සාම්ප්‍රදායික කොරියානු වෛද්‍යය ශාස්ත්‍රය

සාම්ප්‍රදායික කොරියානු වෛද්‍යය ශාස්ත්‍රය (හන්ගුල්: 한의학, හන්ජා: 韓醫學)යනුවෙන් අදහස් වනුයේ කොරියාව තුළ සංවර්ධනය වී භාවිත වන සාම්ප්‍රදායික වෛද්‍යය ශාස්ත්‍රය යි. [1] සාම්ප්‍රදායික කොරියානු වෛද්‍යය ශාස්ත්‍රය කොරියාව තුළ මෙන්ම ඉන් පිටත කොරියානු ප්‍රජාවන් අතරද බෙහෙවින් ජනප්‍රියය.මෙම වෛද්‍ය ශාස්ත්‍රය තුළ ශරීරයේ කෘත්‍යමය යාන්ත්‍රණයට වඩා ප්‍රත්‍යක්ෂ අන්තර්ක්‍රියාකාරීත්වයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි.

දකුණු කොරියාවේ ගම්බද ප්‍රදේශයක බෙහෙත් ශාලාවක්

ඉතිහාසය සංස්කරණය

කොරියානු වෛද්‍යය සම්ප්‍රදායන්ගේ ආරම්භය ඉපැරණි සහ ප්‍රාග් ඓතිහාසික යුගයෙන් සනිටුහන් වන අතර එය ක්‍රි.පු.3000 ලෙස සැලකයි. මන්දයත් උතුරු හැම්යොං(Hamgyong) (වර්තමාන උතුරු කොරියාවට අයත්) ප්‍රදේශයෙන් හමුවී ඇති පුරාණ ගල් සහ අස්ථි ඉදිකටු අයත් වන්නේද එම යුගයට නිසාය.[2][3] ගොජොසෙයොං(Gojoseon) හෙවත් කොරියාවේ ආරම්භය පිළිබඳ පුරාවෘත්තයේ මිනිස් උපතක් පතා කොහොඹ (Artemisia කුලයට අයත්) හා සුදුළූණු ආහාරයට ගත් කොටියෙකු හා වලසෙකු පිළිබඳ කතාන්තරයක් වේ. 'සම්ගක් යුසා'('Samguk Yusa') ගේ කාලයේ පමණ ලියන ලදැයි සැලකෙන ජෙවන්ග් උන්ගි (Jewang Ungi '(제왕운기)') හි ද කොහොඹ සහ සුදුළූණු, 'කෑමට ගත හැකි ඔසු' ලෙස හඳුන්වා දී ඇත. මන්ත්‍ර ජපකිරීම් හා යාතිකා මගින් රෝග සුවකිරීම් ප්‍රබලව පැවති අවධියේදී පවා කොරියාව තුළ රෝග සුවකිරීමට ඖෂධීය පැළෑටි භාවිත වූ බව මින් පැහැදිලි වේ. එමෙන්ම කොහොඹ සහ සුදුළූණු පුරාණ චීන ශාකසාර ඖෂධයන් අතර දක්නට නොමැති වීම සාම්ප්‍රදායික කොරියානු වෛද්‍යය ශාස්ත්‍රය ඔවුන්ටම අනන්‍ය ක්‍රම ඔස්සේ දියුණුවූ බව හෝ වෙනත් සංස්කෘතින්ගේ ආභාෂය ලබා ඇති බව පෙන්නුම් කරයි. ‍කොරියානු ත්‍රී රාජධානි කාල පරිච්ඡේදය (The period three kingdoms) තුළ කොරියානු වෛද්‍යය ශාස්ත්‍රය පුරාණ චීන වෛද්‍ය වැනි වෙනත් සාම්ප්‍රදායික වෛද්‍යය ශාස්ත්‍රයන්ගේ ආභාෂය ලැබීය. චීන වෛද්‍යයේ ආභාෂයත් සමග ගොඉයෝ (Goryeo) රාජ වංශයේ දී, දේශීය ඖෂධ පැළෑටි පිළිබඳ වඩාත් තීව්‍ර පරීක්ෂණ පැවැත්වුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දේශීය ඖෂධ පැළෑටි පිළිබඳ බොහෝ පොත් ප්‍රකාශයට විය. වත්මන් වෛදය න්‍යායන්ට පදනම් ව ඇත්තේ සොං රාජවංශයේ (Song) සහ යුවාන් රාජවංශයේ (Yuan) පාලන සමයන් තුළ භාවිත වූ ඔසුය. තවත් බොහෝ බෙහෙත් වට්ටෝරු ‘ස්වදේශීය අමුද්‍රව්‍ය භාවිතයෙන් ප්‍රථමාධාර ඖෂධ'(First Aid Prescriptions Using Native Ingredients) හා 1245 දී ප්‍රකාශයට පත් කරන ලද "Hyangyak Gugeupbang" (향약 구급방) වැනි ඒකාබද්ධ සිල්ලාUnified Silla යුගයට අයත් වෛද්‍ය ලේඛන මත පදනම් ව ඇත.

කොරියානු ඉතිහාසයේ හමුවන විවිධ යුග අතර වෛද්‍ය ක්ෂේත්‍රය වඩා සමෘද්ධිමත් වූ සමයක් ලෙස ජොස්‍යෙන් රාජවංශයේJoseon පාලන සමය හැඳින්විය හැක. කිම් යෙ-මං Kim Ye-mong (金禮蒙, 김예몽) සහ අනෙකුත් කොරියානු නිල වෛද්‍යවරුන් විසින් 1443 සිට 1445 දක්වා කාල පරාසය තුළ ලියන ලද "ඖෂධයෝගය පිළිබඳ පිළිබඳ වර්ගීකෘත එකතුව"(“the Classified Collection of Medical Prescriptions”,醫 方 類 聚, 의방 유취) නම් පොත ද කොරියානු වෛද්‍ය ලේඛන ඉතිහාසය තුළ වැදගත් ග්‍රන්ථයක් වේ. පහළොස් වන සියවසට පෙර පුරාණ චීනයේ එකසිය පණස් දෙකක් වූ වෛද්‍ය කර්මාන්ත වල පනස් දහසකට වැඩි බෙහෙත් වට්ටෝරුද චෝයි චොන්ග්-ජන් (Choi Chong-jun,崔宗峻, 최종준) විසින් 1226 දී ලියන ලද කොරියානු ග්‍රන්ථයක් වන “රාජකීය වෛද්‍යවරුන්ගේ ඖෂධ නියමයන් හි සංක්ෂිප්තය” (“the Concise Prescriptions of Royal Doctors”,御醫撮要方, 어의촬요방) හි සඳහන් බෙහෙත් වට්ටෝරුද එහි අඩංගු වේ. මෙම "ඖෂධයෝගය පිළිබඳ පිළිබඳ වර්ගීකෘත එකතුව" (“the Classified Collection of Medical Prescriptions”,醫 方 類 聚, 의방 유취) ට වඩාත් වැඩි පර්යේෂණ වටිනාකමක් හිමිවනුයේ, බොහෝ කාලයක් තිස්සේ අස්ථානගතව ඇති ඉපැරණි චීන වෛද්‍ය පොත්වල අන්තර්ගතයන් එහි අඩංගු බැවිනි.

හ්යෝ ජුන්(Heo Jun),සාම් (Saam) හා ලී ජෙ-මා(Lee Je-ma) යනු ජොස්‍යෙන් රාජවංශයේJoseon (1392-1910) සිට සාම්ප්‍රදායික කොරියානු වෛද්‍ය ශාස්ත්‍රයේ දියුණුවට මහෝපකාරී වූ ප්‍රධාන වෛද්‍යවරු තිදෙනාය.ඔවුන් අතරින් පළමුවැන්නා වූ හ්යෝ ජුන්(Heo Jun) විසින් Dongeui Bogam (동의보감) ලියන ලද්දේ 1952 ජපන් ආක්‍රමණ (හිදෙයොෂි ආක්‍රමණ) වලින් පසුවය. මෙම ග්‍රන්ථයේ සමකාලීන කොරියානු මෙන්ම චීන ඔසුද ඇතුළත් වූ අතර එය චීන,ජපන් හා වියට්නාම වෛද්‍ය විද්‍යාවන්ට ද වැදගත් කෘතියක් විය.

මීළඟ පිළිගත් පුද්ගලයා වන සාම් (Saam), 16 වන සියවසේ පමණ ජීවත් වන්නට ඇතැයි විශ්වාස කරන පූජක-වෛද්‍යවරයෙකි. එතුමාගේ සැබෑ නම, උපත වැනි කරුණු පිළිබඳ පැහැදිලි දත්ත හමු නොවුවද, ප්‍රසිද්ධ භික්ෂුවක් වූ සම්යැං හිමි (monk Samyang) යටතේ අධ්‍යාපනය ලබා ඇත. පංච ධාතු න්‍යාය (five element theory) භාවිතයට ගන්නා කටු චිකිත්සක සම්ප්‍රදායක් වර්ධනය කරන ලද්දේ ඔහු විසිනි.

සාසං දර්ශවාදය (Sasang typology 사상의학) යනු සාම්ප්‍රදායික කොරියානු වෛද්‍ය හා සම්බන්ධ ඊලඟ ප්‍රධාන බලපෑමයි.ලී ජෙ-මා(Lee Je-ma) විසින් කොන්ෆියුසියස්වාදයේ බලපෑම හා සායනික අත්දැකීම් ඔස්සේ සිදුකළ විධිමත් නිගමනයන් ඔහු විසින් රචිත "පෙරදිග වෛද්‍ය විද්‍යාව තුළ ජීව ආරක්ෂණයේ වැදගත්කම" (The Principal of Life Preservation in Oriental Medicine",東 醫 壽 世 保 元, 동의 수세 보원) යන ග්‍රන්ථයෙහි අඩංගු වේ.එක් එක් පුද්ගලයා අනුව වෙනස් වන විවිධ ව්‍යධිකායකර්ම (pathophysiology) හේතුවෙන් එකම රෝගය සුවකිරීමට විවිධ රෝගීන්ට විවිධ ඔසු ආලේප අවශ්‍ය බව ඔහු දැන සිට ඇත.රෝග හා ඔසු සඳහා දක්වන විවිධ ප්‍රතිචාර මත පදනම් වූ රෝගීන්ගේ තනි තනි වෙනස්කම් සාසං දර්ශවාදය (Sasang typology 사상의학) තුළ කේන්ද්‍ර වී ඇත.නිසි රෝග විනිශ්චයෙන් හඳුනාගන්නා රෝග මූලයට පිළියම් කිරීමෙන් රෝගය සුව කළ යුතුය. පළමුව එක් එක් රෝගියාගේ ව්‍යධිකායකර්ම (pathophysiology) හෝ අභ්‍යන්තර ඉන්ද්‍රිය නිශ්චය කිරීම මෙම රෝග විනිශ්චය ක්‍රමයේ යතුර ලෙස සලකයි.සාම්ප්‍රදායික කොරියානු වෛද්‍යය ශාස්ත්‍රයට වැඩිම සේවයක් සිදුකළ තෙවන ඓතිහාසික වෛද්‍යවරයා වන, ලී ජෙ-මා(Lee Je-ma) විසින් දහ නව වන සියවසේ මුල භාගයේදී සාසං දර්ශවාදය Sasang typology (사상의학) ලියන ලදි. ලී විසින් පුද්ගල පෞරුෂත්වය ප්‍රමුඛ චිත්තවේග මත පදනම්ව මිනිසුන් ප්‍රධාන වර්ග හතරකට වර්ගීකරණය කෙරුණු අතර එක් එක් වර්ගය සඳහා වෙනම ප්‍රතිකාර ක්‍රම දියුණු කළේය.එම වර්ග හතර නම් Tae-Yang ( 태양, ) හෙවත් "greater yang", So-Yang (소양, ) හෙවත් "lesser yang", Tae-Eum (태음, ) හෙවත් "greater yin", සහSo-Eum (소음, ) හෙවත් "lesser yin" ය. ජොස්‍යෙන් රාජවංශයේJoseon අග භාගයේදී ඉන්ද්‍රියානුභූතිවාදය (positivism) වඩාත් ප්‍රචලිත විය. රෝග අධ්‍යයනය හා ප්‍රතිකාර ක්‍රම සංවර්ධනය සඳහා පදනම ලෙස සායනික සාක්ෂි වඩාත් බහුල ලෙස භාවිතා කරන ලදී. දේශපාලනයෙන් ඉවත්වුණු විද්වතුන්, රෝග ප්‍රතිකර්ම කෙරෙහි කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස නව සම්ප්‍රදායික වෛද්‍ය පාසල් ස්ථාපිත කරන ලදී. පොදු ජනතාව සඳහා ඖෂධ පිළිබඳ සරල පොත් ප්‍රකාශයට පත් කරන ලදී.

වත්මන් භාවිත සංස්කරණය

මෑත කාලීනව එක්සත් ජනපදය වෙත පැමිණෙන කොරියානු සංක්‍රමණිකයන් සංඛ්‍යාව වැඩි වීමත් සමග, මෙම සාම්ප්‍රදායික සුවකිරීමේ ක්‍රමවේද හා ඒවා කොරියානු ප්‍රජාව විසින් භාවිතා කරන ආකාරය අවබෝධ කරගැනීම නූතන වෛද්‍ය ශාස්ත්‍රය තුළ වැදගත් අංගයක් විය.අධ්‍යයන මගින් පෙන්වා දෙන පරිදි ක්සත් ජනපදය තුල ජීවත් කොරියානු සංක්‍රමණිකයන්ගෙන් අඩකට වැඩි පිරිස අවම වශයෙන් දිනකට යම් වේලාවක් තුළ හෝ බටහිර ක්‍රමෝපායන්ට සමගාමීව සාම්ප්‍රදායික සුවකිරීමේ චාරිත්‍ර ප්‍රගුණ කරයි. බටහිර ආචාරවිධි වල ආභාෂයත් සමග නව සංක්‍රමණිකයන් අතරින් සාම්ප්‍රදායික ක්‍රමවේද ක්‍රමයෙන් අභාවයට යනු ඇතැයි අනුමාන කෙරුණද, දෙවන හා තුන්වන සංක්‍රමණික පරම්පරා අතරද සාම්ප්‍රදායික ක්‍රමවේද භාවිතය නොනැසී පවතින බවට සාධක ඇත.බොහෝ කොරියානු සංක්‍රමණිකයන් දරන සමාන අදහස නම් හුදෙක් ඇමරිකානු වෛද්‍යවරුන් තම රෝගීන්ට ප්‍රතිකාර කරන ආකාරය මිනිස් සිරුරේ ආධ්‍යාත්මික පදනමෙන් දුරස්ථ හා විසන්ධි බවයි. පර්යේෂණාත්මක සංඛ්‍යාලේඛණ විග්‍රහයකට අනුව බටහිර ප්‍රතිකර්මයන්ට වඩා සාම්ප්‍රදායික ප්‍රතිකර්ම තුළින් රෝගියාගේ මානසික තත්ත්වය වඩාත් සන්සුන් කරන අතර එමගින් භාවාත්මක සුබ සිද්ධිය වැඩි දියුණු වන බව සොයාගෙන ඇත.වැඩිහිටි සාත්තු සේවා පිළිබඳ විශේෂ දැනුමැති ‍වෛද්‍ය පහසුකම් සපයන්නන් විසින් තම කොරියානු රෝගීන් අතර පමණක් නොව කොකේසියානු ඇමරිකානුවන් අතර පවා සාම්ප්‍රදායික කොරියානු වෛද්‍යක්‍රම භාවිතයේ ඇති සාර්ථකත්වය වාර්තා කර තිබේ.

පොදු ප්‍රතිකර්ම සංස්කරණය

ශාකසාර ඔසු සංස්කරණය

Herbalism යනු ආහාර, වෛද්‍ය හා සෞඛ්‍ය කරුණු සඳහා ශාක ද්‍රව්‍යය භාවිතය පිළිබඳ අධ්‍යනය හා පුහුණුව ලැබීම වේ.එම ශාක ද්‍රව්‍යය මල්, ශාක, පඳුරු, ගස්, පාසි, පාසි, මීවන, ඇල්ගී, මුහුදු පැලෑටි හෝ දිලීර විය හැක. ශාක සම්පූර්ණ වශයෙන් හෝ කොටස් වශයෙන් භාවිතා කරයි.එක් එක් සංස්කෘතිය හෝ වෛද්‍ය ක්‍රමය තුළ විවිධ වර්ගයේ ඖෂධ වෘත්තිකයින් වේ: වෘත්තීය හා ගෘහස්ථ ඔසු වවන්නන්(ඇතැම්විට විකිණීමට), ශාක රැස්කරන්නන් හා ඖෂධ සම්පාදකයන් ලෙස ඔවුන් වර්ග කළ හැක. නැවුම්, වියළාගත්,පූර්ණ හෝ කැබලි වශයෙන් ආදී ලෙස විවිධ ආකාර වලින් මෙම ශාකමය ඔසු පැවතිය හැක.ශාකද්‍රව්‍ය යම් දියරයක පොඟවා ගැනීමෙන් තැම්බුම්සාරද (infusions), නිශ්චිත වේලාවක් තුළ මඳගින්නේ තම්බාගැනීමෙන් කසාය වර්ගද සකසනු ලබයි.

මල්, කොළ හා කුඩුකළ ශාකද්‍රව්‍ය අඩංගු තැම්බුම්සාර (infusions) සඳහා chamomile සහ මිංචි නිදසුන් වේ.පලතුරු,ඇට, පොතු හා මුල් අඩංගු කසාය වර්ග සඳහා උදාහරණ ලෙස රෝස ඵල, කුරුඳු පොතු හා වැල්මී මුල් හැඳින්විය හැක.නැවුම් හා වියළි ශාකසාර මධ්‍යසාර තුළ බහාලන විට බෙහෙත් වතුර හා මිශ්‍ර කිරීමද විනාකිරි තුළ බහාලන විට කුඩාවට කැබලි කිරීමද සිදුවේ.ඒවා එළවළු ග්ලිසරීන් වැනි පැණි(සිරප්-syrup) වලද, මී පැණිවලද බහා තැබීමෙන් පරිරක්ෂණය කරනු ලබයි. මධ්‍යසාර අවම, ප්‍රණීත රසයන්ගෙන් යුත් ඔසු කුඩා දරුවන්ට සුදුසුය.ලොසින්ජර, පල්ප හා ප්‍රාවරයන්(capsules) ට සමාන bulk, පෙති හා troches වල කුඩුකළ හා ශීත කළ ශාකසාර අඩංගු වේ. එසේම ආලේපන වර්ග, බෙහෙත් ඔරු, තෙල් වර්ග,විලවුන්,ජෙල් වර්ග( gels), ආසූත ජලය, සේදුම් වර්ග, පාප්ප වර්ග (poultices),සම්පීඩක,දුම්කුඩු,හුමාලය, නාසයෙන් උරන දුම්, ආමෝද වර්ග (aromatics) හා වාෂ්පශීලී තෙල් වර්ගද සාම්ප්‍රදායික කොරියානු වෛද්‍ය ශාස්ත්‍රය තුළ භාවිත වේ.

යම් රෝගයක් සුව වීම කෙරෙහි රෝගියාගේ මානසිකත්වයේ බලපෑම පිළිබඳ හොඳින් දන්නා බොහෝ ඔසු වෙදුන් ඉතා සූක්ෂම ලෙස රෝගියාගේ බුද්ධිමය,භාවාත්මක,කායික හා ආධ්‍යාත්මික අවධානය තම සුව කිරීමේ කාර්යය සඳහා භාවිත කරයි. මෙම සෑම ක්‍රමයක්ම එක් එක් ප්‍රදේශයේ ඖෂධ චාරිත්‍ර අනුව විවිධ වේ.සොබාදහම අත්‍යවශ්‍යයෙන්ම ආරක්ෂාකාරී නොවේ. එබැවින් ඖෂධ ඒවායේ ස්වභාවය මත ශ්‍රේණිගත කිරීමේදී, ඖෂධ මාත්‍රා තීරණය කිරීමේදී,සිදුවියහැකි අතුරු ආබාධ වටහාගැනීමේදී වෙනත් ඔසු සමග සිදුවිය හැකි අන්තර්ක්‍රියා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුය.[4] ආහාර හා තේ සඳහා භාවිත කරන ඖෂධීය හතු වර්ග ශාකසාර ඔසු සඳහා මනා නිදසුනකි. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය විධිමත් කිරීමේ හැකියාවක් හතු සතුව ඇති බව සායනික, සත්ත්ව හා සෛලීය සමීක්ෂණයන් ගෙන් හෙළිවී ඇත.

[5][6][7][8] සොං-ගෙං(Song-gen) ලෙස හඳුන්වන Phellinus inteus කොරියානු වෛද්‍ය තුළ භාවිත වන වැදගත් හතු වර්ගයකි.

කටු චිකිත්සාව සංස්කරණය

කටු චිකිත්සාක ඉඳිකටු යනු ලේ ඉවත් කිරීමේ හා නියත පීඩනයන්ට ලක් කිරීම මගින් මිනිසුන් හා සතුන්ගේ ශරීර මත නිශ්චිත ස්ථාන උත්තේජනය කිරීමේ ක්‍රමවේදය මගින් රෝග සුව කිරීම සඳහා භාවිතා කරන වෛද්‍ය මෙවලමක් වේ. කටු චිකිත්සාව මගින් "Qi" ලෙස හඳුන්වන ජීව ශක්ති ප්‍රවාහය, මධ්‍ය රේඛා ලෙස හඳුන්වන මාර්ග ඔස්සේ ගලා යාම ඉහල නංවයි. moxibustion ලෙස හඳුන්වන ඉතා කුඩා ඉඳිකටු මගින් තාපය ඇතුළු කිරීමේ හා ඉවත් කිරීමේ ක්‍රමවේද සංකලනයක් හරහා පීඩන ලක්ෂ්‍ය උත්තේජනය කළ හැක. ලේසර්, සම්බාහන හා විද්‍යුත් උපක්‍රම භාවිතයෙන්ද පීඩන ලක්ෂ්‍ය උත්තේජනය කළ හැක. (Pizzorno 243)

Moxibustion සංස්කරණය

Moxibustion යනු කෝටුවක් හෝ දැවෙන mugwort එකක කේතුවක් මගින් ශරීරය තාපවත් කරන ශිල්ප ක්‍රමයකි. මෙම මෙවලම සම නොදැවෙන පරිදි බලපෑම එල්ල වූ ප්‍රදේශය පුරා තැන්පත් කරයි.රුධිරය(Kim) උත්තේජනය හා ශක්තිමත් කිරීම සඳහා මෙම කේතුව හෝ කෝටුව පීඩන ලක්ෂ්‍ය මත තැබිය හැකිය.

සගන්ධ තෙල් යොදා කරන ප්‍රතිකර්ම සංස්කරණය

සගන්ධ ප්‍රතිකාර යනු අත්‍යවශ්‍ය ශාක තෙල් භාවිතා කරමින් ශාරීරික ආබාධ සුව කරනා ක්‍රමවේදයක් වේ.(Micozzi S. Marc, Chambers Dictionary 1988). එළවළු තෙල් යොදා කෙරෙන මෙම සම්බාහන සඳහා මුල්, පොතු, දඬු , මල් හෝ දළු, භාවිත වේ. මෙම තෙල් වර්ග ආශ්වාස කිරීම, වෙළුම් සඳහා භාවිතා කිරීම, සුවඳ විලවුන් හා මිශ්‍ර කිරීම හෝ ගුද මාර්ගය, යෝනි මාර්ගය, හෝ මුඛය මගින් ශරීර අභ්‍යන්තරයට ඇතුළු කිරීම කළ හැක(Hoffman 207–212).

භාවනාව සංස්කරණය

භාවනාව යනු ශරීරය හා මනස සංවර හා ඉහිල් කිරීමේ අරමුණින් සිදුකරන ස්වයං අභ්‍යාසයකි.එමගින් සිත සන්සුන් කිරීම,වේදනාව අඩු කිරීම මෙන්ම අවරුධිර පීඩනය හා කාංසාවද අවම කෙරෙයි.නිශ්චිත කාලය පරිමාවක් තුළ තනි වචනයක් හෝ සිතුවිල්ලක් පිළිබඳ සිත එකඟ කර ගැනීම මෙහිදී සිදුවේ.එසේම සමහරු ආශ්වාසය, නාද, මන්ත්‍ර වැනි භෞතික අත්දැකීම් මත අවධානය පවත්වා ගන්නා අතර, මෙම සෑම උත්සහයක් තුළම වනුයේ මනස ශාන්ත කර ගැනීමේ පොදු පරමාර්ථයකි. (රොජර්ස් 293)

අධ්‍යාපනය සංස්කරණය

කොරියානු වෛද්‍ය පිළිබඳ උපාධි පාසල සංස්කරණය

ජපන් ආක්‍රමණය හේතුවෙන් වසර සියයකට පමණ පෙර ප්‍රථම නූතන අධ්‍යාපන පහසුකම් සහිත ඩොං-ජේ වෛද්‍ය විද්‍යාලය(Dong-Je medical school) වසා දැමුණු පසු ශක්තිමත් පදනමක් මත සිය ජාතික සම්පත ස්ථාපිත කිරීමේ අරමුණින් දකුණු කොරියානු ආණ්ඩුව විසින් සාම්ප්‍රදායික කොරියානු වෛද්‍ය ඉගැන්වෙන ජාතික පාසලක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. 2008 දී, පුසාන් ජාතික විශ්ව විද්යාලය (Pusan National University) තුළ උපාධි සිසුන් 50 දෙනෙකු සමග කොරියානු වෛද්‍ය පාසලක් ස්ථාපිත කළ අතර එය පසුව යංග්සං ‍වෛද්‍ය විද්‍යාලය(Yangsan medical campus) වෙත ගෙන යන ලදි.නව අනුබද්ධ කොරියානු වෛද්‍ය රෝහල හා සායනික අධ්‍යයන සඳහා වන පර්යේෂණ මධ්‍යස්ථානය වත්මනෙහි ඉදිවෙමින් පවතියි.සාමාන්‍ය පෞද්ගලික සාම්ප්‍රදායික වෛද්‍ය පාසල්(වසර 6) හා සසඳන විට මෙය විශේෂ උපාධි පාසලක්(වසර 8) වේ.

මේවාද බලන්න සංස්කරණය

වැඩිදුර විස්තර සංස්කරණය

  1. සංරක්ෂිත පිටපත, http://onlinepresent.org/proceedings/vol33_2013/4.pdf, ප්‍රතිෂ්ඨාපනය 2016-01-29 
  2. https://www.koreatimes.co.kr/www/news/art/2009/10/153_38654.html
  3. සංරක්ෂිත පිටපත, http://www.altpetdoc.com/Acupuncture-Evolution.pdf, ප්‍රතිෂ්ඨාපනය 2016-01-29 
  4. Micozzi 164-167
  5. Lin ZB, Zhang HN (November 2004). "Anti-tumor and immunoregulatory activities of Ganoderma lucidum and its possible mechanisms". Acta Pharmacologica Sinica. 25 (11): 1387–95. PMID 15525457.
  6. Kuo MC, Weng CY, Ha CL, Wu MJ (January 2006). "Ganoderma lucidum mycelia enhance innate immunity by activating NF-kappaB". Journal of Ethnopharmacology. 103 (2): 217–22. doi:10.1016/j.jep.2005.08.010. PMID 16169168.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  7. Kobayashi H, Matsunaga K, Oguchi Y (1995). "Antimetastatic effects of PSK (Krestin), a protein-bound polysaccharide obtained from basidiomycetes: an overview". Cancer Epidemiology, Biomarkers & Prevention. 4 (3): 275–81. PMID 7606203.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  8. Hetland G, Johnson E, Lyberg T, Bernardshaw S, Tryggestad AM, Grinde B (2008). "Effects of the medicinal mushroom Agaricus blazei Murill on immunity, infection and cancer". Scand J Immunol. 68 (4): 363–70. doi:10.1111/j.1365-3083.2008.02156.x. PMID 18782264.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  • Jeon, Sang-woon (1998). A history of science in Korea. Seoul: Jimoondang. ISBN 89-88095-11-1.
  • Kang, Gun-Il. “A Korean Skeptic’s Report: New Ager-Occupied Territory.” The Committee for Skeptical Inquiry 10.1 (March 2000). 22 February 2008 <http://csicop.org/sb/2000-03/korea.html සංරක්ෂණය කළ පිටපත 2009-07-20 at the Wayback Machine>.
  • Kim, Miyong, et al. "The Use of Traditional and Western Medicine among Korean American Elderly.” Journal of Community Health 27.2 April 2002: 109-120.
  • Kim, Yong-Suk, et al. “Korean Oriental Medicine in Stroke Care.” Complementary Health Practice Review 10.2 (April 2005). 25 February 2008 <http://chp.sagepub.com/cgi/content/abstract/10/2/105>.
  • ---. “The Practice of Korean Medicine: An Overview of Clinical Trials in Acupuncture.” Oxford Journals 2.3 (3 August 2005). 25 February 2008 <http://ecam.oxfordjournals.org/cgi/reprint/2/3/325 සංරක්ෂණය කළ පිටපත 2009-07-05 at the Wayback Machine>.
  • Micozzi, Marc S., and Lisa Meserole. “Herbal Medicine.” Fundamentals of Complementary and Integrative Medicine. Ed. Marc S. Micozzi and C. Everett Koop. St. Louis: Saunders El Sevier, 2000.
  • Pizzorno, Joseph E. Jr. and Pamela Snider “Naturopathic Medicine.” Fundamentals of Complementary and Integrative Medicine. Ed. Marc S. Micozzi and C. Everett Koop. St. Louis: Saunders El Sevier, 2000.
  • Rodgers, Denise. “Mind-Body Modalities.” Fundamentals of Complementary and Integrative Medicine. Ed. Marc S. Micozzi and C. Everett Koop. St. Louis: Saunders El Sevier, 2000.
  • Yoon, Sung Chan, et al. “Antitumor Activity of Soamsan, a Traditional Korean Medicine, via Suppressing Angiogenesis and Growth Factor Transcription.” Journal of Ethnopharmacology 93 (22 April 2004). 25 February 2008 <www.elsevier.com/locate/jetpharm>.

සබැඳි සංස්කරණය