ටොලමිවරුන් අංකනය කිරීම නූතන සම්මුතියකි. ග්‍රීකවරුන් ඔවුන් වෙන්කර දැක්වූයේ විරුද නාමය (උදා. "ෆිලොපේටර්") හෝ පටබැඳි නාමය (උදා. "ඕලිටිස්") ආධාරයෙනි. මෙහි දක්වා ඇති අංකය වර්තමාන එකඟත්වය අනුව යෙදුණකි. නමුත් දහනවවන සියවසේ දී, පසුකාලීන ටොලමිවරුන් රාජ්‍ය කරන අයුරින් ගිණිය යුතු බවට වාදවිවාද ඇති විය. පැරණි මූලාශ්‍රවල අංකය එකක් අඩුවෙන් හෝ වැඩියෙන් දක්වා ඇති හෙයින්, දෙන ලද ටොලමිවරයකු හඳුනාගැනීමට භාවිත කළ හැකි විශ්වසනීයම ආකාරය විරුදය ආශ්‍රය කර ගැනීමයි.

"https://si.wikipedia.org/w/index.php?title=සැකිල්ල:Ptolemy&oldid=412699" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි