සිරාන් උපේන්ද්‍ර දැරණියගල

ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල (උපත 1942) යනු ශ්‍රී ලංකාවේ හිටපු පුරාවිද්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයෙකි(2005 මැයි 20). ඔහු අාචාර්ය පෝල් ඊ. පී. දැරණියගල මහතාගේ පුත්‍රයෙකු වේ. 1968 වර්ෂයේදී ඔහු විසින් පාහියන් ලෙන ආශ්‍රිත ව ඉපැරණි මනුෂ්‍ය සුසාන සොයාගන්නා ලදී.[1]

ජීවන තොරතුරු සහ සේවාව සංස්කරණය

සිරාන් උපේන්දු දැරණියගල 1942 දී රත්නපුර දී උපත ලැබී ය. ඒ ලංකා ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්‍යාක්ෂවරයෙකු වන පෝල්ස් එඩ්වර්ඩ් පීරිස් දැරණියගල මහතාගේ තෙවැනි දරුවා ලෙස ය. ඔහුගේ මව ප්‍රීනි මොලමුරේ වූවා ය. මුත්තණුවන් වූයේ ශ්‍රීමත් දැරණියගල පෝල්ස් එඩ්වර්ඩ් පීරිස් සමරසිංහ සිරිවර්ධනයන් ය. ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලින් පාසල් අධ්‍යාපනය ලැබූ හෙතෙම කේම්බ්‍රිජ් ත්‍රිත්ව විදුහලෙන් ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධි ලබා ගත්තේ ය. ඒ වාස්තු විද්‍යාව සහ සංස්කෘත භාෂාව යන විෂයයන්ගෙනි. ඉන්පසුව ලන්ඩන් විශ්වවිද්‍යාලයන් පුරාවිද්‍යාව පිළිබද පශ්චාත් උපාධියක් ලැබී ය. එහි දී ගෞරව සාමාර්ථ සහිත ව සමත් වන හෙතෙම පුරාවිද්‍යා විෂයේ සෑම අංශයක ම දක්ෂතා පෙන් වූ හොදම ශිෂ්‍යයාට හිමි වන ගෝර්ඩන් චයිල්ඩ් සම්මානය දිනාගත් දෙදෙනාගෙන් එක් අයෙක් ද විය. 1968 වසරේ දී ඔහු ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් අංශයේ සහකාර කොමසාරිස් වශයෙන් පත්වීම් ලැබුවේ ය. 1969 දී අනුරාධපුරයේ ඇතුළුනුවර ගෙඩිගේ ප්‍රථම වරට ඔහු විසින් කැනීමට ලක් විය. ඉන්පසු අදින් වසර 130 000ක් පැරණි ඉරණමඩු පාංශු සංගතිය යනුවෙන් හැදින්වෙන නැඟෙනහිර වෙරළ තීරයේ ගවේෂණය කරා ඔහුගේ අවධානය යොමු විය. එම ගවේෂණයේන් ලබාගත් දත්ත ඇසුරින් සකස් කළ නිබන්ධනය උදෙසා හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබා ගැනීමට ද හෙතෙම සමත් විය. [2]ඒ 1998 දී ය. 1992 දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලැබූ සිරාන් දැරණියගල 2001 දක්වා ඒ තනතුරේ කටයුතු කළේ ය.

මූලාශ්‍ර සංස්කරණය