සිරිමල්වත්තේ ආනන්ද හිමි

සිරිමල්වත්ත ශ්‍රී ආනන්ද මහානාහිමි (1973-1989)

ක්‍රි.ව.1900 දෙසැම්බර් 22 දා මහනුවර දිස්ත්‍රික්කයේ සිරිමල්වත්ත ගම්මානයේ හෙම්බාදෙණිය වලව්වේදි උපත ලැබූ මුන්වහන්සේගේ ගිහිනම වූයේ හෙම්බාදෙණිය මුදියන්සේලාගේ කිරිබණ්ඩාය. හෙම්බාදෙණිය මුදියන්සේලාගේ පුංචිරාල මුන්වහන්සේගේ පියාය.

1822 සිට 1825 වසර තෙක් මල්වතු පාර්ශ්වයේ මහානායක ධුරය දැරූ ගම්මුල්ල ශ්‍රී සුමන මහානාහිමියන්ගේ ශිෂ්‍ය පරම්පරාව නියෝජනය කළ මූකලන්‍ යාය ඉන්ද්‍රජෝති නාහිමියන් යටතේ 1914 වසරේදී පැවිදි වූ ආනන්ද හිමියන් 1920 වසරේදී උපසම්පදාව ලැබූහ .

1927 දී සංඝරාජ පිරිවෙනේ උපාචාර්‍ය ධුරයකට පත්වූ උන්වහන්සේ මල්වතු මහාවිහාරයේ කර්මාචාර්‍ය ධුරයට 1928 දී පත්විය . 1934 දී ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ පණ්ඩිත උපාධිය හිමිකරගත් උන්වහන්සේ 1939 දී සංඝරාජ පිරිවෙනේ උපපරිවේණාධිපති ධුරයටද පත්විය . 1950 දී සාරසියපත්තුවේ ප්‍රධාන සංඝනායක ධුරයටත්, 1956 දී කාරක සභික ධුරයටත් පත්වූ මුන්වහන්සේ 1966 දී අනුනායක ධුරයට පත්විය . 1969 දී සංඝරාජ පිරිවෙනේ පරිවේණාධිපති වූ මුන්වහන්සේ මඩුගල්ලේ ශ්‍රී ධම්මසිද්ධි මහානාහිමියන්ගේ අපවත්වීමෙන් පසු 1973 දී මල්වතු පාර්ශ්වයේ මහානාහිමි ලෙස පත්විය . වසර 16 ක් මහානාහිමි ධුරය දැරූ උන්වහන්සේ 1989 ඔක්තෝබර් 29 දා අපවත්වූහ.