සිතුවම්කරණය-ප්‍රදීපනය (රූප)


“කරවාගියෝගේ” "The Calling of Matthew" කෘතියෙන් උපුටා ගත් විස්තරයකි. තනි ආලෝක ප්‍රභවයකින් සෙවණැලි හෙළීම සිදු කළ හැකි අතර එමගින් ආකෘතියේ ඕනෑම විචලනයක් අවධාරණය කර ගත හැක. කිසියම් චිත්‍රයක හෝ සිතුවමක විෂය වස්තුව ප්‍රදීපනය එහි සෞන්දර්යාත්මක බව ඇති කරන ප්‍රධාන මූලයයි. එය ඇති කිරීමට උපකාරීවන අභ්‍යන්තරික ක්‍රියාකාරිත්වය වන “ආලෝකය හා සෙවණැලි” යනු කලාකරුවෙකු සතු වටිනාම ආයුධයි. නිර්මාණය තුළ ආලෝක ප්‍රභව ස්ථානගත කිරීම කරන ආකාරය මත එම නිර්මාණය ලබා දෙන පණිවිඩයේ ද වෙනස්කම් සිදු වේ. යම් පුද්ගලයෙකුගේ මුහුණක ඇති රැළි ඉවත්කර ගැනීමට බහු ආලෝක ප්‍රභවයන් යොදා ගැනීම මගින් තාක්ෂණිකව එම පුද්ගලයාට තරුණ පෙණුමක් ලැබේ. තවද, ඉතා රළු දිවා එළියක් වැනි තනි ආලෝක ප්‍රභවයක් මගින් ඕනෑම මතුපිටක් හෝ හැඩහුරුකමක් මනාව පිළිබිඹුකර දැක්විය හැක. පරිගණක ආශ්‍රිත ග්‍රැෆික් සහ දර්ශන ඡායාරූප අලංකරණ ක්‍රියාවලියේ වැදගත් සංකල්පයක් වේ.


References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Illumination_%28image%29