සාහිතය විචාරණය යනු සාහිත්‍ය අධ්‍යයනය,සාකච්ඡා කිරීම,පරිණාමනය හා තේරුම් ගැනීමයි. නූතන සාහිත්‍ය විචාරණය බොහෝ විට සාහිත්‍ය සිද්ධාන්ත දැනුම් දෙනු ලැබේ. එය එහි ක්‍රම හා අරමුණු පිළිබද දාර්ශණික සාකච්ඡාවකි. ක්‍රියාවලි දෙක ඉතා සමීප වුවත් සාහිත්‍ය විචාරකයන් සෑම විටම සාහිත්‍යමය සෛද්ධාන්තිකයන් නොවෙයි.

සාහිත්‍ය විචාරණය, සාහිත්‍ය සිද්ධාන්ත වලින් හෝ ප්‍රතිවිරුද්ධ ලෙස ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන්, වෙනත් ක්ෂේත්‍රයක් සේ සැලකීම හෝ නොසැලකීම යම් මතභේදයට තුඩු දෙන කාරණාවකි. උදාහරණ ලෙස Johns Hopkins Guide to Literary Theory and Criticism ග්‍රන්ථය සාහිත්‍ය සිද්ධාන්තය හා සාහිත්‍ය විචාරය අතර වෙනසක් නොදක්වන අතර එකම සංකල්පය විස්තර කිරීම සදහා සැම විටම එම දෙකම එකට යොදා ගනී. විචාරණය සැමවිටම සාහිත්‍යමය කර්තව්‍යයන් සමග සෘජුවම කටයුතු කරන නිසා සමහරක් විවේචකයන් සාහිත්‍ය විචාරණය සලකන්නේ සාහිත්‍ය සිද්ධාන්තයේ ප්‍රයෝගික යේදීමක් ලෙසය. සෛද්ධාන්තික දර්ශනයකින් එය එසේ නොවේ.

නූතන සාහිත්‍ය විචාර බොහෝවිට ප්‍රකාශයට පත් කරනු ලබන්නේ ග්‍රන්ථයක හෝ රචනාවක ආකාරයනි. අධ්‍යාපනික සාහිතය විචාරකයන් සාහිතය දෙපාර්තුමෙන්තු වල ඉගැන්වීම සිදු කරන අතර අධ්‍යාපනික සඟරා වල ප්‍රකාශනය කිරීම සිදු කරයි. වඩාත් ජනප්‍රිය විචාරකයන් ඔවුන්ගේ විචාර New york Times Book Review, New york Review of books, London Review of book, The Nation හා The New Yorker වැනි පුළුල්ව පැතිරී ඇති ආවර්ථික වල ප්‍රකාශනය කරනු ලැ‍බේ.

"https://si.wikipedia.org/w/index.php?title=සාහිත්‍ය_විචාරණය&oldid=249941" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි