සැණෙලිය (ඡායාරූපකරණය)

සැනෙලි පහන් යනු දර්ශන දීප්තිමත් කිරීමට ඡායාරූපකරණයේ දී භාවිතා වන 5500 K පමණ වර්ණ උෂ්ණත්වයක දී කෘතිම ආලෝකයේ ක්ෂණික සැනෙලි (සාමාන‍්‍යයෙන් තත්පරයෙන් 1/1000 සිට 1/200 දක්වා) නිපදවන උපකරණයකි. බොහෝමයක් කාරණා (උදා - වේගයෙන් චලිත වන වස්තු ග්‍රහණය, විහිදුණු ආලෝකයට වඩා වෙනස් උෂ්ණත්ව ආලෝක නිර්මාණය කිරීම) සඳහා සැනෙලි පහන් යොදා ගත හැකි වුවත් ඒවා බහුලවම යොදා ගන්නේ ඡායාරූප සඳහා ආනාවරණය වීමට ප්‍රමාණවත් ආලෝක නොමැති දර්ශන දීප්තිමත් කිරීමටය. වර්තමානයේ ඇති බොහෝමයක් සැ‍නෙලි ඒකක ඉලෙක්ට්‍රොනික වන අතර ඒවා තනි භාවිත සැනෙලි බල්බ හා ගිනි ගන්නා සුළු කුඩුවලින් විකාශනය වූ දෑ වෙයි.

හමිං බර්ඩ් හෝව්ක්-මොත් හි අතිශය වේගවත් තටු ක්‍රියාව සැනෙලි පහන් මඟින් නවත්වා ඇත. සැනෙලි පහන් මඟින් පසුතලයට වඩා පෙර තලයට වැඩි දීප්තියක් ලබා දී ඇත. ප්‍රති ලම්භක නීතිය බලන්න.
ඡායාරූපකරණයේ සැනෙලි පහන් මඟින් ගලන ජලය මිදවීම
කැනොන් 430EX

පහත් තත්වයේ භාවිත ඡායාරූපකරණයේ දී සැනෙලි ඒකක සෘජුවම කැමරාව තුළම නිපදවා ඇත. ඒ අතර උසස් තත්ත්වයේ කැමරා, හොට්ෂු ලෙස හඳුන්වන සම්මත උපාංග සවි කිරීමේ බ්‍රැකට්ටුවක් හරහා වෙන් වූ සැනෙලි ඒකක ස්ථාපනය කිරීමට ඉඩ ලබා දෙයි. වෘත්තීය චිත්‍රාගාර ඡායාරූපකරණයේ දී සැනෙලි ‍ඒකක විශාල තනිව ඇති ඒකක හෝ චිත්‍රාගාර පරිභ්‍රමණමාන ආකාර ගනී. මේවාට විශේෂ බැටරි මඟින් ජවය ලබා දෙන අතර සැනෙලි සමමුහුර්තීකරණ රැහැන් හෝ රේඩියෝ සම්ප්‍රේශක මඟින් කැමරා සමඟ සම්බන්ධ කර ඇත. කැමරා සමඟ සම්බන්ධ කිරීමට ආලෝකයෙන් ක්‍රියාත්මක වන ආකාරයක් ද යොදා ගනී. එහිදී කැමරාව සමඟ සම්බන්ධ කළ යුත්තේ එක් ඒකකයක් පමණි. එමඟින් අ‍නෙක් ඒකක ක්‍රියාත්මක කරවයි.


සටහන් සංස්කරණය

Flash photography
"https://si.wikipedia.org/w/index.php?title=සැණෙලිය_(ඡායාරූපකරණය)&oldid=471794" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි