සායි කිරාන් රාම් (උපත 8 මැයි 1978) යනුවෙන් හඳන්වනු ලබන්නේ තෙලිඟු සිනමා කර්මාන්තයෙහි නියැළෙනු ලබන ඉන්දියානු නළුවෙකි. ඔහු උපත ලැබූයේ ඉන්දියාවේ හයිදරාබාද් හි ය. ඔහු රංගන ක්ෂේත්‍රයේ සිය ප්‍රවිෂ්ඨය සනිටුහන් කළේ නුව්වේ කාවලි නැමැති ජනප්‍රිය චිත්‍රපටය ඔස්සේ ය. මෙම චිත්‍රපටයෙන් පසුව ඔහු සාර්ථක චිත්‍රපට ගණනාවකට සිය දායකත්වය සැපයී ය. මේ අතරට ප්‍රේමිංචු, මානසුන්තේ චාලු, Darling Darling, සහ සත්තා යන චිත්‍රපට අයත් වේ. ප්‍රේමිංචු චිත්‍රපටය නන්දි සම්මාන හතරක් දිනා ගැනීමට සමත් වූ අතර, සත්තා චිත්‍රපටය හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ද දිනා ඇත.

සායි කිරාන්
උපත8 මැයි 1978 (1978-05-08) (වයස 45)
නිවහනහයිදරාබාද්, තෙලංගානා, ඉන්දියාව
රැකියාවනළුවකු
සක්‍රීය වසර2000 - වර්තමානය
කලත්‍රයා(යන්)වෛෂ්ණවී සායිකිරාන්
දෙමව්පියන්(s)රාමක්‍රිෂ්ණා විසාම්රාජු
ජ්‍යෝති විසාම්රාජු

මීට අමතරව සායි රූපවාහිනී කතාමාලා සඳහා ද සිය රංගන දායකත්වය සපයා ඇති අතර, ඔහු ක්‍රිෂ්ණා, විෂ්ණු සහ වෙන්ක‍ටේශ්වර වැනි හින්දු දේව චරිත නිරූපණය කොට තිබේ. ඔහු ප්‍රථම වරට විෂ්ණු දෙවියන්ගේ චරිතය නිරූපණය කළේ ශිව ලීලාලු තුළ ය. මෙය නිර්මාණය වූයේ , ඌෂාකිරන් චිත්‍රපටවල ස්වර්ණමය කාල සීමාවේ ය.[1]

සායි කිරාන් සංගීත ක්ෂේත්‍රය සඳහා ද නැඹුරුතාවක් දක්වන අතර ඔහු සිය පළමු ඒක පුද්ගල රොක් සංගීත නිර්මාණය "ශිවස්ථාන්" යන නාමයෙන් එළිදැක්වී ය. මෙය ශිව දෙවියන් පිළිබඳ සිහිපත් කෙරෙන්නකි.

සායි සමග කටයුතු කොට ඇති අධ්‍යක්ෂකවරුන් සංස්කරණය

කැමරාව පසුපස සංස්කරණය

සායි කිරාන් නොයෙකුත් සත්ත්ව සුරැකුම් සංවිධාන සඳහා සම්බන්ධ වී ඇත. මේ අතරට හයිදරාබාද්හි නිල් කුරුස සංගමය සහ සර්ප මිතුරු සංවිධානය වැනි සංවිධාන ඇතුළත් වේ.

මීට අමතරව ඔහු අධ්‍යාත්මික තේමා රැගත් සංවිධාන ගණනාවකට සහභාගීත්වය සපයා ඇත.

සායි කිරාන් අයත් වන්නේ සුප්‍රකට ගායක ගායිකාවන්ගෙන් සැදි පවුලකට ය. සුප්‍රකට දකුණු ඉන්දියානු පිළිවැයුම් ගායිකාවක වූ පී. සුශීලා ඔහුගේ මිත්තණිය වූවා ය. ඔහුගේ පියා වූ වී. රාමක්‍රිෂ්ණා,[2] ද සුප්‍රකට ගායන ශිල්පියෙකි‍.

ඔහුගේ පසුකාලීන නිකුතු සඳහා යහපත් බොක්ස් ඔෆිස් ප්‍රතිචාර හිමි නොවී ය. ඔහු විසින් වෙංගමම්බා[3] නැමැති චිත්‍රපටයකට දායක වූ අතර, ඔහු සමග මීනා ප්‍රධාන චරිතය නිරූපණය කරන ලදී. මීට අතරව ඔහු අජන්තා නැමැති දෙමළ චිත්‍රපටයක් ද සිදු කොට ඇත. ඔහු විසින් නිර්මාණය කළ ලෙමන් සඳහා සංගීත දායකත්වය සපයන ලද්දේ ඉලෛයරාජා විසිනි.

සායි කිරාන් මෑතක දී වෛෂ්ණවී නැමැති පරිගණක මෘදුකාංග විශේෂඥවරියක සමග විවාහ විය.[4] මෙම විවාහ මංගල්‍යය කෙරෙහි රූපවාහිනී මාධ්‍ය නාළිකාවල දැඩි අවධානය යොමු වූයේ තිරුමාලාහි ප්‍රධාන පූජක රාමණා දික්ෂිතුලු[5] විවාහ මංගල්‍යයට සහභෘගී වීම හේතුවෙනි. මෙය බොහෝ රූපවාහිනී නාළිකා විසින් අනුමත නොකරන ලදී. නමුත් පසුව මතයක් පැතිර ගියේ එම පූජකවරයා සායි කිරාන්ගේ ඥාතියකු බැව් විශ්වාස කෙරෙන බවයි.

වර්තමානයේ සායි කිරාන් ජීවත් වන්නේ හයිදරාබාද් හි ය.

චිත්‍රපට නාමාවලිය සංස්කරණය

රූපවාහිනිය සංස්කරණය

වර්ෂය කතාමාලාව චරිතය නාළිකාව භාෂාව
2007 ශ්‍රී නාරද ලීලාලු මා ටීවී තෙලිඟු
2009-2013 තංගම් සෙල්වකන්නන් සන් ටීවී දෙමළ
2009-2011 සුන්දරකණ්ඩ ජෙමිනි ටීවී ‍තෙලිඟු
2010-2012 ශ්‍රැෂ්ති මහා විෂ්ණු SVBC TV තෙලිඟු
2011-2012 අසෝකවනම් පොලිමර් ටීවී දෙමළ
2011-2013 ඔටෝ භාරති ආදිත්‍ය රාම් ජෙමිනි ටීවී තෙලිඟු
2012 සුඩිගුන්ඩලු E TV තෙලිඟු
2013–වර්තමානය වම්සම් පොන්නුරංගම් සන් ටීවී දෙමළ
2014 සිවලීලාලු E TV තෙලිඟු
2015 සූර්ය භගවාන් සූර්යා Ttd තෙලිඟු
2016 වෙන්කටේශ්වර වෛභාවම් Ttd තෙලිඟු
2016 තිරුපථම්මා කාදා Ttd තෙලිඟු
2016–present කෝයිලම්මා ම‍නෝජ් කුමාර් මා ටීවී තෙලිඟු
2017-වර්තමානය වනම්බදි මෝහන් කුමාර් ඒෂියානෙට් මලයාලම්
TBA ගෝමථ Ttd තෙලිඟු

ආශ්‍රේයයන් සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සායි_කිරාන්&oldid=602577" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි