සුපර්මෑන්
සුපර්මෑන් (ඉංග්‍රීසි: Superman) යනු ප්‍රබන්ධ චරිතයකි. මෙම චරිතය DC(Detective Comics(ඩිටෙක්ටිව් කොමික්ස්) = රහස් පරික්ෂක චිත්‍ර කථා; පසුව 'ඩිටෙක්ටිව් කොමික්ස්' යන නම එය බෙදා හල සමාගමට බැර විය. ) චිත්‍ර කථා අතර ජනප්‍රියතම හා බලගතුම සුපිරි වීර චරිතයක් ලෙස සැලකිය හැක. කැනඩාවේ උපන් ච්ත්‍ර ශිල්පී ජෝ ෂුස්ටර් (Joe Shuster) හා අමෙරිකානු ගත්කරු ජෙරී සීගල් (Jerry Siegel)විසින් 1932 දී නිර්මාණය කොට සීමාසහිත ඩිටෙක්ටිව් කොමික්ස් වෙත 1938 දී අලෙවි කල මෙම චරිතය පළමුව 1938 ජූනි මස ඇක්ෂන් කොමික්ස් අංක 1 (Action Comics #1)හි එළිදැක පසුව බොහෝ ගුවන්විදුලි වෘත්තාන්ත, රූපවාහිණී වැඩසටහන්, චිත්‍රපට, පුවත්පත් චිත්‍රකතා හා වීඩියෝ ත්‍රීඩා වල තම ශිල්ප දැත්වීය.
සුපර්මෑන් | |
---|---|
ප්‍රකාශන තොරතුරු | |
ප්‍රකාශකයා | DC කොමික්ස් |
පළමු එළිදැක්ම | Action Comics #1 (June 1938) |
නිමැවුනු ලැබුවේ | Jerry Siegel and Joe Shuster |
කථා වස්තු තොරතුරු | |
ද්විත්ව චරිතය | Kal-El Clark Kent |
සම්භව ස්ථානය | Krypton |
කණ්ඩායම් අනුබැඳි | The Daily Planet Justice League Legion of Super-Heroes Team Superman Black Lantern Corps White Lantern Corps |
හවුල් ව්‍යාපාර | Batman Wonder Woman |
සංගණ්‍ය අන්වර්ථයන් | Gangbuster, Jordan Elliot, Nightwing, Supernova, Superboy, The Red Blue Blur, Superman Prime, Commander El |
හැකියාවන් | Superhuman strength, speed, stamina, invulnerability, senses, intelligence, regeneration, longevity, super breath, heat vision, x-ray vision, microscopic vision, telescopic vision, and flight |
වර්ෂ 1978 දී ක්‍රිස්ටෝපර් රීව් විසින්ද, 2013 දී හෙන්රි කැවිල් විසින්ද සුපර්මෑන් චරිතයට පණ පොවන ලදී.
අඩවියෙන් බැහැර පිටු
සංස්කරණය- නිල වෙබ් අඩවිය සංරක්ෂණය කළ පිටපත 2009-12-21 at the Wayback Machine