සිසිර සේනාරත්න
උපත1935 මාර්තු 29
මියගිය දිනය2015 පෙබරවාරි 04
කොළඹ
නිවහනශ්‍රී ලංකාව
පුරවැසිබවශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයහලාවත ශාන්ත මරියා විද්‍යාලය
මරදානේ මධ්‍ය විද්‍යාලය
නාලන්දා විද්‍යාලය, කොළඹ
රැකියාවසහකාර රේගු අධිකාරි
සේවායෝජකයාශ්‍රී ලංකා රේගුව
ප්‍රසිද්ධව ඇත්තේගායනය, ගීපද රචනය, සංගීත අධ්‍යක්ෂණය
උසඅඩි 5 අඟල් 11
කලත්‍රයා(යන්)ඉන්ද්‍රාණි විජයබණ්ඩාර
දරුවන්සුභානි සේනාරත්න විජේතිලක
සංජය සේනාරත්න
සමීර සේනාරත්න
දෙමව්පියන්(s)මව - ලීලාවතී මල්ලිකාරච්චි
පියා - හෙන්රි සොලමන් සේනාරත්න
ආගමබෞද්ධ

පාසල් විය හා ළමා කාලය සංස්කරණය

සිසිර සේනාරත්න (ඉංග්‍රීසි: Sisira Senaratne) උපන්නේ 1935 මාර්තු 29 වෙනිදා හලාවතදීය. එතුමා හලාවත ශාන්ත මරියා විද්‍යාලයෙන්, මරදානේ මධ්‍ය විද්‍යාලයෙන් සහ කොළඹ නාලන්දා විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලැබී ය. [1][2][3][4]

පවුල් පසුබිම සංස්කරණය

ඔහුගේ සීයා ආයුර්වේද වෛද්‍යවරයෙකු වූ අතර මව ඔහුට මාස තුනක් සපිරෙද්දී ජීවිතයෙන් සමුගෙන තිබිණ. සිසිර සේනාරත්න මහතාගේ දයාබර බිරිද මාපා හාමු මුදියන්සේලාගේ ඉන්ද්‍රාණි විජයබණ්ඩාරය.ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

රැකියාව සහ ජීවන තොරතුරු සංස්කරණය

සිසිර සේනාරත්න යනු ප්‍රවීන ජනප්‍රිය ගායකයකි. කෙටි කථා රචකයෙකු මෙන් ම නළුවෙකු වීමට කැමැත්තෙන් සිටි සිසිර සේනාරත්නයන්ට ඔහුගේ ම ලයාන්විත ස්වරය මග හරස් කළේ ය. හතරවැනි වසරේදී සප්ත ස්වරය ශ්‍රැතියට අනුව ගායනා කරමින් සංගීතයේ බහ තේරූ ඔහු පසු කළෙක රජයේ සංගීත විද්‍යාලයට ඇතුළත් විය. ගුවන්විදුලියෙන් ගායනයට පිවිසි සිසිර සේනාරත්නයන් චිත්‍රපට පසුබිම් ගායනයට එක්වූයේ ‘පොඩි පුතා’ චිත්‍රපටයෙනි. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව චිත්‍රපටයේ පසුබිම් ගයනයට එක් වූ ඉන්ද්‍රාණි විජයබණ්ඩාර හඳුනා ගන්නා ඔහු 1962 මැයි 31 වන දා ඇය සමග යුගදිවියට එළැඹුණි.

1965 තිරගත වූ ‘හඳපාන’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වී 1966 සරසවි සම්මාන උළෙ‍ලේදී හොඳම සංගීත අධ්‍යක්ෂවරයා ලෙස සරසවි සම්මානය දිනුවේ ද මේ හෘදයාංගම ගායන ශිල්පියා ය. ඉන්ද්‍රානි සේනාරත්න මහත්මිය සමඟ "සිසින්ද්‍රා" ප්‍රසංගය ලොව වටා පවත්වමින් විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන්ද පිනවූ සිසිර සේනාරත්න මහතා 2015 පෙබරවාරි 04 වන දින මෙලොවින් සමුගැනීමට පෙර කලක සිට රෝගීව පසුවූවේය.

සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපට සංස්කරණය

  • හඳපාන
  • හිතට හිත
  • සෙනෙහස
  • පුංචි බබා
  • මගේ රන් පුතා
  • දීපාංජලී
  • ගජමුතු
  • රන් එතනා
  • කවුද හරි
  • පුනරුත්පත්තිය

ගායනා කළ ජනප්‍රිය ගීත කිහිපයක් සංස්කරණය

  • මේ ලෝකේ නවාතැන වේ
  • ආලෝකේ පතුරා මුළු ලෝකේ ඔපලා
  • ගයා ගීතයන් ගමේ වෙල් එළියේ
  • නුහුරු නුපුරුදු ‍රහස පිළිබඳ මිහිර ආදරයයි කියා
  • ඈත අහසේ නැඟේ දිනිදු පායා
  • ඕළු නෙළුම් නෙරිය රඟාලා
  • පිදුරු සෙවිකල පැත්පතේ
  • සඳ වැසුනට හිරු ගිලුනට කමක් නෑ
  • සල් සපු මල් දෙවැට දිගේ පිපිලද දුන්කේ..
  • සයුර වෙත යන ගඟ පරිද්දෙන්
  • උතුරු සළු හැඳ පොරවලා
  • හඳපානේ මල් පිපුණා
  • රිදී කුමාරි සීතල ඇල්ලයි
  • මංගල මල් දම්
  • මාගේ පුතුට මල්
  • නිල්මිණි දෑසේ මැවු ආලෝකය

ආශ්‍රිත සංස්කරණය

  • සිසිර සේනාරත්නගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • "Sisindra makes appearance in Sri Lanka". Dailynews Paper. 18 January 2012. සම්ප්‍රවේශය 24 January 2012.
  • "Handapana - sheds light on a glorious past:". Dailynews Paper. 19 May 2009. සම්ප්‍රවේශය 24 January 2012.
  • "Reflections on Karunaratne Abeysekera". Dailynews Paper. 2006-09-21. සම්ප්‍රවේශය 24 January 2012.
  • Listen to Sisira Senarathana's Songs High Quality on Request Here සංරක්ෂණය කළ පිටපත 2015-02-10 at the Wayback Machine
  • "Chitrananda Abeysekera the Lyrists". www.chitranandaabeysekera.org. සම්ප්‍රවේශය 24 January 2012.
"https://si.wikipedia.org/w/index.php?title=සිසිර_සේනාරත්න&oldid=595058" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි