සීමාසහිත ලංකා පොහොර සමාගම 50 වැනි සංවත්සරය තැපැල් මුද්දරය

මුද්දර නිවේදන අංකය 841 සංස්කරණය

සීමාසහිත ලංකා පොහොර සමාගම 50 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් රුපියල් 5 ක වටිනාකමකින් යුත් නව තැපැල් මුද්දරයක් 2014 අප්‍රියෙල් මස 04 වැනි දින නිකුත් කෙරේ.[1]. මහින්ද චින්තන ප්‍රතිපත්තියෙන් ප්‍රකාශිත ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව සදහා වන පොහොර සහනාධාරය යථාර්තයක් කිරීමේ ප්‍රධානතම රාජ්‍ය ආයතනය ලෙස කටයුතු කරන්නේ සීමාසහිත ලංකා පොහොර සමාගමයි. 2007/2008 ගිණුම් වර්ෂයේදී සෘණ රුපියල් මිලියන 340 ක ශුද්ධ ජංගම වත්කමක් සහිත අස්ථාවර ආයතනයක් ලෙස පැවති මෙම සමාගමේ 2012/2013 ගිණුම් වර්ෂය අවසන් වන විට රුපියල් මිලියන 1,606 ක ශුද්ධ ජංගම වත්කම් සහිත ස්ථාවර ආයතනයක් ලෙස ස්ථාපිත වූ අතර 2012/2013 ගිණුම් වර්ෂය අවසන් වන විට සමාගමේ ශුද්ධ වත්කම් රුපියල් මිලියන 3,736 ක් දක්වා වර්ධනය වී ඇත. 2012/2013 ගිණුම් වර්ෂය තුලදී රුපියල් මිලියන 199 ක බදු පෙර ලාභයක් ලැබූ සීමාසහිත ලංකා පොහොර සමාගම 2013 වර්ෂය සදහා මහා භාණ්ඩාගාරයට රුපියල් මිලියන 38 ක ලාභාංශ ගෙවා ඇත. මහින්ද චින්තන ප්‍රතිපත්තිය යටතේ වාර්ෂික වී සහනාධාරය පොහොර මෙ. ටො. ලක්ෂ 03 ක් පමණ ආනයනය කර දිවයින පුරා බෙදාහරින ලංකා පොහොර සමාගම 2013 වර්ෂය තුලදී අනෙකුත් බෝග සදහා වන සහනාධාර පොහොර මෙ. ටො. 37,745 ක් අලවි කර ඇත. 1964 වසරේදී ආරම්භ කල ලංකා පොහොර සංස්ථාව 1992 වසරේදී සීමාසහිත ලංකා පොහොර සමාගම නමින් නැවත ස්ථාපිත විය. මෙම සමාගම ISO 9001:2008 ජාත්‍යන්තර තත්ව සහතිකය හා සමාගමේ රසායනාගාරය සදහා ISO/IEC 17025:2005 ජාත්‍යන්තර තත්ව සහතිකය හා ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ ප්‍රතීතනයද හිමිකරගෙන ඇත.

නිකුත් කරන දිනය - 2014 අප්‍රියෙල් මස 04 වැනි දින. වටිනාකම - රුපියල් 5.00. මුද්දර සැලසුම්කරු - ගාමිණි අබේකෝන්. ප්‍රමාණය - මි. මී. 41 x මි. මී. 30. හැඩය - තිරස්. මුද්‍රණ ක්‍රමය - ඕෆ්සෙට් ලිතෝග්‍රැෆි. පත් සැකැස්ම - පත්‍රිකාවක මුද්දර 20 බැගින්. සිදුරු ප්‍රමාණය - 12 3/4 x 13 1/4 මුද්‍රණකරුවෝ - රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව, ශ්‍රී ලංකාව. වර්ණ ( පාවිච්චි කළ ) - හතරයි. කඩදාසි වර්ගය - 102 ජී. එස්. එම්. ආරක්ෂිත මුද්දර මුද්‍රණ කඩදාසි. මැලියම් - පීවීඒ. මුද්‍රණය කළ ප්‍රමාණය - 500,000. අලෙවි කරන අවසන් දිනය - 2015.04.03.

  1. මුද්දර කාර්යයංශය විස්තර පත්‍රිකාව