සිවිල් වැරදි නීතිය - සිවිල් වැරදි

බදු නීතිය යනු ආර්ථික කටයුතු වලදී රජය මඟින් අයකරන බදු පළිබඳ ව විස්තර කරන සංග්‍රහගත කරන ලද නීති පද්ධතියි.

ප්‍රධාන කරුණු

ඇමරිකා එක්සත් ජනපදයේ බදු අයකිරීමේ දී මූලික වශයෙන් බදු අය කරන්නේ ආදායම, ලැබූ ප්‍රාග්ධනය, විශ්‍රාමික ගිණුම්, ඉඩකඩම්, තෑගි, සංස්ථා සහ හවුල් ව්‍යාපාර හෝ විශේෂිත ආයෝජන නිෂ්පාදන හෝ මාදීලි සලකා බලාය.

නීති විද්‍යාල තුළ බදු නීති අධ්‍යනය

 බදු නීතිය නීති විද්‍යාල තුල “අතුරු නීති විශේෂයක් ලෙස ද විශේෂඥ විෂය කෂේත්‍රයක් ලෙස ද හැදෑරිය හැකිය. බදු නීතිය පිළිබඳ විශේෂඥයින් බොහෝ විට උපදේශන කාර්්‍යයන් සඳහා බඳවා ගන්නා ලබන අතර නඩු කීම සඳහා ද සම්බන්ධ වන අවස්ථා ද ඇත.  ඇමරිකානු නීති ශිෂ්‍යයන් හට තම අභිමතය පරිදි උපාධිය අරමුණු කරගෙන තිබෙන විෂය පථයක් තෝරා ගත හැකි වේ. මෙ නිසා ඔවුනට නීති ආචාර්්‍යය උපාධියට සහ නීතිඥ මණ්ඩලයට බඳවා ගැනීමේ වභාගයට පෙර ෆෙඩරල් රාජ්‍යය බදු අයකිරීම, ඉඩකඩම් සහ තෑගි බදු සහ අනුපා්‍රප්ත නීතිය අවස්ථාව සැලසේ.      

ඇමරිකා එක්සත් ජනපදය තුළ ඉතා උසස් විශේෂඥ නීති උපාධි (ළළඟ) වැඩසටහන් ගණනාවක් ම දක්නට ලැබේ. මේවායි න් බොහෝමයක දී ම දේශතය සහ ජාත්‍යන්තර බදු අයකිරීම් පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට අවස්ථාව සැලසේ. උපාධි අපේක්ෂකයින් හට මෙම විශේෂඥ නීති උපාධි හැදෑරීම සඳහා ඇමරිකානු නීතිඥ සංගමයේ අනුමැතිය ලත් නීති විද්‍යාලයකින් තම නීති උපාධිය හදාරා තිබිය යුතුය.

ව්‍යාපාර පාසල් තුළින් බදු නීති අධ්‍යයනය

ඇමරිකා එක්සත් ජනපදය තුළ බලය ලත් ව්‍යාපාර පාසල් ගණනාවක් ම ඇත. මෙම උපාධි පාඨමාලාවන් බදු නීති සම්බන්ධ විශේෂඥ උපාධි මට්ටම දක්වා අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසා ඇත. තවද ගිණුම්කරණ පාඨමාලාවන් මඟින් සහතික ලත් රාජ්‍යය ගණකාධිකාරී තනතුරක් දක්වා අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සැලසේ.


සිවිල් වැරදි නීතිය - සිවිල් වැරදි

සිවිල් වැරදි නීතිය ගිවිසුම් වගකීමෙන් හටගන්නා සිවිල් වැරදි සඳහා පිළියම් වන නීතිය සඳහා දෙනු ලබන නාමයයි. මෙම නීතියෙන් තුවාල ලත් පුද්ගලයෙකුට ඒ සඳහා නෛතිකව වගකිව යුතු පුද්ගලයාට එරෙහිව නඩු පවරා ඒ සඳහා වන්දි ලබා ගැනීම ට අවකාශ සලසයි. සිවිල් වැරදි නීතිය හිංසනයක් (තුවාලය) යනු කුමක් ද එය කෙසේ ඇතිවන්නේ ද යන්න විස්තර කරන අතර ඒ සඳහා තවත් පුද්ගලයෙකු වගකිව යුත්තේ කුමන අවස්ථාවලදී ද යන්න පැහැදිලි කරයි. ශාරීරික ව දේපළ හා ව්‍යාපාර වලට හානි වන ආකාරයෙන්, හිතාමතා ම සිදු කරන සිවිල් වැරදි අපරාධ හැටියට සලකා දඬුවම් කරනු ලැබේ. කිසියම් කෙනෙකු විසින් විසි කරන ලද බෝලයක් අහම්බෙන් පාරේ ගමන් කරන මඟියෙකුගේ ඇසට වැදුනු විටක දී එම මඟියා විසින් බෝලය විසි කරන ලද තැනැත්තාට එරෙහි ව නඩු පවරන්නේ අනතුරින් සිදුවූ පාඩුවට ය. (වෛද්‍යය ප්‍රතිකාර වියදම හෝ රැකියාවට යෑමට නොහැකි වූ කාලයේ සිදු වූ ආදායම අහිමි වීමට) නඩුවේ දී මඟියාහේ ජයග්‍රහණය තීරණය වන්නේ ඔහු පාරේ ගමන් ගත් අවස්ථාවේ දී බෝලය විසි කළ තැනැත්තාගේ හානිදායක හැසිරීම ඔප්පු කිරීම මතය. (බොහෝ විට අනතුර ඇතිවීමට හේතු වූ ක්‍රියාව වැලැක්වීමට සැලකිල්ලක් දැක්වීමට නොහැකි වීම) සිවිල් වැරදි වල දී වැදගත් වන තීරණාත්මක කරුණක් වන්නේ සැලකිලිමත් වීමේ තත්වයයි. මෙඟින් කිසියම් හැසිරීමක් හානිදායක වන්නේ ද නොවන්නේ ද යන්න පැහැදිලි ව හඳුනා ගත හැක. තවත් වැදගත් ප්‍රශ්ණයක් වන්නේ කිසියම් පුද්ගලයෙකු තමන් ම සිදු කරගත් හානි වලට විඳීමට සිදු වු පාඩුව හෝ එය තවත් කෙනෙකුට පැවරිය හැකි ද යන්නයි. බොහෝමයක් බටහිර රටවල සිවිල් වැරදි සම්බන්ධයෙන් ප්‍රධාන අංගය වන්නේ නොසැලකිලිමත්කමයි. තුවාල ලත් පුද්ගලයා ඔහුට තුවාල කල පුද්ගලයා අනතුර සිදු කිරීමේ දී සුළුවෙන් හෝ නොසැලකිලිමත්බවකින් කටයුතු කර ඇති බව ඔප්පු නොකළහොත් ඔහුට මෙම නීතියෙන් වන්දි ලබා ගත නොහැක. සිවිල් වැරදි නීතියේ දී යම් ක්‍රියාවන් හි නිරත වූ වගඋත්තරකරුවන් ට චේතනීය සිවිල් වැරදි සහ යථාර්ථ ආධීනතාව (සටරඉචට ලඉඅබඉලඉටය) යන සංකල්ප යෙදෙන ආකාරය ද පිළිගනු ලැබේ. සිවිල් වැරදි නීතියේදී සිදු විය හැකි හිංසනය පුළුල් ලෙස අර්ථ දක්වා ඇත. හිංසනය යනු මෙහිදී ශාරීරීක හිංසනය පමණක් අදහස් නොවේ. පෞද්ගලික ශුභ සිද්ධියන් ට හානිදායක වු අවස්ථාවන් වලදී ද සිවිල් වැරදි නීතිය ක්‍රියාත්මක වෙයි. දේපළ අයිතිවාසිකම් වැනි නීතියේ වෙනත් ක්ෂේත්‍ර වල දී හඳුනා ගත් අයිතීන් ද මීට අතෙුළත් වේ. ඉඩම් වලට පීඩා කිරීම සහ අපවරණය වැනි නියම දේපළ අයිතිය ට බාධා කිරීමේ නඩු වලදී මෙම තත්වය ඇති විය හැකිය. අනාගත ආර්ථික වාසි අපේක්ෂාවෙන් ඇතිකර ගන්නා ගිවිසුම් ද සිවිල් වැරදි නඩු සඳහා නිමිත්තක් විය හැකිය. ගිවිසුම් බන්ධනයෙන් බැඳී සිටින පාර්ශවයන් අතර අවස්ථාවන් ගනනාවක දී සිදුවන විශ්වස්ත යුතුකම කඩකිරීම, ගිවිසුම් හිමිකමකට වඩා සිවිල් වරදක් වේ. සිවිල් වැරදි නීතියේ දී දේපළ නීතියේ දි සහ ගිවිසුම් නීතියේ දී මෙන් නොව එම නීති වල අන්තර්ගත නොවන වෙනත් අස්පර්ශනීය පුද්ගලික අයිතීන් උල්ලංඝනය වීම් සඳහා ද වන්දි හිමි වේ. චිත්ත පීඩාවෙන් නිදහස, පෞද්ගලිකත්වයේ නිදහස සහ කීර්තිය මීට අයත් වේ. මෙම අයිතීන් හිරිහැර කිරීම, පෞද්ගලිකත්වය සහ අපහාස කිරීම යන සිවිල් වැරදීන් මඟින් ආරක්ෂා කරනු ලැබේ. පෞද්ගලිකත්වය සහ අපහාස කිරීම යන සිවිල් වැරදි කීර්තිමත් පුද්ගලයන් ට ඔවුන් ගැන වැරදි සහගත සහ ඔවුනට හානිදායක වන තොරතුරු පුවත්පත් වල පලකිරීම ට විරුද්ධ ව නඩු මඟට යාමට ඉඩ සලසයි. වෙනත් අයිතීන් අතර අයුතු සිරහාරයට ගැනීම වැනි චේතනීය සිවිල් වැරදි ගමන් කිරීමේ නිදහස මඟින් ආරක්ෂා කරනු ලැබේ. සිවිල් නීති අධිකරණ වල භාවිත වන සිවිල් වැරදි හා සමාන වන සංකල්පය දිලික්තය යි. සිවිල් වැරදි නීතිය බැඳීම් නීතියේ අංගයක් සෙ වර්ග කල හැකි වන අතර ස්චේචාවෙන් ඇති කර ගන්නා බැඳීම් මෙන් නොව සිවිල් වැරදි නීතිය විසින් පනවනු ලැබූ යුතුකම අදාළ අධිකරණ බලය යටතේ සිටින සියලූම දෙනාට අදාළ වේ. අන්‍යයකුගේ ශරීරය, දේපළ හෝ නෛතික අයිතිවාසිකම් කඩ නොවන ආකාරයෙන් හැසිරීමට නීතියෙන් බැඳී සිටියි. එවැනි ක්‍රියාවන් හි නිරත වන්නා තෝරතකරු ලෙස හැඳින් වේ.