සුනාමි අනතුරු හැඟවීම හා වැළැක්වීම

රෑපය - 1 කැලි‍ෆෝනියා නිව් පොර්ට් වෙරළේදී Balboa අර්ධවීපයේ Wedge හී පවතින සුනාමි අනතුරැ ඇගවීම් සංඥාව 02 - බ්‍රිටිෂ් කොලොම්බියා වේ බැම්ෆීල්ඩ් හි සුාමි අනතුරැ ඇගවීම සංඥාව 3- ජපානයේ මිසු හි සුනාමි බාධකය

සුනාමියක් වැළැක්වීඹට හෝ නිරවද්‍යව අනවැකි පළකිරීමට හෝ නොහැක. අවශ්‍යතරම් විශාලත්වයක් සහිත භූමිකම්පායක් නිවැරදි ස්ථානයක සිදුවුවද මෙය අපහසුවේ. සාගර විද්‍යාඥයෝ හා භූකම්පන විද්‍යාඥයෝ සෑම භූමිකම්පනයක්ම විඔශ්ලේෂණය කර වෙනත් සාධක බොහොමයක්ද සැලකිල්ලට ගෙන එමගින් සුනාමි අනතුරැ ඇගවිමක් නිකුත් කර සෑම භූමිකම්පනයක්ම විශේෂණය කර වෙනත් සාධක බොහෝමයක්ද සැලකිල්ලට ගෙන එමගින් සුනාමි අනතුරැ ඇගවීමක් නිකුත් කර යුතුදැයි තීරණය කරතී. නමුත් සුනාමියක් සිදුවීමට ආසන්න වීම අනතුරැ සංඥා බොහෝමයක් ඇති අතර සුනාමියෙන් සිදුවන හානිය අවම කර ගැනීමට ක්‍රමවේදයන් සකස් කර ති‍බේ. මොලය යොදාගන්නා වැදගත්ම හා නිරතුරැවම නිරක්ෂණයට ලක්වන පද්ධතිය වන්නේ සාගර පතුලේ පීඩනය සංවේදකයයි. මේවා බෝයාවන්ට අමුණා මුහුදේ පිටිහුවා ඇත. මේවා ඉහළ ජල මට්ටමේ පීඩනය නිරතුරැවම නිරික්ෂණය කරයි.

F= GDb මෙහි F = ඉහළින් පවතින බලය හෝ පීඩනය වර්ගමිටරය නිව්ටන් මගින්, G= ගුරැත්වජ ත්වරණය, D = ප්ලැස් ඝනත්වය , B= ජල මට්ටමේ උස G=9.8ms-2, d=1.1 103 kg m3 හා h යනු ජලයේ ගැඹුර මීටර් වලින් ඒ අනුව 500m ගැඹූරින් පවතින ස්ථානයක පීඩනය වන්නේ 9.8=1.1 103 5 103 හෝ 5.4 107 Nm2 හෝ වර්ග මීටරය ටොන් මිලියන 5.7

සුනාමියේ පළමුව පැමිණෙන කොටස රැල්ලේ නිම්නය නම්, ජල තරංගයේ කලාවර්තයට හරි අඩකට කලින් සාගරයේ වෙ‍රළෙත් පසු පසට ගමන් කරයි. වෙරළ ආරශ්‍රීත මුහුදු පතුල නොගැඹුරැ නම් මෙම පසුපසට යාම මීටර් සිය ගණනක් පමණ විය හැක. මෙහිදී අනතුරැ පිළිබද දැනුමක් නොමැතිවීම හේතුවෙන් කුතුහලයට පත්වන මිනිසුන් වෙරළ ආසන්නයට පැමිණීම හෝ නිරාවණය වු මුහුදේ මසුන් එකතු කිරීමට හෝ පෙළඹේ 2004 දෙසැම්බර් 26 දි ඉන්දියන් සාගරයේ ඇති වු සානාමියේදී මෙලෙස නිරාවණය වු මුහුදු පතුල විමර්ශනය කිරීමට පුද්ගලයන් බොහෝ ගණනක් පෙළඹුණි. මෙහිදි ගත් ඡයාරෑපයක සාමාන්‍යයෙන් ජලයෙන් යටවු ප්‍රදේශවල රැදී සිටින මිනිසුන් හා පසුබිමක් ගලා එන සුනාමි රැල්ල පෙන්වයි. මෙලෙස වෙරළේ රැදි සිටි බොහෝ දෙනෙක් උස්බිම් වෙත පලා යාමට නෙමහහැකි වී මියගියහ.

පීන්තූරය -

ජනගනයේ කමතුරා මුහුදු බාධකයේ ඇති සුනාමි අනතුරැ ඇගීවීම සංඥා 2004 මරොමාඩි යුගයේදී කමතුරා වට බලපෑ සුනාමියකින් Kotoku හි පිහිටි අම්මා බුදුන්ගේ අතිවිශාල ප්‍රතිමාව සෙවන කළ දැව මන්දිරය විනාශ විය. එදා පටන් එම ප්‍රතිමාව එලිමහනේ පවති.

සුනාමි අනතුරැ ඇතිවීම වැඩි ඉඩක් පවතින කලාප සුනාමි හදුනාගෙන රැල්ල ගොඩබිම‍ට ළගාවීඹට පෙර මහජනතාව දැනුවත් කිරීමට සුනාමි අනතුරැ සංඥා පද්ධති භාවිතා කරති. එක්සත් ජපදයේ පැසිෆික් සාගර සුනාමි ඇතිවීමට හැකියාව පවතින බටහිර රෙළ තීරයේ මිනිසුන්ට ඉවත්විය හැකි මාර්ග දක්වන පුවරැ සවිකර ඇත.

පැසිෆික් සුනාමි අනතුරැ හැගවීම පද්ධතිය හොනලුල මත පදනම් ව ඇත. එය පැසිෆික් ප්‍රදේශයේ ඕනෑම ස්ථානයක ඇතිවන භූමිකම්පනයක් හදුනා ගනී. එහි විශාලත්වය හා තවත් තොරතුරැ මත සුනාමි අනතුරැ ඇගවීම් නිකුත් කෙ‍‍රේ. මෙහිදි සැලකිය යුතු වැදගත් කරැණක් වන්නේ පැසිෆික් කලාපය භූකම්පන ක්‍රියාකාරී ප්‍රදේශයක් වුවද සැම භූකම්පනයකින්ම සුනාමි හට නොගනී. මේ නිසා පිගණක භාවිතා කරන්නේ සුනාමි අවදානම අධ්‍යයනය කිරීමට උපකාරීවන මෙවලමක් ලෙසය.

ඉන්දියන් සාගරයේ ඇති වු සුනාමියේ සෘජු ප්‍රතිඵලයක් ලෙස වෙරළාශ්‍රිත ‍ප්‍රදේශවල සුනාමි තර්ජනය පිළිබද නැවත තක්සේරැවක් එක්සත්ජාතීන්ගේ වවසන අඩුකිරීමේ කොමිසමම හා රජයන් මගින් සිදුකර ඇති අතර ඉන්දියන් සාගරයේ සුනාමි අනතුරැ ඇගවීමට සංඥා පද්ධිතයක් ස්ථාපිත කරමින් පවතී.

සුනාමි අනාවැකි පළකිරිමට පරිඝනක ආකෘති භාවිතා කළ හැක. නිරීක්ෂණ මගින් පෙන්වා දීඇති පරිදි අනාවැකි පළකෙරැණු පතුලේ කාලය හා සුනාමිය පැමිණිමේ කාලය අතර වෙනස මිනිත්තු කිහිපයකි. සාගර පතුලේ පවතින සංවේදක මගින් ලබාගන්න දත්ත හා සුනමි ඇතිවීමට හේතු වු භූකම්පනයේ ස්වභාවය පිළිබද තොරතුරැ සාගර පතුළේ ස්වභාවය (ආගාධ මිතිය) හා වෙරෙ‍ළේ (භූවිෂමතා) මලිව් විස්තරය හෙවත් රැල්ලේ උස ගණනය කළ හැක. පැසිෆික් සාගර සීමාවේ පවතින සියළුම රටවල් සුනාමි අනතුරැ ඇගවීමේ පද්ධතිය හා සංයෝගතිවයෙන් ක්‍රියාකරන අතර නොවැලැක්විය හැකි සුනාමියක් පැමිණි විට ක්‍රියාකල යුතු අන්ද පිළිබද මහජනයාට පුහුණුව ලබාදේ. ජපානයේ දි මෙම සුදානම වීම රජය, දේශීය අධිකාරි හා හදිසි ‍සේවා ආයතන හා මහජනයාට අනිවාර්ය වේ. සමහර සත්වවිද්‍යාඡයෝ සතුන්යට භූමිකම්පාවකදී හෝ සුනාමියකදි ඇතිවන රේයිලි (Reyleign) උපධ්වනි තරංග සංවේදනයට හැකියාවක් ඇති බව උපකල්පනය කරයි. සහර සතුන්ට මෙවැනි ස්වභාවික සංසිද්ධීන් පිළිබදව කල්තබා හදුනා ගනීමේ හැකියාවක් පවතින අතර අවධානයෙන් නිරීක්ෂණ කළ හොත් මෙය සුනාමි හා භූමිකම්පන අනතුරැ ඇගවීම් ලෙස යොදා ගත හැක. නමුත් මෙම සාක්ෂි මතභේදයට තුඩු දී ඇති අතර විද්‍යාත්මකව ඔප්පු කර නැත. සමහරක් නිල නොවන වාර්තා වලට අනුව ලිස්බන් භූ දලනයට පෙර බොහෝ සත්තු නොසන්සුන් ව හැසිරැනු අතර විද්‍යාත්මක ඔප්පු කර නැත. සමහර සමහරක් නිලනොවන වාර්තා වලට අනුව ලිස්බන් භූචලනයට පෙර බොහෝ සතුන් නොසන්සුවන් අතර පහත් බිම් වල සිට උස් බිම් වෙත සංක්‍රමණය වුහ. නමුත් මෙම ‍ප්‍රදේශයේම බොහෝ සත්තු දියේ ගිලිමෙන් මිය ගියහ. මෙම සංසිද්ධිය 2004 දී ඉන්දියන් සාගර භූකම්පනයේදී ශ්‍රීලංකාවෙන්ද වාර්තා විය. පහත දැක්වෙන කරැණු අදාළ වුවුද විද්‍යාත්මක කරැණු නොව මාධ්‍ය මගින් අනාවරණය වු කරැණය. (BBC [1]) (Kenneally [2] ) අලි වැනි සමහර සතුන්ට සුනාමිය වෙරළ ලගා වන ශබ්දය ඇසීමෙන් ඔවුන් එයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස එම ශබ්දයෙන් ඉවතට එනම් රට තුළට ගමන් කර ඇත. නමුත් මනුෂ්‍යයෝ එය පරික්ෂා කිරීමට වෙරළට යාමෙන් ඔවුන් දියේ ගිලීමට පත්විය.

සුනාමි වැලැක්වීඹට නොහැක. නමුත් සුනාමී අවදානම සහිත සමහර රටවල් එයින් වෙරළට සිදුන හානිය අවම කිරීම ක්‍රම යොදාගෙන තිබේ. ජපානයේ 4.5 m (13.5අඩි) පමණ උස සුනාමි බාධක ජනාධික වෙරළ ප්‍රදේශ වල ඉදිකිරිමේ පුළුල් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. ‍අනෙක් ප්‍රදේශවල සුනාමි සමග පැමිණෙන ජලය නැවත හරවා යැවීමට අවශ්‍ය දිය දොර හා ඇල මාර්ග තනා ඇත. නමුත් මේවයේ ඵලදායීතාවය ගැටලුවක් වන්නේ සුනාමි රළ සාමාන්‍යයෙන් මෙම බාධක වලට වඩා උසින් වැඩිවීමයි. උදාහරණයක් ලෙස 1993 ජුලි 12 හටගත් භූමිකම්පාවෙන් විනාඩි හිකිපයකට පසුව ඔකුෂි දුපත, හොකයිඩෝ හි හටගත් බකුෂි, හොකයිඩෝ සුනාමියෙන් 30 m (100අඩි) පමණ අස රැල්ලක් ඇති වු අතර මෙය තට්ටු 10 කින් යුත් ගොඩනැගිල්ලක් පමණ උසින් යුක්තය. Aonae නගරය සම්පුර්ණයන්ම සුනාමි බාධක වලින් වටවී තිබුනද සුනාමි රළ බාධකයට ඉහළින් පැමිණ නගරයේ තිබු දැවමය ගොඩනැගිලි සියල්ල විනාශයට පත් කළේය. මෙම බාධකය රළ පහරේ වේගය හා උස අඩු කිරීමට හේතු වුවද විශාල දේපලහානි හා ජීවිත හානි වැළැක්වීමට නොහැකි විය.

සුනාමියෙන් බලපෑම් අවම කිරීම වෙරළතීරයේ ගස්වැල් ආවරණය වැනි ස්වභාවික සාධක වලට හැකියාව තිබේ. 2004 දී ඉන්දියන් සගාර සුනාමියෙ එයට ගොදුරැ වු සමහර ප්‍රදේශ සම්පුර්ණයෙන්ම වාගේ බේරිමට ලක්විය. මෙයට හේතුව වන්නේ සුනිමියේ ශක්තිය පොල් හා කඩොලාන වැනි ශාක මලිව් අය‍ශෝෂණය කර ගැනිමයි. මෙය සදහ පැහැදිලි උදාහරණයක් වන්නේ ඉන්දියාවේ තමින්නාඩු ප්‍රදේශයේ නලුවේදාපති (Naluverdapathy) ගම්මානයේ අවම හනියට පත් වු අතර සුළු ජීවිත හානි කීපයක් පමණක් සිදුවිය. මෙයට හේතුව සුනාමි රළ පහර වැදුනේ 2002 දී ගිනස් වාර්තා පොතට ඇතුළත් වීම සදහා ඔවුන් විසින් වෙරළ ආසන්නයේ පැළ කර තිබු ගස් 80,224 කින් යුත් වනාන්තරයට වීමයි. පරිසරවේදියෝ සුනාමි අවසානම් සහිත ප්‍රදේශ වෙරළතීරය දිගේ ගස් වැවීම පිළියමක් ලෙස යෝජනා කරති. ශාක ප්‍රයෝජනවත් ප්‍රමාණයක් වර්ධනය වීමට අවුරැදු කිහිපයක් ගතවුවද මෙය කෘත්‍රීම බාධක වලට වඩා ලාභදායී හා දීර්ඝ කාලීන සුනාමි හානි අවම කරගැනීමේ ක්‍රමයකි.