සුද්‍රාව්‍ය පද්ධතිය
සුද්‍රාව්‍ය පද්ධතියක්, ග්‍රීක "ευ" (eu = පහසු) සහ "Τήξις" (tecsis = දියවීම), වෙතින් විස්තර කෙරෙනුයේ, එක් එක් ශුද්ධ සංඝටකය විසින් එහි ස්වීය මහත් දැලිස සැකසුම තබාගන්නා පරිදී, සංඝටක අතර අතිවිශිෂ්ට පරමාණුක ප්‍රතිශත අනුපාතයක් සාක්ෂාත් කරගනිමින්, සහබද්ධ සුපිරි-දැලිසක් තනන, පරමාණුක සහ /හෝ රසායනික විශේෂයන්ගේ සමජාතීය ඝන මිශ්‍රණයකි. . සුද්‍රාව්‍ය පද්ධතිය සමස්තයක් ලෙසින් දිය වන්නේ මෙම පරමාණුක /අණුක අනුපාතයෙහිදී පමණක් වන අතර, සුවිශේෂ උෂ්ණත්වයකදී (සුද්‍රාව්‍ය උෂ්ණත්වය හෝ ET) සුපිරි-දැලිස වෙතින් එක විටම එහි සියළු සංඝටක නිදහස් කොට ද්‍රව මිශුණයක් බවට පත් කෙරෙයි. සම්බන්ධිත සංඝටක විශේෂ සඳහා මිශ්‍රණ අනුපාතයන් සමස්තය සැලකූ කල අඩුතම විලයන උෂ්ණත්වය ET වෙයි.
වෙනත් ඕනෑම මිශ්‍රණ අනුපාතයක් රත් කිරීමේදී, ET වෙත ලඟාවීමේදී — දකුණේ ඇති කලාප සටහන බලන්න — එක් සංඝටකයක දැලිස මුලින්ම විලයනය වන අතර, අනෙකුත් සංඝටක ලැටිස(ය) (සමස්තය) දියවීමට මිශ්‍රණයෙහි උෂ්ණත්වය තවදුරටත් වැඩිවිය යුතුය. ප්‍රතිලෝම ලෙසින්, සුද්‍රාව්‍ය-නොවන මිශ්‍රණයක් සිසිල්වත්ම, සියළුම ද්‍රව්‍යය ඝන වන තුරු, මිශ්‍රණයෙහි එක් එත් සංඝටකය ප්‍රභින්න උෂ්ණත්වයකදී ඝනීභවනය වෙයි (එහි දැලිස තනයි).
කලාප සටහනක සුද්‍රාව්‍ය ලක්ෂ්‍යයක් අර්ථ දක්වන්නාවූ ඛණ්ඩාංක වන්නේ, සුද්‍රාව්‍ය ප්‍රතිශත අනුපාතය (සටහනෙහි පරමාණුක/අණුක අනුපාත අක්ෂයෙහි) සහ සුද්‍රාව්‍ය උෂ්ණත්වය (සටහනෙහි උෂ්ණත්ව අක්ෂයෙහි) වෙති.[1]
ආශ්‍රිත
සංස්කරණය- ^ Smith & Hashemi 2006, pp. 326–327 .