සිංහල න-ණ ල-ළ බේදය
සිංහල බසේ සංකීර්ණ අවස්ථාවකි. රීති කීපයක් ඇතත් රීති වලට අනුගත නොවන අවස්ථාද ඇත.
න, ණ ලෙස නයනු ශබ්ද දෙකක් ඇති විට, මෙම දෙකෙහිම ශබ්දය පොදුවේ "න ශබ්දය" ලෙස හඳුන්වමු. අහවල් නයන්න යැයි විශේෂ කොට කියන විට "දන්තජ න" හෝ "මුර්ධජ න" (හෝ "මුර්ධජ ණ") ලෙස පවසමු. ල, ළ සම්බන්ධයෙන්ද එම සම්ප්‍රදාය සාමාන්‍යයෙන් යොදා ගන්නවා.
න-ණ භාවිතය
සංස්කරණයන යෙදීම
සංස්කරණයයම් නාමපදයක බහුවචනය ලිවීමට හෝ විශේෂණය ලිවීමට හල් කළ යුතු නම් දන්තජ න ලිවිය යුතුය.
බහුවචනය ලිවීමට
සංස්කරණය- නිදසුන්
- අත්සන් විය යුතු නිසා අත්සන (මින් අදහස් කෙරෙන්නේ මෙයයි. ඔබට ප්‍රශ්නයක් ඇති වෙනවා නම්, "අත්සන" යන්නෙහි අවසාන නයන්න න අකුරද ණ අකුරද විය යුත්තේ කියා, දක්වා ඇති ලෙසට අත්සන යන්නෙහි අවසාන අකුර හල් අකුරක් බවට පත් කර අත්සන් ලෙස සකස් කළ හැකිදැයි බලන්න. එසේ කළ හැකි නම්, එතැන අනිවාර්යෙන්ම තිබිය යුත්තේ දන්තජ න අකුරයි. එහෙත් එසේ අග අකුර හල් කිරීමට බැරි නම් ඉන් කියන්නෙ නැහැ අනිවාර්යෙන්ම දන්තජ න තිබිය යුතුයි කියා, නමුත් බොහෝවිට එතැන ඇත්තේ මුර්ධජ ණ අකුරයි.)
- ගමන් විය යුතු නිසා ගමන
- පියන් විය යුතු නිසා පියන
- ගණන් විය යුතු නිසා ගණන
තොරණ යන්නෙහි අගට තිබෙන්නේ මුර්ධජ ණ අකුරයි. ඊට හේතුව තොරණ් ලෙස තොරණ හි බහුවචනයක් සකස් කළ නොහැකි නිසාය. (එහෙත් බොහෝ අය "තොරණ්" යනුවෙන් එහි බහුවචනය ශබ්ද කරනු දැන් දැන් පෙනේ. (පැරණි) ව්‍යාකරණ රීතීන් අනුව නම්, වර්තමාන සිංහල බසෙහි උරුමක්කරුවන් කරන්නේ බරපතල වැරැද්දක් වුවත්, බසෙහි උරුමක්කරුවන්ට කාලයත් සමග බස අවශ්‍ය පරිදි වෙනස් කිරීමට අත්‍යන්ත ශුද්ධ වූ අයිතියක්ද ඇති බව සිහි තබා ගත යුතුය.)
විශේෂණය ලිවීමට
සංස්කරණය- නිදසුන්
- තුන් විශේෂණය නිසා තුන (තුන යන්නෙහි විශේෂණය ලෙස තුන් ලිවිය හැකියි; එනම් අග නයන්න හල් වේ. එනිසා මෙහි ඇත්තේ දන්තජ න අකුර විය යුතුයි.)
ශයන්නට පසුව යෙදෙන බැවින්
සංස්කරණය- නිදසුන්
- ඊශාන
- නිදර්ශන
- ප්‍රකාශන
- දේශන
- ශානක
ක්‍රියාපදයක් ඇසුරින් සාදා ගන්නා නාම විශේෂණ (ඉංග්‍රිසියෙහි present participle වැනි)
සංස්කරණය- නිදසුන්
- කරන (කරනවා යන ක්‍රියාවෙන් එය සාදා ගැනේ)
- බලන
- යන
- මරන (මරනවා යන ක්‍රියාවෙන්)
මරණ යනුවෙන්ද වචනයක් තිබෙන අතර, එය මරනවා යන ක්‍රියාවෙන් සකස් කරගත් විශේෂණයක් නොව, නාමපදයකි.
ණය යන්න
සංස්කරණයබහු වචනයක් නැතිනම් හෝ/හෙවත් හල් නොකර බහු කරන විට හෝ/හෙවත් ණයන්නයෙන් අවසන්වන වන නාමපදයක්
සංස්කරණය- නිදසුන්
- වෙනම බහු වචනයක් නැති බැවින් අණ
- බහු වචවය බැවින් ඇණ
- බහු වචනයක් නැති බැවින් උණ
- බහු වචනයක් නැති බැවින් තිළිණ
- බහු වචනයක් නැති බැවින් පමණ
- හල් නොකර මූණවල් කියා බහු කරන බැවින් මූණ
ඩයන්නට පෙර තිබෙන විට
සංස්කරණය- නිදසුන්
- දණ්ඩ
- රණ්ඩුව
මෙම රීතිය බොහෝවිට පාලි හා සංස්කෘත භාෂාවෙන් සිංහල බසට පැමිණි වචනවලටයි බලපාන්නේ. ඉංග්‍රිසි, පෘතුග්‍රිසි, ලන්දේසි ආදී භාෂාවෙන්ගෙන් පැමිණි වචනවලට මෙම රීතිය යෙදෙන්නේ නැති තරම්ය.
- නිදසුන්
- බන්ඩලය (bundle කියන ඉංග්‍රිසි වදනෙහි සිංහල උූෟරුවට කියන වචනයකි)
ල-ළ භේදය
සංස්කරණයලයන්න
සංස්කරණයබහුවචනය ලිවීමට හෝ විශේෂණය ලිවීමට හල් කළ යුතු නම්
සංස්කරණය- නිදසුන්
- උල් විය යුතු නිසා උල
- ගල් විය යුතු නිසා ගල
- මුල් විය යුතු නිසා මුල
- අඟල් විය යුතු නිසා අඟල
- පළල් විය යුතු නිසා පළල
ළයන්න
සංස්කරණයබහු වචනයම වේ නම් හෝ බහු වචනයක් නැතිනම් හෝ අල් නොකර බහු කරන විට
සංස්කරණයහල් නොකර බහු කරන පද
- නිදසුන්
- ඇළවල් නිසා ඇළ
- දොළවල් නිසා දොළ
- වළවල් නිසා වළ
- කඳුළු නිසා කඳුළ
- කිරුළු නිසා කිරුළ
- මදුළු නිසා මදුළ
බහු වචනය නිසා
- කෝරළ
ක්‍රියාපදයකින් සාදා ගන්නා අතීතාර්ථයේ නාමවිශේෂණ (ඉංග්‍රිසියෙහි past participle වැනි)
සංස්කරණය- නිදසුන්
- කළ (කරනවා යන ක්‍රියාපදයෙන්)
- මළ (මරනවා යන ක්‍රියාපදයෙන්)
න-ණ ල-ළ විචාරය
සංස්කරණයඅතීතයේ සිට මෙම භේදය පැවතියත්, හොඳින් විචාරයට ලක් කළ විට, මෙම භේදය කිසිසේත් අනවශ්‍ය බව පෙනේ. පදරුත් වෙන් කිරීමට නයනු දෙකක් හෝ ලයනු දෙකක් තිබිය යුතු යැයි පැවසීමම අවිද්‍යාත්මකය. ඊට හේතුව මෙයයි. තන යන ශබ්දය ඇසෙන විට එකවර එහි ඇත්තේ තන යන්නද තණ යන්නද කල්පනා කරනු ඇත. තන යනුවෙන් එය ගතහොත් එහි තේරුම කාන්තා පයෝධරය වන අතර, තණ යනු තණකොලයි. එනම්, පදරුත් වෙන් කොට ගැටලුවක් විසඳූ සේයාවක් මෙහි ඇත. එහෙත් මෙම සේයාව මායාවකි. තන යන ශබ්දය ඇසෙන විට, ඉන් තෘෂ්ණාව යන තේරුමත් තිබේ. එවිට, ඇසිය යුත්තේ දැන් තෘෂ්ණාව යන තේරුම සඳහා තන ලෙසද, තණ ලෙසද ලිවිය යුත්තේ කියා. මේ දෙකෙන් කුමක් ලිව්වත් එය තවත් තේරුමක් සමග ගැටෙනු ඇත. එවිට, පදරුත් වෙන් කිරීමට තබා ගත් න-ණ ල-ළ භේදය අනවශ්‍ය බව පෙනෙනවා. තවද, කථන ව්‍යවහාරයේදී න-ණ ල-ළ භේදයක් කිසිසේත්ම නැත. එහෙත් කථනයෙහි එම භේදය ගැටලු ඇති කරන්නේද නැත.