සිතුවම්කරණ ඉතිහාසය

ලොව දැනට සොයා ගෙන ඇති පැරණිම චිත්‍ර දැකගත හැකි වන්නේ ප්‍රංශයේ ග්‍රොටේ ෂුවේට් ප්‍රදේශයේ දී වන අතර ඇතැම් ඉතිහාසඥයන්ට අනුව ඒවා වසර 32000ක් තරම් පැරණි වේ. මෙම සිතුවම් නිර්මාණය කොට ඇත්තේ රතු හිරිගල් සහ කළු පැහැ වර්ණක භාවිතාකොට ගෙනයි. එම සිතුවම් තුළ අශ්වයන්, රයිනෝසිරස් සතුන්, සිංහයන්, මී හරක්, මැමත් සතුන් හෝ දඩයමේ යෙදෙන මිනිසුන් දැකගත හැක. ගුහා තුළ අඳින ලද චිත්‍ර සඳහා උදාහරණ ලෝකය පුරාම හමුවේ. මෙසේ ගුහා තුළ අඳින ලද සිතුවම් දැකගත හැකි රටවල් අතරට පහත ඒවා ද අයත් වේ. ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය, චීනය, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාවයි.

බටහිර සංස්කෘතීන් තුළ වඩාත් ප්‍රචලිත සිතුවම් නිර්මාණ තෙල් සායම් හෝ දිය සායම් භාවිතයෙන් අඳින ලද ‍ඒවා වේ. ඒවායේ විවිධ සම්ප්‍රදායන් ශෛලීන් සහ විෂය වස්තූන් නිරූපණ දැකගත හැක. පෙරදිග රටවල් තුළ විවිධ වර්ණවත් තීන්ත වර්ග ප්‍රචලිතව භාවිතා වූ අතර ඒවා ඇසුරෙන් ද සංකීර්ණ සම්ප්‍රදායන්ට අයත් ඉතා දියුණු කළාත්මක නිර්මාණ බිහි විය.


References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Painting#History_of_painting

"https://si.wikipedia.org/w/index.php?title=සිතුවම්කරණ_ඉතිහාසය&oldid=98032" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි