සූහු
දකුණු කොරියානු ගායකයා
කිම් ජුන්-මියුන් (උපත මැයි 22, 1991
), හැමෝම දන්නා ඔහුගේ වේදිකා නාමය වන්නේ සූහුයි. (එම නමේ කොරියන් අර්ථය වන්නේ "ආරක්ෂකයා" යන්නයි.) ඔහු වඩාත් ප්‍රශිද්ධ, දකුණු කොරියානු ගායකයෙක්, ගීත රචකයෙක් සහ නළුවෙකි. ඔහු එක්සෝ යන දකුණු කොරියානු-චීන ගායන කණ්ඩායමේත් එහි උප කණ්ඩායමක් වන එක්සෝ-කේ හිත් නායකයා සහ නිත්‍ය ගායන ශිල්පියෙකි. ඔහු 2020 මාර්තු 30 වන දින ස්වයං ඡායාරූපයක් යන සිය කුඩා ගීත ඇල්බමය, නිකුත් කිරීමත් සමඟ ස්වයං ගායකයෙකු ලෙසත් තම සංගීත වෘතිය ආරම්භ කරන ලදී. සිය සංගීත දිවියට අමතරව සුහෝ විවිධ රූපවාහිනී නාට්‍ය හා චිත්‍රපටවල ද රඟපෑ අතර වන් වේ ට්‍රිප් (2016), ද යුනිවර්ස් ස්ටාර් (2017), රිච් මෑන් (2018), ඒ කුඩා පාසල් දැරිය(2018), සහ කොහොමද පාන් (2020) ඒ අතර ඇත.සූහු | |
---|---|
උපත | කිම් ජන් මියුන් මැයි 22, 1991 Seoul, දකුණු කොරියාව |
වෙනත් නම් | SH2O |
රැකියාව |
|
සක්‍රීය වසර | 2012–present |
සංගීත වෘත්තිය | |
ප්‍රභේද | |
ලේබල | |
සම්බන්ධිත රඟපෑම් | |
වෙබ් අඩවිය | suho.smtown.com |
කොරියානු නම | |
හංගුල් | 김준면 |
හන්ජා | 金俊勉 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gim Jun-myeon |
මැකූන්–රයිෂවර් | Kim Chunmyŏn |
අවධි නාමය | |
හංගුල් | 수호 |
හන්ජා | 守護 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Suho |
මැකූන්–රයිෂවර් | Suho |
ළමා අවධිය
සංස්කරණයසුහෝ සියොල්හි වෙසෙන අතර ඔහුගේ පවුලේ අය සමඟ අප්ගුජියුන්ග් හි සෝල් ප්‍රදේශයේ ජීවත් වේ. සුහෝ ප්‍රාථමික පාසලේ පන්ති නායකයා ලෙසත් තරුණ අවධියේදී ඔහුගේ පාසලේ ශිෂ්‍ය මණ්ඩලයේ උප සභාපති ලෙසත් කටයුතු කර ඇත. ඔහු කීර්තිමත් විමූන් උසස් පාසලෙන් උපාධිය ලබා ගත් අතර එහිදී ඔහු ඉතා දක්ෂ ලෙස සමත් වී ඇත.