සාකච්ඡාව:බිල් ගේට්ස්

බිල් ගේට්ස් සංස්කරණය

විලියම් හෙන්රි ගේට්ස් (III) (1955 ඔක්තොම්බර් 28 දින උපත ලදී) ඇමරිකානු ව්‍යාපාර ප්‍රධානියකු, මහජන හිතෛෂියකු, ලොව තෙවැනියට පොහොසත්ම මිනිසා (2008 වනවිට) හා මයික්‍රොසොෆ්ට් ආයතනයේ (ඔහු විසින් පෝල් ඇලන් සමඟ එක්ව අරඹන ලද) සභාපති ද වේ. ඔහු මයික්‍රොසොෆ්ට් ආයතනයේ දිවිය තුළ ප්‍රධාන මෘදුකාංග නිර්මාණකරු හා සභාපති ධුර හෙබවූ අතර දැනටත් වැඩිම ගණනක් කොටස් හිමි (9% ක් පමණ පොදු තොග) පුද්ගලයා ලෙස රැඳී සිටියි.


ගේට්ස් උපත ලැබුවේ සියැටල්, වොෂින්ටන් වල අතර පාස‍ලේදී ඉගෙනීමට දක්ෂ වූයේය. 1973 හාවඩ් විද්‍යාලයට ඇතුල් වූ ඔහු එහිදී ස්ටීව් බෝල්මර් (පසුව මයික්‍රොසො‍ෆ්ට් ආයතනයේ සභාපති වූ) ව හමුවිය. 1975 දී "ප්‍රසිද්ධ ඉලෙක්ට්‍රෝනික්ස්" නම් මුද්‍රණය කියවු ඔහු මයික්‍රො‍ඉන්ස්ටුමන්ටේෂන් හා ටෙලිමට්‍රි සිස්ටම්ස් ආයතනයට ඇල්ටෙයාර් බේසික්ස් ලබාදී මයික්‍රොසොෆ්ට් ආයතනය බිහි කළේය. මෙය IBM හා හවුල් වී බේසික් ඉන්ටප්‍රිටර් නම් පරිවර්තකය සාදා ගැනීමට උපකාරි විය. අනතුරුව ගේට්ස් IBM සමඟ නව ගිවිසුමක් අත්සන් කර IBM ආයතනයට හැම IBM පැකේජයක් සමඟම මයික්‍රොසොෆ්ට් PC-DOS මෘදුකාංග විකිණීමට ඉ‍ඩ සැලසීය. මෙම ගිවිසුම මයික්‍රොසොෆ්ට් මෘදුකාංග කර්මාන්තයේ ප්‍රධානියකු බවට පත් කිරීමට ඉවහල් විය.


ගේට්ස් පුද්ගලික පරිගණක විප්ලව‍ය ලොව-ප්‍රචලිත ව්‍යවසායකයන් අතරින් එක් අයෙකි. බොහෝ අය ඔහුව අගය කලත්, තවත් බෙහෝ පිරිසක් ඔහුගේ තරඟකාරී-නොවන ව්‍යාපාර උපායමාර්ග විවේචනය කරති. 2009 දී බිල් හා මෙලින්ඩා ගේට්ස් ෆවුන්ඩේෂන් පිහිටවන ඔහු ඒ හරහා විශාල මුදල් සම්භාරයක් පුන්‍යාධාර කටයුතු හා විද්‍යාත්මක පර්යේෂණ වැඩසටහන් වලට පිරිනැමීමට දායක විය.බිල් ගේට්ස්

බිල් ගේට්ස් උපත ඔක්තොම්බර් 28, 1955 සියැටල්, වොෂින්ටන්, U.S. ප්‍රසිද්ධ වන්නේ සභාපති, මයික්‍රොසොෆ්ට් ආයතනය (Microsoft)සභාපති (විශ්‍රාම ලත්), බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම කලත්‍රයා මෙලින්ඩා ගේට්ස් (1994–present) දරුවෝ තිදෙනෙක් ෙජනිෆර්, ෙරා්රි, ෙෆා්බි

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:බිල්_ගේට්ස්&oldid=304007" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "බිල් ගේට්ස්" page.