සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය

සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය යනු, ස්වීඩන කාර්මිකඥ ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අවසන් කැමති පත්‍රයෙහි සඳහන් ආකාරයට "සාහිත්‍යය ක්ෂේත්‍රයෙහි විඥානවාදී දිශානතියකින් යුතුව මහත් ලෙසින් කැපී පෙනෙන කෘතියක් නිපැයූ " (මුල් ස්වීඩන: den som inom litteraturen har producerat det utmärktaste i idealisk rigtning) ඕනෑම රටක ග්‍රන්ථ කතෘ වරයෙකුට 1901 වසරෙහි සිට වාර්ෂිකව පිරිනැමෙන ස්වීඩන සාහිත්‍ය පිළිබඳ ත්‍යාගයකි. [1][2]

  1. "ඇල්ෆ්‍රඩ් නොබෙල් විල්". නොබෙල් පදනම. සම්ප්‍රවේශය 20 ජනවාරි 2021.
  2. ජෝන් සදර්ලන්ඩ් (13 ඔක්තොම්බර් 2007). "ඉන්ක් ඇන්ඩ් ස්පිට්". ගාර්ඩියන් අන්ලිමිටඩ් බුක්ස්. http://books.guardian.co.uk/review/story/0,,2189673,00.html.