සන්නායකයක් චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව තබා ක්ෂේත්‍රයට හා සන්නායකයට ලම්බකව සන්නායකය චලනය කලවිට සන්නායකයේ දෙකෙළවර විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණයවේ.සන්නායකය සන්වුර්ත පරිපථයක ඇතිනම් එම විද්‍යුත්ගාමක බලය නිසා සන්නායකයේ ධාරාවක් ගලායයි.මෙම ප්‍රේරිත ධාරාවේ දිශාව ෆ්ලෙමිංගේ දකුණත් නීතියෙන් සොයාගත හැක

සුරතෙහි මහපටගිල්ල,දබරැගිල්ල හා මැදගිල්ල එකිනෙකට ලම්බකව තබාගෙන මහපටගිල්ල සන්නායකය චලනය වන දිශාවට ද දබරගිල්ල එම සන්නායකය මගින් කැපෙන චුම්බක ක්ෂේත්‍රය පිහිටන දිශාවටද යොමු කලවිට මැදගිල්ලෙන් සන්නායකය තුළින් ගලන ධාරාවේ දිශාව පෙන්නුම් කරනු ලැබේ

"https://si.wikipedia.org/w/index.php?title=සුරත්_නීතිය&oldid=470376" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි