සියළු සාන්තුවරයන්ගේ දිනය

බොහෝ විට ලෙසින් කෙටි කර භාවිත වන සියළු සාන්තුවරයන්ගේ දිනය ( රෝමානු කතෝලික සභාවේදී නිල වශයෙන් හැඳින්වෙන්නේ සියළු සාන්තුවරයන්ගේ මංගල්‍යය ලෙසින් වන අතර ඕල් හැලෝස් හෝ හැලෝමාස්[1] ලෙසින්ද වැහැරේ), අපරදිග ක්‍රිස්තියානි ධර්මය අදහන කොටස් විසින් නොවැම්බර් 1 වන දිනදී හා , පෙරදිග ක්‍රිස්තියානි ධර්මය අදහන්නන් විසින් පෙන්තකොස්ත මංගල්‍යයට පසුව පළමුවන ඉරුදිනදී, ඥාත (දන්නා) හා අඥාත (නොදන්නා) සියළු සාන්තුවරයන්ට ගරු කිරීමක් ලෙසින්, ගාම්භීරයෙන් පැවැත්වෙන විශේෂ මංගල්‍යයකි.

සටහන් සංස්කරණය

  1. "හැලෝස්" යන්නෙන් අදහස් වන්නේ "සාන්තුවරයන්," යන්න වන අතර "මාස්" යන්නෙන් අදහස් වන්නේ "දිව්‍ය පූජාව" යන්නයි; පෙර දින සන්ධ්‍යාව (හැලොවීන්) යනු "සියළු සාන්තුවරයන්ගේ සන්ධ්‍යාව හෝ පොරොත්තුව" වෙයි.