මෙය මත්‌පැන්‌ සහ මත්‌ ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණිම හා සන්තකයේ තබා ගැනීම සම්බන්ධ නීතිය ඒකාබද්ධ කිරීම සහ සංශෝධනය කිරීම සඳහා වූ පනතකකි.

සුරාබදු ආඥා පනත 2009 මුද්‍රණය

(1913 ජනවාරි 01 දා)

2019 අංක 18 දරන සුරාබඳු (සංශෝධන) පනත දක්වා සංශෝධනය කර ඇත.

1 පරිච්ඡේදය සංස්කරණය

1. වගන්තිය සංස්කරණය

මෙම ආඥාපනත සුරාබදු ආඥාපනත ලෙස නම්‌ කෙරේ.

2. වගන්තිය සංස්කරණය

මෙම ආඥාපනතේ අඩංගු විෂයයන්‌ හි හෝ පද සම්බන්ධයෙහි අන්‍යාර්ථයක්‌ තිබේ නම්‌ හැර:-

“බීර” යන්නෙන්‌, හැඳින්වනුයේ, ඒල්‌, ස්ටවුට්‌, පෝටර්‌ සහ මෝල්ට්‌ ධාන්‍යයෙන්‌ පැසචීමෙන්‌ කරනු ලබන සියලුම මත්පැන්ය ;

“දේශීය මත්පැන්‌” යන්නෙන්‌, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඕනෑම මත්පැන්‌ වර්ගයක්‌ වන අතර, ශ්‍රී ලංකාවට විදේශීය රටවලින්‌ ආනයනය කරන එවැනි මත්පැන්‌ සඳහා අය කරනු ලබන පූර්ණ බද්දට යටත්‌ නොවන හා එසේ අය නොකරනු ලබන මත්පැන්‌ වර්ග වේ ;

“ස්වභාවය වෙනස්‌ කරන ලද” යන්නෙන්‌, සඵල ලෙස සහ නියත වශයෙන්ම මිනිස්‌.පරිභෝජනය සඳහා නුසුදුසු බවට පත්‌ කළ මත්පැන්‌ වේ ;

“සුරාබදු කොමසාරිස්‌ ජනරාල්‌” යන්නෙන්‌, සුරාබදු දෙපාර්තමේන්තුවේ පරිපාලනය හා සුරාබදු ආදායම අයකර ගැනීමේ භාර නිළධාරියා වේ ;

“සුරාබදු නිළධාරී” යන්නෙන්‌, දිසාපතිවරයෙක්‌සටහන 1 හෝ උප දිසාපතිවරයෙක්‌ හෝ මෙම පනතේ 8 වන වගන්තිය යටතේ බලය පවරන ලද හෝ නැතහොත්‌ පත්‌ කරන ලද හෝ වෙනත්‌ නිළධාරියකු හෝ පුද්ගලයකු අදහස්‌ චේ ;

“සුරාබදු ආදායම” යන්නෙන්‌, බද්දක්‌, ගාස්තුවක්‌ හෝ දඩ වශයෙන්‌ අයකර ගන්නා හෝ අයකර ගත හැකි (අධිකරණයකින්‌ පනවන දඩ හැර) මෙම ආඥාපනත යටතේ හෝ මත්පැනට අදාළ වෙනත්‌ පවතින නීතියක්‌ යටතේ හෝ රාජසන්තක කිරීමකින්‌, නියමයකින්‌ අයකර ගන්නා ආදායමයි ;

“අපනයන” යන්නෙන්‌, ශ්‍රී ලංකාවෙන්‌ බැහැරව මුහුදකට හෝ විදේශයකට ගෙන යාම අදහස්‌ වේ ;

"විදේශීය මත්පැන්‌” වර්ගවලට දේශීය මත්පැන්‌ නොවන සියලු මත්පැන්‌ වර්ග අඩංගු වේ. එසේව වුව ද මේ පිළිබඳව යම්‌ වූ අනුමානයක්‌ පැන නැගි කල්‌ හි, මෙම ආඥාපනතේ විධිවිධානයක්‌ හෝ ඒ යටතේ අමාත්‍යවරයා විසින්‌ නිවේදනයක්‌ මගින්‌ “දේශීය මත්පැන්‌' හා "විදේශීය මත්පැන්‌” යනුවෙන්‌ ප්‍රකාශයට පත්‌ කරනු ලබන මත්පැන්‌ චේ ;

“ආනයනය” යනනෙන්‌, ශ්‍රී ලංකාව තුළට මුහුදින්‌ හෝ ශ්‍රී ලංකාවේ සීමාවන්ට බැහැර කුමන ස්ථානයක සිට හෝ රට තුළට ගෙන ඒම අදහස්‌ චේ ;

“මත්පැන්‌” යන්නෙන්‌, වයින්‌ ස්ප්‍රීතු, මුද්‍රත පානය, රා, බීර සහ මද්‍යසාර අඩංගු හෝ අන්තර්ගත සියලුම ද්‍රව වර්ගයන්ය. තව ද මෙම ආඥාපනතේ කාර්යයන්‌ සඳහා අමාත්‍යවරයා විසින්‌ නිවේදනයක්‌ මගින්‌ ප්‍රකාශයට පත්‌ කරනු ලබන යම්‌ ද්‍රව්‍යයක්‌ ඇතුළත්‌ වේ ;

“නිෂ්පාදනය” යන්නෙන්‌, ඕනෑම සුරාබදු ද්‍රව්‍යයක්‌ හෝ භාණ්ඩයක්‌ ස්වභාවික ලෙස හෝ කෘතිම ලෙස නිෂ්පාදනය හෝ පෙරිමෙන්‌ හෝ නැවත පෙරීමෙන්‌ ඇතුළු ප්‍රතිශෝධනය, රස කැවීම, හෝ මත්පැන්‌ වර්ණගත කිරීමත්‌ යන සියලුම ක්‍රියාදාමයන්‌ ඇතුළත්‌ වේ ;

*ස්ථානය” යන්නෙන්‌, නිවාස, ගොඩනැගිලි, වෙළඳහල්‌, කූඩාරම්‌, බෝට්ටු හෝ වෙනත්‌ යාත්‍රා ඇතුළත්‌ වේ ;

“වෙළඳාම” හෝ “විකිණිම්‌” යන්නෙන්‌, තෑගි වශයෙන්‌ දීම හැර අන්‌ සෑම හුවමාරුවක්‌ ම ඇතුළත්‌ වේ ;

"ස්ඵ්‍රීතු” යන්නෙන්‌, ආසවනය කරන ලද හෝ ස්වභාවය වෙනස්‌ කරන ලද හෝ නොකරන ලද මද්‍යසාර අඩංගු ඕනෑම මත්පැන්‌ වර්ගයක්‌ අදහස්‌ වේ ;

"බෝතල්‌ කිරීම” යන්නෙන්‌, හඳුන්වන්නේ පීප්පයකින්‌ හෝ වෙනත්‌ භාජනයකින්‌ බොෝතලයකට හෝ වෙනත්‌ භාජනයකට, විකිණීම සඳහා මාරු කිරීමයි. මෙහි දී නිෂ්පාදන ක්‍රියාවලියක්‌ සිදු වුවත්‌ නැතන්‌ නැවත

බෝතල්ගත කිරීමක්‌ ද අදහස්‌ වේ ;

“මැදීම” යන්නෙන්‌, හඳුන්වන්නේ රා ලබාගත හැකි ඕනෑම ගසක මලක්‌ හෝ කොපුවක්‌ එම රා ලබා ගැනීමට සලසා ගනු ලබන ක්‍රියාවලියක යම්‌ කොටසක්‌ ඇතුළත්‌ චේ ;

“රා” යන්නෙන්‌, පොල්‌, තල්‌, කිතුල්‌, හෝ තාල වර්ගයේ වෙනයම්‌ ගසකින්‌ වුවත්‌ බා ගන්නා පැසුනු හෝ නොපැසුනු යුෂ අදහස්‌ වේ ;

“ප්‍රවාහනය” යන්නෙන්‌, හැඳින්වෙන්නේ ශ්‍රී ලංකාව තුල එක්‌ ස්ථානයක සිට තවත්‌ ස්ථානයකට ගෙන යාම අදහස්‌ චේ.

3. වගන්තිය සංස්කරණය

අමාත්‍යවරයා විසින්‌ නිවේදනයක්‌ මගින්‌, යම්‌ සුරාබදු අයකළ හැකි භාණ්ඩයක්‌, මුළු ලංකාවටම හෝ යම්‌ නිශ්චිත ප්‍රදේශයේ හෝ නිශ්චිත කාලසීමාවක්‌ හෝ අවස්ථාවක්‌ සඳහා හෝ යම්‌ නිශ්චිත පංතියක තැනැත්තන්‌ සඳහා මේ ආඥාපනතේ සියලුම විධිවිධානවලින්‌ හෝ යම්‌ විධිවිධානයකින්‌ සම්පූර්ණයෙන්‌ ම හෝ කොටසක්‌ වශයෙන්‌ නිදහස්‌ කළ හැකි අතර එකී නිදහස්‌ කිරීම සුදුසු යයි ඔහු අදහස්‌ කරන කොන්දේසිවලට යටත්‌ කළ හැකි ය.

4. වගන්තිය සංස්කරණය

මෙම ආඥාපනතේ කාර්ය සඳහා මුලු ලංකාව පුරා හෝ යම්‌ ප්‍රදේශයක්‌ තුල, සාමාන්‍ය ගැනුම්කරුවන්‌ හෝ යම්‌ නිශ්චිත ගැණුම්කරුවන්‌ කොටසක්‌ විසින්‌, නිශ්චිත අවස්ථාවක්‌ සඳහා හෝ සුරා බදු භාණ්ඩ කොපමණ ප්‍රමාණයක්‌ පිළිවෙලින්‌ සිල්ලරට හා තොග වශයෙන්‌ විකිණිය යුතු සීමාව පිළිබඳ නිවේදනයක්‌ මගින්‌ ප්‍රකාශයට පත්‌ කිරීමට අමාත්‍යවරයාට හැක.

5. වගන්තිය සංස්කරණය

යුදු හමුදා හෝ නාවික නියෝග යටතේ විවෘත කොට පවත්වාගෙන යනු ලබන එමෙන්‌ ම හමුදා හෝ නාවික නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබන ආපන ශාලා, වෙළඳ

හල්‌ හෝ තැබෑරුම්‌ උදෙසා මේ ආඥාපනතේ කිසිදු විධිවිධානයක්‌ අදාළ නොවන්නේ ය.

2 පරිච්ඡේදය සංස්කරණය

6. වගන්තිය සංස්කරණය

මෙම ආඥාපනතේ විධිවිධානයන්ට පරිබාහිරව සඳහන්‌ කර නොමැති නම්‌, එකතු කරනු ලබන සුරාබදු ආදායම ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ වගකීම යටතේ පවතින්නේ ය.

7. වගන්තිය සංස්කරණය

(අ) සුරාබදු දෙපාර්තමේන්තුවේ පාලනයත්‌, සුරාබදු ආදායම එකතු කිරීම අමාත්‍යවරයාගේ භාරව සිටීමට අමාත්‍යවරයාගේ අධීක්ෂණයට හා පාලනයට යටත්ව සුරාබදු කොමසාරිස්‌ ජනරාල්වරයෙක්‌ ; සහ

(ආ) මෙම ආඥාපනතේ විධිවිධානයන්‌ ක්‍රියාත්මක කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවට අවශ්‍යවන නිලධාරීන්‌,

පත්‌ කිරීම කළ යුත්තේ ය.

8. වගන්තිය සංස්කරණය

මෙම ආඥාපනත මුළු ලංකාව පුරා හෝ ඕනෑම දිස්ත්‍රික්කයකට හෝ ප්‍රාදේශීය කොටසකට බලපාන පරිදි අමාත්‍යවරයා විසින්‌ නිවේදනයක්‌ මගින්‌ :-

(අ) සුරාබදු ආදායම පිළිබඳව, ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයාට සමගාමීව හෝ ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්‌ ට බැහැරව, ඔහුගේ සියළුම බලතල හෝ කොටසක්‌ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යවරයා විසින්‌ පාලනයට යටත්ව හා ඔහුගේ අභිමතය පරිදි ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්‌ හැර වෙනත්‌ අයකු පත්‌ කිරීමට හැක ;

(ආ) 33,35 සහ 48 (අ) වගන්තිවලින්‌ ප්‍රකාශිත ක්‍රියා සහ රාජකාරි ඉටු කිරීම සඳහා නිළධාරීන්‌ හෝ පුද්ගලයින්‌ පත්‌ කිරීම ;

(ඇ) ආඥාපනත යටතේ සුරාබදු දෙපාරතමේන්තු නිළධාරීන්ගේ රාජකාරී, බලතල හා නිල නාම සකස්‌ කිරීම ;

(ඈ) මෙම කොටසේ (ආ) සහ (ඇ) ඡේදවලින්‌ පැවරෙන රාජකාරි ඕනෑම රජයේ නිලධාරියකු විසින්‌ හෝ පුද්ගලයකු විසින්‌ ඉටු කල යුතු බව නියම කළ හැකි ය ;

(ඉ) මෙම ආඥාපනතේ පහත දක්වා ඇති 8 (ඇ), 12, 14, 19, 20, 24, 25 වගන්ති යටතේ ඔහු සතු සියලුම බලතල සම්පූර්ණයෙන්‌ හෝ කොටස්‌ වශයෙන්‌ යම්‌, සුරාබදු නිළධාරියකු වෙත පැවරිය හැක ;

(ඊ) මෙම ආඥාපනත යටතේ ඕනෑම නිලධාරියකු වෙත ප්‍රදානය කරනු. ලැබු හෝ පවරන ලද සියලුම බලතල හෝ ඉන්‌ කිහිපයක්‌ එකී නිලධරයන්ගෙන්‌ හෝ තැනැත්තන්ගෙන්‌ ආපසු ගත හැකි ය ;

(එ) මෙම ආඥාපනත යටතේ ඇති ඕනෑම බලතලයක්‌ හෝ සුරාබදු ආදායමට අදාළ දැනට වලංගු ඕනෑම පනතක්‌ යටතේ සුරාබදු කොමසාරිස්‌ ජනරාල්වරයා හෝ ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත පැවරී ඇති බලතල පැවරීමට අවසර ඇත.

9. වගන්තිය සංස්කරණය

(1) 32 (2) (ඇ) වගන්තිය යටතේ සම්පාදනය කොට ඇති නීතියට අනුකූලව භා එහි සඳහන්‌ ප්‍රකාර මෙම ආඥාපනත යටතේ සුරාබදු කොමසාරිස්‌ ජනරාල්වරයා හෝ ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින්‌ පනවන ලද නියෝගවලට එරෙහිව අමාත්‍යවරයා වෙත අභියාචන ඉදිරිපත්‌ කළ හැක.

(2) අමාතාවරයා වෙත ඉදිරිපත්‌ කරන එවැනි අභියාචනා මත අවස්ථානුකූලව ඔහු විසින්‌ නියමයක්‌ කල හැකි ය.

3 පරිච්ඡේදය සංස්කරණය

(ආනයනය, අපනයනය සහ ප්‍රවාහනය)

10. වගන්තිය සංස්කරණය

මෙම ආඥාපනත යටතේ හෝ රේගු ආඥාපනත යටතේ හෝ ඒ ආකාරයේ වෙනත්‌ දැනට බලපවත්නා නීතියක්‌ යටතේ හෝ රේගු බද්දට යටත්ව ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ වෙනුවෙන්‌ නීති ප්‍රකාර පනවා ඇති බදු ගෙවා නොමැති නම්‌ හෝ එම බදු ගෙවීම සඳහා බැඳුම්කරයක්‌ පිළියෙල කර නොමැති නම්‌ හෝ එවැනි භාණ්ඩ ආනයනය කළ නොහැක.

11. වගන්තිය සංස්කරණය

මෙම ආඥා පනත යටතේ හෝ රේගු ආඥාපනත යටතේ හෝ අයවිය යුතු යම්‌ බද්දක්‌ වෙනොත්‌ එම බද්ද ගෙවා නොමැති නම්‌ හෝ එම බද්ද ගෙවීම සඳහා බැඳුම්කරයක්‌ පිළියෙල කර නොමැති නම්‌ හෝ සුරා බද්දට යටත්‌ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කිසිදු භාණ්ඩයක්‌ අපනයනය කළ නොහැක.

12. වගන්තිය සංස්කරණය

අමාත්‍යවරයා විසින්‌ නිවේදනයක්‌ මගින්‌ ඕනෑම සුරාබදු භාණ්ඩයක්‌ ආනයනය හෝ අපනයනය කිරීම තහනම්‌ කළ හැක. එමෙන්ම ඔහුගේ අභිමතය පරිදි ඕනෑම සුරාබදු භාණ්ඩයක්‌ කොන්දේසි සහිතව සහ ගෙවිය යුතු යම්‌ බද්දක්‌ ගෙවීමට යටත්ව, ආනයනය හෝ අපනයනය කිරීම්ට අවසර දිය හැක. එසේ ම ඕනෑම සුරාබදු භාණ්ඩයක්‌ එක්‌ ප්‍රදේශයක සිට තවත්‌ ප්‍රදේශයක්‌ වෙත ප්‍රවාහනය කිරීම ද තහනම්‌ කළ හැක.

13. වගන්තිය සංස්කරණය

ශ්‍රී ලංකාව පුරා හෝ එයින්‌ කොටසකට අදාළ වනසේ අමාත්‍යචරයා චිසින්‌ නිකුත්‌ කරනු ලබන නිවේදනයේ ප්‍රකාශිත සීමාවන්‌ ඉක්මවා, කිසිදු සුරාබදු හාණ්ඩයක්‌ ඊළඟ වගන්තියේ ප්‍රකාර බලපත්‍රයක්‌ නොමැතිව ආනයනය, අපනයනය හෝ ප්‍රවාහනය කළ නොහැක.

එසේ වුව ද, ස්වභාවය වෙනස්‌ කරන ලද ස්ප්‍රීතු හැර බදු ගෙවනු ලැබ ඇති විදේශ මත්පැන්‌ සම්බන්ධයෙන්‌ යම්‌ ප්‍රයෝජනයක්‌ සඳහා අවසරපත්‌ අවශ්‍ය යයි අමාත්‍යවරයා නිචේදනයක්‌ මගින්‌ විධාන කළහොත්‌ හැර, එකී විදේශ මත්පැන්‌ සම්බන්ධයෙන්‌ එකී අවසරපත්‌ අවශ්‍ය නොවන්නේ ය.

14. වගන්තිය සංස්කරණය

(1) සුරාබදු ගෙවිය යුතු භාණ්ඩ ආනයනය, අපනයනය හෝ ප්‍රවාහනය සඳහා වූ බලපත්‍ර ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින්‌ නිකුත්‌ කරනු ලැබේ. මෙසේ නිකුත්‌ කරනු ලබන බලපත්‍ර නිශ්චිත කාලසීමාවකට මෙන්ම සුරා බද්දට යටත්‌ යම්‌ භාණ්ඩවලට සාමාන්‍යයෙන්‌ නිකුත්‌ කරන බලපත්‍ර විය හැක. නැතහොත්‌ එම නිකුත්‌ කිරීම්‌, නිශ්චිත අවස්ථා මෙන්ම එක්‌ ආකාරයක තොග වෙනුවෙන්‌ විශේෂයෙන්‌ නිකුත්‌ කරනු ලබන බලපත්‍ර විය හැක.

(2) මෙම වගන්තිය යටතේ වූ බලපත්‍ර අවශ්‍ය තොරතුරු ඇතුළත්‌ ආකෘතියකින්‌ විය යුතු අතර, එම බලපත්‍ර අමාත්‍යවරයා නිකුත්‌ කරන නිවේදනයේ නියම කරන පුද්ගලයින්ට ලබා දේ.

4 පරිච්ඡේදය සංස්කරණය

(නිෂ්පාදනය, සන්තකය සහ වෙළඳාම)

15. වගන්තිය සංස්කරණය

ප්‍රදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින්‌ හෝ 20 වන වගන්තියේ විධිවිධාන යටතේ තත්කාර්ය සඳහා දෙන ලද බලපත්‍රයක බලපෑම යටතේ හෝ එවැනි බලපත්‍රයක ඇතුළත්‌ නියමයන්ට හා කොන්දේසිවලට යටත්ව හැර :-

(අ) කිසිම සුරාබදු ද්‍රව්‍යයක්‌ නිෂ්පාදනය කළ නොහැක ;

(ආ) කිතුල්‌ ගස්‌ හැර රා නිපදවන චෙනත්‌ ගසක්‌ මැදීම නොකළ යුතු ය ;

(ඇ) කිතුල්‌ ගස්‌ හැර චෙනත්‌ කිසිදු ගසකින්‌ රා නිස්සාරණය කිරීම හෝ බෑම නොකළ යුතු ය ;

(ඈ) බෲවරියක්‌, මත්පැන්‌ නිෂ්පාදනාගාරයක්‌ හෝ ගුදමක්‌ ආරම්භ කිරීම හෝ ක්‍රියාත්මක කිරීම කළ නොහැක ;

(ඉ) කිසිම තැනැත්තකු විසින්‌ රා හැර කිසිදු සුරාබදු භාණ්ඩයක්‌ නිෂ්පාදනය කිරීමේ අරමුණින්‌ කිසිම උපකරණයක්‌, පාවිච්චි කිරීම තබා ගැනීම නැතහොත්‌, ද්‍රව්‍යයක්‌, භාජන, උපකරණ, ආම්පන්න සන්තකයේ තබා ගැනීම තහනම්‌ වේ ;

(ඊ) වෙළඳාම සඳහා මත්පැන්‌ බෝතල්වලට නොපිරවිය යුතු ය.

16. වගන්තිය සංස්කරණය

(1) සුරාබදු කොමසාරිස්‌ ජනරාල්වරයා විසින්‌ :-

(අ) 15 වැනි වගන්තිය අනුව නිකුත්‌ කරනු ලබන බලපත්‍රය යටතේ, අමාත්‍යවරයාගේ අභිමතය පරිදි පනවන කොන්දේසි මත, මත්පැන්‌ නිෂ්පාදනය සඳහා ස්කාගාර, බෲවරි සහ මත්පැන්‌ නිෂ්පාදනාගාර පිහිටුවීම හෝ

පිහිටුවීමට බලය දීම කළ හැකි ය ;

(ආ) සුරාබද්දට යටත්‌ භාණ්ඩ බද්දකින්‌ තොරව තැන්පත්‌ කර තැබීම සඳහා ගුදම්‌ පිහිටුවීම හෝ පිහිටුවීමට බලය දීම කළ හැකිය ;

(ඇ) 27 හා 28 වන වගන්තිවල විධිවිධානවලට යටත්ව බෲවරියක්‌, මත්පැන්‌ නිෂ්පාදනාගාරයක්‌ හෝ ගුදමක්‌ වසා දැමිය හැක.

(2) සුරාබදු කොමසාරිස්‌ ජනරාල්වරයා විසින්‌ හෝ ඔහු විසින්‌ බලය පවරන පරිදි මිස, බෲවරියක්‌, මත්පැන්‌ නිෂ්පාදනාගාරයක්‌ හෝ ගුදමක්‌ පිහිටුවීම හෝ ක්‍රියාත්මක කිරීම නොකළ යුතු ය.

17. වගන්තිය සංස්කරණය

ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින්‌ නිකුත්‌ කල බලපත්‍රයක්‌ මත මිස, 4 වැනි වගන්තිය යටතේ සිල්ලරට විකිණීමේ සීමාවන්‌ පිළිබඳව අමාත්‍යවරයා විසින්‌ පනවා ඇති සිල්ලරට විකිණීමේ සීමාවන්‌ ඉක්මවීමට හෝ බලපත්‍රයක්‌ නොමැති නිෂ්පාදනකරුවකුට හෝ වෙළෙන්දඳකුට සුරාබද්දට යටත්‌ කිසිදු භාණ්ඩයක්‌ තමා වෙත තබා ගැනීම තහනම්‌ වේ.

එසේ වුව ද :-

(අ) සුරාබද්දට යටත්‌ යම්‌ භාණ්ඩයක්‌ සද්භාවයෙන්‌ පෞද්ගලික ප්‍රයෝජනය හෝ පරිභෝජනය සඳහා පමණක්‌ නම්‌ ලඟ තබා ගැනීමට බලපත්‍ර ගාස්තුවක්‌ අය නොකෙරේ ;

(ආ) යම්‌ පුද්ගලයකු විසින්‌ හෝ වෙළඳාමට නොව, සද්භාවයෙන්‌ ම තම පෞද්ගලික පරිභෝජනය සඳහා මිළ දී ගෙන ඇත්නම්‌ හෝ ස්වභාවය වෙනස්‌ කරන ලද මද්‍යසාර හැර වෙනත්‌ ඕනෑම විදේශීය මත්පැන්‌ රැගෙන යන්නෙකු හෝ ගුදම්කරුවකු වෙත ඇත්තේ නම්‌ මේ වගන්තිය බල නොපානු ඇත ;

(ඇ) ශ්‍රී ලංකාව පුරා හෝ එක්‌ ප්‍රදේශයකට බලපාන ලෙස අමාත්‍යවරයා විසින්‌ කරන නිචේදනයක්‌ මගින්‌ පූර්ණ වශයෙන්‌ හෝ

18. වගන්තිය සංස්කරණය

ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන්‌ ලබා ගත්‌ බලපත්‍රයක්‌ නොමැතිව සුරාබද්දට යටත්‌ කිසිදු භාණ්ඩයක්‌ විකිණීම හෝ විකිණිම සඳහා තබා ගැනීම තහනම්‌ වේ :-

එසේ වුව ද :-

(අ) ඕනෑම ගසකින්‌ රෘ ලබා ගැනීමට අයිතියක්‌ ඇති පුද්ගලයකුට, බලපත්‍රයක්‌ නොමැතිව, මෙම ආඥාපනත යටතේ රා චිකිණිම සහ නිෂ්පාදනය සඳහා බලපත්‍රයක්‌ ලබා ගෙන ඇති අයෙකුට හෝ රා වලින්‌ අරක්කු හෝ . චිනාකිරි නිෂ්පාදනය සඳහා මෙම ආඥාපනත යටතේ බලපත්‍රයක්‌ ලබාගෙන ඇති අයකුට, විකිණිය හැක ;

(ආ) එක්‌ පරිපාලන දිස්ත්‍රික්කයට වැඩි සංඛ්‍යාවක්‌ තුළ විකිණීම සඳහා බලපත්‍රයක්‌ නිකුත්‌ කිරීමට සුරාබදු කොමසාරිස්‌ ජනරාල්වරයාට බලය ඇත ;

(ඇ) යම්‌ තැනැත්තකු චිසින්‌ තමාගේ පෞද්ගලික පාවිච්චිය සඳහා නීත්‍යානුකූලව ලබාගෙන, ඔහු විසින්‌ විකුණන ලද හෝ ඔහු වෙනුවෙන්‌ වෙන්දේසියේ විකුණන ලද හෝ ඔහු ස්ථානයකින්‌ අස්‌ වී ගිය පසු හෝ මිය යාමෙන්‌ පසු වනුයේ සම්බන්ධතා නියෝජනය කරන අය වෙනුවෙන්‌ වෙන්දේසියේ විකුණන ලද යම්‌ විදේශ මත්‌පැන්‌ විකිණීම පිළිබඳව මේ වගන්තියේ කිසිවක්‌ අදාළ නොවන්නේ ය.

19. වගන්තිය සංස්කරණය

(1) අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව සුරාබදු කොමසාරිස්‌ ජනරාල්වරයා විසින්‌ ඔහුට යෝග්‍යයයි හැඟෙන කොන්දේසි මත යම්‌ කාලයකට ඕනෑම පුද්ගලයකුට විශේෂිත වරප්‍රසාද ලබා දිය හැක.

(අ) නිෂ්පාදනය හෝ තොග වශයෙන්‌ සැපයීම හෝ ඒ දෙකම, නැතහොත්‌ ;

(ආ) තොග වශයෙන්‌ හෝ සිල්ලරට විකිණීම ; හෝ

(ඇ) නිෂ්පාදනය හෝ තොග වශයෙන්‌ සැපයීම හෝ ඒ දෙකම සහ සිල්ලරට විකිණීමට අදාළව ඕනෑම ප්‍රාදේශීය කොට්ඨාශයක ඕනෑම මෙරට මත්පැන්‌ වර්ග වෙනුවෙන්‌ ; හෝ

(ඈ) 32 වැනි වගන්තිය යටතේ සාදන ලද රීති යටතේ හෝ 25 වන වගන්තියේ ප්‍රකාර අමාත්‍යවරයාගේ නියෝගයන්‌ යටතේ හෝ ඕනෑම ප්‍රාදේශීය කොට්ඨාශයක බලයලත්‌ තැබෑරුමක සිල්ලරට විකුණනු ලබන ඕනෑම විදේශීය මත්පැන්‌ වර්ග විකිණීම වෙනුවෙන්‌ ද,

(2) මෙම වගන්තිය යටතේ විශේෂිත වරප්‍රසාද ලබා ඇති ප්‍රතිලාභියකුට එම කටයුත්ත සඳහා ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන්‌ බලපක්‍රයක්‌ ලබා ගන්නා තුරු එකී වරප්‍රසාද ක්‍රියාත්මක කළ නොහැක.

19(අ) (1) (මෙය මින්‌ මතු “ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ සඳහා පරිශ්‍රයන්වල ප්‍රාදේශීය ලේකම්වරයා” යනුවෙන්‌ හඳුන්වනු ලබන) යම්‌ පරිපාලන දිස්ත්‍රික්කයක ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයකු විසින්‌ අමාත්‍යවරයාගේ පූර්ව අනුමැතිය ඇතිව යම්‌ කොට්ඨාශයේ පරිපාලන දිස්ත්‍රික්කයක්‌ තුළ පිහිටා ඇති මේ උපවගන්තියේ (අ) සහ (ආ) ඡේදවල සඳහන්‌ කරන ලද කාර්යයන්‌ කල පරිශ්‍ර කිසිවක සදහා කලින්‌ භාවිත කල පරිශ්‍ර කිසිවක සහනික ලබා ගැනීම සහ පහත දැක්වෙන කාර්යයන්‌ එකක්‌ හෝ ඊට වැඩිගණනක්‌ සඳහා ඒ පරිශ්‍රයන්‌ අවශ්‍ය විය හැකි යැයි ඔහුට පෙනී යන අවස්ථාවක දී ඒ සම්බන්ධයෙන්‌ වූ කාරණාවක දී ඒ පරිශ්‍රයන්‌ අත්කර ගැනීමට අදාලවන්නා වූ අවශ්‍ය විය හැකි හෝ යෝග්‍යයයි ඔහුට පෙනී යන්නා වූ යම්‌ ලිඛිත විධාන ලබාදීම නීත්‍යානුකූල විය යුතු ය.

(අ) යම්‌ ප්‍රාදේශීය බල සභා ප්‍රදේශයක්‌ තුල මත්පැන්‌ :-

(i) නිෂ්පාදනය ; හෝ

(iii) ගබඩා කිරීම ; හෝ

(iv) තොග වශයෙන්‌ සැපයීම ; හෝ

(v) තොග වශයෙන්‌ විකිණීම ; හෝ

(vi) සිල්ලරට විකිණීම

(ආ) ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ තත්කාර්ය සඳහා ලබාගත්‌ තැබෑරුම්‌ බලපත්‍රයක්‌ යටතේ යම්‌ ප්‍රාදේශීය බල ප්‍රදේශයක්‌ තුල තැබෑරුමකින්‌ සිල්ලර වශයෙන්‌ රට බීම චිකිණීමේ කාර්යය සඳහා,

(2) යම්‌ පොලිස්‌ නිලධරයකු විසින්‌, ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින්‌ එසේ කරන, ලෙස ඉල්ලා ඇත්නම්‌, යම්‌ පරිශ්‍රයක සන්තකය ලබා ගැනීමේ දී හෝ අත්හැර දැමීමේ දී ඊට අදාලව (1) වන උපවගන්තිය යටතේ දෙන ලද චිධානවල අනුකූලභාවය සුරැකීම සඳහා සාධාරණව අවශ්‍ය විය හැකි යම්‌ පියවා ගැනීම සහ යම්‌ බලය භාවිත කිරීම කල යුතු ය.

(3) (1) චන උපවගන්තිය යටතේ අත්කර ගන්නා සන්තකය අවශ්‍යවන්නා වූ යම්‌ පරිශ්‍රයක සන්තකය රඳවා තබා ගනු ලැබිය හැකි කාලය සන්තකය අත්කර ගන්නා කාලයේ දී ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින්‌ ගණනය කරනු ලැබිය යුතු ය.

(4) මේ වගන්තිය යටතේ යම්‌ පරිශ්‍රයක සන්තකය ඔහු සතුව පවතින්නා වූ පූර්ණ හෝ අර්ධ කාලය සඳහා (මෙහි මින්‌ මතු "පදිංචිකරු” යනුවෙන්‌ හඳුන්වනු ලබන) යම්‌ තැනැත්තකුට පරිශ්‍රයේ පදිංචිය සඳහා ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින්‌ අවසර දීම අනනුකූල වේ.

(5) ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින්‌ ඒ පරිශ්‍රවල සන්තකය ලබාගෙන නොමැති නම්‌ සහ පදිංචිකරු ඔහු පදිංචිව සිටින්නා වූ පරිශ්‍රය සම්බන්ධයෙන්‌ කුලී නිවැසියකුව සිටියේ නම්‌ (6) වන උපවගන්තියේ සඳහන්‌ කරන ලද ආකාරයට ගණනය කරන ලද වන්දි මුදල පදිංචිකරු විසින්‌ බදු කුලිය ගෙවනු ලැබිය යුතු තැනැත්තා වෙත ගෙවිය යුතු ය.

(6) යම්‌ පරිශ්‍රයක්‌ සම්බන්ධයෙන්‌ (5) වන උපවගන්තියේ සඳහන්‌ කරන ලද වන්දි මුදලක්‌ ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අදහසට අනුව වූ බදුකුලියට සමාන මුදලක්‌ විය

යුතු අතර එය, කුලී නිවැසියා විසින්‌ සියලු සාමාන්‍ය බදු ගෙවීමට සහ අලුත්වැඩියා කිරීමේ පිරිවැය දැරීමට භාරගත්‌ අවස්ථාවක දී පරිශ්‍රයේ පදිංචිව සිටින්නා වූ කුලී නිවැසියා විසින්‌ ගෙවීමට අපේක්ෂා

කරන සාධාරණ මුදලක්‌ විය යුතු ය.

එසේ වුවද, කුලී නිවැසි පනතට අදාළවන්නා වූ යම්‌ පරිශ්‍රයක්‌ සම්බන්ධයෙන්‌ වන විටදී බදු කුලී ප්‍රමාණය ඒ පනත යටතේ නිශ්චය කරන ලද පරිදි පරිශ්‍රයේ අවසර දුන්‌ බදු කුලියට නොවැඩි විය

යුතු ය.

(7) පදිංචිකරු විසින්‌ සියලු සාමාන්‍ය ගාස්තු ගෙවිය යුතු අතර අලුත්වැඩියා කිරිමේ පිරිවැය දැරිය යුතු ය.

(8) (5) වන උපවගන්තිය යටතේ වූ වන්දි මුදලක්‌ 4 වන උපවගන්තිය යටතේ පරිශ්‍රයේ පදිංචිවීමට අවසර ඳුන්‌ කාලය තුල දවසින්‌ දවස උපචිත වන ගාස්තු ලෙස සලකනු ලැබිය යුතු අතර ඊලඟ මාසයට දවස්‌ දහයකට අඞු නොවන යම්‌ විශේෂිත මාසයක්‌ සම්බන්ධයෙන්‌ ගෙවනු ලැබිය යුතු ය.

(9) යම්‌ පරිශ්‍රයක්‌ සම්බන්ධයෙන්‌ ගෙචිය යුතු (5) වන උපවගන්තිය යටතේ යම්‌ වන්දි මුදලක්‌ ලබන්නා වූ තැනැත්තකු වෙත ආරවුලක්‌ පැන නගින අවස්ථාවක්‌ සම්බන්ධයෙන්‌ වූ කාරණයක දී ඉඩම්‌

අත්කර ගැනීමේ පනතේ 10 සිට 14 වගන්තිය දක්වා වූ විධිවිධාන මේ දක්වා අදාල කර ගනු ලැබිය හැකි පරිදි ඒ ආකාරයෙන්ම ඒ පනත යටතේ යම්‌ ඉඩමක්‌ අත්පත්‌ කරගන්නා අවස්ථාවක දී අදාල

කරගනු ලැබිය යුතු ය.

(10) (6) වන උපවගන්තිය යටතේ යම්‌ වන්දි මුදලක්‌ ගණනය කරනු ලැබ ඇති ආකාරය පිළිබඳ සෑහීමට පත්‌ නොවන යම්‌ තැනැත්තකු චිසින්‌ ඒ මුදල ප්‍රතිශෝධනය කරන ලෙසට ඉඩම්‌ අත්කරගැනීමේ පනතේ 19 චන වගන්තිය යටතේ සංස්ථාපනය කරන ලද සමාලෝචන මණ්ඩලය වෙත අභියාචනයක්‌ ඉදිරිපත්‌ කරනු ලැබිය හැකි අතර, ඒ පනතේ 22 වන වගන්තියේ (2) වන සහ (3) වන සහ 28 වන වගන්ති අවශ්‍ය වෙනස්‌ කිරීම්‌ සහිතව එසේ සඳහන්‌ කරන ලද යම්‌ අභියාචනයක්‌ සම්බන්ධයෙන්‌ අදාල කරගනු ලැබිය යුතු ය.

20. වගන්තිය සංස්කරණය

19 වැනි වගන්තිය යටතේ රා නිෂ්පාදනය සහ විකිණීම සඳහා ලබා දී ඇති විශේෂිත වරප්‍රසාදය රා ලබා ගැනීම පිණිස ප්‍රතිලාභියා වෙත දී ඇති ලිඛිත බලය, 15 වැනි වගන්තිය යටතේ තත්කාර්ය සඳහා ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින්‌ නිකුත්‌ කල බලපත්‍රයට සමාන බැව්‌ අමාත්‍යවරයාට ප්‍රකාශ කිරීමට හැක.

21. වගන්තිය සංස්කරණය

19 වගන්තියෙන්‌ පනවා ඇති කොන්දේසි වලට යටත්ව හා ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැනියට යටත්ව, විශේෂ වරප්‍රසාද ලබා ඇති ප්‍රතිලාභියකු විසින්‌, ඔහුගේ වරප්‍රසාදය සම්පූර්ණයෙන්‌ හෝ කොටසක්‌ බදු දීමට හෝ පැවැරීමට බලය ඇත නමුත්‌ ප්‍රතිලාභියා විසින්‌ එසේ කිරීමට පෙර ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත අයදුම්පතක්‌ ඉදිරිපත්‌ කොට බලපත්‍රයක්‌ ලැබෙනතුරු බදු හිමියා විසින්‌ හෝ පැවරුම්ලාභියා චිසින්‌ තම අයිතිවාසිකම්‌ ක්‍රියාත්මක නොකළ යුතු ය.

5 පරිච්ඡේදය සංස්කරණය

(සුරාබද්දට යටත්‌ භාණ්ඩ වෙනුවෙන්‌ බදු අයකිරීම)

22. වගන්තිය සංස්කරණය

(1) අමාත්‍යවරයා චිසින්‌, මුදල්‌ විෂයයභාර අමාත්‍යවරයා විමසා, ගැසට්‌ පත්‍රයේ පළ කරන නියමයක්‌ මගින්‌ අමාත්‍යවරයා විසින්‌ කලින්‌ කල සම්මත කරගන්නා පරිදි, පොදු වශයෙන්‌ හෝ නිශ්චිත ප්‍රදේශයක සුරා බද්දට යටත්‌ යම්‌ භාණ්ඩයක්‌ වෙනුවෙන්‌ පහත සඳහන්‌ ආකාරයට බදු අය කල යුතු වේ :-

(අ) 11 හෝ 12 වගන්ති වල විධිවිධානයන්‌ අනුව ආනයනය හෝ අපනයනය සඳහා අවසර දී ඇති භාණ්ඩ වෙනුවෙන්‌ ; හෝ

(ආ) ප්‍රවාහනය සඳහා අවසර දී ඇති ; හෝ

(ඇ) 15 වගන්තියේ (අ), (ආ), (ඇ) සහ (ඈ) ඡේද යටතේ ලබා ඳී ඇති බලපත්‍රයක්‌ අනුව නිෂ්පාදිත ; හෝ

(ඈ) 16 වැනි වගන්තිය යටතේ ස්ථාපිත ඉස්කාගාරයක බෲවරියක හෝ මත්පැන්‌ නිෂ්පාදනාගාරයක නිෂ්පාදිත භාණ්ඩ වෙනුවෙන්‌,

පැහැදිලි කිරීම - සුරාබද්දට යටත්‌ භාණ්ඩයක් පරිභෝජනය සඳහා ගෙනයනු ලබන ස්ථානය අනුව මෙම වගන්තිය යටතේ විවිධ බදු ප්‍රමාණයක්‌ අය කළ හැක.

(2) සුරා බද්දට යටත්‌ කුමන හෝ භාණ්ඩයක්‌ චෙනුවෙන්‌ බදු පැනවීමට උපවගන්ති (1) යටතේ පවරා ඇති බලයට අමතරව පහත සඳහන්‌ බලතල අයත්වේ එනම්‌ :-

(අ) බද්දෙන්‌ නිදහස්‌ කිරීමක්‌ කළ යුත්තේ කුමන කොන්දේසි වලට යටත්ව කුමන අවස්ථාවලද යන්න එම නියමයෙන්‌ හෝ පසුව නියම කිරීම ;

(ආ) මුලින්‌ කර ඇති නියමයක්‌ පසුව කරන නියමයකින්‌ යම්‌ භාණ්ඩයක බද්ද වැඩි කිරීම, අඩු කිරීම හෝ භාණ්ඩයෙහි විස්තර වෙනස්‌ කිරීම හෝ බදු නිදහස්‌ කිරීමේ විෂයය පථය ඒ ආකාරයෙන්‌ වෙනස්‌ කිරීම හෝ යම්‌ භාණ්ඩයක පංතිය හෝ විස්තර ඇතුළත්‌ කිරීම හෝ බැහැර කිරීම සඳහා සංශෝධනය කිරීම ; සහ

(ඇ) යම්කිසි බද්දක්‌ අහෝසි කිරීම සඳහා හෝ බද්දක්‌ නිදහස්‌ කිරීම අවලංගු කිරීම සඳහා කරන ලද නියමයකින්‌ අහෝසි කිරීම.

(3) (1) චන උප වගන්තිය යටතේ වූ සෑම නියමයක්ම ගැසට්‌ පත්‍රයේ එය පළ කරනු ලබන දිනයේ දී හෝ ඒ නියමයේ නිශ්චිතව සඳහන්‌ කරනු ලැබිය හැකි යම්‌ පසු දිනයක දී හෝ බලාත්මක භාවයට පැමිණිය යුතු අතර, ඒ නියමය ගැසට්‌ පත්‍රයේ පළ කරන ලද දිනයෙන්‌ මාස හතරක කාලයක්‌ ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත්‌ කරනු ලැබිය යුතු ය. නැතහොත්‌ ඒ කාලය තුල දී පාර්ලිමේන්තුව රැස්වීමක්‌ පවත්වා නොමැති නම්‌ ඒ කාලය ඉකුත්වීමෙන්‌ පසු පාර්ලිමේන්තුව විසින්‌ පවත්වන පළමු රැස්වීමේ දී ඒ නියමය මෝසමක්‌ මගින්‌ අනුමත කරනු ලැබිය යුතු ය. එවැනි සෑම මෝසමක්ම එය විමර්ශනය කල යුතූ වන්නා වූ නියමයේ පාඨ පිළිබඳ උපලේඛනය දක්වනු ලැබී තිබිය යුතු ය.

(4) පාර්ලිමේන්තුව විසින්‌ අනුමත කිරිම ප්‍රතික්ෂේප කල (1) වන උපවගන්තිය යටතේ වූ යම්‌ නියමයක්‌ ඒ ප්‍රතික්ෂේප කල දින සිට බලපැවැත්වෙන පරිදි ඒ යටතේ කරන ලද කිසිවක වලංගුභාවයට හානියක්‌ නොමැති පරිදි ප්‍රත්‍යාදිෂ්ඨ කල බවට සලකනු ලැබිය යුතු ය. එවැනි යම්‌ නියමයක්‌ ප්‍රත්‍යාදිෂ්ඨ කල බවට සලකන දිනය පිළිබඳ නිවේදනය ගැසට්‌ පත්‍රයේ පළ කරනු ලබිය යුතු ය.

23. වගන්තිය සංස්කරණය

අමාත්‍යවරයා විසින්‌ නියම කරන පරිදි ගෙවීම්‌ පිළිබඳව කාලසීමාව, ස්ථානය හා ගෙවීමේ ක්‍රම යනාදිය විධිමත්‌ කිරීමේ නීති රිනිවලට යටත්ව එකී බදු පහත සඳහන්‌ එක්‌ ක්‍රමයකින්‌ හෝ ඊට වැඩි ක්‍රම කීපයකින්‌ අයකරගත හැකි ය :-

(අ) 22 (1) වගන්තියේ (අ) ඡේදයට අනුකූලව :-

i) ආනයනය කරන ස්ථානයේ දී හෝ අපනයනය කරන ස්ථානයේ දී බද්ද ගෙවීමෙන්‌ ; හෝ

ii) 15 (ඇ) වගන්තිය යටතේ බලපක්‍රයක්‌ නිකුත්‌ කරන අවස්ථාවේ දී හෝ 16 (1) (ආ) වගන්තිය යටතේ ස්ථාපිත කර ඇති ගුදමකින්‌ විකිණීම සඳහා නිකුත්‌ කරන අවස්ථාවේ දී බද්ද ගෙවීමෙන්‌.

(ආ) 22 (1) වගන්තියේ (ඌ) ඡේදයට අනුකූලව :-

i) සුරා බද්දට යටත්‌ භාණ්ඩය තිබූ දිස්ත්‍රික්කයෙන්‌ පිටත ප්‍රවාහනය කරන අවස්ථාවේ දී බද්ද ගෙවීමෙන්‌ ; හෝ

ii) 15 (ඈ) වගන්තිය යටතේ බලපත්‍රයක්‌ නිකුත්‌ කරන අවස්ථාවේ දී හෝ 16 (1) (ආ) වගන්තිය යටතේ ස්ථාපිත කර ඇති ගුදමකින්‌ විකිණිම සඳහා නිකුත්‌ කරන අවස්ථාවේ දී බද්ද ගෙවීමෙන්‌.

(ඇ) 22 (1) වගන්තියේ (ඇ) සහ (ඈ) ඡේද වලට අනුකූලව මත්පැන්‌ හෝ බීර සඳහා අයකළ යුත්තේ :-

i) අදාල පරිදි ඉස්කාගාරයේ හෝ බෲවරියේ හෝ මත්පැන්‌ නිෂ්පාදනාගාරයේ නිෂ්පාදනය කරන ලද ප්‍රමාණය මත හෝ නිකුත්කළ ප්‍රමාණය මත හෝ 15 (ඈ) වගන්තිය යටතේ බලපත්‍ර ලත්‌ හෝ 16 (1) (ආ) වගන්තිය යටතේ ස්ථාපිත ගුදමකින්‌ නිකුත්‌ කරන ලද ; හෝ

ii) අමාත්‍යවරයාගේ නියමය පරිදි හා අවස්ථානුකූලවන පරිදි යොදා ඇති අමුද්‍රව්‍ය ප්‍රමාණය මෙන්ම යොදා ඇති සමාන සංයෝග මතද ගණන්‌ බැලීමෙන්‌ පසු හෝ අපතේ හෝ නොපැසුනු මත්පැන්‌ අවම කොට දැක්වීමෙන්‌ පසුවය.

(ඈ) බදු අයකිරීම පිළිබඳව වරින්‌ වර පාර්ලිමේන්තුවේ දී සම්මත කරගන්නා වෙනත්‌ බදු ක්‍රම මගින්‌.

24. වගන්තිය සංස්කරණය

19 වැනි වගන්තියේ සඳහන්‌ විශේෂ වරප්‍රසාද ලබා දීම සඳහා මෙම කොටස යටතේ අයවිය යුතු බදුවලට අමතරව හෝ ඒ වෙනුවට යම්‌ ගෙවීමක්‌ සුරා බදු කොමසාරිස්‌ ජනරාල්වරයාට අයකරගත හැකි.

6 පරිච්ඡේදය සංස්කරණය

(බලපත්‍ර සහ වෙනත්‌ දෑ)

25. වගන්තිය සංස්කරණය

මෙම ආඥාපනත යටතේ නිකුත්‌ කරනු ලබන සෑම බලපත්‍රයක්‌, අවසර පත්‍රයක්‌ හෝ ප්‍රවේශ පත්‍රයක්ම නිකුත්‌ කළ යුත්තේ :-

(අ) ගෙවීමක්‌ කළ යුතු නම්‌ එවැනි ගෙවීමක්‌ කළ පසු ;

(ආ) යම්‌ කාල සීමාවක්‌ සඳහා ;

(ඇ) යම්‌ 'කොන්දේසි සහ සීමාවන්ට යටත්ව ; සහ

(ඈ) මේ සම්බන්ධයෙන්‌ පොදුවේ හෝ යම්කිසි අවස්ථාවක්‌ සඳහා උචිත ලෙස අමාත්‍යවරයා විසින්‌ විධාන කරන ආකාරයට ආකෘතියකින්‌ සහ විස්තර වලින්‌ යුක්ත විය යුතු ය.

26. වගන්තිය සංස්කරණය

මෙම ආඥාපනත යටතේ බලපතක්‍රයක්‌ ලබා ගන්නා සෑම පුද්ගලයකු විසින්ම ඔහුගේ බලපත්‍රයේ පැවැත්ම තහවුරුවන පරිදි ප්‍රතිරූපීය ගිවිසුමකට එළඹිය යුතු ය. එසේම බලපත්‍රය නිකුත්‌ කරනු ලබන බලධාරියාගේ ඉල්ලීම අනුව ගිවිසුමේ නියමයන්‌ ඉටුකිරිම සඳහා ඇප තැබිය යුතු ය.

27. වගන්තිය සංස්කරණය

(1) අමාත්‍යවරයා විසින්‌ පනවනු ලබන සීමාවන්ට යටත්ව මෙම ආඥාපනත යටතේ බලපත්‍රයක්‌, අවසර පත්‍රයක්‌ හෝ ප්‍රචේශ පත්‍රයක්‌ නිකුත්‌ කරනු ලබන නිලධාරියා විසින්‌, එවැනි බලපත්‍රයක්‌ අවලංගු කරනු ලබන්නේ හෝ අත්හිටවනු ලබන අවස්ථා නම්‌ :-

(අ) බලපත්‍රකරු විසින්‌ ගෙවිය යුතු බවට නියමිත බද්ද හෝ ගාස්තුව නොගෙවූ කල්හි ; හෝ ද

(ආ) බලපත්‍රයක්‌ අවසර පත්‍රයක්‌ හෝ ප්‍රවේශ පත්‍රයක්‌ සතු තැනැත්තකු හෝ ඔහුගේ සේවකාදීන්‌ විසින්‌ හෝ ඔහුගේ ප්‍රකාශිත අනුදැනීම මත ඔහු වෙනුවෙන්‌ පෙනී සිටින අයකු විසින්‌ හෝ එකී බලපත්‍රයෙහි, අවසර පත්‍රයෙහි හෝ ප්‍රවේශ පත්‍රයෙහි කොන්දේසි හා නියමයන්‌ කඩ කළ විට ; හෝ

(ඇ) බලපත්‍රකරු මෙම ආඥාපනත යටතේ හෝ ආදායම්‌ බදු පිළිබඳව දැනට බලපවත්නා වෙනත්‌ නීතියක්‌ යටතේ හෝ නීතිමය වශයෙන්‌ සැලකිය හැකි.හා ඇප නොදිය හැකි හෝ 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ කරන ලද වරදකට හෝ රේගු ආඥාපනතේ 129 චගන්තිය කඩ කිරිමක්‌ සම්බන්ධව වරදකරුවකු වී ඇත්නම්‌ ; හෝ

(ඈ) මෙම ආඥාපනත යටතේ විශේෂ වරප්‍රසාද ලත්‌ බලපත්‌ කරුවෙකුගේ ලිඛිත ඉල්ලීමක්‌ මත, බලපත්‍රයක්‌, අවසර පත්‍රයක්‌ හෝ ප්‍රචේශ පත්‍රයක්‌ ලබා ගෙන ඇති අවස්ථාවක.

(2) (1) වැනි උප වගන්තියේ (අ) හෝ (ආ) ඡේද යටතේ යම්‌ පුද්ගලයකු වෙත තිබූ බලපත්‍රයක්‌, අවසර පත්‍රයක්‌ හෝ ප්‍රවේශපත්‍රයක්‌ අවලංගු කළ විට, සුරාබද්දට අදාලව දැනට බලපවත්නා යම්‌ නීතියක්‌ යටතේ හෝ, මෙම ආඥාපනත යටතේ දෙන ලද බලපත්‍රයක්‌. අවසර පත්‍රයක්‌ හෝ ප්‍රචේශ පත්‍රයක්‌ ඉහත සඳහන්‌ බලධාරියා විසින්‌ අවලංගු කළ හැක.

(3) මෙම වගන්තිය යටතේ දෙන ලද බලපත්‍රයක්‌, අවසර පත්‍රයක්‌ හෝ ප්‍රවේශ පත්‍රයක්‌ අහෝසි කිරීම හෝ අත්හිටුවීමේ හේතුවෙන්‌ බලපත්‍රකරුට යම්‌ වන්දියකට හිමිකමක්‌ නැත, එසේම මේ වෙනුවෙන්‌ තැන්පත්‌ කළ මුදලක්‌ හෝ ගෙවන ලද ගාස්තුවක්‌ ආපසු ලබා ගැනීමටද හිමිකමක්‌ නැත.

28. වගන්තිය සංස්කරණය

(1) 27 වැනි වගන්තියෙන්‌ දක්වා ඇති හේතු හැර වෙනත්‌ හේතුවක්‌ මත බලපත්‍රයක්‌ අවලංගු කළ යුතුයයි බලයලත්‌ බලධාරියාට හැඟී යන්නේ නම්‌, බලපත්‍ර ගාස්තුව වශයෙන්‌ ගෙවා ඇති මුදලින්‌ දින පහළොවකට අනුපාතික මුදලක්‌ ගෙවීමෙන්‌ පසු බලපත්‍රය පහත සඳහන්‌ විකල්ප දෙකින්‌ එකක්‌ මත අවලංගු කළ හැක :-

(අ) දින පහළොවකින්‌ පසු එසේ කරන බවට ලිබිත දැන්වීමකින්‌ පසු ; හෝ

(ආ) දැනුම්දීමකින්‌ තොරව වහාම ක්‍රියාත්මක වන පරිදි,

(2) මෙම වගන්තිය යටතේ ඉහත සඳහන්‌ බලධාරියා විසින්‌ යම්‌ බලපත්‍රයක්‌ අවලංගු කොට ඉහත කී පරිදි බලපත්‍ර හිමියාට ගෙවීමට අතිරේකව, සුරාබදු කොමසාරිස්‌ ජනරාල්වරයාගේ විධානය පරිදි වන්දි වශයෙන්‌ අතිරේක මුදලක්ද ගෙවිය හැක.

(3) මෙම වගන්තිය යටතේ බලපත්‍රයක්‌ අවලංගු කළ විට ඒ සඳහා බලපත්‍රකරු විසින්‌ අත්තිකාරම්‌ වශයෙන්‌ ගෙවා ඇති හෝ තැන්පත්‌ කරන ලද මුදලින්‌ රජයට අයවිය යුතු යම්‌ මුදලක්‌ වෙනත්‌ ඒවා අඩුකොට ඉතිරි මුදල්‌ ආපසු ගෙවිය යුතූ ය.

28අ. (1) මේ ආඥාපනතේ කුමක්‌ සඳහන්‌ වුව ද, නියෝජනය කිරීමෙන්‌ පසුව හෝ අන්‍යාකාරයකින්‌ අමාත්‍යවරයා විසින්‌ එසේ කිරීමට අවශ්‍යයයි තීරණය කලහොත්‌ ඒ සඳහා මේ හේතු දැන්වීමකින්‌ තොරව ඔහු විසින්‌ බලපත්‍රයක්‌ ප්‍රදානය කරන අධිකාරියට බලපත්‍රයක්‌ ප්‍රදානය කිරීමට හෝ බලපත්‍රයක්‌ අලුත්‌ කිරීමට හෝ අවලංගු කිරීමට විධානය කරනු ලැබිය හැකි අතර ඒ අධිකාරිය විසින්‌ ඒ විධාන බලාත්මක කල යුතු ය.

(2) යම්‌ බලපත්‍රයක්‌ ප්‍රදානය කරන අධිකාරිය විසින්‌ ඒ බලපත්‍රයක්‌ (1) වචන උපවගන්තිය යටතේ අමාත්‍යවරයා විසින්‌ දෙන ලද විධාන මත අවලංගු කිරීම සම්බන්ධයෙන්‌ වන්දි සඳහා හෝ අලාභය සඳහා කිසිදු නඩු කටයුත්තක්‌ පවරනු නොලැබිය යුතු ය.

29. වගන්තිය සංස්කරණය

මෙම ආඥාපනත යටතේ චිකිණීම සඳහා බලයලත්‌ බලපත්‍රකරුවකු චිසින්‌ ඔහුගේ බලපත්‍රය ආපසු භාරදීමට නීරණය කරන්නේ නම්‌ ඒ බව ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයා වෙන කරනු ලබන ලිඛිත දැනුම්‌ දීමකින්‌ මාසයක්‌ ඉකුත්‌ වූ පසු එසේ කල හැක. එය එසේ කිරීමට පෙර බලපත්‍රය ආපසු භාර නොදුන්නේ නම්‌ මුලු කෘාලසීමාව සඳහාම ඔහු විසින්‌ 'ගෙවිය යුතුව තිබූ සම්පූර්ණ බලපත්‌ ගාස්තුව ගෙවිය යුතු ය.

එසේ වුචද එසේ බලපත්‍රයක්‌ ආපසු බාරදීමට සාධාරණ හේතු නිබේයැයි සුරාබදු කොමසාරිස්‌ ජනරාල්වරයා සෑහීමකට පත්වන්නේ නම්‌ ආපසු බාරදීමේ දී බලපත්‍රලාභියාට එම මුදල හෝ කොටසක්‌ ගෙචිය හැක.

7 පරිච්ඡේදය සංස්කරණය

(පොදු විධිවිධාන)

30. වගන්තිය සංස්කරණය

(1) මෙම ආඥාපනත යටතේ යම්‌ පුද්ගලයකු, බලපත්‍රයක්‌, අවසර පත්‍රයක්‌ හෝ පාස්‌ පතක්‌ යටතේ යම්‌ බදු අයකළ හැකි ද්‍රච්‍යයක්‌ ආනයනය කරන, අපනයනය කරන, ප්‍රචාහනය කරන, නිෂ්පාදනය කරන, විකුණන, සන්තකයේ දරන හෝ ගබඩාකර තබන සෑම තැනැත්තකුම පහත සඳහන්‌ බැදීම්‌ වලට යටත්‌ චේ :-

(අ) අමාත්‍යවරයා විසින්‌ ප්‍රකාශිත පරිදි එවැනි පුද්ගලයින්‌ සතු මිණුම්‌ කිරුම්‌ හෝ වෙනත්‌ උපකරණයන්ගෙන්‌ තිබිය යුතු අතර එම උපකරණ හොඳ තත්ත්වයෙන්‌ තබාගත යුතු චේ, තව ද;

(ආ) එවැනි මිණුම්‌ හෝ උපකරණ නියමකළ පසු ඒ පිළිබඳව බලයලත්‌ යම්‌ සුරාබදු නිළධාරියකු විසින්‌, බලපත්‍රලාභී වෙත ඇති යම්‌ හෝ සුරාබදු භාණ්ඩයක්‌ යම්‌ අවසථාවක එකී නිලධාරියාට අවශ්‍ය පරිදි මැනීමට, කිරීමට හෝ පරීක්ෂණයට ලක්කිරීමට යටත්‌ චේ.

(2) මෙම වගන්තිය අනුව, කිරුම්‌ මිණුම්‌ ආඥාපනතේ විධිවිධානයටන්ට අමතරව හෝ අතිරේක මිණුම්‌ කිරුම්‌ උපකරණ අමාත්‍යවරයා විසින්‌ ප්‍රකාශයට පත්කළ හැක.

31. වගන්තිය සංස්කරණය

(1) යම්‌ බලපත්‍රකරුවකු හෝ විශේෂ වරප්‍රසාද ලබා දී ඇති ප්‍රතිලාභියකු හෝ බදු හෝ ගාස්තු ගෙවීම හා එකී බලපත්‍රයේ සියලුම හෝ යම්‌ නියමයන්‌ හෝ කොන්දේසි පැහැර හරින්නේ නම්‌, ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අභිමතය පරිදි, නීති මාර්ගයෙන්‌ බැහැරව බලපත්‍රකරුට හෝ ප්‍රතිලාභියාට දින පහලොවක ලිබිත දැන්වීමකින්‌ පසු එකී ප්‍රතිලාභියාගේ අලාභයට යටත්ව, බලපත්‍රය ආපසු ලබා ගැනීමට හෝ වෙනත්‌ පාලනයකට නතු කිරීමට හෝ බලපත්‍රය හෝ ප්‍රදානය රාජ සන්තක කළ බව ප්‍රකාශයට පත්‌ කිරිමට හෝ පැහැරහැරි අයගේ අලාභයට හා හානියට යටත්ව නැවත නිකුත්‌ කිරීමට හෝ නැවත විකිණීමට ක්‍රියා කළ හැක.

(2) මෙම වගන්තිය යටතේ බලපත්‍රයක්‌ හෝ ප්‍රදානයක්‌ පාලනයට නතු කල විට, පැහැර හැරී නැනෑැත්තාට බදු කරුවකුගෙන්‌ හෝ පැවරුම්කරුවකුගෙන්‌ අයවිය යුතු සුරාබදු ආදායම ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයා චිසින්‌ අයකර ගත හැක.

32. වගන්තිය සංස්කරණය

(1) සුරා බද්දට අදාලව මෙම ආඥාපනතේ චිධිවිධාන යටතේ හෝ වෙනත්‌ යම්‌ නීතියක්‌ යටතේ හෝ එම විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යවරයා විසින්‌ නීති සෑදීමෙන්‌ අනතුරුව එකී රීති හැකි ඉක්මණින්‌ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්කළ යුතු අතර සංශෝධන සහිතව හෝ රහිතව පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතවීමෙන්‌ පසු හා ගැසට්‌ නිවේදනයකින්‌ තහවුරු කළ පසු, එම නිවේදනයේ දින සිට හෝ එහි සඳහන්‌ චෙනත්‌ දිනයක සිට එය බලපවත්වනු ඇත.

එසේ වුව ද හදිසි අවශ්‍යතාවයන්‌ අනුව අමාත්‍යවරයා විසින්‌ ප්‍රකාශිත නිවේදනයක්‌ මඟින්‌ එකී රිති එහි සඳහන්‌ දිනක සිට බලපචත්වන බැච්‌ ප්‍රකාශ කළ හැක. එයින්‌ පසු එම රීති එදින සිට බල සහිත වේ. කෙසේ වෙත්‌ එම රීති පාර්ලිමේන්තුව වෙත්‌ ඉදිරිපත්‌ කිරීමෙන්‌ දින හතලිහක්‌ ඇතුළත, එකී රීති සියල්ලම හෝ කොටසක්‌ වෙනස්‌ කළ යුතු බවට හෝ නිෂ්ප්‍රභා කළ යුතු බවට පාර්ලිමේන්තුව මඟින්‌ සම්මත කරන්නේනම්‌ එම රීිනි එදින සිට වෙනස්‌ කළ යුතු හෝ නිෂ්ප්‍රභා කළ යුතු චන්නේ ය. එහෙත්‌ ඒ යටතේ කරන ලද කිසිදු ක්‍රියාවකට එය බල නොපාන්නේ ය.

(2) ඉහතින්‌ දක්වා ඇති ප්‍රතිපාදනයන්ට අහිතකර නොවන අන්දමින්‌ ද ඒවායේ පැවැත්මට හානියක්‌ නොවන පරිද්දෙන්‌ ද අමාත්‍යවරයාට පහත සඳහන්‌ අයුරින්‌ රිති සම්පාදනය කළ හැක :-

(අ) 8(උ) වගන්තිය යටතේ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ හෝ ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ බලය පැවරීම විධිමත්‌ කිරීම ;

(ආ) සුරාබදු දෙපාර්තමේන්තු නිළධාරීන්ගේ රාජකාරී හා බලතල තීරණය කිරීම ;

(ඇ) සුරාබඳු කොමසාරිස්‌ ජනරාල්වරයාගේ හෝ දිසාපතිවරයාගේ නියෝගයන්ට එරෙහිව අමාතාවරයා චෙත කරනු ලබන අභියාචනා සම්බන්ධයෙන්‌ අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය ;

(ඇ) සුරාබද්දට යටත්‌ ඕනෑම භාණ්ඩයක්‌ ආනයනය, අපනයනය හෝ ප්‍රවාහනය කිරීම පිළිබඳව නියමයන්‌ ;

(ඉ) සුරාබද්දට යටත්‌ යම්‌ භාණ්ඩයක්‌ පහත සඳහන්‌ දේද ඇතුළුව, නිෂ්පාදනය කිරීම, බෝතල්‌ කිරීම, සැපයීම හෝ ගබඩා කිරීම්‌ යනාදිය නියම කිරීම :-

i) නිෂ්පාදනය කිරීම, බෝතල්‌ කිරීම, සැපයීම හෝ යම්‌ භාණ්ඩ ගබඩා කිරීම සහ ඊට අදාළ ආම්පන්න, උපකරණ මෙවලම්‌ ආදිය නඩත්තු කිරීම සහ ඒ පිළිබඳ පරීක්ෂණය, අධීක්ෂණය, කළමනාකරණය සහ පාලනය ;

ii) රා ලැබෙන ගස්‌ මැදීම සහ එම ගස්වලින්‌ රා ලබා ගැනීම.

(ඊ) සුරාබද්දට යටත්‌ යම්‌ භාණ්ඩයක්‌ ගුදමක තැන්පත්‌ කර තැබීම සහ එම ස්ථානයෙන්‌ ගෙන යාම පිළිබඳ නියමයන්‌ කිරීම ;

(උ) සුරාබද්දට යටත්‌ යම්‌ භාණ්ඩයක්‌ තොග හෝ සිල්ලරට චිකිණීම සඳහා නිකුත්‌ කරනු ලබන බලපත්‍රය නිකුත්‌ කරන එහි කාලසීමාව නියම කිරීම ;.

(ඌ) යම්‌ ප්‍රදේශයක්‌ තූළ සුරාබදු භාණ්ඩ විකිණීම සඳහා බලපත්‍රයක්‌ නිකුත්‌ කිරීමට පෙර අවශ්‍ය කරුණු හා පිළිපැදිය යුතු ආකාරය නියම කිරීම ;

(එ) සුරාබද්දට යටත්‌ භාණ්ඩයක්‌ වෙනුවෙන්‌ බදු අයකර ගැනීමේ ආකාරය නියම කිරීම ;

(ඒ) යම්‌ වරප්‍රසාදයක්‌, බලපත්‍රයක්‌, අවසර පත්‍රයක්‌ හෝ ප්‍රවේශ පත්‍රයක්‌ හෝ සුරාබද්දට යටත්‌ යම්‌ භාණ්ඩයක්‌ ගබඩා කර තැබීම වෙනුවෙන්‌ හෝ ගාස්තු නියම කිරීම හෝ ගාස්තුවල පරිමාණය නියම කිරීම ;

(ඒඅ) යම්‌ බදු අයකළ හැකි ද්‍රච්‍යයක්‌ ආනයනය කිරිමේ දී, අපනයනය කිරීමේ දී, ප්‍රචාහනය කිරීමේ දී, නිෂ්පාදනය කිරීමේ ඳී, විකිණිමේ දී, සන්තකය දරා සිටීමේ දී හෝ ගබඩා කිරීමේ දී එම බදු අයකළ හැකි ද්‍රව්‍යයක්‌ මත ඇලචිය යුතු ආරක්ෂිත සලකුණුවල ස්වභාවය නියම කිරීම ;

(ඒආ) යම්‌ බදු අයකළ හැකි ද්‍රච්‍යයක්‌ ආනයනය කිරීමේ දී, අපනයනය කිරීමේ දී, ප්‍රචාහනය කිරීමේ දී, නිෂ්පාදනය කිරීමේ දී, විකිණිමේ දී, සන්තකය දරා සිටීමේ දී හෝ ගබඩා කිරීමේ දී එම බදු අයකළ හැකි ද්‍රච්‍ය මත ඇලවචිය යුතු (ඒඅ) ඡේදයේ සඳහන්‌ කරන ලද ආරක්ෂිත සලකුණු නිකුත්‌ කිරීම සඳහා ගාස්තු අය කිරීම ;

(ඔ) යම්‌ වරප්‍රසාදයක්‌, බලපත්‍රයක්‌, අවසර පත්‍රයක්‌ හෝ ප්‍රචේශ පත්‍රයක්‌ හෝ සුරාබද්දට යටත්‌ යම්‌ භාණ්ඩයක්‌ ගබඩා කර තැබීම වෙනුවෙන්‌ හෝ ගාස්තු නියම කිරීම හෝ ගාස්තුවල පරිමාණය නියම කිරීම ;

(ඕ) ගෙවිය යුතු යම්‌ බද්දක්‌ හෝ ගාස්තුවක්‌ ගෙවිය යුතු ආකාරය, ස්ථානය හා කාලසීමාව නියම කිරිම ;

(ක) බලපත්‍රයක්‌, අවසර පත්‍රයක්‌ හෝ අවසර පත්‍රයක්‌ යම්‌ කොන්දේසි මත හා සීමාවලට යටත්ව නියම කිරීම පහත 'සඳහන්‌ කරුණුද ඇතුළත්ව :-

i) සුරාබද්දට යටත්‌ යම්‌ භාණ්ඩයක්‌ අහිතකර හෝ ප්‍රතික්ෂේප ලෙස සැලකෙන කිසිදු ද්‍රව්‍යක් සමඟ මිශ්‍රණය තහනම්‌ කිරීම ;

ii) සුරාබද්දට යටත්‌ යම්‌ භාණ්ඩයක්‌ ශක්ති ප්‍රමාණය මිළ ප්‍රමාණය හෝ සංඛ්‍යාත්මක ප්‍රමාණය ඉක්මවා හෝ නොඉක්මවා විකිණීමේ හෝ සැපයීමේ බලය 'සහ හැකි ස්වභාවය වෙනස්‌ කරන ලද මධ්‍යසාර ප්‍රමාණයේ නොංඉක්මචිය යුතු සීමාවන්‌ සහ සුරාබද්දට යටත්‌ යම්‌ භාණ්ඩයක ගුණාත්මක ප්‍රමිතීන්‌ නියම කිරීම ;

iii) බලපත්‌ හිමියකු විසින්‌ ඔහුගේ වෙළඳාමට සහාය ලබා ගැනීම සඳහා රැකියාවේ යොදවා ගනු ලබන කුමන තරාතිරමක පුද්ගලයකු හෝ පුද්ගලයින්‌ කොටසක්‌ වෙනුවෙන්‌ තහනම්‌ පැනවීම ;

iv) සුරාබද්දට යටත්‌ යම්‌ භාණ්ඩයක්‌ විකිණිය යුතු හෝ නොවිකිණිය යුතු පුද්ගලයින්‌ නම්‌ කිරීම;

v) මුදලට හැර සෙසු ආකාරයක චිකිණිම්‌ තහනම්‌ කිරිම;

vi) බලපත්‍ර ලත්‌ ස්ථානයක්‌ තුළ හෝ ඒ අවට බීමත්ව සිටීම, සුදුචේ යෙදීම හෝ නොමනා ලෙස හැසිරීම;

vii) සහ එවැනි ස්ථානවල දුෂ්චරිතවත්‌ පුද්ගලයින්‌ රැඳී සිටීම හෝ රැස්වීම වලක්වාලීම;

viii) බලපත්‍ර ලත්‌ ස්ථානයක්‌ විවෘත කොට තැබීම හෝ නොතැබීම කළ යුතු දින හා චේලාවන්‌ පිළිබඳව යන්න නියම කිරීම හා විශේෂ අවස්ථාවල එකී ස්ථානය වසා තැබීම සඳහා විධිවිධාන සැලසීම;

ix) සුරාබද්දට යටත්‌ යම්‌ භාණ්ඩයක්‌ අලෙවි කිරීම සඳහා යෝග්‍ය ස්ථානයක්‌ පිළිබඳව තීරණය කිරීම හා එකී ස්ථානවල දැන්චීම්‌ ප්‍රදර්ශනය කිරීම;

x) බලපත්‍රකරුවන්‌ විසින්‌ පවත්වාගත යුතු ගිණුම්‌ සහ ඉදිරිපත්‌ කළ යුතු තොරතුරු වාර්තා පිළිබඳ නියම කිරීම;

(ග) i) ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මත්පැන්වල ස්වභාවය වෙනස්‌ කිරීම පිළිබඳව ප්‍රකාශයට පත්‌ කිරීම;

ii) එකී මත්පැන්වල ස්වභාවය වෙනස්‌ කිරීම සඳහා නියෝජිතයකු මඟින්‌ හෝ රජයේ නිළධාරීන්ගේ අධීක්ෂණය යටතේ කරවීම;

iii) එකී මත්පැන්වල ස්වහාවය වෙනස්කළ බව සොයෘ දැන ගැනීම;

(ච) ප්‍රයෝජනයට නුසුදුසු බවට නිගමනය කළ, සුරා බද්දට යටත්‌ යම්‌ භාණ්ඩයක්‌ චිනාශකර දැමීම හෝ වෙනත්‌ ආකාරයකින්‌ බැහැර කිරීම සඳහා ප්‍රතිපාදන සැලසීම ;

(ඡ) රාජසන්තක කළ භාණ්ඩ බැහැර කිරීම විධිමත්‌ කිරීම ;

(ට) මත්‌ පැන්‌ පරීක්ෂණයට ලක්‌ කිරීම සඳහා යොදා ගනු ලබන උපකරණ නියම කිරීම සහ ඒ කාර්යය සඳහා අවශ්‍ය උෂ්ණත්වයේ නිරවද්‍යතාවය තහවුරු කිරිමේ වක්‍ර පිළිබඳව තීරණය කිරීම ;

(ඩ) 58 අ වගන්තිය යටතේ පිහිටුවන ලද ත්‍යාග අරමුදලින්‌ සුරාබදු නිලධරයන්ට සහ තොරතුරු සපයන්නන්ට ත්‍යාග මුදල්‌ ගෙවීම සඳහා යෝජනා ක්‍රමයක්‌ නියම කිරීම.

8 පරිච්ඡේදය සංස්කරණය

(නිලධාරීන්ගේ බලතල හා කාර්ය ආදිය)

33. වගන්තිය සංස්කරණය

සුරා බද්දට යටත්‌ යම්‌ භාණ්ඩයක්‌, නිෂ්පාදනය කිරීමට හෝ ගබඩා කර තැබීමට බලපත්‍රයක්‌ ලබා ඇති නිෂ්පාදනකරුවකුගේ අදාළ යම්‌ ස්ථානයකට දහවල්‌ හෝ රාත්‍රී කාලයේ ඕනෑම වෙලාවක, ඇතුල්වී පරීක්ෂා කිරිම, සඳහා කොමසාරිස්‌ ජනරාල්වරයා හෝ ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයාට හෝ, අමාත්‍යවරයා චිසින්‌ නිවේදනය කරනු ලබන ශ්‍රේණියකින්‌ පහල නොවන ශ්‍රේණියක ඕනෑම සුරාබදු නිළධරයකුට හෝ නියමිත පොලිස්‌ නිළධාරියකුට බලය පැවරිය හැක, එසේම කුමන හෝ ස්ථානයක සුරාබද්දට යටත්‌ යම්‌ භාණ්ඩයක්‌ බලපත්‍රකරුවකු විසින්‌ බෝතල්‌ කරනු ලබන්නේ නම්‌ හෝ අලෙවි කරනු ලබන්නේ නම්‌ එම ස්ථානය චිවෘත කර ඇති ඕනෑම චේලාවක එහි ඇතුල්වීමට බලය ඇත. තවද නිෂ්පාදනය, බෝතල කිරීම හෝ අලෙවිකරනු ලබන ස්ථානයේ තබා ඇති ඕනෑම ද්‍රව්‍යයක්‌ කල්දේරම්‌, පෙරන යන්ත්‍ර, උපකරණ, භාජන, හෝ ආම්පන්න හෝ සුරාබද්දට ගැනෙන භාණ්ඩ පරීක්ෂා කිරීමට, අත්හදා බැලීමට, මැනීමට හෝ කිරා බැලීමට ද බලය පැවරේ.

34. වගන්තිය සංස්කරණය

(1) අමාත්‍යවරයා විසින්‌ පලකරනු ලබන නිචේදනයක්‌ අනුව නිශ්චිත ප්‍රදේශයක්‌ තුළ හා අමාත්‍යවරයා විසින්‌ ප්‍රකාශිත ශ්‍රේණියකට නොඅඩු නිළධාරියෙකු පත්‌ කර ඇති ප්‍රදේශයක්‌ තුළ, මෙම ආඥාපනත යටතේ සිදු කරනු ලබන නීති කඩවීමක්‌ පිළිබඳව, පරීක්ෂකයකු විසින්‌ හෝ ස්ථාන හාර පොලිස්‌ නිළධාරියකු විසින්‌ 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 2011 පරිච්ඡේදය යටතේ සැලකිල්ලට ගත හැකි කඩවීම්‌ සම්බන්ධයෙන්‌ ක්‍රියා කරන ආකාරයටම, ඉහත කී පරිදි අමාත්‍යවරයා විසින්‌ බලය පැවරුණු සුරාබදු නිලධාරියාටද ක්‍රියාකිරීමට බලය පැවරේ.

(2) යම්‌ කඩකිරීමක්‌ සිදුකළ බවට සඳහන්‌ ස්ථානයේ දීම හෝ ඊට යාබද ස්ථානයක දී මෙම වගන්තිය යටතේ පරීක්ෂණයක්‌ පැවැත්විය හැක.

35. වගන්තිය සංස්කරණය

(1) අමාත්‍යවරයා විසින්‌ නිශ්චිත ශ්‍රේණියකට නොඅඩු හා එසේම නිශ්චිත වෙනත්‌ සීමා බන්ධනයන්ට යටත්ව, සුරාබදු, පොලිස්‌, 'රේගු හෝ දේශීය ආදායම්‌ යන දෙපාර්තමේනතුවල හා වෙනත්‌ ඕනෑම පුද්ගලයකු වෙත පවරනු ලබන බලතල අනුව, යම්කිසි පුද්ගලයකු විසින්‌ 46 චන චගන්තිය, 47 චන චගන්තිය හෝ 48 චන චගන්තියේ (අ) ඡේදය යටතේ දඩුවම්‌ ලැබිය හැකි වරදක්‌ වාසස්ථානයක හැර, වෙනත්‌ යම්‌ ස්ථානයක සිදුකරන්නේනම්‌ එවැනි පුද්ගලයෙකු වරෙන්තුවක්‌ නොමැතිව අත්‌අඩංගුවට ගැනීමට ඉහත කී නිළධාරින්ට බලය පැවරේ. එසේම මෙම සුරාබදු ආඥාපනත යටතේ හෝ සුරාබදු ආදායමට අදාළව දැනට බලපවත්නා වෙතත්‌ නීතියක්‌ යටතේ හෝ සුරාබද්දට යටත්‌ වෙනත්‌ භාණ්ඩයක්‌ අත්‌අඩංගුවට ගෙන රඳවා ගත යුතු බවට සාධාරණ විශ්වාසයක්‌ ඇති වූ විට ඉහතකී නිළධාරින්‌ වෙත එසේ කිරීමට බලය පැවරේ. එම නිළධාරියෙකුට, යම්කිසි තහනම්‌ භාණ්ඩයක්‌ ඇතිවූ විට යම්‌ පුද්ගලයකු යම්‌ යාත්‍රාවක්‌, වාහනයක්‌, සතෙක්‌, ඇසුරුමක්‌, බහාලුමක්‌ හෝ ආවරණයක්‌ තුළ සොයා බැලීම සඳහා එවැනි වාහන ආදිය නවත්වාලිය හැක.

(2) නිල මට්ටමින්‌ සුරාබදු පරීක්කෙවරයකුගේ නිලයට නොඅඩු, නිල ඇඳුමින්‌ සැරසී ඔහුගේ රාජකාරිය ඉටු කරන අවස්ථාවක, වාහනයක්‌ නතර කිරීම සඳහා වාචිකව, කායිකව හෝ සංඥාවක්‌ මගින්‌ කරනු ලබන දැන්වීමකට රියදුරා අවනත නොවන්නේ නම්‌ 'හෝ රථය නොනවත්වන්නේ නම්‌ හෝ ඔහු වරදකට යටත්වන අතර එමගින්‌ වරදකරු බවට ඔප්පු වුවහොත්‌ රැපියල්‌ පන්දහසකට නොඅඩු හා රුපියල්‌ විසිදගසකට නොවැඩි දඩයකට යටත්වන අතර, එසේ නොගෙවා පැහැර හරින්නේනම්‌ මාස දෙකක්‌ දක්වා වූ ලිහිල්‌ සිර දඬුවමකට යටත්‌ වේ.

(3) මෙම වගන්තිය අනුව “චාහනයක්‌' යනුවෙන්‌ හැඳින්වෙන්නේ ගැලක්‌,. මැදිරියක්‌, කරත්තයක්‌, මෝටර්‌ රථයක්‌, යතුරු පැදියක්‌ බසයක්‌, ලොරියක්‌, පාපැදියක්‌, හෝ කාර්මිකව ක්‍රියා කරන වෙනයම්‌ හෝ වාහනයකි වාහනයක “රියදුරු” යන්නෙන්‌ යතුරු පැදියක්‌ හෝ පා පැදියක්‌ පදවන්නන්ද ඇතුළත්‌ වේ. “සංඥාවක්‌” යනුවෙන්‌ නලාවකින්‌ වරක්‌ හෝ දෙවරක්‌ නාද කිරීම ප්‍රමාණවත්‌ වේ.

36. වගන්තිය සංස්කරණය

ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයකු විසින්‌ හෝ මහෙස්ත්‍රාත්වරයකු විසින්‌ ලබා ගත්‌ තොරතුරු අනුව අවශ්‍ය යැයි හැඟෙන පරිදි කරන ලද පරීක්ෂණයකින්‌ පසු 46 හෝ 47 වැනි වගන්ති කඩවීමක්‌ සිදුවී ඇතැයි හෝ සිදුවීමට ඉඩ ඇතැයි ඒත්තු යන්නේ නම්‌, ඊට උපයෝගී කරගත්‌ සුරාබද්දට යටත්‌ යම්‌ භාණ්ඩ, ද්‍රව්‍ය, භාජන, උපකරණ හෝ ආම්පන්න හා ඊට අදාළ වෙනත්‌ ලියකියවිලි සෝදිසි කිරීම සඳහා වරෙන්තුවක්‌ නිකුත්‌ කල හැක. තවද මේ ආඥාපනත යටතේ 34 වගන්තියේ ප්‍රකාර මෙම වරදට හවුල්‌ ඕනෑම පුද්ගලයකු අත්‌අඩංගුවට ගෙන, ඉහත සඳහන්‌ නිළධාරියා හමුවට පැමිණවීමට බලය ඇත.

37. වගන්තිය සංස්කරණය

යම්‌ අවස්ථාවක ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයා හෝ අමත්‍යාවරයා චිසින්‌ නිශ්චිත නිල ශ්‍රේණියකට නොඅඩු ඕනෑම සුරාබදු නිලධාරියකුට 46 වන හෝ 47 වන වගන්ති යටතේ යම්‌ චූ නීති කඩවීමක්‌ සිදුවී ඇති බවට හෝ සිදු වෙමින්‌ පවතින බවට හෝ සිදු චීමට ඉඩ ඇති බවට ඒත්තු ගිය නමුත්‌ සෝඳිසි වරෙන්තුවක්‌ ලබා ගැනීමට යාමෙන්‌ චූදිතයාට පැන යාමට හෝ සාක්ෂි වසන්‌ කිරීමට අවස්ථාවක්‌ ලැබෙන බව එම නිළධාරීට අවබෝධ චන්නේ නම්‌ ඊට හේතු වාර්තාගත කොට සෝඳිසි වරෙන්තුවක්‌ රහිතව ආඥා පනත යටතේ රාජ්‍ය සන්තක කළ යුතු බවට ඔහු විශ්වාස කරන යම්‌ හෝ ස්ථානයක ඇති ඕනෑම භාණ්ඩයක්‌ අත්‌අඩංගුවට ගැනීම සඳහා දිවා හෝ රාත්‍රී කාලයේ ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයකට ඇතුල්‌ විය හැක. ඉහත කී පරිදි ඔහුට සුදුසු යැයි සිතන හා විශ්වාසයේ හැටියට එවැනි ස්ථානයක සිටින ඕනෑම පුද්ගලයෙකු රඳවා ගෙන සෝදිසි කිරීමට හෝ අත්‌අඩංගුවට ගැනීමට බලය ඇත.

38. වගන්තිය සංස්කරණය

(1) බලය ලත්‌ නිළධරයකුට යම්‌ විටක යම්‌ ගසක මලක්‌ යට එල්ලා තිබෙන යම්‌ හැලියක හෝ වෙනත්‌ භාජනයක පැසුනු රා දක්නට ලැබෙන අවස්ථාවක, ඒ ගසින්‌ පැසුණු රා නිෂ්පාදනය කිරීමට බලය දෙන බලපත්‍රයක්‌ වලංගුව නොමැති බවට ඔහු සෑහීමට පත්‌ වුවහොත්‌ එම මල කපා දැමීම හෝ ඔහු ඉදිරිපිට සහ ඔහුගේ අධීක්ෂණය යටතේ එම මල කපා දැමීමට සැලැස්වීම ඔහු විසින්‌ කළ හැකි ය.

එසේ වුව ද, ඒ වේලාවේ එම ගස උඩ මදින්නකු සිටිනු දුටුවහොත්‌ එම මල කපෘෟ නොදැමිය යුතු අතර, එම මදින්නා ඳ එම ගස අයිතිකරු ද සම්බන්ධයෙන්‌ 35 වන සහ 46 වන වගන්ති යටතේ ක්‍රියා කරනු ලැබිය යුතු ය.

(2) (1) චන උපවගන්තියේ විධිවිධානවලට අනුකූලව ගසක මලක්‌ කපා දමනු ලැබූ අස්ථාවක, එම බලය ලත්‌ නිලධරයා විසින්‌ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත සහ සුරාබදු අධිකාරීවරයා වෙත එම ගසෙහි පිහිටීම පිළිබඳ විස්තර සහ සැපයිය යුතු යැයි එම ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයා හෝ සුරාබදු කොමසාරිස්වරයා විසින්‌ නියම කරනු ලැබිය හැකි වෙනත්‌ යම්‌ විස්තර දැක්වෙන වාර්තාවක්‌ ඉදිරිපත්‌ කළ යුතු යුතු ය.

(3) මේ වගන්තියෙහි :-

“බලයලත්‌ නිලධරයා” යන්නෙන්‌ :-

(අ) සුරාබදු පරීක්ෂකයකු හෝ සුරාබදු පරීක්‍ක්ෂකයකුට වඩා තනතුරෙන්‌ ඉහල සුරාබදු දෙපාර්තමේන්තුවේ වෙනත්‌ යම්‌ නිලධරයෙක්‌ ; හෝ

(ආ) දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින්‌ බලය දෙනු ලැබූ යම්‌ රාජ්‍ය නිලධරයෙක්‌,

අදහස්‌ වේ.

39. වගන්තිය සංස්කරණය

මෙම ආඥාපනත යටතේ අත්‌අඩංගුවට ගනු ලබන කුමන හෝ පුද්ගලයෙකු විසින්‌ ඇපකරුවන්‌ ඇතිව හෝ නැතිව බැඳුම්කරයකට එලඹී පසු එවැනි පුද්ගලයින්‌ සෑම සුරාබදු නිළධාරියකු විසින්ම ඇපපිට මුදා හැටිය යුතු ය.

40. වගන්තිය සංස්කරණය

මෙම ආඥාපනතේ මෙවැනි කරුණු සම්බන්ධයෙන්‌ ගනු ලබන සියලුම ක්‍රියාමාර්ග එනම්‌ සොදිසි කිරීම්‌, අත්‌අඩංගුවට ගැනීම්‌, සෝදිසි කිරීම්‌ පිණිස වූ වරෙන්තු, ඇප පිට හෝ බැඳුම්‌ කාරයන්ට එලඹී පසු අත්‌අඩංගුවට ගත්‌ පුද්ගලයින්‌ මුදා හැරීම, ඉදිරිපත්‌ කිරීම සහ අපරාධ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම්‌ ආදිය අපරාධ නඩුවිධාන සංග්‍රහයේ විධිවිධාන පරිදිම චිය යුතු ය.

41, වගන්තිය සංස්කරණය

මෙම ආඥාපනත යටතේ කරනු ලබන සියලුම වරදවල්‌ වෙනුවෙන්‌ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ඇප දිය හැකි අතර, ඇප දීම සඳහා එම සංග්‍රහයේ විධිවිධාන අදාළ වේ.

42. වගන්තිය සංස්කරණය

මෙම ආඥාපනත යටතේ කරනු ලබන සියලුම වරදවල්‌ පිළිබඳව ලබා ගන්නා තොරතුරු සුරාබදු නිළධාරියකුට ක්ෂණිකව ලබා දීමට සෑම පොලිස්‌, රේගු සහ ආදායම්‌ බදු දෙපාරතමේන්තුවල නිළධාරීන්‌ ද, සාම නිළධාරීන්ද බැඳී සිටී. තව ද යම්‌ හෝ සුරාබදු නිළධාරියකු මෙම පනතේ විධිවිධානයක්‌ ඉටු කිරිමට එම නිළධාරින්ගේ සහාය ඉල්ලා සිටින්නේ නම්‌ එම සහාය ලබා දීමට ද ඔවුන්‌ බැඳී සිටී.

43. වගන්තිය සංස්කරණය

(අ) ඉඩම්‌ අයිතීන්‌ හෝ හිමිකම්‌ දරන ඉඩම්වල සිටින සියලුම ඉඩම්‌ හිමියන්‌, බදු කරුවන්‌ අතුරු බදුකරුවන්‌ හා ගොවීන්‌.

(ආ) බලපත්‍රයක්‌, අවසර පත්‍රයක්‌ හෝ වෙනත්‌ ඕනෑම ලියචිල්ලක්‌ මත යම්‌ ඉඩමක හෝ ඇති තාල වර්ගයේ ගස්‌ වලින්‌ ලැබෙන ඵලදාව හෝ එම ගස්‌ මැද ගැනීමට අයිතියක්‌ ඇති සියලුම පුද්ගලයින්‌ ; සහ

(ඇ) සියලුම ග්‍රාමසේවක නිළධාරීන්‌ චිසින්‌ ඔවුන්ගේ ප්‍රදේශය තුළ මේ ආඥාපනත යටතේ බලපත්‍ර දෙනු නොලැබූ සුරා බද්දට යටත්‌ යම්‌ භාණ්ඩයක්‌ හෝ සුරාබද්දට යටතේ යම්‌ භාණ්ඩයක්‌ අවසර නොමැතිව කරනු ලබන යම්‌ ගබඩා කිරීමක්‌ හෝ විකිණිමක්‌ චන්නේ නම්‌ හෝ ඒ බව දැනගත්‌ වහාම මහෙස්ත්‍රාත්වරයකුට හෝ සුරාබදු, පොලිස්‌ හෝ ආදායම්‌ බදු දෙපාර්තමේනතුවේ නිළධාරියකු වෙත දැන්චීමට බැඳි සිටී.

44. වගන්තිය සංස්කරණය

මෙම ආඥාපනත යටතේ අත්‌අඩංගුවට ගෙන පොලිසිය අත්‌ අඩංගුවට ගත්‌ වෙත භාරදෙනු ලබන සියලුම භාණ්ඩ, මහෙස්ත්‍රාත්වරයාගේ හෝ ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නියෝගයක්‌ ලබන තෙක්‌, පොලිස්‌ ස්ථාන භාර සියලුම නිළධාරින්‌ විසින්‌ ප්‍රවේශම්‌ කොට තබාගත යුතු ය. එසේම එම භාණ්ඩ පොලිසිය වෙත රැගෙන එන ඕනෑම සුරාබදු නිලධාරියකුට හෝ ඔහුගේ ජ්‍යෙෂ්ඨ නිළධාරියා විසින්‌ එම කාර්යය සඳහා නම්‌ කරනු ලබන නිළධාරියකුට, එකී භාණ්ඩ මුද්‍රා තැබීමට හෝ ආදර්ශ කොටස්‌ ලබා ගැනීමට අවසර දිය යුතු ය. එසේ ගෙනයනු ලබන ආදර්ශ කොටස්වල පොලිස්‌ ස්ථාන භාර නිළධාරියාගේ මුද්‍රා තැබිය යුතු ය.

45. වගන්තිය සංස්කරණය

(1) සුරා බද්දට යටත්‌ භාණ්ඩ ඕනෑම ස්ථානයක තබා බලපතු ලබා ඇති විකිණීමට බලපත්‍රයක්‌ ලබා දී ඇති ඕනෑම පුද්ගලයකු වෙත ප්‍රාදේශීය ස්ථාන වසා දැමීම. ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින්‌ ලිඛිත දැන්වීමක්‌ මගින්‌ එම ස්ථානය වසා දැමීමටත්‌, සුරා බද්දට යටත්‌ භාණ්ඩ කිසිවක්‌ එම ස්ථානයේ විකිණීම හෝ සැපයීමෙන්‌ වැලකී සිටීමටත්‌ එසේ කළ යුත්තේ යම්‌ වේලාවන්‌ තුළ ද, යම්‌ කාලසීමාවක්‌ සඳහා ද යන්න පහත සඳහන්‌ අවස්ථා ද ඇතුළුව දැන්වීමේ සඳහන්‌ කොට නියෝග කළ හැක :-

(අ) එම ස්ථානයෙන්‌ සැපයුම්‌ ලබන සීමාවන්‌ තුළ හට පිරිස්‌ හේ ඊට වැඩි සෙබලුන්‌ හා නාචිකයින්‌ කණ්ඩායමක්‌ ඒ ප්‍රදේශය හරහා ගමන්‌ කරන්නේ නම්‌ හෝ කඳවුරු ලාගෙන ඇත්තේ නම්‌ ;

(ආ) එවැනි ස්ථානයකින්‌ සැපයුම්‌ ලබන සීමාවන්‌ තුළ, යම්‌ කැරැල්ලක්‌, නීති විරෝධී ලෙස ඒකරාශිවීමක්‌, මහජන කැළඹීමක්‌, හෝ සාමය කඩ කිරීමක්‌ පවතින්නේ නම්‌ හෝ සිදුවන්නේ නම්‌ හෝ එසේ වෙතැයි අවබෝධ වන්නේ නම්‌ ;

(ඇ) එවැනි ස්ථානයකින්‌ සැපයුම්‌ ලබන සීමාවන්‌ තුළ, ඡන්ද විමසීමක්‌ හෝ කැමැත්ත චිමසීමේ ප්‍රාදේශීය ඡන්දයක්‌ පවත්වන්නේ නම්‌ ; හෝ

(ඈ) යම්‌ ලිඛිත නීතියක විධිවිධාන යටතේ රෝගයක්‌ පවතින ප්‍රදේශයක්‌ ලෙස නම්‌ කළ සීමාවක්‌ තුළ හෝ ඒ ආසන්නයේ එවැනි ස්ථානයක්‌ පිහිටා ඇත්නම්‌ :

එසේ වුව ද, යම්‌ නඩුවක්‌ (අ) ජේදය යටතේ ගැනෙන විට, මෙම උප වගන්තියෙන්‌ ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත පැවරුණු බලය මහෙස්ත්‍රාත්වරයකු විසින්‌ හෝ ප්‍රධාන ගම්මුලෑදෑනියකු විසින්‌ හෝ උප පොලිස්‌ පරීක්ෂකවරයකුගේ ධුරයට නොඅඩු ධුරයක්‌ දරන පොලිස්‌ දෙපාර්තමේන්තුවේ ඕනෑම නිළධාරියකු විසින්‌ ක්‍රියාත්මක කළ හැක.

(2) යම්‌ ස්ථානයක සුරා බද්ද්ට යටත්‌ ඕනෑම භාණ්ඩයක්‌ විකිණීම සඳහා බලපත්‍රයක්‌ ලබා ඇති සෑම පුද්ගලයකු විසින්ම සේවා සැලසෙන ප්‍රදේශය තුළ යම්‌ අවස්ථාවක කැරැල්ලක්‌ හෝ මහජන කැළඹීමක්‌ සිදු වන්නේ නම්‌ එම ස්ථානය වසා දැමිය යුතු ය.

(3) මෙම වගන්තියේ විධිවිධානයන්‌ අනුව යම්කිසි පුද්ගලයෙක්‌ එවැනි ස්ථානයක්‌ වසා දමන්නේ නම්‌ සුරාබදු කොමසාරිස්‌ ජනරාල්වරයාගේ අභිමතය පරිදි පහත සඳහන්‌ පරිදි විධාන කළ හැක :-

(අ) එවැනි පුද්ගලයකු විසින්‌ එවැනි ස්ථානයක්‌ වෙනුවෙන්‌ රජය වෙත ගාස්තු බදු, තීරු බදු හෝ කුලී වශයෙන්‌ ගෙවෘ ඇති අත්තිකාරම්‌ මුදලින්‌ කොමසාරිස් ජනරාල්වරයාට සුදුසු යැයි හැඟෙන කොටසක්‌ එම පුද්ගලයාට ආපසු ලබෘ දීමට ; නැතහොත්‌

(ආ) එම පුද්ගලයා විසින්‌ එවැනි ස්ථානයක්‌ වෙනුවෙන්‌ රජයට ගෙචිය යුතුව ඇති ගාස්තු, තීරැබදු, බදු හෝ කුලී යනාදියෙන්‌, කොමසාරිස්‌ ජනරාල්වරයාට සුදුසු යයි හැඟෙන කොටසක්‌ අත්හැරීමට හැකි ය.

9 පරිච්ඡේදය සංස්කරණය

(දණ්ඩන)

46. වගන්තිය සංස්කරණය

මෙම ආඥාපනත හෝ ඒ යටතේ පනවා ඇති රීති හෝ නීනි චිරෝධී නියෝග හෝ මෙම ආඥාපනත යටතේ ලබාගෙන ඇති යම්‌ බලපත්‍රයක්‌, අවසර පත්‍රයක්‌ හෝ ප්‍රචේශ පත්‍රයක්‌ කඩ කරමින්‌ යම්‌ අයෙකු විසින්‌ :-

(අ) ආනයනය කිරීම, අපනයනය කිරිම, ප්‍රවාහනය කිරීම, හෝ සුරාබද්දට යටත්‌ යම්‌ භාණ්ඩයක්‌ ලඟ තබා ගැනීම ; හෝ

(ආ) සුරාබද්දට යටත්‌ යම්‌ භාණ්ඩයක්‌ නිෂ්පාදනය කිරීම ; හෝ

(ඇ) රා නිපදවිය හැකි යම්‌ ගසක්‌ මැදීම ; හෝ

(ඈ) යම්‌ ගසකින්‌ රා ලබා ගැනීම ; හෝ

(ඉ) යම්‌ පෙරන යන්ත්‍රයක්‌, බෲවරියක්‌, මත්පැන්‌ නිෂ්පාදනාගාරයක්‌ හෝ ගුදමක්‌ ස්ථාපනය කොට ක්‍රියාත්මක කිරීම ; හෝ

(ඊ) රා නොවන සුරාබද්දට යටත්‌ වෙනත්‌ ඕනෑම භාණ්ඩයක්‌ නිෂ්පාදනය කිරිම සඳහා ප්‍රයෝජනයට ගන්නා වූ ද, තබාගන්නා වූ ද, නැත්නම්‌ ලඟ තබෘගන්නාවූද කුමන හෝ ද්‍රව්‍යයක්‌, භාජන, උපකරණ හෝ ආම්පන්න සන්තකයේ තබා ගැනීම ; හෝ

(උ) සුරාබද්දට යටත්‌ යම්‌ භාණ්ඩයක්‌ විකිණීම, සන්තකයේ තබා ගැනීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම ; හෝ

(ඌ) යම්‌ මත්පැන්‌ වර්ගයක්‌ විකිණීම සඳහා බෝතල්‌ කිරීම ආදී වරදකට වරදකරුවන අතර, වරදකරු කරනු ලැබීමේ දී :-

i) (අ), (ආ), (ඇ), (ඈ) (ඉ), (ඊ), (උ) හෝ (ඌ) ඡේදයෙහි සඳහන්‌ වරදක්‌ සම්බන්ධයෙන්‌ වන විට එක්‌ අවුරුද්දක්‌ නොඉක්මවන කාලයකට දෙයාකාරයෙන් එක්‌ ආකාරයකට බන්ධනාගාරගත කිරීමට හෝ රුපියල්‌ එක්‌ ලක්ෂයක්‌ නොඉක්මවන දඩයකයට හෝ එම දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දෙකටම හෝ ඔහු යටත්විය යුතු අතර, වරදකරු කරනු ලැබීමෙන්‌ පසුවද වරද දිගටම කරනු ලබන අවස්ථාවකදී එසේ චරද දිගටම කරනු ලබන එක්‌ එක්‌ දිනය සඳහා එක්‌ දිනකට රුපියල්‌ දස දහසකට වැඩිපුර දඩයකට ද ඔහු යටත්‌ විය යුතු ය ; තවද

ii) (ආ) ඡේදයේ සඳහන්‌ වරදක්‌ සම්බන්ධයෙන්‌ වන චිට මාස හයකට නොඅඩු හා අවුරුදු පහක්‌ නොඉක්මවන කාලයකට දෙයාකාරයෙන්‌ එක්‌ ආකාරයක බන්ධනාගාරගත කිරිමට හෝ රුපියල්‌ එක්‌ ලක්ෂයක්‌ නොඉක්මවන දඩයකට හෝ එම බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දෙකටම හෝ ඔහු යටත්‌ විය යුතු අතර එසේ වරදකරු කරනු ලැබීමෙන්‌ පසුවද මෙයින්‌ දඬුවම්‌ පනවනු ලබන වරද දිගමට කරනු ලබන අවස්ථාවක දී එසේ වරද දිගටම කරනු ලබන එක්‌ එක්‌ දිනය සඳහා දිනයකට රුපියල්‌ පහලොස්‌ දහසක වැඩිපුර දඩයකට ද ඔහු යටත්‌ විය යුතු ය.

47. වගන්තිය සංස්කරණය

(1) සුරා බද්දට යටත්‌ යම්‌ භාණ්ඩ නීනි විරෝධී ලෙස අදාළ බදු නොගෙවා, ආනයනය හෝ නිෂ්පාදනය කිරීම හෝ සන්තකයේ තබා ගැනීම හෝ ප්‍රවාහනය කිරීම දඬුවම්‌ ලැබිය යුතු වරදක්‌ වන අතර, වරදකරු වුවභොත්‌ එක්‌ අවුරුද්දක්‌ දක්වා වූ සිර දඬුවමකටත්‌ නැතහොත්‌ රුපියල්‌ පන්දහසකට නොඅඩු සහ රුපියල්‌ එක්‌ ලක්ෂ චිසිපන්දහසකට නොවැඩි දඩයකට හෝ ඒ දඬුවම්‌ දෙකටම යටත්‌ වේ.

(2) සිදු කරනු ලබන ඇතැයි කියන වරදට අදාළ වන මත්පැන්‌ රජයේ රස පරීක්ෂකචරයා විසින්‌ මේ ආඥාපනත යටතේ නිකුත්‌ කරන ලද බලපත්‍රයක බලතල යටතේ නිෂ්පාදනය කරන ලද මත්පැන්‌ වර්ගයක්‌ නොවන බවට සහ ඒ මත්පැන්‌ රජයේ ස්කාගාරයක හෝ රජයේ ගබඩාවක නිෂ්පාදනය කරනු ලැබ නොමැති බවට ඔහු සෑහීමකට පත්‌ වන බවට ඉදිරිපත්‌ කරන සහතිකයකින්‌ නිත්‍යානුකූල නොවන ලෙස නිෂ්පාදනය කළ මත්පැන්‌ ප්‍රමාණයක්‌ නිත්‍යානුකූල බලයක්‌ නොමැතිව සන්තකයේ තබා ගැනීමේ වරද සඳහා යම්‌ තැනැත්තකුට යම්‌ නඩු කටයුත්තක්‌ පවරා ඇති අවස්ථාවක දී පටහැන බව ඔප්පු කරන තෙක්‌ ඒ සිදු කරනු ලැබ ඇතැයි කියන වරදට අදාළ මත්පැන්‌ නීත්‍යානුකූල නොවන ලෙස නිෂ්පාදනය කරන ලද ඒවා ලෙස අධිකරණය විසින්‌ පූර්වානුමාන කළ යුතු ය.

(3) (2) චන උප වගන්තියේ රජයේ “රස පරීක්ෂක” යන්නෙන්‌ තත්කාලයේ රජයේ රස පරීක්ෂක ධුරය දරන තැනැත්තකු අදහස්‌ වන අතර තත්කාලයේ රජයේ නියෝජ්‍ය රස පරීක්ෂක ධුරය දරන හෝ රජයේ සහකාර රස පරික්ෂක ධුරය දරන යම්‌ තැනැත්තකු ඳ ඇතුළත්‌ වේ.

48. වගන්තිය සංස්කරණය

බලපත්‍රයක්‌, අවසර පත්‍රයක්‌ හෝ ප්‍රචේශ පත්‍රයක්‌ ලබා ගෙන ඇති අයකු හෝ එවැනි බලපත්‍රලාභීන්‌ වෙනුවෙන්‌ පෙනී සිටින ඔවුන්ගේ සේවකාදීන්‌ විසින්‌ :-

(අ) සුරාබදු නිළධාරියකු විසින්‌ හෝ එවැනි බලය ලත්‌ වෙනත්‌ නිළධාරියකු විසින්‌ ඉල්ලා සිටි අවස්ථාවක එවැනි බලපත්‍රයක්‌, අවසර පත්‍රයක්‌ හෝ ප්‍රවේශ පත්‍රයක්‌ ඉදිරිපත්‌ කිරීමට අපොහොසත්‌ වීම ; හෝ

(ආ) 32 වැනි වගන්තිය යටතේ පනවා ඇති රීති ඕනෑකමින්‌ කඩකීරීම ; හෝ

(ඇ) මෙම ආඥාපනත යටතේ පනවා නොමැති එහෙත්‌ බලපත්‍රයක, අවසර පත්‍රයක හෝ ප්‍රවේශ පත්‍රයක අඩංගු යම්‌ කොන්දේසි සිතාමතා ඉටු නොකිරීම, පැහැර හැරීම හෝ කඩ කිරීම.

දඬුවම්‌ ලැබිය හැකි වරදක්‌ වන අතර, ඒ සම්බන්ධයෙන්‌ වරදකරුවකු වුවහොත්‌ මාස තුනක්‌ දක්වා වූ සිර දඬුවමකටත්‌ නැතහොත්‌ රුපියල්‌ පන්‌ ලක්ෂයක්‌ දක්වා දීර්ඝ විය හැකි දඩයකට හෝ ඒ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දඬුවම්‌ දෙකටම හෝ යටත්‌ විය යුතු ය.

49. වගන්තිය සංස්කරණය

(1) සුරාබදු නිළධාරියකුට ඔහුගේ රාජකාරී වලින්‌ බැහැරව සිටීම සඳහා සුරාබදු කෙමසාරිස්‌ ජනරාල්වරයා විසින්‌ ලිඛිතව දැනුම්දී ඇත්නම්‌ මිස, නිළධාරියා විසින්‌ එසේ සේවයෙන්‌ බැහැරව සිටීමට කරනු ලබන තීරණය අනුව ඔහුගේ ජ්‍යෙෂ්ඨ නිළධාරියා වෙත දෙන ලද දෙමසක දැන්වීමකින්‌ තොරව හෝ නීත්‍යානුකූල අවසරයකින්‌ තොරව යම්කිසි සුරාබදු නිළධාරියකු, ඔහුගේ රාජකාරි අත්හිටුවන්නේ නම්‌ හෝ ඉටු කිරීමට ප්‍රතික්ෂේප කරන්නේ නම්‌ හෝ ඔහුගේ නිලයට අයත්‌ රාජකාරි වලින්‌ බැහැරවන්නේ නම්‌ ඔහු බියගුලුකම මත වරදකරු වේ. එසේ වරදකරුවකු වුවහොත්‌ තෙමස දක්වා වූ සිර දඬුවමකට හෝ හය මසක වැටුප දක්වා වූ දඬයකට හෝ ඒ දඬුවම්‌ දෙකටම යටත්‌ වේ.

(2) යම්‌ සුරාබදු නිළධාරියකු  :-

(අ) මෙම ආඥාපනත අනුව හෝ ඒ යටතේ පනවන ලද රිති හෝ විධිවිධානවලට එරෙහිව සිදුකරනු ලබන වැරදි පිළිබඳව වාර්තා කිරීමට හිතා මතා අපොහොසත්‌ චීම ; හෝ

(ආ) මෙම ආඥාපනතට එරෙහිව වරද කිරිම සඳහා තමාගේ අනු දැකීම.

සම්බන්ධයෙන්‌ වැරදිකරුවකු වුවහොත්‌ මෙහි චිස්තර කර ඇති පරිදි, හය මසක්‌ දක්වා වූ සිර දඬුවමකට හෝ වර්ෂයක වැටුප දක්වා වූ දඩයකට හෝ ඒ දඩුවම්‌ දෙකටම යටත්‌ වේ.

50. වගන්තිය සංස්කරණය

මෙම ආඥාපනතේ හෝ මෙම ආඥාපනතින්‌ සලසා නොමැති එහෙත්‌ ඒ යටතේ පනවන ලද රිතියක්‌ හෝ නියෝගයකට පටහැනිව සිතාමතා කරනු ලබන පැහැර හැරීම්‌ පිළිබඳව යමෙකු වරදකරු වන්නේ නම්‌ රුපියල්‌ දස දහසක්‌ දක්වා වු දඩයකටත්‌ එම දඩය නොගෙවා පැහැර හැරියේ නම්‌ හය මාසයක්‌ දක්වා වූ සිර දඬුවමකටත්‌ යටත්වේ. වරදකරු වූ පසු එම වරද තවදුරටත්‌ කරගෙන යන්නේ නම්‌ එසේ කරනු ලබන සෑම දිනයක්‌ වෙනුවෙන්ම ඉහත සඳහන්‌ දණ්ඩන වලට යටත්‌ වේ.

51. වගන්තිය සංස්කරණය

46 වැනි හෝ 47 වැනි වගන්ති යටතේ දඬුවම්‌ ලැබිය යුතු චෝදනාවකට වැරදිකරු වී නැවතත්‌ එම වගන්ති දෙකෙන්‌ එකක්‌ යටතේ හෝ වරදකරුවකු වන යම්‌ පුද්ගලයකුට මෙම ආඥා පනත යටතේ පළමු වරදකරු ලෙස පනවන ලද දඬුවම දෙගුණ කොට පැනවිය හැක.

එසේ වුව ද මෙම වගන්තිය යටතේ කිසිවකින්‌ එකී වරද, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200/11 වැනි පරිච්ඡේදය යටතේ සංක්ෂිප්ත ලෙස චිභාග බාධාවක්‌ නොවේ.

52. වගන්තිය සංස්කරණය

(1) යම්‌ මහෙස්ත්‍රාත්වරයකු චිසින්‌ දඬුවම්‌ ලැබිය යුතු වැරදි පිළිබඳව ක්‍රියාකළ හැක්කේ

(අ) 46 චන චගන්තිය, 47 චන චගන්තිය හෝ 48 චන වගන්තියේ (අ) ඡේදය යටතේ නම්‌, ඔහුගේ ම දැනීම හෝ සැකය මත හෝ සුරාබදු නිලධරයකුගේ හෝ පොලිස්‌ නිලධරයකුගේ පැමිණිලි කිරීමක්‌ හෝ චාර්තාචක්‌ මත හැර:

එසේ චුච ද, පොලිස්‌ නිලධරයකු චිසින්‌ 48 චන වගන්තියේ (අ) ඡේදය යටතේ පැමිණිල්ලක්‌ කරනු ලබන අවස්ථාවක දී හෝ චාර්තාචක්‌ ඉදිරිපත්‌ කරනු ලබන අචස්ථාචක දී, එම නිලධරයා උපපොලිස්‌ පරීක්ෂකචරයකුගේ නිලයට අඩු නොචන නිලයක්‌ දරන පොලිස්‌ නිලධරයකු චිය යුතු අතර, ඔහු චිසින්‌ සුරාබදු කොමසාරිස්‌ ජනරාල්චරයාගේ හෝ සුරාබදු කොමසාරිස්‌ ජනරාල්චරයා විසින්‌ බලය පවරනු ලබන චෙනත්‌ යම්‌ නිලධරයකුගේ ලිඛිත එකඟත්වය ලබාගත යුතු ය.

(ආ) 48 චන චගන්තියේ (ආ) ඡේදය හෝ (ඇ) ඡේදය, හෝ 49 වැනි වගන්ති යටතේ නම්‌ සුරාබදු කොමසාරිස්‌ ජනරාල්වරයාගේ, ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ හෝ ඔවුන්‌ දෙදෙනාගෙන්‌ යම්‌ අයකු විසින්‌ බලය පවරන ලද සුරාබදු නිලධාරියකු විසින්‌ කරන ලද පැමිණිල්ලක්‌ හෝ වාර්තාවක්‌ මත හැර; හෝ පමණි.

(ඇ) 50 වන වගන්තිය යටතේ නම්‌, ඔහුගේ ම දනීම හෝ සැකය මත හෝ සුරාබදු නිලධරයකුගේ පැමිණිලි කිරීමක්‌ හෝ වාර්තාවක්‌ මත හැර,

(2) නීතිපතිවරයාගේ විශේෂ අනුමැතිය නොමැතිව, මෙම ආඥාපනත යටතේ දඬුවම්‌ ලැබිය යුතු වරදකට එම වරද කළ දින සිට වසරක්‌ ගත වීම්ට පෙර නඩු පවරා නොමැති නම්‌, යම්‌ මහෙසත්‍රාත්වරයකු විසින්‌ ඒ බව සැලකිල්ලට ගත යුතු නැත.

53. වගන්තිය සංස්කරණය

(1) 46 වැනි වගන්තිය යටතේ නඩු පැවරීමේ දී, විත්තිකරු විසින්‌ යම්‌ වරදක්‌ කර ඇති බවට පටහැනිව ඔප්පු වන තෙක්‌ එම වගන්තිය යටතේ පහත සඳහන්‌ පරිදි ඔහු විසින්‌ වරදකට යටත්‌ වේ :-

(ආ) සුරා බද්දට යටතේ ඕනෑම භාණ්ඩයක්‌ ; හෝ

(ආ) රා හැර සුරා බද්දට යටත්‌ වෙනත්‌ භාණ්ඩයක්‌ නිෂ්පාදනය කිරීම සඳහා උපයෝගී කරගනු ලබන පෙරහන්‌, හැලිවලන්‌ උපකරණ හෝ ආම්පන්න ; හෝ

(ඇ) සුරාබද්දට යටත්‌ යම්‌ භාණ්ඩයක්‌ නිෂ්පාදනය කිරීම සඳහා සාමාන්‍යයෙන්‌ උපයෝගී කර ගනු ලබන යම්‌ ද්‍රව්‍ය චූදිතයා සතුව තිබීමත්‌ ඒ හා සම්බන්ධව ඔහුගේ කල්‌ ක්‍රියාව පිළිබඳව සතුටුදායක ලෙස පැහැදිලි කිරීමට අපහසු වීම නිසා ඔහු වරදක්‌. කළ බවට නිගමනය කෙරේ. මෙම ආඥාපනත යටතේ බලපත්‍රයක්‌, අවසර පත්‍රයක්‌ හෝ ප්‍රවේශ පත්‍රයක්‌ ලබා ඇත්තෙකු දඬුමකකට ලක්‌ වන්නාක්‌ මෙන්ම බලපත්‍රකරුවන්‌ මෙන්ම ඔවුන්‌ ගේ සේවකයින්ද 46, 47, හෝ 48 වගන්ති යටතේ ඇති වැරදි වෙනුවෙන්‌ දඬුවමකට ලක්‌ චේ. සේවකයන්‌ විසින්‌ එකී වැරදි කර ඇතත්‌ එය සේවකයා විසින්‌ කරන ලද වැරදි ලෙස නොසැලකීමට නම්‌, එම වැරදි වලක්වාලීම සඳහා සියලුම සාධාරණ පියවර ඔහු විසින්‌ ලත්‌ බව සනාථ කළ යුතු ය.

එසේ වුවද, දඩ මුදලක්‌ පැහැර හැරීමේ අවස්ථාවක හැර, වෙනත්‌ පුද්ගලයකුට නොව නියමිත වරදකරුට පමණක්‌ සිර දඬුවමක්‌ නියම කළ යුතු ය. .

(2) මෙම ආඥාපනත යටතේ 43 වැනි වගන්තිය යටතේ යම්‌ පුද්ගලයකු විසින්‌ දැන්වීමට බැඳී සිටියදී එම වගන්තියට පටහැනිව හිතාමතා එසේ දැන්වීම පැහැරහැරියවිට, ඊට පටහැනිව කරුණු ඔප්පු කරන තෙක්‌ නිගමනය කරනු ලබන්නේ එම පුද්ගලයා හිතාමතාම එසේ දැන්වීම පැහැර හැර ඇති බවය. මේ බව සුරාබදු අධිකාරිවරයකුගේ නිලයට පහළ නිලයකට අයත්‌ නොවන සුරාබදු නිලධාරියකු විසින්‌ ඔහුට සුදුසු යැයි හැඟෙන පරිදි පරීක්ෂණයකින්‌ පසු එකී පුද්ගලයා අවශ්‍ය දැන්වීම්‌ කිරිම පැහැර හැර ඇති බවට සෑහීමකට පත්‌ චී ඇති බව ඔහුගේ අත්සනින්‌ ලිඛිතව සහතික කළ යුතු ය.

54. වගන්තිය සංස්කරණය

(1) මෙම ආඥාපනත යටතේ කිසියම්‌ වරදක්‌ කළ විට එම වරද කිරීමට ආධාර වූ සුරාබද්දට යටත්‌ භාණ්ඩ, ද්‍රව්‍ය පෙරහන්‌, භාජන, උපකරණ හෝ ආම්පන්න රාජසන්තක කිරීමට යටත්‌ චේ.

(2) මෙම වගන්තිය යටතේ රාජසන්තක කිරීමට යටත්‌ සුරාබදු භාණ්ඩවලට අමතරව හා ඒ සමග විකිණීමට තබා ඇති, සන්තකයේ තබාගෙන ඇති හෝ නීත්‍යානුකූලව ආනයනය කරන ලද, ප්‍රවාහනය කරන ලද හා නිෂ්පාදනය කරන ලද එමෙන්‌ ම භාජන, ඇසුරුම්‌ සහ සුරාබදු භාණ්ඩ, ආවරණ තුළින්‌ සොයෘ ගත්‌ ද්‍රව්‍ය, පෙරහන්‌, භාජන, උපකරණ හෝ ආම්පන්න හා භාජන හෝ ඇඩසුරුම්වල අන්තර්ගත දෑ සහ සතුන්‌, කරත්ත, යාත්‍රා හෝ වෙනත්‌ දේ ගෙන යන වාහන ආදී සියලුම දේ රාජසන්තක කිරීමට යටත්‌ වේ.

55. වගන්තිය සංස්කරණය

(1) මහෙස්ත්‍රාත්වරයකු විසින්‌ විභාගයට ගනු ලබන නඩුවක දී, ඉහත සඳහන්‌*වගන්තිය අනුව යම්කිසි දෙයක්‌ රාජසන්තක කළ යුතු බවට නිගමනය කරන්නේ නම්‌ එසේ නියෝගයක්‌ කළ හැක. එසේ නැත්නම්‌ ඔහුට සුදුසු යැයි හැඟෙන පරිදි රාජසන්තක කිරිමට ලක්‌ චී ඇති එම භාණ්ඩ අයිතිකරුට ඒ වෙනුවෙන්‌ දඩ ගෙවීමේ මානපය ද ලබා දිය හැක.

(2) මෙම ආඥාපනත යටතේ වරදක්‌ කර ඇති නමුත්‌, වරදකරු හඳුනාගැනීමට හෝ සොයා ගැනීමට අපහසු අවස්ථාවක, එම ආඥාපනත යටතේ රාජසන්තක කිරීමට යටත්‌ භාණ්ඩ යම්‌ පුද්ගලයකු සතු, ඇත්දැයි සතුටුදායක ලෙස නිගමනය කිරිමට අපහසු අවස්ථාවක, එම පැමිණිල්ල ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින්‌ විභාගයට ගෙන තීරණයකට පැමිණ රාජසන්තක කිරීමේ නියෝග කළ හැක.

එසේ වුවද, රාජසන්තක කිරීමට තීරණය කරන ලද භාණ්ඩ අත්‌අඩංගුවට ගත්‌ දින සිට මාසයක්‌ ගත වන තුරු හෝ යම්‌ පුද්ගලයකු විසින්‌ ප්‍රකාශයක්‌ කිරිමට හා භාණ්ඩවලට අයිතියක්‌ පෙන්වන්නේ නම්‌ හෝ එම අයිතිය සනාථ කිරිමට ඉදිරිපත්‌ කරන සාක්ෂි නොඅසා හෝ එවැනි රාජසන්තක නියෝගයක්‌ නිකුත්‌ කළ නොහැක.

තව ද, ප්‍රශ්නයට ලක්‌ වී ඇති භාණ්ඩ සීඝ්‍ර සහ ස්වාභාවිකව විනාශයට පත්‌ වීමට ඉඩ ඇති බැවින්‌ හෝ ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ විශ්වාසයේ හැටියට එම භාණ්ඩ විකිණීම අයිතිකරුගේ වාසියට හේතු වන්නේ නම්‌ එම භාණ්ඩ ඕනෑම අවස්ථාවක විකිණීම සඳහා නියෝග කිරීමට ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයාට පුලුවන. එම විකිණීමේ ශුද්ධ ඉතිරිය පිලිබඳව ක්‍රියා කිරීමට මෙම උප වගන්තියේ විධිවිධාන හැකිතාක්‌ දුරට ප්‍රායෝගික වන පරිද්දෙන්‌ උපයෝගී කරගත යුතු ය.

56. වගන්තිය සංස්කරණය

27 වන වගන්තිය යටතේ යම්කිසි පුද්ගලයකුගේ බලපත්‍රයක්‌ අවසර පත්‍රයක්‌ හෝ ප්‍රවේශ පත්‍රයක්‌ අවලංගූ කිරීමට හෝ අත්හිටුවීමකට යටත්‌ වූ විට හෝ 48 වන හෝ 50 චන වගන්ති යටතේ යමෙකු විසින්‌ වරදක්‌ කර ඇතැයි සාධාරණව සැක කරන විට, ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයා හෝ ඇමතිවරයා විසින්‌ එම කරුණු සඳහා විශේෂයෙන්ම බලය පවරන ලද සුරාබදු නිළධාරියකු විසින්‌, එකී දඬුවමට ලක්වූ පුද්ගලයාගේ බලපත්‍ර අවලංගු කිරීම හෝ අත්හිටුවීම හෝ කරන ලද වරද සමථයකට පත්‌ කිරීම වෙනුවෙන්‌ රුපියල්‌ පන්ලක්ෂයක්‌ නොවැඩි මුදලක්‌ එම පුද්ගලයාගෙන්‌ ලබා ගත හැක. එසේම, මෙම ආඥාපනත අනුව රාජසන්තක කිරිමට යටත්‌ ව, අත්‌අඩංගුවට ගන්නා ලද දේපළක්‌ වෙතොත්‌, එකී නිළධාරින්ගේ තක්සේරු අනුව එහි වටිනාකම ගෙවීමෙන්‌ පසුව එම දේපළ නිදහස්‌ කළ හැක. අදාළ පරිදි නියමිත මුදල්‌ ද, එහි වටිනාකම හෝ ඒ දෙකම එකී නිළධාරියාට ගෙවීමෙන්‌ පසු, අත්‌අඩංගුවේ සිටින්නේ නම්‌ එම චූදිත පුද්ගලයා අත්‌අඩංගුවේ සිටින්නේ නම්‌ ඔහු ද නිදහස්‌ කොට, අත්‌අඩංගුවට ගත්‌ දේපළ ද නිදහස්‌ කළ හැක. එයින්‌ පසු එම පුද්ගලයාට හෝ දේපළට එරෙහිව තවදුරටත්‌ නීතිමය ක්‍රියාමාර්ගයක් ගත නොහැක.

57. වගන්තිය සංස්කරණය

මෙම ආඥාපනත යටතේ සිදුකරනු ලබන සියලුම කඩකිරීම්‌ වෙනුවෙන්‌ සංක්ෂිප්ත නඩු විභාග පැවැත්වීමට, මෙම ආඥාපනතින්‌ ප්‍රකාශිත දණ්ඩන නියම කිරීමට මහෙස්ත්‍රාත්වරුන්ට 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයට යටත්‌ ව බලය පැවරේ. අපරාධ නඩුවිධාන සංග්‍රහයේ හෝ වෙනත්‌ පනතක අඩංගු දෑ ඉහත කී ක්‍රියාමාරගයට පටහැනි නොවේ.

10 පරිච්ඡේදය සංස්කරණය

(විවිධ)

58. වගන්තිය සංස්කරණය

මෙම ආඥාපනතේ ඉහතින්‌ සඳහන්‌ විධිවිධාන වෛද්‍යවරුන්‌, රසාඥයින්‌, බෙහෙත්‌ වෙළඳුන්‌, ,බෙහෙත්‌ කළවම්කරන්නන්‌, බෙහෙත්‌ සාදඳන්නන්‌ හෝ බෙහෙත්‌ ශාලා පවත්වන්නන්‌ චිසින්‌ ආනයනය, නිෂ්පාදනය, .සන්තකයේ'ං ගැනීම, වෙළඳාම හෝ ඔෟෂධීය අවශ්‍යතාවයන්‌ සඳහා සද්භාවයෙන්‌ ඹෟෂධ භාණ්ඩ සැපයීම ආදිය සඳහා අදාළ නොවේ. එසේ වුව ද අමාත්‍යාවරයා චිසින්‌ කරනු ලබන නිවේදනයක්‌ මගින්‌ ලංකාව පුරා හෝ යම්‌ ප්‍රදේශයක්‌ තුළ, ආනයනය, නිෂ්පාදනය, සන්තකයේ ගැනීම, සැපයීම හෝ එවැනි භාණ්ඩයක්‌ අලෙවි කිරීම, පූර්ණ වශයෙන්‌ හෝ යම්‌ නිශ්චිත කොන්දේසි මත හෝ තහනම්‌ කළ හැක, එසේ තහනම්‌ කරන ලද භාණ්ඩ සඳහා මෙම ආඥාපනකේ චිධිවිධාන අදාළ චේ.

(1) සුරාබදු ත්‍යාග අරමුදල නම්‌ වූ (මේ වගන්තියෙහි “අරමුදල” යනුවෙන්‌ සඳහන්‌ කරනු ලබන) අරමුදලක්‌ පිහිටුවනු ලැබිය යුතු අතර, එම අරමුදල සුරාබදු කොමසාරිස්‌ ජනරාල්වරයාගේ පාලනය යටතේ චිය යුතු ය.

(2) මේ ආඥාපනත යටතේ වූ වැරදි-සමථයට පත්‌ කිරීමේ දී හෝ මේ ආඥාපනත යටතේ නිකුත්‌ කරනු ලැබූ බලපත්‍රයක්‌, අවසරපක්‍රයක්‌ හෝ ප්‍රවේශ පත්‍රයක්‌ අවලංගු කිරීම හෝ අත්හිටුවීම වෙනුවට 56 වන වගන්තිය යටතේ ලැබුණු සියලු. මුදල්‌ අරමුදලට ගෙවනු ලැබිය යුතු ය.

(3) 33 චන වගන්තිය යටතේ සාදන ලද රිති මගින්‌ නියම කරන ලද යෝජනා ක්‍රමයට අනුකූලව ත්‍යාග වශයෙන්‌ සුරාබදු නිළධරයන්ට සහ තොරතුරු සපයන්නන්ට ගෙවීමට නියමිත සියලු ගෙවීම්‌ අරමුදලින්‌ ගෙවනු ලැබිය යුතු ය.

(අ) යම්‌ තැනැත්තකුට -

(ආ) විශේෂ සෙ'වයක්‌ ලෙස සුරාබදු කොමසාරිස්‌ ජනරාල්වරයා විසින්‌ නිශ්චය කරනු ලබන යම්‌ සේවාවක්‌ ; හෝ

(ඇ) යම්‌ සුරාබදු නිළධරයකු ඔහුගේ නිසි කාරයාලය හෝ සේවය නියුක්ත ස්ථානය නොවන වෙනත්‌ යම්‌ කාර්යාලයකට හෝ ස්ථානයකට පැමිණ සිටීම.

අවශ්‍ය වන අවස්ථාවක, ඒ තැනැත්තා විසින්‌ එම සේවාව හෝ පැමිණ සිටීම වෙනුවෙන්‌, සුරාබදු කොමසාරිස්‌ ජනරාල්වරයා විසින්‌ නිශ්චිතව නියම කරනු ලබන යම්‌ අනුප්‍රමාණ මත, සුරාබදු කොමසාරිස්‌ ජනරාල්වරයා වෙත ගෙවිම්‌ කළ යුතු ය.

59. වගන්තිය සංස්කරණය

මෙම ආඥාපනතට අනුකූලව හා යම්‌ නීතියකට ආදාළව, සද්භාවයෙන්‌ කරන ලද හා කිරිමට නියෝග ලත්‌ ක්‍රියාවක්‌ වෙනුවෙන්‌ ශ්‍රී ලංකා රජයට එරෙහිව හෝ සුරාබදු නිලධාරියකුට එරෙහිව අලාභ ඉල්ලා කුමන හෝ සිවිල්‌ උසාවියක හෝ නඩු පැවරිය නොහැක. යම්‌ සුරාබදු නිලධාරියකුට විරුද්ධව පවරනු ලබන හෝ මෙම ආඥාපනතේ පරමාර්ථ ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය හෝ යම්‌ සුරාබදු නිලධාරියකු විසින්‌ කරනු ලබන හෝ ක්‍රියාවකට එරෙහිව ගනු ලබන නීත්‍යානුකූල පියවර, එම පැමිණිල්ලේ දින සිට හය මසක්‌ ඇතුළත ආරම්භ කළ යුතු ය.

60. වගන්තිය සංස්කරණය

(1) සියලුම සුරාබදු නිවේදන ගැසට්‌ පත්‍රයෙහි පළකල යුතු ය.

(2) සෑම සුරාබදු දැන්වීමක්ම අධිකරණමය නියමයක්‌ මෙන්‌ විය යුතු ය.

(3) සුරාබදු දැන්වීමක්‌ මුද්‍රණය කරන විට -

(අ) රජයේ නියමය අනුව හෝ රජයේ මුද්‍රණාලයාධිපති විසින්‌ හෝ රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය කරනු ලබන ඕනෑම සුරාබදු අත්‌ පොතක හෝ වෙනත්‌ පොතක හෝ පත්‍රිකාවක ; හෝ

(ආ) යම්‌ ගැසට්‌ මුද්‍රණයකින්‌ උපුටා ගන්නා ලද උධෘතයක්‌, ඊට සාපේක්ෂව ගැසට්‌ පත්‍රයෙහි පළකරන ලද සුරාබදු නිවේදනයක්‌ බවට නිගමනය ඊට පටහැනි දෙයක්‌ ඔප්පු නොවන තාක්‌ දුරට එය පිළි ගනු ලැබේ.

(4) මෙම වගන්තියේ -

“සුරාබදු නිවේදනය” යනු මෙම ආඥාපනතේ අරමුණු සඳහා ඒ යටතේ සම්පාදනය කරනු ලබන හෝ නිකුත්‌ කරනු ලබන නිවේදනයකි ;

“අධිකරණය” යනු සාක්ෂි ආඥාපනතේ ඊට දී ඇති අර්ථයම වේ.

සටහන් සංස්කරණය

^සටහන 1 1. 1992 අංක 58 දරන පනතේ 4 වන වගන්නිය මගින්‌ දිසාපතිවරයන්‌ විසින්‌ ක්‍රියාත්මක කරනු ලබන සහ ඉටු කරනු ලබන බලතල, කාර්ය, කර්තව්‍ය ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයාට පැවරේ.

"https://si.wikipedia.org/w/index.php?title=සුරාබදු_ආඥා_පනත&oldid=548290" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි