අවස්ථාව මෙයයි.[2] සුයාං විසින් සොක්බොසංජොල් ග්‍රන්ථය නිර්මාණය කරන ලද්දේ සිය මෑණියන් වූ සොහෝන් අගබිසවගේ මරණින් පසුව ඇගේ මතු භවය සාර්ථක වීම පිණිස ය. බෞද්ධ ඇදහීම් දිරිගැන්වීමේ අරමුණින් මෙම ග්‍රන්ථය කොරියාවේ සාමාන්‍ය ජනයාහට විවෘත විය.[1]

  1. 1.0 1.1 Sejo, King of Korea (1417-1468). "Life History and Sermon of Buddha Abstracted from Buddhist Scriptures". World Digital Library. සම්ප්‍රවේශය 23 May 2013.{{cite web}}: CS1 maint: numeric names: authors list (link)
  2. Kim, Mu-bong (March 2013). "A Study for 20th Volume of 『Seokbosangjeol(釋譜詳節)』 ―Focusing on Bibliography and Language". Journal of Buddhist Studies (34). 5 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 May 2013.
"https://si.wikipedia.org/w/index.php?title=සොක්බොසංජොල්&oldid=593873" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි