සුවිශේෂී නවෝත්පාදන

මධ්‍යම ඇමරිකාවේ ප්‍රථම ශිෂ්ටාචාරය වශයෙන් ඔල්මෙක්වරු විශ්වාස කෙරේ. ඇත්තෙන්ම ඔවුන් බොහෝ දේවල් වලින් ප්‍රථමයෝය. මධ්‍යම ඇමරිකානු බෝල ක්‍රීඩාව, ලේ හැලීම් සහ සමහර විට බිලි පූජා , ලිවීම් සහ ශිලා ලේඛන ලිවීම් , ශූන්‍යය සොයා ගැනීම, මධ්‍යම ඇමරිකානු දින දර්ශනය වැනි බොහෝ දේ ප්‍රථම වරට සිදු කළේ ඔවුන්ය .

ඔවුන්ගේ ශක්තිමත් පූජක නගරාන්ඩු සම්බන්ධ දේශපාලනික සැකසීම් සෑම මෙක්සියානු හා මධ්‍යම ඇමරිකානු ශිෂ්ටාචාරයක්ම වාගේ අනුගමනය කළෝය. කලා ශූරී සහ කලා ඉතිහාසඥ මිගෙල් කෙබරූබියස් ආදී සමහර සමීක්ෂකයන් පවා ඔල්මෙක්වරු බොහෝ පසුකාලීන මධ්‍යම ඇමරිකානු දෙවිවරු අනුව හැඩ ගැසුණු බව පිළි ගනිති.


ලා වෙන්ටාහි පස් වන අල්තාරය. මධ්‍යම රූපය ඔසවාගෙන සිටින පණනැති වර්-ජගුවර් බිලිඳා සමහරුන් විසින් දක්වන්නේ බිළිඳු බිළි පූජාවන්හි සළකුණක් ලෙසිනි. මීට හාත්පසින් විරුද්ධ ලෙසින්, පැති වල දක්නට ලැබෙනුයේ ‍බොහෝ ප්‍රාණවත් වර්-ජගුවර් බිළිඳුන් ඔසවාගෙන සිටින මානව පේකඩ නෙලීම්ය.


ලේ හැලීම සහ ජීවිත පූජාව

ඔල්මෙක්වරු ලේ හැලීම සහ ස්ව ජීවිත පූජාව ක්‍රියාවෙහි යෙදවූහ. ඔල්මෙක් පුද බිමේ කළ පුරා විද්‍යාත්මක කැනීම් වලින් බොහෝ ස්විභාවික සහ මැටියෙන් කළ ස්ට්‍රිංගේ උල් සහ මැගේ කටු සොයා ගෙන ඇත.

ඔල්මෙක්වරු බිලි පූජා සිදු කිරීම කළායැයි කියන මතය ඇත්තෙන්ම විවාදාත්මකය. ඔල්මෙක් හෝ ඔල්මෙක් බලපෑම් ඇති වූ කිසිම බිලි පූජා සම්බන්ධ මානව කෘති තවම සොයා‍ගෙන නැති අතර ඊට සම්බන්ධ පැහැදිලි දර්ශන වත් තවම සොයා ගෙන නැත. (උදා:- මොන්ටි ඇල්බන්හි ඩැන්සන්ට් රූප වැනි ) . බිලි පූජා සම්බන්ධ දර්ශනද ‍සොයා ගෙන නැත. (එල් ටාජින්හි ප්‍රසිද්ධ බෝල් අංගනයේ දැකිය හැකි දර්ශන වැනි).

කෙසේ වෙතත් එල් මනාටි ප්‍රදේශයෙන් උපන්, නූපන් බිළිඳු ඇට සැකිලි, පුරුක් රහිත හිස් කබල් සහ ඌර්වස්ථි සොයා ගෙන ඇති අතර මෙයින් ළදරු බිලි පූජා ගැන අදහසක් අනුමාන කෙරේ. බිළිඳුන් මරා දමන ලද්දේ කෙසේ දැයි තවම නොදනී. සමහර ලේඛකයන් ඔල්මෙක් චාරිත්‍ර කලාව පෙන්වන “ වර් - ජගුවර” බිළිඳුන් (ලා වොන්ටාහි පස් වන අල්තාරය ) (වම් පස රූපයේ දැක්වෙන ) හෝ ලාස් ලිමාස් රූපය (“ආගම” කොටස යටතේ දැක්වෙන) සමග මෙහි සම්බන්ධයක් ඇති බව කියා සිටිති. තවත් සොයා ගැනීම් අපේක්ෂා කිරීමට නම් විස්තරාත්මක පිළිතුරු අවශ්‍යය.

ලිවීම

බටහිර භූ ගෝලාර්ධයේ ලේඛන කලා දියුණු කළ ප්‍රථම ශිෂ්ටාචාරය ඔමෙක් ශිෂ්ටාචාරය විය හැක. ක්‍රි.පූ 500 දී පමණ පැවති පුරාණතම සැපොටෙක් ලේඛන කලාව පාදක කොට ගත් , ක්‍රි.පූ 650 ට අයත් සලකුණු 2002 දී ද ක්‍රි.පූ 900 ට අයත් සලකුණූ 2006 දී ද සොයා ගන්නා ලදී.

2002 දී පසු කාලීන මායන් චිත්‍ර ලිපිවලට සමානකම් දක්වන ගලෙන් නෙළූ කැටයම්, පක්ෂියෙක් සහ දේශන ලියවිලි සැන් ඇන්ඩ්‍රෑස්වලින් සොයා ගන්නා ලදී.

2006 දී සැන් ලොරෙන්සෝ අසළින් සොයාගත් කස්කජල් තහඩුව , නුමුණු තහඩුවක කැටයම් කරන ලද සලකුණු 62 ක් (එකිනෙකට වෙනස් සලකුණු 28 ක් සහිතව) සහිත නිර්මාණයකි. බොහෝ ප්‍රවීන පුරාවිද්‍යාඥයන් මෙම සොයා ගැනීම “ ප්‍රථම ප්‍රාග් - කොලොම්බියානු ලේඛනය” ලෙස නම් කොට ඇත. එහි වෙනත් කිසිම මධ්‍යම ඇමෙරිකානු ලේඛන ශෛලියක් සමග සමානකමක් දක්නට නැත.

තවද, “එපි - ඔපෙක්” නමින් කියවෙන තවත් වාර්තාකරණය වූ චිත්‍ර ලිපි විශේෂයක් ඇත. සමහරුන්, “එපි - ඔමෙක්” යනු මායා ලේඛන කලාවේ සහ පුරාණ ඔමෙක් ලේඛන ශෛලිය මාරුවෙමින් පවතින ලිපියක් යැයි විශ්වාස කරන අතරතුර අදාල කාරණය තවමත් නොවිසඳී පවතී.


ට්‍රෙස් සාපොට්ස්වලින් සොයා ගත් “සී” ස්මාරක කුළුන

දැනට සොයා ගෙන ඇති දෙවනියට පැරණිම දින ගණනය මෙය වේ. ක්‍රි.පූ 32 සැප්තැම්බර් 3

එම දිනය කේන්ද්‍ර කොට ගත් ගල් කැටයම්, එපි - ඔමෙක් ලියවිල්ලේ දැනට ඉතිරිව ඇති උපහැරණ කිහිපයකි.

මාලිමාව

දිශා සලකුණු සහිත , මාලිමාවක් බව පරීක්ෂණවලින් බොහෝ දුරට සනාථ වී ඇති ඔල්මෙක් හීමටයිට් මානව කෘතියක සොයා ගැනීම පෙරදැරි කරගෙන ඇමරිකානු ජ්‍යෝතිශවේදී ජෝන් කාසන් ප්‍රකාශ කළේ ඔල්මෙක්වරු ක්‍රි.පූ 100 ට පෙර සිට කාන්දම් ගල් වලින් තැනූ මාලිමා භාවිතා කරන්නට ඇති බවය. කාසන් තව දුරටත් කියා සිටින්නේ එවැනි උපාංග ඔල්මෙක්වරු භාවිතා කරන්නට ඇත්තේ තම වාසස්ථානවල හා මළගිය වුන් භූමදාන කළ ස්ථානවල පිහිටීම් සොයා ගැනීමට බවය.

මධ්‍යම ඇමරිකානුවන්ගේ දීර්ඝ දින දර්ශනය හා ශූන්‍යය සංකල්පයේ සොයා ගැනීම.

ඔමෙක්වරු විසින් සොයා ගන්නට ඇති ශූන්‍යය සංකල්පය සහ දීර්ඝ දින දර්ශනය ඔවුන්ගෙන් පසුව ඇති වූ මධ්‍යම ශිෂ්ටාචාර බොහෝ සංඛ්‍යාවක්ද භාවිතා කළහ. පූර්ව දින දර්ශනවලට අදාල මානව කෘති 6 ක් මායා නිජ බිමට එපිටින් සොයා ගන්නා ලද නිසා මෙම දින දර්ශනයේ අංක සැකසීම මායාවරුන් කරන්නට ඇති අතර ඇතැම් විට එය ඔමෙක්වරුන් කළ සොයා ගැනීමක් වන්නට ඇත. ඇත්ත වශයෙන්ම මෙම මානව කෘති සයෙන් තුනක්ම සොයා ගන්නා ලද්දේ ඔමෙක් හදබිම් ප්‍රදේශය තුළිනි. නමුත් ඔමෙක් ශිෂ්ටාචාරය අවසන් වූයේ ක්‍රි.පූ 4 වන සියවස වෙද්දීය. එනම් මුල්ම දීර්ඝ දින දර්ශන මානව කෘතියේ බිහිවීමට ශතවර්ෂ කිහිපයක් උඩදීය. මෙම නොගැළපීම නිසා මෙය වාද විවාදවලට ලක් වී ඇත.

දීර්ඝ දින දර්ශනයට ශූන්‍යයේ භාවිතය අවශ්‍ය විය. මෙහිදී කටුවක කරන ලද කැටයමක් ශූන්‍යයේ සංකේතය වශයෙන් යොදා ගන්නා ලදී. ඉහත කියන ලද ට්‍රෙස් සාපොට්ස් හි “සී” ස්මාරක කුළුන ද ක්‍රි.පූ 32 හි දිනයක් මෙලෙස නිරූපණය කර ඇත. මෙය ඉතිහාසයේ , ශූන්‍යය භාවිතා කළ මුල්ම අවස්ථාවකි.

මධ්‍යම ඇමරිකානු බෝල ක්‍රීඩාව

ඇස්ටෙක්ස්හි නහුව‍ටල් භාෂාවෙන් ඔල්මෙක් යනු “රබර් මිනිස්සු” යන්නයි. ඔවුන් මධ්‍යම ඇමරිකානු බෝල ක්‍රීඩාව පිහිටුවමින් සහ පසු සංස්කෘතීන් තුළද ව්‍යාප්ත කරමින් විනෝද සහ ආගමික කටයුතු අරමුණු කොට ගෙන මෙම ක්‍රීඩාව කළහ. සැන් ලොරෙන්සෝ ටෙනෝච්ටිට්ලන්වලට කිලෝමීටර් 10 ක් නැගෙනහිරින් පිහිටි ඔමෙක් යාග සිදු කළ මඩ වගුරක්වන මනාටිවලින් ක්‍රි.පූ 1600 ට හෝ ඊට වඩා අතීතයට අයත් රබර් බෝල දුසිමක් සොයා ගෙන ඇත. ක්‍රි.පූ 1400 ට පමණ අයත් වූ පසෝ ඩි ලා අමාඩා හි පැවති මුල් කාලීන ක්‍රීඩා පිටියක් සමග මේවා සම්බන්ධය. මෙම බෝල සොයාගනු ලැබුවේ මැටි භාණ්ඩ හා ජේඩයිට් සෙල්ට්ස් ආදී බිලි පූජා සඳහා යොදා ගන්නා දේවල් සමගය. එනිසා මෙම ක්‍රීඩාව ආගමික හා චාරිත්‍රමය යන දෙයාකාරයෙන්ම වැදගත් වූ ඉසව්වක් විය.


http://en.wikipedia.org/wiki/Olmecs#Notable_innovations

"https://si.wikipedia.org/w/index.php?title=සුවිශේෂී_නවෝත්පාදන&oldid=341348" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි