සාකච්ඡාව:සිවිල් ඉංජිනේරු විද්‍යාව

Latest comment: වසර 2කට පෙර by 175.157.228.127 in topic ස්

සිවිල් ඉංජිනේරු විද්‍යාවේ ඉතිහාසය--Kasun Chamara Premadasa (talk) 03:51, 29 මාර්තු 2016 (යූටීසී)කසුන් චාමර ප්‍රෙමදාසReply

සිවිල් ඉංජිනේරු විද්‍යාව යනු මානව වර්ගයාගේ ආරම්භයේ සිටම මිනිස්ජීවිතයට බද්ධවී තිබූ විෂයකි. මීට වසර 4000 කට පමණ පෙර ස්ථිර වාසස්ථානයකට හිමිකම් නොකියා ජීවත් වූ මිනිසාආරක්ෂාව සඳහා නිවස්නයක් ඉදිකර ගනිමින් ආරම්භ කල ඉදිකිරීම්ඉන්දු නිම්න, නයිල්, මෙසපොතේමියා වැනි ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරයන් ගොඩ නගමින් ඔවුන් ලෝකයාට පවසන්නේ ඔවුන් සොයා ගත්තා වූ අවබෝධ කර ගත්තා වූ ඉංජිනේරු විද්‍යාවේ අනුහසයි. ලෝකයේ පළමු හාවිශාලතමසිවිල් ඉංජිනේරු ඉදිකිරීම් වලට උදාහරණ ලෙස ඊජිප්තු පිරමීඩ හැඳින්විය හැක.අනෙක්පුරාණසිවිල් ඉංජිනේරු ඉදිකිරීම් වලට උදාහරණ ලෙස ග්‍රීසියේතිබූකනාට් ජල කළමනාකරණ පද්ධතිය, මින්ග් ටියෙන් අධිරාජයා නිර්මාණය කරවූ චීන මහා ප්‍රකාරය, ශ්‍රී ලංකාවේ ජේතවනාරාමය ඇතුළු පූජා භුමි හා අනුරාධපුරයේ විස්තීර්ණ වාරිපද්ධතිය දැක්විය හැක.

සිවිල් ඉංජිනේරු විද්‍යාව සංස්කරණය

සිවිල් ඉංජිනේරු විද්‍යාවේ පියාhttps://en.wikipedia.org/wiki/John_Smeaton --Kasun Chamara Premadasa (talk) 03:50, 29 මාර්තු 2016 (යූටීසී)කසුන් චාමර ප්‍රෙමදාසReply

වත්මන් සිවිල් ඉංජිනේරු විද්‍යාවේ පියා ලෙස හැඳින්වෙන්නේ ජෝන් ස්මීටන් වේ.වර්ෂ1724 ජුනි මස 7 වන දින එංගලන්තයේ ලීඩ්ස් වල උපත ලැබූ ස්මීටන්ලීඩ්ස්පාසලේ අධ්‍යාපනය ලැබීමෙන් පසුව යොමු වූයේ ඔහුගේ පියා සතුවූ නීතිඥ සමාගමටය.කෙටි කලකින්ම එහි සිදුවන කාර්යන් නීරස බව දැනුනු ස්මීටන් හෙන්රි හින්ඩ්ලි නම් වූ ගණිත උපකරණ නිෂ්පාධකයා හා සම්බන්ධ වී වැඩ කිරීමට පටන් ගති. එහිදී අනෙකුත් ගණිත උපකරණ නිපදවමින්, වැඩි දියුණු කරමින් සිටින අතරදී තාපමානය භාවිතයෙන් ද්‍රව්‍ය ප්‍රසාරණය, ස්පෙකියුලම පිරිබැවුම හා දේශාංශ පිලිබඳ පර්යේෂණ කළේය. මේ අතර ඔහු 1753 දී Fellow Of The royal Sosiety වෙත තේරී පත්විය.එමෙන්ම 1799 වසරේදී ඔහුගේ ජලරෝද හා සුළං මෝල් සම්බන්ධව සිදු කෙරුණු පරීක්ෂණ වෙනුවෙන් කොප්ලි ත්‍යාගයෙන් පිදුම් ලැබීය. ජෝන් ස්මීටන්ගේ විශිෂ්ඨතම නිර්මාණය ලෙස සැලකෙන්නේ එඩින්ස්ටන් ප්‍රදීපාගාරයයි. එහිදී ඔහු ද්‍රව අළුහුණු භාවිත කිරීමේ පුරෝගාමී පුද්ගලයා ලෙස ප්‍රදීපාගාරයේපාදම නිර්මාණය සඳහා ද්‍රව අළුහුණු භාවිත කළේය. එමෙන්ම කළුගල් ඩිවොල්ව් කුට්ටි පුරුද්දමින්ප්‍රදීපාගාරකුලුනේ වැඩ නිම කිරීය. මෙම ප්‍රදීපාගාරය 1877 දී , පාදම පිහිටවා තිබු පාෂාණය ඛාදනය වීමට පටන් ගැනීම තෙක්ම සක්‍රිය තත්වයේ පැවතුනි. ස්මීටන් ඉතිහාසයට අතිශය වැදගත් පුද්ගලයකුවන්නේ ලෝකයටපෝට්ලන්ඩ්සිමෙන්ති සොයා ගත් හා සිමෙන්ති වැඩිදියුණු කල පුද්ගලයා වශයෙනි.ඔහුගේඉදිකිරීම්වලට උදාහරණ ලෙස ට්වීඩ්ගඟ හරහා බැඳුනුකෝල්ඩ්ස්ට්‍රීම් පාලම,රිපන් උමග, කොන්වෝල්හි චාල්ස්ටවුන් වරාය,ග්රෑන්ග්මවුත් සිටග්ලාස්ගෝ දක්වා දිවෙන ෆෝර්ත් ඇන්ඩ් ක්ලයිඩ් උමග, පර්ත්හෙඩ් වරාය ආදිය දැක්විය හැකිය.


රටක සමාජ සංවර්ධනය උදෙසා සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් වල දායකත්වය--Kasun Chamara Premadasa (talk) 03:49, 29 මාර්තු 2016 (යූටීසී)කසුන් චාමර ප්‍රෙමදාසReply

වත්මන් ලෝකයේ රාජ්‍යන් වර්ග කිරීමේදී යොදාගන්නා ප්‍රධාන නිර්නායකයක් ලෙස රාජ්‍යන්හි ඇතිවී ඇති සංවර්ධනය දැක්විය හැකිය. සංවර්ධනය පිලිබඳ සලකා බැලීමේදීද භෞතික සංවර්ධනය හා මානව සංවර්ධනය ලෙස ප්‍රධාන කොටස් දෙකකි. මානව සංවර්ධනය පිලිබඳසැලකීමේදීරටේජීවත් වන ජනයාගේ සාක්‍ෂරතාවය,සාඵල්‍යතාවය,හර පද්ධතිය ආදී දේ පිළිබඳව අවධානය යොමු කරයි. භෞතික සංවර්ධනය පිලිබඳ සැලකීමේදී සම්පත් ප්‍රමාණය,ප්‍රවාහන සේවා පද්ධතිය,යටිතල පහසුකම්,කර්මාන්ත, තාක්ෂණයහා ජාතික ආර්ථිකය ආදී දේ පිළිබඳව අවධානය යොමු කරයි. මෙහිදී අප සැලකිලිමත් වන්නේද භෞතික සංවර්ධනය පිලිබඳවය. රටකමාර්ග පද්ධතිය යහපත් අයුරින් තිබේ නම්,පහසුකම් සහිත නිවාස වල ජනයා ජීවත් වේ නම්, යටිතල පහසුකම් නියමාකාරයෙන් ප්‍රමිතියට හා අඛණ්ඩව ලබා ගත හැකි නම්, කාර්යක්‍ෂම ලෙස සේවා අවශ්‍යතා ඉටු කර ගත හැකි නම් ආදීදේ තිබීම තුලින් එම රට භෞතික අතින් සංවර්ධනය වූ රාජ්‍යක් ලෙස පිළිගැනෙයි.උදාහරණ ලෙස ඇමරිකා එක්සත් ජනපදය සංවර්ධිත රාජ්‍යක් ලෙස සලකනු ලබයි. එසේ වීමට හේතු ලෙස එරට ප්‍රවාහන හා මාර්ග පද්ධතිය ඉතා දියුණු මට්ටමක පැවතීම,තත්වයෙන් හා සෞන්දර්යාත්මක අතින් උසස් ගොඩනැගිලිහා සිවිල් ඉංජිනේරු ඉදිකිරීම්, කර්මාන්ත හාසේවා සැපයීම උසස් මට්ටමක පැවතීම හා සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ සක්‍රිය දායකත්වය ආදීදේ දැක්විය හැක.   ප්‍රවාහනය හා සිවිල් ඉංජිනේරු ඉදිකිරීම්

ප්‍රවාහනසේවය යනු රටක අතිශය වැදගත් අංශයකි. ප්‍රවාහන අංශය පිළිබඳ සැලකීමේදී එය ප්‍රධාන ලෙස කොටස් තුනකට බෙදා දැක්විය හැක.

1. ගොඩබිම ප්‍රවාහනය 2. ගුවන් ප්‍රවාහනය 3. ජල ප්‍රවාහනය

ගොඩබිම ප්‍රවාහනය රෝද සහිත වාහන භාවිතා කරමින් මහා මාර්ග හා දුම්රිය මාර්ග භාවිත කරමින් සිදුකරන අතර ගුවන් ප්‍රවාහනය අහස් යානා භාවිත කරමින්ද, ජල ප්‍රවාහනය කුඩා ඔරුවේ සිට අති විශාල නෞකා දක්වා වූ පරාසයේ යාත්‍රා භාවිත කරමින්ද සිදුවේ. යමක් එක් තැනක සිට තවත් තැනකට ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රවාහන මාධ්‍යක් මෙන්ම මාර්ගයක්ද අවශ්‍ය වේ.මාර්ගයේ තත්වය අනුව එම ප්‍රවාහනය කරන දෑ ගමනාන්තයට යාමට ගතවන කාලය,ප්‍රවාහනයේදී වන හානිහාභාණ්ඩයේ තත්වය ආදී දේ වෙනස් විය හැක.උදාහරණ ලෙස ගොවිපලක සිට වෙළඳපොල දක්වා භෝග ප්‍රවාහනය කිරීමේදී ප්‍රවාහනය කිරීමට භාවිත කරන මාර්ගයයහපත් තත්වයේ පවතී නම් භෝග ඉතා නැවුම් ලෙස යාන්ත්‍රික හානි වලින් තොරව උසස් ගුණාත්මයෙන් යුතුවවෙළඳපොල වෙත ගෙනයා හැක.මාර්ගයදුර්වල හානි වී ගිය එකක් නම් භෝග වෙළඳපොල වෙත යන විට තැලී පොඩිවී භාවිතයට නුසුදුසු තත්වයට පත්වී තිබිය හැක. ගමනාගමනය සඳහා ගතවන කාලයත්මහා මාර්ගත් අතරසමානුපාතික සම්බන්ධයක් වේ. වත්මන් ලෝකයේ කාලයට ඇත්තේ අති විශාල වටිනාකමකි.ගමනාගමනයේදීමාර්ග තදබද ආදී දේ නිසා අති විශාල වශයෙන් අපතේ යන්නේද කාලයයි. මේ නිසා මාර්ග තදබදය පවතින ප්‍රදේශ වල මංතීරු කීපයකින් යුතු මාර්ග ඉදිකිරීම, ගුවන් පාලම් යෙදීම හා අධිවේගී මාර්ග ඉදිකිරීම වැනි දෑ නිසා විශාල වශයෙන් කාලය ඉතිරි කරගත හැක. අනෙක් අතට අන්තර්ජාතික වශයෙන් සැලකීමේදී විදෙස් ආයෝජකයින් මෙරට ආයෝජනය කිරීමේදී ජාතික සංවර්ධනය පිලිබඳ සොයා බලන අතර තුන්වන ලෝකයේ රටක් ලෙස ඌන සංවර්ධනයක් ඇති විට ඔවුන් මෙරට ආයෝජනය කිරීමට නොපෙළඹෙනු ඇත. මක් නිසාද යත් මහා මාර්ග පද්ධතිය සංවර්ධන කාර්යයේ වැදගත්කාර්ය භාරයක් ඉටු කරන බැවිනි. එබැවින් ක්‍රමානුකුලව,කාර්යක්‍ෂම වන පරිදි,ප්‍රදේශයන්ට උචිත පරිදි රටක මාර්ග පද්ධතිය සැලසුම් කල යුතුය. අවශ්‍ය තැන්හි පාලම්, බෝක්කු මෙන්ම අවශ්‍ය තැන්හි පටු මෙන්ම මංතීරු කිහිපයක පළල මාර්ගද ඉදි කල යුතුය. එවිට ප්‍රධාන වශයෙන්ම ගමනාගමනයට සඳහා වැය වන කාලය මෙන්ම මුදල්ද ඉතිරි කර ගත හැක.එමගින් ප්‍රවාහන සේවයේ දියුණුවත් සමග කර්මාන්ත වල දියුණුව, විදෙස් සංචාරක ආකර්ෂණය, රැකියා උත්පාදනය ආදී දේ මගින් ජාතික සංවර්ධන කාර්ය වේගවත් වේ. ගුවන් ප්‍රවාහනය පිලිබඳ සළකා බලන විට ගුවන් තොටුපොල යනු ගුවන් ප්‍රවාහනයට අත්‍යාවශ්‍ය සාධකයයි.රටක් සතුව පවතින ගුවන් තොටුපොළවල් සංඛ්‍යාව,ගුවන් තොටුපොලේ ජාතික අන්තර්ජාතික තත්වය හාගුවන් තොටුපොළ සඳහා පැමිණිය හැකි ගුවන් යානා මාදිලි ආදියඑම රටේ සංවර්ධිත තත්වය නිහඬවම කියාපායි. රටක අන්තර්ජාතික ගුවන් තොටුපලක් පවතී නම් ගුවන් යානා සඳහා සේවා සපයමින් විශාල අදායමක් උපාය ගත හැක.ගුවන් අණ දීම්, ගුවන්යානා සඳහා ඉන්ධන සැපයීම, හදිසිකාර්මික දෝෂ සමනය කිරීම, හදිසි සේවා උපකාර ලබා දීම හාවෙනත් නඩත්තු කටයුතු සිදු කිරීම ආදී දෑ ඉන් සිදු කරයි. ගුවන් තොටුපලේ විශාලත්වය වැඩි වන තරමටම ලබා දිය හැකි පහසුකම් ප්‍රමාණය වැඩිවේ. එක් වරකට නවත්වා තැබිය හැකි ගුවන් යානාප්‍රමාණය, දිනකට කල හැකි ගොඩ බැස්සවීම් හා ගුවන් ගත කිරීම් ප්‍රමාණය ආදී දේ ගුවන් තොටුපලේ අදායම උදෙසා ඍජුව මැදිහත්වේ. උදාහරණ ලෙස එංගලන්තයේ හීතෘ ගුවන් තොටුපල ලෝකයේ කාර්ය බහුලම ගුවන් තොටුපල ලෙස හැඳින්වෙන අතර සෑම මිනිත්තුවකට වරක් කුමක් හෝ ගුවන් යානාවක් එම ගුවන් තොටුපලට ගොඩ බසිනු හෝ ගුවන් තොටුපලින් ගුවන් ගත වනු ඇත. මේ සියළුම යානා එංගලන්තය වෙත මගීන් ප්‍රවාහනය කරන ඒවා නොවන අතර වෙනත් රටවල් බලා පියාසර කිරීමේදී සේවා කටයුතු සඳහා හිතෘ වෙත ලඟා වන යානාබොහොමයකි.කෙසේ වෙතත් මේ සියල්ල නිසා රැකියා නිෂ්පාධනය වැඩි වන අතර නව කර්මාන්ත බිහිවේ.එමෙන්ම විදේශ ආයෝජනයන්, සංචාරක ආකර්ෂණය ආදී දේද අනිච්ඡානුගවම වැඩිවේ.මේ සියල්ලෙන් ලැබෙන අදායම දළ දේශීය නිෂ්පාධනයට එක් වන අතර එය වෙනත් අකාරයකින් කිව හොත් සමාජ සංවර්ධනය වේ.

ජල යෝජනා ක්‍රම

ජලයයනු මුලිකමිනිස් අවශ්‍යතාවයකි. මිනිසාට තම දෛනික කටයුතු කර ගැනීමට මෙන්ම රැකියා හා කර්මාන්ත පවත්වාගෙන යාමටද ජලය අවශ්‍ය වේ. තමාට අවශ්‍ය ගුණාත්මකභාවයෙන් යුතුව, අවශ්‍ය ප්‍රමාණයට සියලු තැන්හි ජලය සොයා ගැනීම මිනිසාට අපහසුය. එබැවින් අවශ්‍ය ස්ථාන වලදී අවශ්‍ය යයි හැඟෙන ප්‍රමාණයට ජලය ගබඩා කොට තබා ගැනීම සඳහා විවිධාකාර වූ උපක්‍රම මිනිසා විසින් සොයා ගන්නා ලදී. වැව්, අමුණු, ජලාශ, වාරි මාර්ග ආදිය ඒවාට නිදසුන් වේ. අතීත ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ජල අවශ්‍යතාව පිරිමසා ගැනීම සඳහා සෑම නිවසක් සඳහාම ලිඳක් නොතිබූ අතර පොදු ලිඳක් හෝ පතහ නම් වූ දිය වල ඒ සඳහා යොදා ගන්නා ලදී. එමෙන්මගොවිතැන සඳහාද ජල අවශ්‍යතාව ප්‍රභලව පැවතුනි.ලංකාවසමකාසන්න නිවර්ථන දේශගුණ ලක්ෂණ සහිත රටක් ලෙස වසරේ නියමිත කාලයකට වර්ෂාව ලැබෙන අතර වසරේ අනෙක් කාල සීමාව වර්ෂාව රහිතව ගෙවේ. මේ නිසාවෙන් වර්ෂා රහිත කාලයට ජලය ලබා ගැනීම පිණිස වැව් නිර්මාණය කිරීමට අතීත හෙළයා පෙළඹින. ඒලද අභාශයෙන් හා වත්මන් ඉංජිනේරු තාක්‍ෂණයෙන් මහවැලි ජල යෝජනා ක්‍රමය, රිදීබැඳි ඇල්ල අමුණ, ඉඟිනිමිටිය ජලාශය වැනිජලාශ රාශියක් වත්මන වන විට ලංකාව සතුව ඇත. මෙම ජලාශ මගින් මානවයා ලබා ගන්නා ප්‍රයෝජන අතිමහත්ය. ශුෂ්ක ප්‍රදේශයක් ලෙස හඳුන්වන පොළොන්නරුව ගොවි බිමක් බවට පත් වීමට ඉඩ හසර සැලසුවේ මහවැලි ව්‍යපෘතියෙනි.එමගින් පොළොන්නරුව ප්‍රදේශයේ ජනතාවගේවැවිලි කටයුතු දියුණු තත්වයකට පත්වූ අතර පොළොන්නරුව ජාතික වී නිෂ්පාධනයේ ප්‍රමුඛ ස්ථානයකට පත් කිරීමට එය හේතු විය. එමෙන්ම ගොඩ බෝග වගාවටද මෙය බලපාන අතර උදාහරණ ලෙස මෑත කාලීනව බඩඉරිඟු අපනයනය කිරීමට පෙළඹීමද දැක්විය හැක.මේ කාරණා මගුන් ජනතාවගේ ජීවන තත්වය යහපත් අතට හැරවුණු අතර සාක්‍ෂරතාව වැඩි වීම, ඒක පුද්ගල අදායම ඉහළ යාම හා ජන සංඛ්‍යා පිරමීඩ යහපත් වීමටද බලපෑවේය. එමෙන්ම ජල හා වාරි යෝජනා ක්‍රම තුලින් නව රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක්උත්පාදනය වීමහා නව කර්මාන්ත ඇතිවීමක් සිදුවේ.උදාහරණ ලෙස මිරිදිය ධීවර කර්මාන්තය, ධීවර ආම්පන්න නිෂ්පාධනය හා අළුත්වැඩියාව, ජලජපැළෑටි හා ප්ලවාංග වගාව, මිරිදිය කරවල වේලීම හා අපනයනය, සංචාරක ව්‍යාපාරයආදිය දැක්විය හැක. මේ ආදී දහසකුත් එකක් දේ නිසා මූලිකවම බිම් මට්ටමේ ජනයාගේ ජීවන මට්ටම යහපත් වන අතර එමගින් සමස්ත සමාජයම සංවර්ධනය වෙතට පිය   නාගරික ඉදිකිරීම්

නගරයක් යනු බොහෝ පහසුකම් එක්තැන්වූ ස්ථානයකි.එමෙන්ම විශාල ජනකායක් රැඳෙන ස්ථානයකි. එවැනිකරුණුකිහිපයක් පදනම් කරගෙන නගරයේ විශාලත්වය තීරණය වේ. එමෙන්ම විශාලත්වය පදනම් කරගෙන නගරද වෙන් කරනු ලබයි.නගර, මහ නගර, මෙගා පොලිස් නගර, නගර සාමුහිත ඉන් කීපයකි. යම් රටකට මෙවන් විශාල නගර කීපයක් තිබේද යන කරුණ මත සංවර්ධිත මට්ටම තීරණය කරයි. උදාහරණ ලෙස ඇමරිකාවේ බොෂ්-වොෂ් කලාපය නම් නගර යාය බොස්ටන් සිට වොෂින්ටන් දක්වා විහිද තිබේ. එවන් නගර යායන් කිහිපයක්ම ඇමරිකාව සතුව ඇත. යම් නගරයක් නියමාකාරයෙන් නගරයක් ලෙස හැඳින්වීමට නම් තිබිය යුතු ලක්‍ෂණ ගනනාවකි. පිරිසිදු බව, ක්‍රමානුකුල බව,පහසුකම් ප්‍රමාණය ඉන් කීපයකි. නගරයක් තුල සැරි සැරීමට ඉතා ක්‍රමවත් වූ මාර්ග පද්ධතියක් තිබිය යුතුය. එමෙන්ම සේවා අවශ්‍යතා සදහා ස්ථාන, විනෝදාත්මක ස්ථාන,රෝහල්, පොලීසිය,හදිසි අවශ්‍යතා සඳහා වන ස්ථාන ආදී දේ තිබිය යුතුය. මේ සඳහා මුලික වනුයේ සිවිල් ඉංජිනේරු ඉදිකිරීම්ය. මාර්ග, පාලම්, උමං මාර්ග, අපවහන පද්ධති,ජල කළමනාකරණ පද්ධති ආදිය නිම කරනුයේ සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රය යටතේය. මේ ආදී පහසුකම් අන්තර්ගත වන නගර විශාල ප්‍රමාණයක් රටකට වේ නම් එය සංවර්ධිත රාජ්‍යක් වේ. මෙමගින් විදේශිකයින් පදිංචිය වැනි කාරනාසඳහා එම නගරය තෝරා ගනියි නම් විදේශ විනිමය ලැබීම් අනුපාතිකයන් වැඩි විය හැක. එමෙන්ම ව්‍යාපාර වැනි කරුණු සඳහා එම නගරය තෝරා ගනියි නම් රැකියා උත්පාදනය මෙන්ම විදෙස් ආයෝජනද රටට ගලා එනු ඇත.

ස් සංස්කරණය

ස් 175.157.228.127 16:32, 14 ජූලි 2021 (යූටීසී)Reply

Return to "සිවිල් ඉංජිනේරු විද්‍යාව" page.