දරු නැලවිලි කවි සංස්කරණය

ඈත ආතිතයේ සිට ශ්‍රී ලංකික මාතාවන් තම දරු පැටුවන් නළවා ගන්නට දරු නැලවිලි ගී ගයනා කර ඇත . එපමණක්ම පමණක් නොව එදා සිට අද දක්වා හෙළබස රැස උපයෝගී කරගෙන දරුවාගේ අම්මා හෝ ආත්තම්මා දරුවා නලවා ගන්නේ නැලවිලි ගී ගායනා කිරීමෙනි

එදා සිට අද දක්වා මුක්‍ය භාෂාවක් ලෙස පැවත එන මේ නැලවිලි ගී පොත පතේ සදහන් වන්නේ ඉතා කලාතුරකිනි.

කෙසේ වෙතත් අද මම බලාපොරොත්තු වන්නේ ඔබලාට දරු නැලවිලි ගී ඔබට ඉදිරිපත් කිරීමටයි

දොයි දොයි දොයි දොයිය බබා

බයි බයි බයී බයිය බබා

නුබේ අම්මා කිරට ගියා - කිරි එරවා එන්න ගියා

කිරි මුට්ටිය ගගේ ගියා - ගඟ දෙගොඩින් කොක්කු ගියා

අතට වෙරළු ඇහිද ගෙනේ - ඉනට පළා නෙලා ගෙනේ

බරටම දර කඩා ගෙනේ - එයි අම්මා විගසකිනේ

දොයි දොයි දොයි දොයිය බබා

බයි බයි බයී බයිය බබා

 

පුතේ නුබේ ලොකු අම්මා - ඇතේ වළල්ලක් ලක් දැම්මා

හිතේ සතුට නැත නිම්මා -නින්දක් නිදියන් අම්මා

පුතු හඩනා හඬ සද්දේ - ඇහුණා මට වෙල මැද්දේ

හීන පෙනෙන රෑ තිස්සේ - පුතු නාඩන් මේ වැස්සේ

ඇත්තන ගල ගල මුදුනේ -

ලිව්වේ - පමෝදා කොඩිකාර

ආශිත වෙනත් ලිපි

සිංහල ළමා ගී

"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_ළමා_ගී&oldid=471296" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි