සෙල් සිග්නලිං ටෙක්නොලොජි

1999 දී බෙවර්ලි, මැසචූසට්ස් හිදී සංස්ථාපිත පෞද්ගලිකව පාලිත සමාගමක් වන සෙල් සිග්නලිං ටෙක්නොලොජි, ඉන්කෝපරේටඩ්. (CST) විසින් නිෂ්පාදනය කරනුයේ සෛලීය සංඥාකරණ මංපෙත් අධ්‍යයනය සඳහා භාවිතා වන ප්‍රතිදේහ සහ ආශ්‍රිත කාරක වෙති. CSTහී වර්තමාන සංස්ථානික මූලස්ථානය පිහිටා ඇත්තේ ඩෑන්වර්ස්, මැසචූසට්ස් හී වෙයි.

සෙල් සිග්නලිං ටෙක්නොලොජි, ඉන්කෝපරේටඩ්.
වර්ගයපෞද්ගලිකව පාලිත සමාගම
ස්ථාපිතය1999
ප්‍රාරම්භකමයිකල් කෝම්බ්
මූලස්ථානයඩෑන්වර්ස්, මැසචූසට්ස්
ප්‍රධාන පුද්ගලයන්මයිකල් කෝම්බ්, සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි
රොබර්ටෝ පෝලකීවිෂ්, ප්‍රධාන විද්‍යාත්මක නිලධාරි
කර්මාන්තයජෛව විද්‍යාව, නිෂ්පාදනය කෙරුම
නිෂ්පාදිතයන්ප්‍රතිදේහ, ELISA කට්ටල, ChIP කට්ටල
සේවකයන්300 — 350
උපාංගයන්සෙල් සිග්නලිං ටෙක්නොලොජි ජැපෑන්, කේ.කේ.
සෙල් සිග්නලිං ටෙක්නොලොජි (චයිනා) ලිමිටඩ්
සෙල් සිග්නලිං ටෙක්නොලොජි යුරප්, බී.වී.
වෙබ්අඩවියwww.cellsignal.com

ඉතිහාසය සංස්කරණය

නිව් ඉංග්ලන්ඩ් බයෝලැබ්ස් (NEB) හී සෛලීය සංඥාකරණ කණ්ඩායමෙහි සේවය කල විද්‍යාඥයින් විසින් 199දී සෙල් සිග්නලිං ටෙක්නොලොජි, ඉන්කෝපරේටඩ්. (CST) පිහිටුවා ගන්නා ලදි.[1] මුලින්ම කමින්ස් කේන්ද්‍රයෙහි (බෙවර්ලි, මැසචූසට්ස්) පවත්වාගෙන පැමිණි CST ආයතනය, පෙරදී කිංස් ග්‍රාන්ට් ඉන් (ඩෑන්වර්ස්, මැසචූසට්ස්) ආයතනය පිහිටි ස්ථානයේ එහි වර්තමාන එක්සත් ජනපද මූලස්ථානය වෙත ගෙන එන ලද්දේ 2005 අගභාගයෙහිදීය.[1][2] එහි පුළුල් අළුත්වැඩියාවන් කිරීමෙන් අනතුරුව [3], එ.ජ. හරිත ගොඩනැගිලි මණ්ඩලය විසින් 2007 දී වර්තමාන මූලස්ථානය LEED (බලශක්තිමය හා පාරිසරික සැලසුම්කරණය පිළිබඳ නායකත්වය) සහතික පහසුකමක් ලෙසින් ප්‍රකාශ කරන ලදි.[4] 2008 සහ 2009 දී, CST විසින් එහි පාරසමුද්‍ර ක්‍රියාකාරකම් පුළුල් කරන ලද්දේ, චීන මහජන සමූහාණ්ඩුවෙහි, ජපානයෙහි, සහ නෙදර්ලන්තයෙහි සහධාරී කාර්යාල පිහිටුවමිනි.[5][6]

බොස්ටන් ග්ලෝබ් විසින් 2009 දී ප්‍රකාශයට පත් කෙරුණු සංගණනයක් අනුව “රැකියාවේ යෙදිය හැකි හොඳම ස්ථාන 100” අතුරින් එකක් බවට සෙල් සිග්නලිං ටෙක්නොලොජි, ඉන්කෝපරේටඩ්. (CST) නම් කෙරිණි.[7]

පර්යේෂණ සංස්කරණය

මානවයන්ගේ, මූසිකයන්ගේ, සහ මීයන්ගේ ප්‍රෝටීන් ෆොස්ෆොරයිලීකරණය පිළිබඳ විස්තර සපයන ෆොස්ෆොසයිට්ප්ලස් නමැති ශික්ෂිත, වෙබ්-පදනමැති ජෛව තොරතුරු තාක්ෂණ සම්පතක් CST විසින් නඩත්තු කරනු ලබයි. මෙම ශික්ෂිත තොරතුරු වලට ප්‍රෝටීන් ඇසිටිල්කරණය, මෙතිල්කරණය සහ උබිකුටින්කරණය වැනි අනෙකුත් පශ්චාත්-පරිවර්තන විකරණ ද අඩංගු වෙයි. මෙම නිදහසේ ප්‍රවේශ්‍ය, සබැඳි මූලාශ්‍රය සඳහා භාගික වශයෙන් අරමුදල් සැපයෙන්නේ NIH (ජාතික සෞඛ්‍ය ආයතන) වෙතින් ලැබෙන අනුග්‍රහය මගිනි.[8][9]

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 අ ලැබ් විත් අ විව්: නිව් රිසර්ච් ස්පේස් රිෆ්ලෙක්ට්ස් කම්පනීස් ඕපන්, රිසර්ච්-ඩ්‍රිවන් ෆිලොසොෆි
  2. කිංස් ග්‍රාන්ට් ඉන් ගෝස් ෆ්‍රොම් හොටේල් ටු බයෝටෙක් එච්කියු, http://www.masshightech.com/stories/2006/03/06/story12-Kings-Grant-Inn-goes-from-hotel-to-biotech-HQ.html, ප්‍රතිෂ්ඨාපනය 2012-11-16 
  3. NEW Room At The Inn
  4. පබ්ලික් බිල්ඩිංස් ටෙක් ද 'ලීඩ්' ඉන් නිව් ඉංග්ලන්ඩ්, http://www.masshightech.com/stories/2008/06/09/focus1-Public-buildings-take-the-LEED-in-New-England.html, ප්‍රතිෂ්ඨාපනය 2012-11-16 
  5. සෙල් සිග්නලිං ටෙක්නොලොජි ඕපන්ස් යුනිට් ඉන් ජැපෑන්, http://www.masshightech.com/stories/2008/04/07/daily31-Cell-Signaling-Technology-opens-unit-in-Japan.html, ප්‍රතිෂ්ඨාපනය 2012-11-16 
  6. සෙල් සිග්නලිං ටෙක්නොලොජි බයිස් ඩච් ඩිස්ට්‍රිබියුටර්
  7. ග්ලෝබ් ටොප් 100 ප්ලේසස් ටු වර්ක්
  8. හෝන්බෙක් පීවී, චබ්රා අයි, කෝන්හවුසර් ජේඑම්, ස්ක්‍රියිපෙක් ඊ, සැං බී (2004). "ෆොස්ෆොසයිට්: අ බයෝබන්ෆොමටික්ස් රිසෝර්ස් ඩෙඩිකේටඩ් ටු ෆිසියොලොජිකල් ප්‍රෝටීන් ෆොස්ෆොරිලේෂන්". ප්‍රෝටියෝමික්ස්. 4 (6): 1551–61. doi:10.1002/pmic.200300772. PMID 15174125. {{cite journal}}: Unknown parameter |month= ignored (help)CS1 maint: multiple names: authors list (link)
  9. සෙල් සිග්නලිං ටෙක්නොලොජි අනව්න්සර්ස් දි අවේලබිලිටි ඔෆ් ෆොසද්ෆොස්කෑන් ප්‍රොෆයිලිං ටෙක්නලොජි ඇන්ඩ් ෆොස්ෆොසයිට් නොලේජ්බේස් ටු ඇකඩමික් රිසර්චර්ස්., http://www.thefreelibrary.com/Cell+Signaling+Technology+Announces+the+Availability+of...-a0170450064, ප්‍රතිෂ්ඨාපනය 2012-11-16 

බාහිර සබැඳි සංස්කරණය