සාකච්ඡාව:තොටගමු රතපත් රජමහා විහාරය
පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරය
සංස්කරණයසැළලිහිණි සංදේශ කාව්‍ය රචනා කරන ලද මහා කවි ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්රීබ රාහුල මාහිමියන් වැඩ වාසස්ථානය කළ විහාරස්ථානය ලෙස තොටගමු රත්පත් වෙහෙර හැඳින්විය හැකිය. 15 වන සියවසේ උසස් විද්යාහ පීඨයක් ලෙස තොටගමු විජයබා පිරිවෙන මෙම විහාරස්ථානය වටා පැවතීම සුවිශේෂි කරැණක් වෙයි. අදටත් මෙම පිරිවෙණ මෙම විහාරයේ පවත්වාගෙන යනු ලබයි. වංශ කතාවලට අනුව ලංකාවේ දෙවන රාජධානිය වන පොළොන්නරැව පිහිට වු පළමු වන විජයබාහු ( ක්රි .ව.1070 - 1110 ) රජුගේ කාලය දක්වා තෙල්වත්ත විහාරයේ පුරාණය දිවෙන බව අදහස් කෙරේ.
විහාරයේ ඉපැරණි බව ඊටත් වඩා ඈත අතීතතයට ගිය බව පෙනේ. ක්රිඅ.පු දෙවන සියවසසේදි මහ සමුදුර බිහිසුණු වි ගොඩබිමට ගැලු අවස්ථාවේ දි සක් දෙවි රජු විසින් නිර්මිත දිසා පිළිමයක් තිබු බව පසලොස්වන සියවසට අයත් ගිරා සංදේශයේ සඳහන් වෙයි. විහාර භමියෙහි ටැම් ලිපි 11 වන සියවසට අයත්ය. 11 වන සියවසේ දී ලංකාව සොලි ආධිපත්යනයට යටත් වීම හේතු කොට ගෙන ඇති වු දුර්දශා කාලය සීමාවේදි මෙම විහාරය සංවර්ධනයට ද හානි වු බව පෙනේ. ලංකාව එක් සේසත් කිරීමෙන් අනතුරැව විජයබාහු රජතුමා විසින් තම අවධානය නැවත විහාරය වෙත යොමු කරන ලද යැයි සිතිය හැක.
සාහිත්යෙ සාක්කි අනුව විජයබාහු රජු විසින් ඇති කරන ලද ආගමික පුනරැදය නිසා විහාරයේ ප්රුසිද්ධියට පසුභාගයට අයත් සියවස්වලදි දිගටම පැවති බව පෙනේ. සොලොස් වන සියවසට අයත් ජින චරිතය විජයබාහු රජතුමා විසින් පිළිසකර කළ මෙම විහාරය රාජ වංශයේ ධජයක් ලෙස හඳුන්වයි. සිව්වන පරාක්රතමබාහු රජතුමා ( ක්ර්.ව 1302-1326 ) දවස දෙමහල් ප්රයසාදයකින් විහාරය සමලංකෘත කළ බව සඳහන්ය. තුදුස්වන හා පසළොස්වන සියවස් කාලය තුළ බහුශ්රැතත සග පරපුරක් ඇති වු බව පෙනේ. මොවුන් අතර ගලකුරැමුල මෛත්රීයය,උතුරැමුල රාහුල හා සවැනි පැරකුම් ( ක්රි්.ව 1412 – 1467 ) රජුගේ සංග්රුහයට භාජනය වු මහා කවි තොටගමුවේ ශ්රීය රාහුල යන සඟරැවන් වූහ.
කොළඹ ගාලු මහා මාර්ගයේ පොල් තීරය පසුවත්ම 10 කණුව අසල පිහිටි “සැළලිහිණි” නම පුවරැව අසලින් නැගෙනහිරට හැරී මීටර් 500 ක් පමණ ගිය පසු මනරම් වු වාහල්කඩ තොරණ අභියස “තෙල්වත්ත රජමහා විහාරය” නමින් පුසිද්ධියට පත් “පුරණ තොටගමු රත්පත් රාජමහා විහාරය” අපට හමුවේ. දකුණු පළාතට උරැමකම් කියන රැහුණු රටේ ඵෛතිහාසිකත්වය මැනවින් දනවන මෙම වෙහෙර ගාලු දිස්ත්රිික්කයේ රජ්ගම ආසනයේ හික්කඩුව ප්රාෙදේශිය ලේකම් වසමට, ප්රායදේශිය සභාවට අයත් රහතුන් වැඩ විසු රත්පත් විහාරය වේ. පැරණි කවියක මෙම භුමි ප්ර දේශය පිළිබඳ මෙසේ සඳහන් වේ.
“උතුරෙන් දිවිතුරයි - දකුණෙන් මොලපු මුහුදයි රළ ගඟ සමුදුරයි - මෙකී සළකුණට මාදම්පේ මොදරයි ”
තොටගමු විහාරය අවට ප්ර දේශය අභය භුමියක් බවට ප්රණකාශ කල ඉංග්රීනසි පාලකයෝ ක්රිහ.ව. 1938 දී විහාර කටයුතු සඳහා රැපියල් තිස්දහසක මුදලක් වෙන්කර ඇති බව දැක්වේ. මෙම භුමි භාගය එදා අභය භුමියක් වශයෙන් සැලකු බව අද දක්වා ඇති “තෙල්වත්තේ අභය ස්ථානය වෙඩි තැබීම තහනම්” ය යන ත්රිකවිධ භාෂාවන්ගෙන් සැදුම්ලත් නාම පුවරැවෙන් මනාව පැහැදිලි වේ. එහෙත් අද ඉන් ඉතිරිව ඇත්තේ “මීටියාගොඩ - කිරලගහවෙල” මංසන්ධිය අසල ඇති නාම පුවරැව පමණි.
එදා මෙම විහාරය පවත්වාගෙන යාමට අවට ගම් විශාල ප්රිමාණයක් අත් උදව් දී ඇති අතර ද ඒ නිසාම ඒ ඒ කිර්යයන් සම්බන්ධ කොට එම ගම් වලට නම් පවා සැදුණු අයුරැ ද ජනප්ර්වාදයේ එයි. විජයබා පිරිවෙනේ සිප් සතර හදාරන ලද භික්ෂුන් වහන්සේලා මෙන්ම දෙස් විදෙස් සිසු පරපුරට අවශ්යැ ආහාර පානාදියේ විශේෂ සහල් හා බත් සැපයු ගම ලෙස “බද්දේගම” වශයෙන් ද, අවශ්යු සීනි සැපයු ගම “සීනිගම” වශයෙන්ද, හකුරැ සැපයු ගම “අකුරල ගම” වශයෙන් ද, උදේ සවස ගිලන් පස,බුද්ධ පුජා සඳහා මල් සැපයු ගම “මල්වැන්න හෙවත් වර්තමානයේ මලවැන්න” වශයෙන් ද පෙරහන්කඩ සැපයු ගම “පැරෑළිය” වශයෙන් ද, පහන් පුද පුජා සඳහා තෙල් සැපයු ගම “තෙල්වත්ත” වශයෙන් ද පිරිවෙන් අධ්යාකපනය ලබන ශිෂ්යෙ භික්ෂුන් වහන්සේලාට අවශ්යන සිවුරැ සඳහා කහවත් සකස් කරදීම නිසා ඒ ගම “කහව” වශයෙන් ද, පිරිවෙනට අවු වැසි වලින් ආරක්ෂා වීම සඳහා බට පැළලි සැපයු ගම “බටපොළ” නමින් ද, එදා විදුලි ආලෝක කර ගැනීම සඳහා මී ඉටි සැපයු ගම “මිටියාගොඩ” වශයෙන් ද, භික්ෂුන් වහන්සේලාට අවශ්යය ආගමික වතාවන් හා බණ භාවනා කිරීම සඳහා විහාර ගොඩක් තනා දුන් ගම “විහාරගොඩ හෙවත් වේරගොඩ ” නමින් ද පිරිවෙනට අවශ්ය හුණු සකස් කර ගැනීමට සිප්පි කඩා දුන් ගම “සිප්පි කැඩු ගම හෙවත් සිප්කඩුව නොහෙත් හික්කඩුව” නමින් ද, විහාර කර්මාන්තය බුදු පිළිම සඳහා මැටි සැපයු ගම “මැටිවල ” නමින් ද අලුතින් මැටි ලබා ගැනීම සඳහා වලක් කැනු ගම “අලුත්වල” නමින් ද, පොල් සැපයු ගම “පොල්වත්ත” නමින් ද, දොඩම් සැපයු ගම “දොඩම්දුව,දොඩන්ගොඩ” නමින් ද, පිරිවෙන් හා සම්බන්ධ බමුණන් විසු ගම “බ්රා“හ්මණවත්ත” නම්න් ද හඳුන්වා ඇති බව ඉතිහාසයේ හා ජනප්රොවාදයේ සඳහන් වේ.