සිව්පාදිකත්ව හෝ තිරස්කායත්ව ඉරියව්ව යනු, බාහු හෝ පා සතර භාවිතා කරමින් සිදුකරන, සතුන්ගේ භෞමික ජංගමන ආකාරයකි. සාමාන්‍ය වශයෙන් සිව්පාදිකත්ව ආකාරයට චලනය වන සතෙකු හෝ යන්ත්‍රයක් හැඳින්වෙන්නේ සිව්පා ලෙසින් වන අතර, එහි අර්ථය වන්නේ "කකුල් සතරක්" ඇති බවය. සිව්පාවුන්ගෙන් බහුතරය පෘස්ඨවංශික සතුන් වන අතර, පශු වර්ගයේ සතුන්, බල්ලන් සහ බළලුන් වැනි ක්ෂීරපායියන් සහ, කටුස්සන් වැනි උරගයන් මෙයට අයත් වෙති.

සීබ්‍රා යනු, සිව්පාවෙකු සඳහා උදාහරණයකි.
"https://si.wikipedia.org/w/index.php?title=සිව්පාදිකත්වය&oldid=338323" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි