සාකච්ඡාව:රසායනික අණුව

Latest comment: වසර 10කට පෙර by ශ්වෙත

ප්‍රංශ දාර්ශනිකයෙකු වෙන "රෙනෙ ඩෙකාට්" යැයි වෙනස් විය යුතුයි. එසේම ඔහු අණුව යන වචනය සමාජයේ පිළිගත් විලාසිතාවක් බවට පත් කළා මිසෙක එය ඔහු විසින් හඳුන්වා දුන්නේ යැයි කිව නොහැකියි. --Aruni Shapiro 18:54, 7 ජූලි 2013 (යූටීසී)

ඔබ විසින් ඇරඹී ඔබ පමණක් සංස්කරණය කර ඇති රෙනේ ඩෙකාට් යන ලිපියෙහි මාතෘකාව රෙනේ ඩෙකාට් වුවද අන්තර්ගතයෙහි රෙනෙ ඩෙකාට් ලෙසින් දැක්වේ. ප්‍රංශ හසලයෙක් යැයි පැවසෙන ඔබගේ දැනුම පරිදී නිවැරැදි වචනය කුමක්ද? -- ශ්වෙත (talk) 19:16, 7 ජූලි 2013 (යූටීසී)Reply
ඔබ මොකද මා සමඟ තවමත් මෙතරම් තරහින් ඉන්නෙ? :) "ප්‍රංශ හසලයෙක් යැයි පැවසෙන"? කවුද එහෙම කියන්නෙ? :) මම දන්න තරමින් නම රෙනෙ ඩෙකාට් විය යුතු යැයි ලිව්වා පමණයි. මම විකිපීඩියාවට එකතු කරපු සටහන් වල වැරදි නැතැයි මා කියන්නේ නැහැ. වැරද්දක් සිද්ධ වුනා නම් වෙනස් කරගත හැකියාව තමයි විකිපීඩියාවේ අගනා බව. වෙනස් කරගන්න නොගන්න එක සිංහල විකිපීඩියාව කරගෙන යන ඔබ වැනි අයගේ කැමැත්ත. මම සිංහල විකිපීඩියාවට අළුතින් කිසිවක් එකතු නොකරන්නේ එහි සෑහෙන වැරදි දකින්නට තිබුණත් අකුරක් ලිව්වත් මා පස්සෙන් හඹා ගෙන ඇවිත් "ප්‍රංශ හසලයෙක් යැයි පැවසෙන" වැනි කතා කියමින් කෙනහිලිකම් කරන ඔබ නිසයි. ඒ නිසාමයි පිටුව වෙනස් නොකර මෙම සාකච්ඡා පිටුවේ ලියා තැබුවේ. ඕන දෙයක් කරගන්න. මීට පස්සෙ සිංහල විකිපීඩියාවේ සාකච්ඡා පිටුවක ද කිසිවක් නොලියමි. --Aruni Shapiro 19:34, 7 ජූලි 2013 (යූටීසී)
  1. මම ඔබ සමග තරහකින් නැත.
  2. ඔබ ප්‍රංශ හසලයෙක් යැයි කිසියම් බ්ලොගයක තිබුණි. බොහෝ දෙනා ගැන බොහෝ දේ බ්ලොග වල ලියැවෙන බැවින් එම ලියා තුබුණ දෙයට "පැවසෙන" යයි යෙදුවේ එය සත්‍ය දැයි මම නොදන්නා නිසාය.
  3. කෙසේවෙතත් ඔබ දායකත්වය සපයා ඇති ලිපි දෙස බලා එම "හසලත්වය" සත්‍ය යැයිද සිතූ නිසා මෙම ප්‍රංශ දාර්ශනිකයාගේ නම ගැන ඔබගෙන් ඇසුවෙමි.
  4. ඔබ කවුරුන්දැයි මම නොදනිමි. ඒ නිසා ඔබ පසුපස හඹා නොඑමි. විශේෂයෙන් මේ දිනවල අප අනුන් පසු පස හඹා යනවා කීම විහිළුවකි. වෙන්නේ ප්‍රතිවිරුද්ධ දෙයයි.
  5. සිංහල විකිපීඩියාව කරගෙන යන එක් අයෙක් හෝ කිහිප දෙනෙක් (සමහර අය එලෙස සිතනවා හෝ සමහර අයට එලෙස සිතෙනවා හෝ විය හැකි මුත්) නැත. සැවොම එය දුවවති.
  6. කිසියම් සිත් රිදීමක් වූවා නම් සමාවන්න. -- ශ්වෙත (talk) 05:40, 8 ජූලි 2013 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:රසායනික_අණුව&oldid=270461" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "රසායනික අණුව" page.