සෛද්ධාන්තික අකාබනික රසායනය

අකාබනික රසායන අංශවල විකල්ප දර්ශන ඉදිරිපත් කිරීම ආරම්භ වූයේ පරමාණුවේ බෝර් (Bohr) ආකෘතිය ඉදිරිපත් වීමත් සමඟයි. උපකරණ සෛද්ධාන්තික රසායනික ආකෘති හා ගණිතමය රසායනික විද්‍යාව භාවිතයෙන් එය සරල හා වඩා සංකිර්ණ අණුවල බන්ධන සෑදීම දක්වා ව්‍යාප්ත විණි. කාබනික රසායනයේ බහු ඉලෙක්ට්‍රෝනික ප්‍රභේද පිළිබඳව නිවැරදි ක්වොන්ටම් යාන්ත්‍රික පැහැදිළි කිරීමක් ලබාදීම අසීරුය. මෙම අභියෝගය අණුක කාක්ෂිතවාදය හා ලිගන ක්ෂේත්‍රය ආදී බොහෝමයක් අර්ධ ප්‍රමාණාත්මක හෝ අර්ධ අනුභාවි පිවිසීම් ගණනක් ජනනය කර ඇත. මෙම සෛද්ධාන්තික පැහැදිලි කිරීම්වලට සමාන්තරව ඝනත්ව ක්‍රියාකාරී සිද්ධාන්තය ද ඇතුළත්ව දල ක්‍රමවේද භාවිතයට ගනී.

Inorganic compounds show rich variety:
A: Diborane features unusual bonding
B: Caesium chloride has an archetypal crystal structure
C: Fp2 is an organometallic complex
D: Silicone's uses range from breast implants to Silly Putty
E: Grubbs' catalyst won the 2005 Nobel Prize for its discoverer
F: Zeolites find extensive use as molecular sieves
G: Copper(II) acetate surprised theoreticians with its diamagnetism

සිද්ධාන්ත හැරුණු කොට ක්ෂේත්‍රයේ දියුණුව සඳහා ගුණාත්මක හා ප්‍රමාණාත්මක බව ඉතාමත් වැදගත් වේ. උදාහරණයක් ලෙස කාමර උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වවල දී CuII2(OAC)4(H2O)2 බොහෝ දුරට ක්ෂේත්‍ර චුම්භක බවට පත්වන නමුත් ස්ඵටික ක්ෂේත්‍රවාදය අනුමාන කරන්නේ එහි යුගලනය නොවූ ඉලෙක්ට්‍රෝන දෙකක් ඇති බවයි. ගුණාත්මක සිද්ධාන්තය (හර චුම්භක) හා නිරීක්ෂණය (හර ක්ෂේත්‍ර චුම්භක) අතර ඇති වන මෙම එකඟතාව චුම්භක යුග්ම ආකෘතිය බිහිවීමට මග පෑදිනි. මෙම දියුණු කළ ආකෘති නව චුම්භක උපකරණ නිසා නව තාක්ෂණ දියුණුවකට මග පෑදිනි.


අකාබනික රසායනයේ ගුණාත්මක සිද්ධාන්ත

සංස්කරණය

[FeIII(CN)6]3- හි ඇත්තේ යුගලනය නොවූ එක් ඉලෙක්ට්‍රෝනයක් පමණක් බව ස්ඵටික ක්ෂේත්‍ර සිද්ධාන්තය මගින් පැහැදිලි කරයි.

අකාබනික රසායනික ගුණාත්මක විශ්ලේෂණයකින් මහත් වාසි ලබාගනු ලැබීය. එම සිද්ධාන්ත සඳහා අවශ්‍ය වන්නේ ක්වොන්ටම් සිද්ධාන්තවල කුඩා වටපිටාවක් බැවින් ඒවා ඉගෙනීමට පහසු වේ.

ප්‍රධාන කාණ්ඩ සංයෝගවල ව්‍යුහය VSEPR සිද්ධාන්තය මගින් ඉතා ප්‍රබලව අනුමාන කිරීම හෝ තර්කානුකූලව පැහැදිලි කිරීම සිදු කරයි. NH3, පිරමීඩය හැඩයක් ගන්නා මුත් ClF3, T හැඩය ගන්නේ ඇයි? වැනි පැහැදීම් මෙමගින් සිදු කරයි. ස්ඵටික ක්ෂේත්‍ර සිද්ධාන්තය යමෙකුට [FeIII(CN)6]3- හි යුගල නොවූ එක් ඉලෙක්ට්‍රෝනයක් ඇති මුත් [FeIII(H2O)6]3+ හි පහක් පවතින්නේ මන්ද? වැනි බොහොමයක් සරළ සංයෝගවල චුම්භකත්වය වටහා ගැනීමට මග පෙන්වයි. සංයෝගයක ව්‍යුහය හා ප්‍රතික්‍රියාකාරිත්වය තක්සේරු කිරීමේ දී ඒ සඳහා ප්‍රබල ගුණාත්මක පිවිසුමක් වන්නේ අණු ඉලෙක්ට්‍රෝන ගණනයට අනුව වර්ගීකරණය කොට අණුවේ කේන්ද්‍රීය පරමාණුවේ සංයුජතා ඉලෙක්ට්‍රෝන පිළිබඳ විමසා බැලීමයි.

අණුක සමමිතික කාණ්ඩය පිළිබඳව සිද්ධාන්තය

සංස්කරණය

නයිට්‍රජන් ඩයොක්සයිඩ් NO2, C2v සමමිතිය දක්වයි

අණුක සමමිතිය පිළිබඳව සිද්ධාන්තය අකාබනික රසායන විද්‍යාවේ ප්‍රධාන අංශයකි. ගණිතමය කාණ්ඩ සිද්ධාන්තය මගින් ඒවායේ ලක්ෂ කාණ්ඩ සමමිතියට අනුව අණුවල හැඩ විස්තර කිරීමට අවස්ථාව සලසයි. කාණ්ඩ සිද්ධාන්ත, සෛද්ධාන්තික ගණනය කිරීම්, සරල කිරීම හා කොටස් කිරීමවලට ලක් කරයි. / වර්ණාවලීක්ෂ්‍ය ලක්ෂණ විශ්ලේෂණය කර කම්පන හෝ ඉලෙක්ට්‍රෝන තත්ත්වවල හෝ සමමිතික ගුණ ආශ්‍රයෙන් පහදා දේ. භූමි හා සකැඹුණු අවස්ථාවල සමමිතික ගති ලක්ෂණ පිළිබඳව දැනුම කම්පන හා ඉලෙක්ට්‍රෝනික වර්ණාවලිවල අවශෝෂණ ගණන හා තීව්රතාව තීරණය කිරීමට මග පාදයි. ආදේශිත ලෝහ කාබොනයිල් සංයෝගවල C – O කම්පන ගණන නිර්ණය කිරීම කාණ්ඩ සිද්ධාන්තවල කැපී පෙනෙන යෙදීමකි. සමමිතියේ සිට වර්ණාවලි ලක්ෂණ දක්වා පොදු යෙදීම්වලට කම්පන හා ඉලෙක්ට්‍රෝනික වර්ණාවලි ඇතුළත් වේ.

උපදේශන උපකරණයක් ලෙස කාණ්ඩ සිද්ධාන්ත මඟින් WF6 හා Mo(CO)6 හෝ CO2 හා NO2 වැනි විෂම වර්ගවල බන්ධනවල අසමානතා හා සමානතා මතුකර දක්වයි.


රසායනික ප්‍රතික්‍රියා

සංස්කරණය

රසායනික ප්‍රතික්‍රියාවනට අදාළ සිද්ධාන්ත ස්ථිතික අණු පිළිබඳ සිද්ධාන්තවලට වඩා අභියෝගශීලිය. මාර්කස් සිද්ධාන්තයට අනුව පරමාණු බන්ධනය වන විට යාන්ත්‍රණය හා ප්‍රතික්‍රියාශීලිත්වය අතර ප්‍රබල බැඳීමක් පෙන්නුම් කරයි. ලෝහ ලිගන බන්ධනවල සාපේක්ෂ ප්‍රබලතාව සෛද්ධාන්තිකව ගණනය කළ හැකිය.

http://en.wikipedia.org/wiki/Inorganic_chemistry#Theoretical_inorganic_chemistry