සෙලියුකස් සමග ගැටුම් හා මිත්‍ර වීම් (කි පූ 305)

සෙලියුකස් i නිකේටර්ගේ රිදි කාසිය, මෙහු චන්ද්‍ර ගුප්ත මෞර්යය සමග සටන් වැදුනු අතර පසුව ඔහු සමග මිත්‍ර වන ලදී.

ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ පෙර පැවති අධිරාජ්‍යයේ ආසියානු කොටසේ මෙසිඩෝනියානු මාණ්ඩලිකයා වු සෙලියුකස් I නිකේටර් විසින් ‍බැක්ට්‍ර්යා හා ඉන්දුස් වැනි ඉතා ඈත පිහිටි නැගෙනහිර දිග භූමි ප්‍රදේශ ආක්‍රමණය කළ ඔහුගේ පාලනය යටතට ගන්නා ලදී. (ඇපියන්, රෝමයේ ඉතිහාසය, සිරියානු යුද්ධ 55) කි පූ305 හි ඔහු චන්ද්‍ර ගුප්ත සමග ගිවිසුමකට එළඹෙන ලදී.

“අවිආයුධ වලින් බලසම්පන්න හා කවුන්සිලයෙන් අනුනයිනි වු ඔහු මෙසපොතේමියා, ආමේනියා, සෙලියුසිඩ් කැපඩොස්යා, පර්සිස්, පාතියා, බැකට්‍රියා, අරාබිය, ටපවුරියා, සොද්දියා, ඇරකොසියා, හිල්කානියා හා හින්දුස් ගඟ වැනි ‍ඈත පිහිටි අශෝක අධිරාජ්‍යයා විසින් යටත් කර ගෙන සිටි අනෙක් ප්‍රදේශද අයත් කරගන්නා ලදී. එම නිසා ඔහුගේ සීමා අලෙක්සැන්ඩ්‍ර අධිරාජ්‍යයාගෙන් පසු වඩාත් විශිෂ්ඨතම ඒවා විය. ප්‍රිගියා සිට ඉන්දුස් දක්වා වු සියළු ප්‍රදේශ සෙලිකස්ට අයත් විය.” ඇපියන්, රෝමයේ ඉතිහාසය සිරියානු යුද්ධ 555

ගැටුමකට කිසිදු හේතුවක් නොතිබුණත් ඔහු විසින් යම් භූමියක් අත්පත් කර ගැනීම‍ට අසමත් වු විට ඉන්දියානු අධිරාජ්‍යයන්ට එරෙහිව දුබලව කටයුතු කළ බව පැහැදිලි ඇති අතර ඔහුගේ වු භූමි ප්‍රදේශද භාර දීමට සිදු විය. කෙසේ නමුත් කි පූ305 හිදි සෙලිකස් හා චන්ද්‍රගුප්ත ගිවිසුමකට එළඹෙන ලද අතර ස්ට්‍රබූට අනුව සෙලිකස් විසින් දකුණු දිග ඇෆ්ගනිස්ථානය හා පර්සියාවේ කොටස් ඇතුළත්ව භූමි ප්‍රදේශ ගණනාවක් චන්ද්‍ර ගුප්තට පවරා දෙන ලදී.තවද යුධ අලින් 500 දෙනෙකු(ඇතැම් මූලාශ්‍ර වල ඇතුන් 5දෙනෙකු බව දැක්වේ) හා යුධමය වත්කම් හිමිය.තවද නිකේටර්ගේ දියණිය‍ චන්ද්‍ර ගුප්ත රජුට විවාහ කර දීමද මෞර්ය රාජ සභාවට මෙගස්තිනීස් නම් ග්‍රීක තානාපතිවරයා පත් කර එවීමද සිදු විය

References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Maurya_Empire#Conflict_and_alliance_with_Seleucus_.28305_BCE.29