සාකච්ඡාව:නව නළු රස

Latest comment: වසර 1කට පෙර by 2402:4000:B18E:BAF9:1:0:2A16:2837 in topic Drama

නාට්‍යකදී පෙන්විය හැකි රස නවයක් “නව නළු රස“ කියලා නාට්‍ය කලාවේදී සඳහන් වෙනවා. ඒ කියන්නෙ නාට්‍ය රස නවයක් තියෙනවා කියන එකයි. "ශෘංගාර, "හාස්‍ය" , "කරුණා" ,"රෞද්‍ර", "වීර", "භයානක", "බීහත්ස", "අද්භූත", "ශාන්ත" වශයෙන් නමයයි.

ශෘංගාර රසය
තමා ඉතා ප්‍රිය කරන වස්තූන් කෙරෙහි සිත තුල ඇති වන ආශාව පංච කාම සම්පත්තිය පිළිබද වර්ණනාව ශෘගාරයයි . (ඇතැම් අවස්ථාවල) සාමාන්‍යයෙන් සලකන විට මෙය අසැබ් කථාවක් මෙන් වැටහේ . ප්‍රේමාන්විත කවි වල බොහෝ විට දක්නට ලැබේ
හාස්‍ය රසය
හාස්‍ය යනු සිනහවයි . සිනා රසය ගෙන දෙන විහිළු ආදියෙන් සිතෙහි ප්‍රබෝධයක් ඇති කිරීම මෙය වේ
ශාන්ත රසය
සිතේ ශාන්ත බවක් ඇති කරන අදහස් පහළ වීම ශාන්ත රසයයි
කරුණා රසය
කරුණාව සහ දයාවයි . අන්‍යන් කෙරෙනි දයාව පැතිරවීමක් නොව , තමන්ට සිදු වූ යම් හේතූන් නිසා තමා අනුන්ගේ දයාවට භාජනය වන අයුරු කරුණු ඇතුලත් වීම .
රෞද්‍ර රසය
සිතේ ඇති වන ක්‍රෝධය කාව්‍යයේ ලා වර්ණනා කල විට එය රෞද්‍ර රසයෙන් යුක්ත වෙ .
වීර රසය
එලැඹි සෑම කටයුත්තකදීම නොබියව ජය ලබන අදහසින් ඉදිරිපත් වන්නා වීරයා වශයෙන් සැලකේ . එවැනි වීර අදහස් නිරූපනය කිරීමට වීර හැඟුම් ඇතිකරලීමට ඉවහල් වූ කාව්‍යය වීර රසයෙන් යුක්ත වේ
භයානක රසය
බිය එලවන සුලු අදහස් දැක්වීම. සතුරාගේ භයානක ග්‍රහනයට අසු වූ වනිතාවකගේ අධික බිය වැනීම භයානක රසයයි .
බීභත්ස රසය
සිතේ පිලිකුල ඇති වන සේ අදහස් දැක්වීමයි
අත්භූත රසය
පෙර නොවූ විරූ දැකීමෙන් හෝ ඇසීමෙන් සිතේ ඇති වන ආශ්චර්ය ඇති වේ . එවැනි අවස්ථාවක් වර්ණනා කරන කාව්‍ය මෙම නමින් හැඳින් වේ.

Drama සංස්කරණය

Rasa 2402:4000:B18E:BAF9:1:0:2A16:2837 02:58, 5 ජූලි 2022 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:නව_නළු_රස&oldid=505743" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "නව නළු රස" page.