සාපේක්ෂ මුහුදු මට්ටම වෙනස් වීම

සාපේක්ෂ මුහුදු මට්ටම වෙනස් වීම

විද්‍යාත්මක හා දේශගුණික සාධක හේතුවෙන් පෘථිවි පෘෂ්ඨය හා මුහුදු මට්ටම අතර උස හදිසියේම හෝ ක්‍රමක්‍රමයෙන් වෙනස් විය හැක. මෙම සංසිද්ධිය නිසා වෙරළ තීරය නිරතුරුවම වෙනස් වෙමින් පවතී.

විශේෂ අවස්ථා - ගිනිකදු හා භූමි කම්පා

ගිනිකදු ක්‍රියාකාරිත්වයෙන් නව දුපත් ඇතිවිය හැක. උදාහරණයක් ලෙස අයිස්ලන්තයට අයත් සර්ට්ඩී දුපත (Surtsey) ඇතිවුයේ 1963 නොවැම්බර් හා 1967 ජුනි යන කාලය ඇතුළතය. 800 පමණ වට ප්‍රමාණයකින් යුත් මෙම දුපත මුහුදු රළ, වර්ෂාව හා සුළගෙන් ඛාදනය වෙමින් පැවතුනද එය තව ඔත වර්ෂයක් පමණ පවතී යයි බලාපොරොත්තු වේ. සමහර භුකම්පන බිම් මට්ටම් වල හදිසි වෙනස්කම් ඇති කරයි. මේ හේතුවෙන් ද මුහුදු තීරයේ වෙනස්කම් ඇතිවේ. ‍ව්‍යුහය පාලනය කරන ලද වෙරළ තීර අතරට කැලි‍ෆෝනියාවේ සෙත් ඇන්ඩ්‍රි විභේදන කලාපය සහ භූකම්පන සහිත මධ්‍යධරණී තීරැව (ජිබරෝල්ටාව සිට ග්‍රීඩියට)

පින්තූරය - ඉතාලියේ Pozzuoli නගරයට 1982 අගෝස්තු සිට 1984 දෙසැම්බර් කාලාය තුළ කම්පන සියගණනකට මුහුණ දීමට සිදුවිය. මෙම කම්පන වලට පෙර මුහුදු මට්ටම මෙම ඡයාරූපයෙන් පෙන්නුම් කරයි.

පින්තූරය - 1983 ඔක්තෝම්බර් 4 වන විට උපරිම තත්තවයට ළගාවු මම කම්පන නගර මධ්‍යයේ 8000 පමණ හානි කළ අතර මුහුදු පතුළ 2m පමණ ඉහළ එසවිනි. මේ නිසා Pozzuoli බෝක්ක විශාල නැව් ඇතුලත් කිරිමට නොහැකි ලෙස ගැඹුර අඩු වු අතර වරාය නව තොටුපලවල් සහිතව නැවත ගොඩනැංවීමට සිදුවිය. මෙම ඡායාරෑපයෙන් එම නව නැව් තටාංගය පෙන්වයි.

කිදාබැස්ම හා උක්ෂිප්තය

කිදාබැස්ම යනු අභ්‍යන්තර භුගතික ස්වභාවය නිසා පෘථිවි පෘෂ්ඨ මුහුදු මට්ටමට සාපේක්ෂව පහතට ගමන් කිරීමයි. උක්ෂිප්තය දී පෘථිවි පෘෂ්ඨය ඉහළට එසවීමක් සිදුවේ. කිදාබැස්මකට ප්‍රකට නිදසුනක් වන්නේ මැනීඩියයි. එහි කලින් කලට ඇතිවන උදම් හා දියවැල් හේතුවෙන් ජල ගැලීම් ඇතිවේ. මේ සිද්ධියට හේතුවන්නේ පෝ ගංගාවේ රොන්මඩ ඩෙල්ටා ප්‍රදේශයේ සිරවී ඒවා ජලය හා වායු මගින් එහි බලය විශාලනය විමෙනි. මෙම ක්‍රමානුකූල ගිලාබැද්ම නැවැත්වීමට මිනිසා දරන උත්සහයන් ව්‍යර්ථ වී ඇත. ස්වීඩනයේ තුන්වැනි විශාලම විල වන Malaren විල නිර්ග්ලැසියරකරන උක්ෂිප්තයක් සදහා උදාහරණයකි. අතීතයේ එය මුහුදු යාත්‍රා වලට පවා ස්විඩන රට අභ්‍යන්තරයට ගමන් කළ හැකි බොක්ක ව පැවතුන නමුත් එය අවසානයේදි විලක් බවට පත්විය. එහි ඉහළට එසවීම සදහා හේතුවුයේ ග්ලැසියර දියවිමයි. හිම යුගයේ ග්ලැසියර වල ස්කන්ධ නිසා තෙරපීමට ලක්ව තිබු පොළොව එම ග්ලැසියර නැතිවි යාමත් සමග නැවත ඉහළට එසවිනි. අවු. 2000 දක්වා කාලයක් තුළ හිම දියාමෙන් සමග සිදුවන පොළොවේ එසවීම වර්ෂයකට 7.5 cm පමණ වේ. මෙම හිම දියවී යාමේ ක්‍රියාවලිය සම්පුර්ණ විමත් සමගා එසවෙන වේගයද වර්ෂයකට 2.5 cm දක්වා අඩුවු අතර ක්‍රමක්‍රමයෙන් එම වේගය ඝාතීය ලෙස පහත බසී. වර්තමානයේදී එහි ‍වේගය වර්ෂයකට 1 cm හෝ ඊට අඩු සංඛ්‍යාවක් වේ. පර්යේෂණ මගින් අනාවරණය කර ඇත්තේ මෙම පොළොව ඉහළට එසවීමේ ක්‍රියාවලිය තව අවු. 10,000 පමණ පවතින බවත් එය අවසානයේ සමස්ථ එසවීම 400 m පමණ විය හැකි බවත්ය.