සැප්තැම්බර් 11 ප්‍රහාරය ප්‍රහාරය සැළසුම් කිරිම

සැප්තැම්බර් 11 ප්‍රහාරය පිළිබද කුමන්ත්‍රණ අදහස මුල් වරට ඉදිරිපත් කරන ලද්දේ 1996 කලිඩ් ෂෙයික් මොහොමඩ් විසින්ය. ඒ අවස්ථාවේදී බින් ලාඩන් සහ අල්කයිඩා සංවිධානය නැවත ප්‍රතිව්‍යුහගත වෙමින් සුඩානයේ සිට ඇෆ්ගනිස්තානයට සංක්‍රමණය වීම සිදුවෙමින් තිබුණි. 1998 තීරණාත්මක ඇමරිකානු තානාපති කාර්‍යයාල බෝම්බ ප්‍රහාරය ඇ.එ.ජ.ප්‍රහාරයක් එල්ල කිරිමට බින් ලාඩන්ට මග සෑදු ප්‍රහාරයකි. 1998 අගභාගයේ දී හෝ 1999 මුල් භාගයේදී බින් ලාඩන් විසින් මොහොමඩ් හට ප්‍රහාරය සැලසුම් කිරිමට අවසර ලබා දෙන ලදී. කලිඩ් ෂෙයික් මොහොමඩ්, ඔබාමා බින් ලාඩ්න් සහ ඔහුගේ උප ප්‍රධානි මොහොමඩ් අටෙෆ් අතර 1999 දී සාකච්ඡා වට කිහිපයක් පවත්වන ලදී. නායකත්වය සහ මුල්‍යමය ආධාර බින් ලාඩන් විසින් දරනු ලැබීය. මොහොමඩ් ඇමිටා ප්‍රධාන ගුවන් කොල්ලකරැ ලෙස තෝරා ගැනීමත් සදහා බින් ලාඩන් සහභාගී විය. අල්කයිඩා සාමාජිකයින් 27ක් පමණ ඇ.එ. ජනපදයට ඇතුල් වී ඇත. මොහොමඩ් විසින් ක්‍රියාන්විතය සදහා සහය මෙන්ම ඉලක්ක හදුනා ගැනීමට උපකාර කර ඇත. මොහොමඩ් විසින් ඉලක්ක ලෙස තෝරා ගනු ලැබු ඇ.එ.ජ. ලොස් ඇන්ජලිස් හී බැංකු කුළුණ බින් ලාඩන් විසින් සැලැස්මෙන් ඉවත් කරන ලදී.

ඇමරිකා එක්සත් ජනපදයට එල්ල වන ත්‍රස්ත ප්‍රහාර පිළිබද ජාතික කොමිෂම ඇ.එ.ජ. රජය විසින් ස්තාපනය කරනු ලදුව වර්තමානයේ දී 9/11 කොමිෂම ලෙස හදුන්වනු ලබයි. 2004 ජුලි 22 වන දින ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ සහ ක්‍රියාත්මක කර ඇත්තේ අල් කයිඩා ත්‍රස්තවාදීන් විසින්ය. කොමිෂම සදහන් කරන පරිදි මෙම ප්‍රහාරය සදහා ඩොලර් 400,000 – 500,000 අතර මුදලක් වැය කර ඇති අතර එම ආධාර ලැබුණේ කෙසේද යන්න පිළිබදව හෙළිදරව් වී නොමැත.