සැප්ලින් ගුවන් නැව
සැප්ලින් ගුවන් නැවක් යනු, 20 වන සියවස මුල් භාගයේදී දෘඩ ගුවන් නැව් ප්‍රවර්ධනය පිළිබඳ පුරෝගාමී වූ ජර්මානු සිටුවරයෙක් වූ ෆර්ඩිනැන්ඩ් වොන් සැප්ලින් අනුව යමින් නම් කෙරුණු දෘඩ ගුවන් නැව් වර්ගයකි. සැප්ලින්ගේ අදහස් මුලින්ම ක්‍රමවත්ව එළිදැක්වුනේ 1874දී වන අතර[1] සවිස්තර ප්‍රවර්ධනය සිදුවූයේ 1893 වසරෙහිදීය.[2] ජර්මනිය තුල ස්වාධිකාර (පේටන්ට්) බලපත්‍ර 1895දී නිකුත් කෙරුණු අතර එක්සත් ජනපදය තුල 1895 දී නිකුත් කෙරිණි.[3] සැප්ලින් සැලසුමෙහි කැපී පෙනෙන සඵලත්වයෙන් පසුව, දෘඩ ගුවන් නැව් හැඳින්වීමට පොදු වචනයක් ලෙසින් සැප්ලින් යන පදය භාවිතා වීම ඇරඹිණි.වාණිජ වශයෙන් සැප්ලින් ගුවන්ගත කෙරුම 1910දී පළමුව සිදු කළේ ඩොයිච ලුෆ්ට්ෂිෆාර්ට්ස්-අගීව් (DELAG) සමාගම විසින් වන අතර, එය ලොව පළමු ආදායම් ලැබූ ගුවන්ගමන් සමාගම විය. 1914-මැද භාගය වන විට, DELAG විසින් ගුවන්ගමන් 1,500 තුල ගාස්තු-ගෙවූ මගීන් 10,000 අධික සංඛ්‍යාවක් රැගෙන ගොස් තිබුණි. පළමු ලෝක යුද්ධය තුලදී ජර්මානු හමුදාව විසින් බෝම්බ හෙලීමේ සහ ඔත්තු බැලීමේ ගුවන් නැව් ලෙසින් පුළුල් භාවිතයක සැප්ලින් යෙදවූ අතර, බ්‍රිතාන්‍යය වෙත සිදු කල ගුවන් ප්‍රහාර තුලදී 500 අධික ජනයා මරණයට පක් විය.[4]