සාකච්ඡාව:සෝවාන්

Latest comment: වසර 8කට පෙර by 112.134.49.158

සක්කාය දිට්ඨිය

රුපය තමාලෙස (ආත්මය) ගැනීමද , තමා (ආත්මය) සැදී ඇත්තේ රුපයෙන්ය යි සිතීමද , රුපය ඇත්තේ තමා (ආත්මය) තුල යැයි සිතීමද , තමා (ආත්මය) සිටින්නේ රුපය තුල යයි සිතීමද යනායුරින් වේදනා, සංඥා, සංකාර, විඥඥාන යන පංචස්කන්දය දෙස ආත්ම වසයෙන බැලීම විසි වැදෑරුම් වූ සක්කායදිට්ඨිය වේ. (නකුල පිතු සුත්ත)

සෝවන් මගට පිවිසෙන ආර්ය ශ්‍රාවකයා ප්‍රථමයෙන් මේ සක්කාය දිට්ඨිය අවබෝදයෙන් දුරුකටයුතුවේ.

ආර්ය ධර්මය නොදන්නා ආර්ය ධර්මයතෙරුන්ගත නොහැකි ආර්ය ධර්මයෙහි නොහික්මුණු අශ්‍රුතවත් පෘතග්ජන පුද්ගලයා මේ සක්කාය දිට්ඨියෙහි තදින් ඇලි සිටිත්.

ආර්ය ධර්මය දන්නා ආර්ය ධර්මය අවබෝදකරගැනිමෙහි දක්ෂ ආර්ය ධර්මහි යෙහි හික්මුණු ශ්‍රතවත් ආර්ය ශ්‍රාවක තෙමේ සක්කාය දිට්ඨිය අවබෝදයෙන් දුරුකරගැනීමේ සමත් වේ.

හේතු ඵල දහමට අනුව සක්ඛාය දිට්ඨිය දැඩිව ගැ නිම නිසා ම අප මෙතෙක් සංසාරයේ දුක් විඳිමින් යන ගමන අවසන් කරගත නොහැකිව සිටින බව ප්‍රඥාවන්ත පුද්ගලයාට අවබෝධ කරගත හැක.


විචිකිච්චාව


අකුසල ධර්මයන්හි කැමැත්තෙන් බැඳීම හෙවත් බුදුන් නැත සඟුන් නැත පින් පවු පලදීමක් නැත පරලොවක් නැත ආදී වශයෙන් ඇතිකරගන්නා සැකය විචිකිච්චාව ලෙස තේරුම් ගත යුතුය .


ශීලබ්බත පරාමාශ

ගෝ වෘත බලුවෘත වැනි වෘතයන්හි විශ්වාසයෙන් බැදීමද නොයෙක් ශිල සමාදානයන් තුලින් සැපසම්පත් විදීමට (දෙව්ලොව හා මිනිස් ලොව) ඇතිකරගන්නා කැමැත්තද මෙලෙස ගත හැක .--112.134.49.158 08:36, 27 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:සෝවාන්&oldid=381573" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "සෝවාන්" page.