සිවිල් වැරදි නීතියේ වර්ගීකරණය

සිවිල් වැරදි නීතිය විධි කිහිපයකින් වර්ගීකරණය කල හැක. එවැනි එක් ක්‍රමයක් වන්නේ නොසැලකිලිමත්කම නිසා සිදුකරන සිවිල් වැරදි සහ චේතනාත්මකව සිදු කරන සිවිල් වැරදි ය. ප්‍රමුඛතම සිවිල් වරද වන්නේ නොසැලකිලිමත්කම යි. එහි දී සිදු වූ හානියට වන්දි හෝ තහනම් නියෝගයන් ලෙස පුද්ගල සහ දේපල ආරක්ෂාව මෙන්ම ආර්ථික අයිතිවාසිකම් වැනි අස්පර්ශ නෛතික අයිතීන් ආරක්ෂා කිරීමට හැකි වන පරිදි සිවිල් වැරදි නීතිය නිර්මාණය කර ඇත. වාහන අනතුරු සහ විවිධාකාරයේ අනතුරු වලින් සිදුවන තුවාල විම් ද ඊට ඇතුළත් ය.

චේතනාත්මකව සිදු කරනු ලබන සිවිල් වැරදි ඉඩමක පදිංචි වි සිටීම හෝ භාවිතය නිසා ඇති විය හැකිය. එවැනි එක් සිවිල් වරදක් ලෙස තම නි්ශ්චල දේපල පරිහරණයට අසල්වැසියාගෙන් සිදුවන බාධා වැනි යථාර්ථ ආධීනතාවයන් ඇඟවෙන පීඩා කිරීම හැඳින්විය හැකිය. අපචරණය තම ඉඩමට අවසරයකින් තොරව ඇතුල්ව පුද්ගලයන්ට විරුද්ධව නඩු පැවරීමට ඉඩ සලසයි. කෙනෙකුගේ ප්‍රසිද්ධියට සහ කීර්ති නාමයට හානි වන අයුරින් ව්‍යාජ ලෙස සිරගත කිරීම සහ අපහාස කිරීම වැනි සිවිල් වැරදි ද මීට අයත් වේ.

කම්කරු වන්දි නීති සේවකයන් විසින් තම සේවායෝජකයන් ට එරෙහිව රැකියාවේ නියැලී සිටින වේලාවේ සිදු වන අනතුරු සඳහා වන්දි ලබා ගැනීම ට පොදු නීති සම්ප්‍රදායේ සිවිල් වැරදි නීතිය යටතේ හැකි වුවත් ඊට සීමවන් පනවා ඇත.

නොසැලකිලිමත්කම

නොසැලකිලිමත්කම එක් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට ගැතිව පවතින රැකබලා ගැනීමේ වගකීම කඩකිරීම මත රඳා පවතින සිවිල් වරදයි. සුප්‍රකට ඪඔනඔගහඋඑ ව. ූටඑවඑනසඔන නඩුවේ දී ඩොනාහ්‍යු මහත්මිය පොදු බීම සලකින් පානය කල බීම බෝතලයක කුණු වූ ගොළුබෙල්ලෙකු අඩංගු විය. එම නිසා ඇය රෝගී තත්වයට පත් වීම නිසා ඊට වන්දි ඉල්ලා බීම නිෂ්පාදනයා වන ස්ටීවන්සන් මහතාට විරුද්ධව නඩු පවරන ලදී. එම විනිවිද නොපෙනෙන ජින්ජර් බීම බෝතලය තුල ගොළුබෙල්ලා දෘෂ්‍යමාන නොවීය. මෙහි දී ඇයට ස්ටීවන්සන් මහතාට විරුද්ධව ගිවිසුමක කොන්දේසි කඩ කිරීමකට වන්දි ඉල්ලා සිටිය නොහැක්කේ ඇය සහ ස්ටිවන්සන් මහතා අතර ගිවිසුමක් නොමැති බැවිනි. සාමි මංත්‍රී මණ්ඩලයේ බහුතරයකගේ තීරණය වූයේ ඩොනාහ්‍යු මහත්මිය වන්දි ඉල්ලීම සාධාරණ බව ප්‍රකාශ කල ද එවැනි හිමිකමක් පවතින්නේ ඇයි යන්න සඳහා එකඟතාවක් නොවිය. කෙසේ වෙතත් මෙහි දී නොසැලකිලිමත්භාවය තිබීම සඳහා අවශ්‍යය සාධකයන් හඳුනා ගන්නා ලදී.

•රැකබලා ගැනීමේ වගකීම

•එම වගකීම කඩ කිරීම

•එය නීතියට අනුව සිදිධියට ඉතා ආසන්නතම එකක්ක විම

•එම කඩ කිරීම නිසා හානියක් සිදු වීම.

අපහාස කිරීම

අපහාස කිරීම යනු කෙනෙකුගේ කීර්තියට හානි වන අයුරින් ක්‍රියා කිරීමයි. මෙය වාචික අපහාසය සහ ලිඛිත අපහාසය ලෙස බෙදා දැක්විය හැකිය. වාචික අපහාසය කියන ලද අපහාසයන් වන අතර ලිඛිත අපහාසය යනු මුද්‍රිත මාධ්‍යය හරහා (විකාශන මාධ්‍යය) අපහාසයට ලක් කිරීමයි. මේ දෙආකාරයේම සමාන ලක්ෂණ දක්නට ඇත. කෙනෙකු ට අපහාස කිරීමට නම්,

1) කිසියම් කරුණක් සම්බන්ධයෙන් තරයේ ප්‍රකාශයක් සිදු කර තිබිය යුතුය.

2) එහි සත්‍යතාව පිලිගත් සාක්ෂි ඉදිරිපත් කල නොහැකි විය යුතුය. කෙසේ වෙතත් අපහාස නීතිය අදහස් ප්‍රකාභ කිරීමට බාධා නොකරයි.

චේතනාත්මක සිවිල් වැරදි

චේතනාත්මක සිවිල් වැරදි යනු සෑහෙන තරම් දුරකට පෙනෙන ආකාරයකට යමෙකු හට හානියක් සිදු විය හැකි චේතනාහ්මක ක්‍රියාවකි. චේතනාත්මක සිවිල් වැරදි තවදුරටත් පුද්ගලයෙකුට එරෙහිව පහර දීම, අනඩ්තේට්ටම් කිරීම, ව්‍යාජ සිර ගත කිරීම, හිතාමතාම සිදු කරන මානසික ආපදාවන් සහ වංචාවන් ලෙස උපඛාණ්ඩ වලට බෙදා දැක්විය හැකිය. දේපළ සම්බන්ධ සිවිල් වැරදි වන්නේ හිමිකරුගේ දේපල අයිතිවාසිකම් වලට සිතාමතාම බාධා කිරීම යි. ඊට ඉඩමකට අවසරයකින් තොරව ඇතුළු වීම, නිභ්චල දේපල අපචරණය සහ විකෘති කිරීම ඇතුළත් වේ.