සාබායියන්වරු


මාරිබ්හි බාර්යන් දේවස්ථානය - ක්‍රි.පූ. 8වන ශත වර්ෂයේ දී ඉදි කළ අතර වසර දහසකට ආසන්න කාලයක් භාවිතයට ගැණුනි.


අල්මාන් සඳ දෙවියා අමතා කළ සාබායියයන් සෙල් ලිපිය. මෙහි දකුණු අරාබිය දෙවිවරු පස්දෙනා, අධිරාජ්‍යවරු දෙදෙනා හා පාලකවරු දෙදෙනා ගැන සඳහන්ය. (ක්‍රි.පූ. 7වන ශත වර්ෂය)


අල් බයිඩා හි දී හමු වූ “ලෝකඩ මිනිසා” (අල් බයිඩා යනු පුරාණ ෂේබා රාජධානියේ නෂ්ම්ය) ක්‍රි.පූ. 5-6 සියවස - ලූර් කෞතුකාගාරය

සාබායියන්වරු යනු දැනට නිරිත දිග අරාබියානු අර්ධද්වීපයේ යේමනය ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ විසූ පුරාණ දක්ෂිණ අරාබි භාෂාව කතා කළ පුරාණ මානව කොට්ඨාශයකි. ක්‍රි.පූ. 2000 සිට ක්‍රි.පූ. 8 වන සියවස දක්වා සමහර සාබායියන්වරු රතු මුහුදෙන් ඔබ්බෙන් වූ තම ආධිපත්‍ය හේතු කොට ගෙන උතුරු ඉතියෝපියාවේ ඩර්ම්ට් හි හා ඒරිට්‍රියාවෙහි ද වාසය කළහ.

ඉතිහාසය

පුරාතන සාබායියානු රාජධානිය 2වන සහස්‍රයේ මුල් භාගයේ සිට ක්‍රි.පූ 1වන සියවස දක්වා පැවතිණි. ක්‍රි.පු. 1 වන සියවසේ දී එය හිම්යාරයිට්වරු අතින් පරාජයට පත් විය. නමුත් සබා සහ දූ - රයිදන් හි පළමු හිම්යාරයිට් අධිරාජ්‍යයේ කැඩී බිඳී යාමත් සමගම ක්‍රි.පූ 2 වන ශතවර්ෂය මුල් භාගයේදී මධ්‍ය - සබායියානු රාජධානිය නැවත ඇති විය. එය අවසාන වරට නැවත 3 වන ශතවර්ෂය අග භාගයේදී හිම්යාට්වරු අතට පත් විය. එහි අග නගරය වූයේ මාරිබ්ය. රාජධානිය පිහිටා තිබුණේ මධ්‍ය කාලීන අරාබි භූගෝල ශාස්ත්‍රඥයින් සයිහාඩ් ලෙස නම් කළ (වර්තමානයේ රුම්ලට් - අල් - සබාටයන් ) කාන්තාරය දිගේය.

සාබායියන්වරු දකුණු අරාබි ජනතාව වූහ. පුරාණ යේමනයේ ප්‍රාදේශීය අරාබි රාජධානි තිබිණි. රතු මුහුද දිගේ උතුරින් මයිනානියන් වරුද නිරිත දිග ප්‍රදේශයෙන්ද සාබායියන් වරුද ඊට නැගෙනහිරින් ක්වාටාබනියන්වරු ද ඊටත් නැගෙනහිරින් හයිදුමයිට්වරුද සිටියහ.

අනෙකුත් අරාබි සහ යේමන රාජධානි සේම සාබායියන් වරුද බොහෝලාභ ඉපදවිය හැකි කුළුබඩු ව්‍යාපාරයේ (විශේෂයෙන් කට්ට කුමංචල් සහ සුවඳ ලාටු ) යෙදී සිටියහ‍. ෂේබාහි බිබ්ලිකල් රාජධානියේ ජාතියටම මොවුන්ද අයත් වූ බව බොහෝ විද්‍යාඥයින් දැනට විශ්වාස කරන දෙයකි. මුස්නාඩ් අක්ෂර මාලාව (පුරාණ දකුණු අරාබියානු) පිළිබඳ බොහෝ ශිලා ලේඛන වගේම වැල් අකුරින් ලියවුණු සාබුර් ලියවිලිද බොහෝ ගණනක් හමු වී ඇත.

මොවුන් බහු දේව වාදික වූහ. මොවුන් කුරානයේ සඳහන් සාබියන්වරු සමග පටලවා නොගත යුතුය. (සාබියන්වරු ගැන, කුරානයේ අරාබි භාෂාවෙන් හොඳ දේට වඩා ලියවුණේ නරක දේ ගැනය.)

රතු මුහුදේ වූ තම ආදිපත්‍යය හේතුවෙන් සබායින්වරු උතුරු ඉතියෝපියාවේ සහ එරිට්‍රියාවේද ජීවත් වූහ. එකළ ඩර්මට් රාජධානිය බල පැවැත්වුණි. බොහෝ නවීන ඉතිහාසඥයින් ප්‍රකාශ කරන පරිදි මෙම ශිෂ්ටාචාරය ඒක දේශික එකකි. සමහරු අතීතයේ ප්‍රකාශ කළ පරිදිම , ඩර්මටය ස්වදේශික ජනතාවගේ සහ උසස් සම්භවයේ සාබායියන් වරුන්ගේ මිශ්‍රණයක ප්‍රතිඵලයක් යැයි කියති. ඉතා සුළුතරයක් ප්‍රකාශ කර සිටින්නේ සාබායියානුවරු හෝ එට්‍රියන් හා ඉතියෝපියන්වරු , පුරාණ සාබායියන් සංක්‍රමණිකයන්ගෙන් නැවත එන්නන් බවයි. ඒ ඉතා අල්ප සාක්ෂි ප්‍රමාණයක් පදනම් කොට තැණුනු කල්පිතයකි.

“ දිව්‍යයමය ඔගස්ටස්ගේ ක්‍රියා” හි ඔගස්ටස් ප්‍රකාශ කර සිටින්නේ හමුදාව සාබායියානු බල ප්‍රදේශය වන මාරිබාවට පැමිණිනු බවයි.



References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Sabaeans

"https://si.wikipedia.org/w/index.php?title=සාබායියන්වරු&oldid=471941" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි