සැප්තැම්බර් 11 ප්‍රහාරය - පහර දීම් සැලසුම් කිරීම

සැප්තැම්බර් 11 කුමන්ත්‍රණය පිළිබඳ අදහස් පළමුවෙන් ඉදිරිපත් වූයේ ඛාලිඩ් ෂෙයික් මොහොමඩ් ගෙනි. ඔහු පළමුවෙන් මෙම අදහස බින්ලාඩන්ට ඉදිරිපත් කරන ලද්දේ 1996 දීය. එම අවස්ථාවේ බින් ලාඩන් සහ අල් - ඛයි - ඩාව සිටියේ සංක්‍රාන්තීය සමයකයි. ඔවුන් සුඩානයේ සිට ඇෆ්ගනිස්ථානය වෙත ආපසු ස්ථාන ගත වෙමින් සිටියහ. බින්ලාඩන්ගේ එක්සත් ජනපද පහර දීම සම්බන්ධයෙන් 1998 දී අප්‍රිකානු තානාපති කාර්යාලයට එල්ල කළ බෝම්බ ප්‍රහාරය වැදගත් කඩ ඉමක් විය. 1998 අග හෝ 1999 මුලදී සැලසුම සංවිධානය කරමින් ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා ලෙස බින් ලාඩන්, මොහොමඩ්ට අනුමැතිය දුන්නේය. 1999 වසන්තයේදී ඛාලිඩ් ෂෙයික් මොහොමඩ්, ඔසාමා බින් ලාඩන් සහ ඔහුගේ දෙවැනියා වූ මොහොමඩ් අටෙෆ් සම්බන්ධ කරගනිමින් රැස්වීම් මාලාවක් පැවැත්වූහ. බින් ලාඩන් නායකත්වය සැපයූ කුමණ්ත්‍රනය සඳහා මූල්‍ය ආධාර ද සැපයුවේය. මේ සඳහ‍ා සහභාගි වන්නන් තේරීමද බින් ලාඩන් සහභාගී විය. තෝරා ගන්නන් පිරිස අතරට ධාන ගුවන්යානා පැහැර ගන්නා හැටියට මොහොමඩ් අට්ටා ද ඇතුළත් විය. අල්ඛයිඩා සාමාජිකයින් 27 කට වැඩි කණ්ඩායමක් සැප්තැම්බර් 11 ප්‍රහාරයට සහභාගී වීම සඳහා එක්සත් ජනපදයට ඇතුළු වීමට උත්සාහ ගත්හ. ඉලක්ක තෝරා ගැනීම ගුවන් යානා පැහැර ගන්නන්ට ප්‍රවාහන පහසුකම් සැපයීම වැනි ක්‍රියා කාරී උදව් මොහොමඩ් විසින් සපයන ලදී. ඉලක්කයක් වශයෙන් තෝරා ගැනීමට ඉඩ තිබුණු ලොස් ඇන්ජලිස් හි U S බෑන්ක් ටවර් ගොඩනැගිල්ල වැනි ස්ථාන ප්‍රතික්ෂේප කරමින් බින්ලාඩන්, මොහොමඩ් නැමැත්තා තම පාලනය යටතේ තබා ගත්තේය.

ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි දෙක කඩා වැටීමෙන් පසු සුන් බුන් විසිරී ඇති අයුරු සහ අවට තිබුණු ගොඩනැගිලි හානියට පත් වී ඇති අයුරු.

එක්සත් ජනපද රාජ්‍ය විසින් එක්සත් ජනපදයට එල්ල වන ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ ජාතික කොමිෂම පිහිටුවන ලද අතර එය පොදුවේ හඳුන්වන ලද්දේ 9/11 කොමිෂම වශයෙනි. එම කොමිෂම එහි වාර්තාව 2004 ජුලි 22 දින එළි දැක්වූ අතර අල් ඛයිඩා සාමාජිකයින් විසින් ප්‍රහාරය සැලසුම් කොට ක්‍රියාත්මක කරන ලද බව හෙළි කළේය. මෙම ප්‍රහාරය සැළසුම් කොට ක්‍රියාත්මක කිරීම සඳහා එය සැළසුම් කළ පුද්ගලයින් ඩොලර් 400,000 සිට 500,000 දක්වා මුදල් ප්‍රමාණයක් වැය කර ඇති බවත් එම මුදල් ලැබුනේ කොහෙන්ද කෙසේද යන්න හෙළි නොවූ බවත් කොමිෂම විස්තර කළේය.