යම් භාෂාවක විෂම උපභාෂා මූලාශ්‍ර කර ගනිමින් සම්මත උපභාෂාව වශයෙන් භාවිතා කිරීම සඳහා නිර්මාණය කර ගන්නා ලද භාෂාව සුපිරි උපභාෂාව ලෙස හැඳින්වේ. 1829-1850 කාල සමය තුළ Ivar Aasen විසින් නිර්මාණය කළ නව නොර්වේජියානු නීනෝර්ස්ක් භාෂාව​, 1982 වසරේ දී හඳුන්වා දුන් Heinrich Schmid නිර්මාණය කළ Romantsch Grischun සුපිරි උපභාෂා සඳහා නිදර්ශන වශයෙන් දැක්විය හැකිය​. සාමාන්‍යයෙන් සුපිරි උපභාෂාවක් හඳුන්වා දෙන්නේ සම්මත ලිඛිත ව්‍යවහාරයක් හඳුන්වා දීම සඳහා ය​. නමුත් එය ක්‍රමිකව එය එදිනෙදා භාෂා ව්‍යවහාරයට ද බලපෑමක් කරන බව දැක ගත හැකි ය​.

"https://si.wikipedia.org/w/index.php?title=සුපිරි_උපභාෂාව&oldid=370100" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි