සාමාන්‍ය භාවිතය සඳහා යොදාගන්නා ස්වයංක්‍රීය තුවක්කු


නාවාංකය භාවිතය සඳහා යොදාගන්නා ස්වයංක්‍රීය තුවක්කුවක (GPMG) අරමුණු වන්නේ විවිධ අරමුණු සඳහා භාවිතා කළ හැකි අවියක් ලෙස ක්‍රියා කිරීමයි. එනම්, එය මිනිසෙකු විසින් ගෙන යා හැකි ප්‍රමාණයෙන් හා සැහැල්ලු ස්වයංක්‍රීය තුවක්කුවක් හෝ මධ්‍යස්ථ ප්‍රමාණයේ ස්වයංක්‍රිය තුවක්කුවක් වෙනුවෙන් භාවිතා කළ හැකි වීමයි. එසේ වුවත් සංසන්දනය කරන විට GPMG හි ක්‍රියාකාරිත්වයේ අඩුකමක් සමහරක් විට දැකිය හැකිය. වර්තමානයේදී GPMG ලෙස සැලකෙන්නේ වාතයෙන් සිසිල් කරන ලද රයිෆල් උණ්ඩ වෙඩි තබන 7.62Í51mm NATO වර්ගයේ වැනි මධ්‍යස්ථ ප්‍රමාණයේ ස්වයංක්‍රීය තුවක්කුය.

tiny globe
වර්තමාන සාමාන්‍ය භාවිතය සඳහා යොදා ගන්නා ස්වයංක්‍රිය තුවක්කුවෙහි පෙර නිමිති ගැන යුනිවර්සේල් ටෂින්ගවේර් - MG 34 තුවක්කුව මෙහි ආකාරය දෙකින් දැක්වේ. MG34 පරණ සංකල්ප රාශියකට තම මුහුණුවරක් දීමෙන් සාධන ලද්දකි.


අන්තර් යුධ සමයේදී ජර්මනිය විසින් මනේග්වහර් (MA 34) තුවක්කුව මුල සිටම GPMG ක් ලෙස නිපදවන ලදී. මෙය කරන ලද්දේ පවතින අවියක් වන MGO8115 වෙනස් කිරීම වෙනුවටය. Ma -34 තුවක්කුව වාතයෙන් සිසල් කරන ලද්දක් වු අතර එය නොයෙක් අයුරින් භාවිතා විය. විශේෂයෙන් සදහන් කළ යුත්තක් වන්නේ MA 34 තුවක්කුව දෙවන ලෝක යුද්ධ පුරාවටම රථවාහන වල ප්‍රධානම අවිය විමයි. MA 34 තුවක්කුවේ සාර්ථකත්වය කෙසේදැයි කියහොත් GPMG සංකල්පය දෙවන ලෝක යුද්ධයෙන් පසු යුද හමුදාව බෙහොමයක් තුළ ප්‍රචලිත විය. MA 34 වලින් පසුව වර්හ්මාට් සේවයෙහි භාවිතා වු MA 42 තුවක්කුව දෙවන ලෝක යුද්ධයේ භාවිත වු කාර්යක්ෂම ස්වයංක්‍රීය තුවක්කු නිර්මාණය විය.


tiny globe
බෙල්ජියමේ සාදන ලද FNMAG


වත්මන් GPMG (නොහොත් බ්‍රිතාන්‍ය යුධ හමුදා ව්‍යවහාරයේ ජිම්පි ලෙස හැඳින්වෙන ලෙස සැලකෙන්නේ උපකාරක අවියක් ලෙස භාවිතා කරන මධ්‍යස්ථ ප්‍රමාණයේ ස්වයංක්‍රීය තුවක්කුවකි. මිටිරලෙයු ඩි අපියු ජෙනරාල් සහ ප්‍රංශය බෙල්ජියානු නමින් හැඳින් වූ මෙම GPMG වර්ගයේ තුවක්කු විවිධ කාර්යයන් සඳහා යොදගත් මධ්‍යස්ථ ප්‍රමාණයේ ස්වයංක්‍රීය තුවක්කු ලෙස හැඳින්වීම ප්‍රචලිත විය. මෙහිදී මිටිරලෙයු ඩි ගෙස් යන මුල් බෙල්ජියානු ප්‍රංශ පදය ද ව්‍යවහාරයේ භාවිතාවේ. මෙම ආකාරයේ මධ්‍යස්ථ ප්‍රමාණයේ තුවක්කු නොයෙකුත් කාර්යයන් සඳහා භාවිතා කරන ලදී. GPMG ලෙස මුල්ම වරට මධ්‍යස්ථ ප්‍රමාණයේ ස්වයංක්‍රීය තුවක්කු භාවිතා කරන ලද්දේ පළමු වන ලෝක යුද්ධයේදීය.


MG42 ක් පසුව නිපදවුනු MG 3 ජර්මන් යුධ හමුදාවේ සේවයෙනි තවමත් භාවිතා වේ. NATO පහ අනෙක් බටහිර හමුදාම විසින් බහුලව භාවිතා කරන ලද GPMG වුයේ බෙල්ජියානු FNMAG තුවක්කුවයි. බ්‍රිතාන්‍ය හමුදාව සහ අනෙක් පොදු රාජ්‍යය හමුදා එය 1950 ද චිකර්ස් තුවක්කුව වෙනුවෙන් භාවිතා කරන ලදී.


ඇමරිකානු හමුදාව FNMAG තුවක්කුව M240 ලෙස භාවිතා කරන් ලද්දේ M60 ස්වයංක්‍රිය තුවක්කුව වෙනුවටය. ඇමරිකානු හමුදාව M249 - MINIMI තුවක්කුව භාවිතා කරන ලද්දේ සැහැල්ලු ස්වයංක්‍රීය තුවක්කුවක් / කුඩා කණ්ඩායම් ස්වයංක්‍රීය අවියක් ලෙසය. තවද 50 BGM උණ්ඩ භාවිතා කරන M2 ස්වයංක්‍රීය තුවක්තුව භාවිතා කරන්නේ බර ස්වංක්‍රීය තුවක්කුවක් ලෙසය.


1950 පසු භාගයේ හෝ 1960 පෙර භාගයේ චෙකොස්ලොවැකියාව විසින් Vz 59 සංවාතය භාවිතය සඳහා යොදා ගන්නා ස්වයංක්‍රීය තුවක්කු 7.62 Í 54 mmR සහ 7.62m NATO යන ආකාර 02 නිර්මාණය කරන ලද්දේ වෙනම යුධ උපායශීලි කර්යයක් සඳහාය. මීට සමාන රුසියානු තුවක්කුව වන්නේ PK/PKM පවුලට අදාල බහුකාර්ය ස්වයංක්‍රීය තුවක්කු වර්ගයය. මෙම තුවක්කු රුසියානු සහ පෙර සෝවියට් හමුදා සේවයෙහි භාවිතා කරන ලද අති විශාල ලෙස අධ්‍යයනය කරන ලදී.


1967 සිට චීන ජනරජයද නොයෙක් ස්වයංක්‍රීය තුවක්කු වර්ග වල සංකලනයක් ලෙස 7.62 Í 54 mmRR සාමාන්‍ය භාවිතය සඳහා භාවිතා කරන ස්වයංක්‍රීය තුවක්කුවක් ලෙස නිෂ්පාදනය කරන ලදී. එතැන් සිට මීට වඩා දියුණු ආකෘති සාදන ලද අතර ඒවා 67.1 සහ 67.2 ලෙස වර්ග කර ඇත.


General purpose machine gun