සාරින්, හෝ GB යනු, [(CH3)2CHO]CH3P(O)F යන සූත්‍රය සහිත, කාබනික පොස්පරස් සංයෝගයකි. අවර්ණ, ගඳක් රහිත ද්‍රවයක් වන එය,[4] ස්නායු කාරකයක් ලෙසන් එහි ඇති අතිමහත් සඵලතාව නිසාම, රසායනික අවියක් ලෙසින් භාවිතා වෙයි.

සාරින්[1]
S-Sarin
Names
Pronunciation /ˈsɑːrɪn/
Preferred IUPAC name
Propan-2-yl methylphosphonofluoridate
වෙනත් නාම
(RS)-O-Isopropyl methylphosphonofluoridate; IMPF;
GB;[2]
2-(Fluoro-methylphosphoryl)oxypropane;
Phosphonofluoridic acid, P-methyl-, 1-methylethyl ester
EA-1208
TL-1618
Identifiers
CAS number {{{value}}}
3D model (JSmol)
ChEBI CHEBI:{{{value}}}
ChEMBL
ChemSpider
DrugBank
KEGG {{{value}}}
PubChem {{{value}}}
RTECS number {{{value}}}
UNII
InChI
SMILES
Properties
Molecular formula C4H10FO2P
Molar mass 140.09 g mol−1
Appearance Clear colourless liquid, brownish if impure
Odor Odourless in pure form. Impure sarin can smell like mustard or burned rubber.
Density 1.0887 g/cm3 (25 °C)
1.102 g/cm3 (20 °C)
Melting point

-56 °C, 217 K, -69 °F

Boiling point

158 °C, 431 K, 316 °F

Solubility in water Miscible
log P 0.30
Hazards
Occupational safety and health (OHS/OSH):
Main hazards
Extremely lethal cholinergic agent.
GHS labelling:
GHS06: Toxic
0.00003 mg/m3 (TWA), 0.0001 mg/m3 (STEL)
Lethal dose or concentration (LD, LC):
39 μg/kg (intravenous, rat)[3]
NIOSH (US health exposure limits):
IDLH (Immediate danger)
0.1 mg/m3
Safety data sheet (SDS) Lethal Nerve Agent Sarin (GB)
Except where otherwise noted, data are given for materials in their standard state (at 25 °C [77 °F], 100 kPa).

ඉතිහාසය

සංස්කරණය

ප්‍රබල කෘමිනාශකයන් නිපැයීමේ උත්සාහයක යෙදෙමින් සිටියදී ඊගේ ෆාර්බ්න්හී විද්‍යාඥයින් විසින් 1938දී ජර්මනියේ වුපාටාල්-එල්බෙයාෆෙල්ඩ්හිදී සාරින් සොයාගන්නා ලදි; එය, ජර්මනිය විසින් නිපැයූ G-ශ්‍රේණියේ ස්නායු කාරක සතර අතුරින් වඩාත්ම විෂ සහිත එක වෙයි. ටබූන් ස්නායු කාරකයට පසුව සොයාගැණුනු මෙම සංයෝගය, එහි සොයා ගත් තැනැත්තන් සතර දෙනාට ගරු කරනු වස් නම් කර ඇත: ෂ්රාඩර්, ඇස්බ්‍රොස්, රුයිඩිගර් සහ වැන් ඩ ලින්ඩර්. [5]

අවියක් ලෙසින් භාවිතය

සංස්කරණය

1939 වසරෙහි මැද භාගය වන විට, කාරකය සඳහා වන සූත්‍රය, ජර්මානු හමුදා අවි කාර්යාලයෙහි, රසායනික යුධ කටයුතු අංශය වෙත යොමු කරන ලද අතර, යුධ සමයෙහි භාවිතය සඳහා එය තොග නිෂ්පාදනය කළ යුතු බවට එම අංශය විසින් නියෝග නිකුත් කෙරිණී. නියාමක පිරියතයන් කිහිපයක් තැනුනු අතර, දෙවන ලෝක යුද්ධය කෙළවර වන විට, අධි-නිෂ්පාදන පහසුකමක් තැනෙමින් පැවතුණි (අවසන්ව නොතිබුණි). නාසි ජර්මනිය විසින් සිදු කල සම්පූර්ණ සාරින් නිෂ්පාදනය 500 කිග්‍රෑ සිට 10 ටොන් දක්වා වූ බවට ඇස්තමේන්තු කර ඇත. [6] සාරින්, ටබූන් සහ සෝමාන් කාලතුවක්කු උණ්ඩ වලට ඇතුළත් කර තිබුණද, ජර්මනිය විසින්, මිත්‍ර හමුදා ඉලක්ක වෙතට කිසිවිටෙක, ස්නායු කාරක භාවිතා නොකිරිණි.

 
M134 සාරින් පොකුරු-බෝම්බ (1960 ගණන් වලදී) පෙන්වන, එ.ජ. හොනස්ට් ජෝන් මිසයිල අවිශීර්ෂයෙහි හරස්කඩක්
  • 1950 ගණන් (මුල් භාගය): සම්මත රසායනික අවියක් ලෙසින්, නේටෝ සංවිධානය විසින් සාරින් තෝරා ගන්නා ලද අතර, එසෝසස සහ එක්සත් ජනපදය යන රටවල් දෙකම විසින්, හමුදාමය කටයුතු සඳහා සාරින් නිෂ්පාදනය කෙරිණි.
  • 1953: ඩර්හැම් ප්‍රාන්තයෙහි, කොන්සට්හී, රාජකීය ගුවන් හමුදා ඉංජිනේරුවෙකු වූ, 20-වියැති රොනල්ඩ් මැඩිසන්, විල්ට්ෂයර්හී, පෝර්ටන් ඩවුන් රසායනික යුධඅවි පරික්ෂණ පහසුකමෙහිදී, සාරින් මානව පරික්ෂණයකදී මිය ගියේය. ඔහුගේ මරණයෙන් දින දහයකට පසුව, රහසේ මරණ පරික්ෂණයක් පවත්වා, මරණය "අත්වැරැද්දක්" නිසා වූ බවට තීන්දුවක් දෙන ලදි. 2004දී, මරණ පරික්ෂණය යළි-විවෘත කරන ලදුව, දින-64 ක මරණ පරික්ෂණ නඩු විභාගයකින් පසුව, ජූරිය තීරණය කළේ, "චිකිත්සීය-නොවන පරික්ෂණයකදී ස්නායු කාරකයක් යෙදීම" තුලින්, අනීතික ලෙසින් මැඩිසන් මරා දමා ඇති බවයි. [7]
  • 21 අගෝස්තු 2013: සිරියානු සිවිල් යුද්ධය අතරතුර, සිරියාවේ, රිෆ් ඩිමේෂ්කා පාලන ප්‍රදේශයේ, ගූටා ප්‍රදේශයේදී, 2013 අගෝස්තු 21 දිනදී, සාරින්, බවට සැක කෙරෙන ස්නායු කාරකයක් සහිතව රසායනික අවි භාවිතා වූ බවට දෝෂාරෝපණය කෙරෙයි. [8] විපක්ෂ සහ වෛද්‍ය [9] මූලාශ්‍ර විසින් මරණ සංඛ්‍යාව 322[10] සිට 1729 දක්වා බවට පැවසුණු අතර, ගොදුරුවූවන් කිසිවකු වෙත බාහිර තුවාල නොතිබුණු බව කියැවෙයි.[11]

මේවාත් බලන්න

සංස්කරණය

ආශ්‍රිත

සංස්කරණය
  1. "Material Safety Data Sheet – Lethal Nerve Agent Sarin (GB)". 103d Congress, 2d Session. United States Senate. May 25, 1994. සම්ප්‍රවේශය November 6, 2004.
  2. "Sarin". National Institute of Standards and Technology. සම්ප්‍රවේශය March 27, 2011.
  3. "Substance Name: Sarin". ChemIDplus (ඉංග්‍රීසි බසින්). U.S. National Library of Medicine, National Institutes of Health. සම්ප්‍රවේශය 19 January 2020.
  4. සාරින් (GB). Emergency Response Safety and Health Database. National Institute for Occupational Safety and Health. සම්ප්‍රවේශය අප්‍රේල් 20, 2009.
  5. රිචර්ඩ් ජේ. ඉවන්ස් (2008), ද තර්ඩ් රයිෂ් ඇට් වෝ, 1939-1945, පෙන්ගුයින්, p. 669, ISBN 978-1-59420-206-3, සම්ප්‍රවේශය 13 ජනවාරි 2013
  6. "අ ෂෝට් හිස්ට්‍රි ඔෆ් ද ඩිවලප්මන්ට් ඔෆ් නර්ව් ගෑසර්ස්". නොබ්ලිස්. http://noblis.com/MissionAreas/nsi/BackgroundonChemicalWarfare/HistoryofChemicalWarfare/Pages/HistoryNerveGas.aspx. 
  7. "නර්ව් ගෑස් ඩෙත් වෝස් 'අන්ලෝෆුල්'". බීබීසී නිවුස් ඔන්ලයින්. නොවැම්බර් 15, 2004. http://news.bbc.co.uk/1/hi/england/wiltshire/4013767.stm. 
  8. Murphy, Joe (සැප්තැම්බර් 5, 2013). "Cameron: British scientists have proof deadly Sarin gas was used in chemical weapons attack". The Daily Telegraph. සැප්තැම්බර් 6, 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  9. "Syria: Thousands suffering neurotoxic symptoms treated in hospitals supported by MSF". Médecins Sans Frontières. අගෝස්තු 24, 2013. අගෝස්තු 26, 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය අගෝස්තු 24, 2013.
  10. "NGO says 322 died in Syria 'toxic gas' attacks". AFP. August 25, 2013. සම්ප්‍රවේශය August 24, 2013.
  11. "Bodies still being found after alleged Syria chemical attack: opposition". Dailystar.com.lb. March 5, 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය August 24, 2013.

භාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=සාරින්&oldid=565972" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි