ඇරිස්ටෝටල් :

                 යුක්තියේ කාන්තාව


"සාධාරණත්වය යනු ‍නෛතික යුක්තියේ වැරැදි නිවැරැදි කිරී‍මේ ක්‍රමයකි. නෛතික රීතීන් විශ්වීය රීතීන් වුවත් මානව හැසිරීම සඳහා සෑමවිටම සාමාන්‍යයෙන් බලපාන පොදු නීතිය ගොඩනගා තැබිය නොහැකිය. එබැවින් ඒ ඒ අවස්ථාවට අනුව නෛතික රීතීන් දෝෂ සහගත විය හැකි අතර එය වළක්වාලමින් දෙන සහනය සාධාරණත්වය ‍‍වේ."

                සාධාරණත්වයේ රීති ඉතාම නම්‍යශීලී සංකල්පයක් ලෙස වර්ධනය වුවත් මෙමඟින් දුන් කිසිදු අධිකරණ තීරණයක් නීති ඉතිහාසය තුළ වාර්තාගත නොවීය. වර්තමානයේ අධිකරණ වල සාධාරණත්ව සංකල්පය යටතේ එන නඩු තීරණ වාර්තාගත වේ. මෙම වාර්තාකරණයේ දී සාධාරණත්ව රීති තුළ සාධාරණත්වය පිළිබඳ ආප්තයන් බිහි විය. එනම් මග පෙන්වන ආප්තෝපදේශයන් ය. සාධාරණත්වයේ තිබිය යුතු ආප්තයන් ගණන ප්‍රායෝගිකව දැක්විය නොහැකි නමුත් සාමාන්‍යයෙන් සාධාරණත්වයේ ආප්තයන් 12 ක් අධ්‍යයනය කරයි. මෙම ආප්තයන් අධ්‍යයනයේ වැදගත්කම නම් අනෙකුත් නීති පද්ධති සමඟ සංසන්දනය කිරීමෙන් එදිනෙදා ජීවිතයේදී පවා ප්‍රයෝජනයට ගතහැකි වීමය.

1. සාධාරණත්වය යම් පුද්ගලයෙකුට එරෙහිව පමණක් ක්‍රියාත්මක වේ.

  (Equity acts in persona)

2. සිදුවන සෑම හානියකට ම සාධාරණත්වය යටතේ ප්‍රතිකර්මයක් ඇත.

  (Equity does not suffer a wrong to be without a remedy) (ubi jus ibi remedium)

3. සාධාරණත්වය නීතියට අනුව ක්‍රියාත්මක වන අතර පවතින නීතියට පටහැණිව ගොස් සාධාරණත්වය ඉෂ්ට කිරීමට නොහැකි වේ.

  (Equity follows the law)

4. සාධාරණත්වයේ ප්‍රතිකර්ම චාන්සලර්වරයාගේ අභිමතය/හෘද සාක්‍ෂියට එකඟ විය යුතුය.

  (Equitable remedies are discretional)

5. සාධාරණත්වය යටතේඅයිතීන් සමාන වන විට නීතිය ප්‍රමුඛතාව ගනී.

  (Where the equities are equal the law prevails it)

6. සමානත්වය යනු සාධාරණත්වයයි. පාර්ශවයන්ට සමානව සැලකිය යුතුය.

  (Equality is equity)

7. ප්‍රමාදය සාධාරණත්වය පරාජය කරයි.

  (Delay defeat equity)

8. සාධාරණත්වයේ අවධානය යොමු වන්නේ චේතනාවට මිස විධිමත්භාවයට නොවේ.

  (Equity looks to the intent and not to the force)

9. සාධාරණත්වය අපේක්‍ෂා කරන පුද්ගලයා සාධාරණත්වය ඉෂ්ට කළ යුතුය.

  (Person who sees equity must do equity)

10. සාධාරණත්වයේ පිහිට පතා එන පුද්ගලයා පිරිසිදු දෑත් සහිතව පැමිණිය යුතුය.

  (He who comes to the equity must come with clean hands)

11. සාධාරණත්වය, ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ දෙය ක්‍රියාත්මක වූ ලෙස සලකයි.

  (Equity regards as done that which ought to be done)

12. සාධාරණත්වය, යම් පුද්ගලයෙකු ඉටු කළ කාර්ය වෙනුවෙන් චේතනාව ආරෝපණය කරයි.

  (Equity imputes an intention to fulfil an obligation)


1. Equity acts in persona. (සාධාරණත්වය යම් පුද්ගලයෙකුට එරෙහිව පමණක් ක්‍රියාත්මක වේ.) සංස්කරණය

සාධාරණත්වයේ පදනම වන්නේ පුද්ගලයන්ට එරෙහිව වන සෑම හානියකටම ප්‍රතිකර්මයක් ලබාදීමය. මෙම ආප්තය යටතේ දේපලක් සම්බන්ධව පූර්ණ අයිතිය එම දේපලෙහි හිමිකරුට හිමි වේ. එම දේපල වර්ධනය කිරීමේ අයිතිය මෙන්ම විනාශ කිරීමේ අයිතිය ද එම හිමිකරු සතු වේ.

2. ubi jus ibi remedium. (සාධාරණත්වය යම් පුද්ගලයෙකුට එරෙහිව පමණක් ක්‍රියාත්මක වේ.) සංස්කරණය

කීට්න් :     "සාධාරණත්වය මඟින් සිදු කරන්නේ සදාචාරාත්මක යුතුකමක් නෛතික යුතුකමක් බවට පත්කිරීමයි."

    යම්කිසි වරදක් සඳහා අධිකරණයකින් ප්‍රතිකර්මයක් යෙදීමට හැකි නම් ඒ සඳහා ප්‍රතිකර්මයක් නොකර හැරීමට සාධාරණත්වය ඉඩ නොහරින බව මෙම ආප්තයෙන් ප්‍රකාශ වේ. එමෙන්ම මේ යටතේ ලබාදෙන තවත් සහනයක් නම් යථා තත්වයට පත්කරලීමේ ප්‍රතිකර්මයයි. එනම් සමහර ගිවිසුම් කඩ කිරීමේ දී වන්දි ගෙවීමට අමතරව එම ගිවිසුම ඇති කරගැනීමට පෙර අදාළ පාර්ශවයන් මුලින් සිටි තත්වයට යළි පත්කරලීමයි.

3. Equity follows the law.( සාධාරණත්වය නීතියට අනුව ක්‍රියාත්මක වන අතර පවතින නීතියට පටහැණිව ගොස් සාධාරණත්වය ඉෂ්ට කිරීමට නොහැකි වේ) සංස්කරණය

පොදු නීතියට එරෙහිව නොව පොදු නීතියේ දැඩි බව හා පාර්ශවයන් අතර පවත්නා ආර්ථික හා සමාජ පරතරය හේතුවෙන් පීඩාවට පත්වන පාර්ශවකරුවන්ට සහන ලබාදීම සඳහා සාධාරණත්වය ක්‍රියාත්මක වන බව මෙම ආප්තයෙන් අදහස් වේ. චාන්සලර් යුගයේ දී පවා සාධාරණත්ව ප්‍රතිකර්ම මඟින් පොදු නීතිය අභිබවා යන තීරණ ලබානොදුන්නේය. එහිදී චාන්සලර්වරයා පොදු නීති අධිකරණ තීරණ අහෝසි නොකළ අතර හෘදසාක්‍ෂියට පටහැනිව වාසි ලැබූ පුද්ගලයාට හෘද සාක්‍ෂියට අනුව කටයුතු කිරීමට බල කරන තීන්දුවක් පමණක් නිකුත් කරන ලදී. මේ අනුව මෙම ආප්තය මඟින් අදහස් වන්නේ යම් නඩුවක සිද්ධිමය සාධක වලට පොදු නීතියේ රීතියක් අදාළ වන විට සාධාරණත්වය එවැනි රීතියක් කිසිසේත් ම මගහැර නොයන බවය.

4. Equitable remedies are discretional.(සාධාරණත්වයේ ප්‍රතිකර්ම චාන්සලර්වරයාගේ අභිමතය/හෘද සාක්‍ෂියට එකඟ විය යුතුය.) සංස්කරණය

සාධාරණත්ව අධිකරණයක යුක්තිය පසිඳලීමේ දී විනිසුරන්ගේ හෘද සාක්‍ෂියට අනුව අභිමතානුසාරී බලයක් ක්‍රියාත්මක වන බව මින් අදහස් වේ.

5. Where the equities are equal the law prevails it.(සාධාරණත්වය යටතේඅයිතීන් සමාන වන විට නීතිය ප්‍රමුඛතාව ගනී.) සංස්කරණය

යම් ගිවිසුමක් තුළ පාර්ශවයන් දෙකකට සාධාරණත්වය ඉටුවිය යුතු නමුත් සාධාරණත්ව අධිකරණයකට එය කළ නොහැකි නම් එහිදී පොදු නීතිය අදාල කරගනී.

6. Equality is equity.(සමානත්වය යනු සාධාරණත්වයයි.) සංස්කරණය

මෙම ආප්තයෙන් අදහස්වන්නේ යම් භාරයක්, දේපලක්, ලාභයක් පාර්ශවකරුවන් අතර බෙදාදිය යුතු ආකාරය දක්වා නොමැති නම් එය සමාන ආකාරයට පාර්ශවකරුවන් අතර බෙදාදිය යුතු බවයි.

7. Delay defeat equity. සංස්කරණය

යම් පුද්ගලයෙකු සාධාරණත්ව අයිතිවාසිකම් යටතේ සහනයක් ලැබීමට නම් අප්‍රමාදව ඒ සඳහා පියවර ගත යුතු ය. කිසිදු සාධාරණ ‍හේතුවක් නොමැතිව ප්‍රමාද වී ප්‍රතිකර්ම ඉල්ලා සිටී නම් සත්‍ය වශයෙන් ම අයිතියක් කඩ වී තිබුණ ද සහනයක් නොලැබෙන බව මෙම ආප්තයෙන් අදහස් වේ. මෙම ආප්තය ලංකා නීතිය යටතේ මෙන් ම ඉංග්‍රීසි නීතිය යටතේ ද ව්‍යවස්ථාගතකොට ඇත. එය ඉංග්‍රීසි නීතියේ "Statute of limitation" යනුවෙන් හඳුන්වාදෙයි.

8. Equity looks to the intent and not to the force. සංස්කරණය

පාර්ශවකරුවන් දෙදෙනෙකු අතර යම් ගිවිසුමක් හෝ සිදුවීමක් සිදු වී ඇති විටෙක හෝ ඒ යටතේ යම් අසාධාරණයක් සිදු වූ විට එම පාර්ශවයන්ගේ විධිමත්භාවයට නොව චේතනාවට ප්‍රමුඛස්ථානය ලබාදිය යුතු බව මෙම ආප්තයෙන් අදහස් වේ.

9. Person who sees equity must do equity. සංස්කරණය

මේ පිළිබඳ සිද්ධාන්ත 4 ක් ක්‍රියාත්මක වේ.

  • යළි සැකසීම පිළිබඳ සිද්ධාන්තය - (Marhalling)
  • ඒකාබද්ධ කිරීම - ( Consolidation)
  • හිලව් කිරීම - ( Set-off)
  • ප්‍රතිබන්ධනය - (Estopped)

10. He who comes to the equity must come with clean hands. සංස්කරණය

මෙයින් අදහස් වන්නේ තමන් අපේක්‍ෂා කරන සහනයට අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් තමන් විසින් කිසිදු සාවද්‍ය ක්‍රියාවක් සිදුනොකරන ලද බව පැමිණිලිකරු විසින් පෙන්වාදිය යුතු වීමය. එසේම සහනය ඉල්ලමින් කරන ආයාචනය මඟින් ගනුදෙනුවට අදාළ කිසිදු වැදගත් කරුණක් අධිකරණයෙන් සැඟවීම නොකළ යුතු බවය. එනම් ගනුදෙනුවට සම්බන්ධ සියලුම කරුණු සම්බන්ධයෙන් පැමිණිලිකරු පිරිසිදු වාර්තාවක් ඇතිව සිටිය යුතු බවයි.

11. Equity regards as done that which ought to be done. සංස්කරණය

යම් ගිවිසුමක් දෙපාර්ශවයක් අතර ක්‍රියාත්මක වීමට පෙර හෝ ක්‍රියාත්මක වෙමින් තිබිය දී එක් පාර්ශවයක වැරදීමක් මත අනෙක් පාර්ශවයට හානියක් සිදුවන්නේ ද එවිට සාධාරණත්වයේ අධිකරණය මඟින් වැරැද්ද කළ පාර්ශවය මුළු ගිවිසුම ම සම්පූර්ණ කළා සේ සලකා ගිවිසුමේ අහිංසක , නිවැරදි පාර්ශවයට ලැබිය යුතු ප්‍රතිකර්මය ලබාදීමට කටයුතු කරයි.

12. Equity imputes an intention to fulfil an obligation. සංස්කරණය

මෙම ආප්තය සිද්ධාන්ත 3 ක් ආශ්‍රිතව ගොඩනැගී ඇත.

  • ඉටු කිරීම (performances)
  • ප්‍රමාණාත්මකව සහ යුක්තිසහගතව ඉටු කිරීම (Satisfactory Performances)
  • යමක් තවත් දෙයකට පරිවර්තනය කිරීම (Convertion)

මේ අඩවියත් බලන්න සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සාධාරණත්වයේ_ආප්ත&oldid=485171" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි